News Category
From Date
To Date
Maximum Number of Result

ආණ්ඩුවේ විවිධ ක්ෂේත්‍රවලට අයත් වෘත්තීය සමිතිවල සාමාජිකයින් නව නායකත්වයක් යටතේ නැවතත් සංවිධානය වෙමින් පවතින බව ඒකාබද්ධ ආයුර්වේද සෞඛ්‍ය සේවක සංගමය පවසයි.

ඉතිහාසයේ පළමු වරට බන්ධානාගාර ගැටුමකින් බන්ධනාගාර නිලධාරීන් 8 දෙනෙකුගේ ජීවිත අහිමි වූ බවත්, සිරගෙවල් ඇතුළේ ඇතිවන තත්ත්වය ජාතික ප්‍රශ්නයක් බවට පත්වී ඇති බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

පාසල් සිසුන් ඩෙංගු මදුරු දෂ්ටනයෙන් වළක්වා ගැනීම සඳහා අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය විසින් විශේෂ තීරණයක් ගෙන තිබේ.

2007 අංක 07 දරන සමාගම් පනත සහ සමිති ආඥා පනත යටතේ පවතින සමාගම් සහ සමිති ලියාපදිංචි කිරීමේ ගාස්තු සංශෝධනය කිරීමට පියවර ගෙන තිබේ.

මීගමුව බන්ධනාගාරය තුළ පසුගියදා ඇති වූ ගැටුමෙන් ජීවිතක්ෂයට පත් වූ නිලධාරීන් වෙනුවෙන් රජය විසින් පිරිනැමීමට තීරණය කර ඇති රුපියල් ලක්ෂ පහක වන්දි මුදල ප්‍රමාණවත් නොවන බව පවසමින් බන්ධනාගාර නිලධාරි එකමුතුව ප්‍රතික්ෂේප කර තිබේ.

අනුමත නොකළ මුහුදු මාර්ගයක ගමන් කළ තවත් නෞකාවකට ප්‍රහාර එල්ල කළ බව ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බළකාය පවසයි.

පසුගියදා පැවැත්වුණු අ.පො.ස. උසස් පෙළ විභාගයට අදාළ විශ්වවිද්‍යාල ප්‍රවේශ කඩඉම් ලකුණු (Cut-off Marks) ලබන මාසයේ මුල් සතිය තුළ නිකුත් කිරීමට නියමිත බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව (UGC) නිවේදනය කර ඇත.

මහජන යුතුකම් කේන්ද්‍රයේ කැදවුම්කරු වසන්ත අල්විස් මහතාගේ වැඩිමහල් සොහයුරු අභාවප්‍රාප්ත වී ඇත.

විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා අග්‍රාමාත්‍ය ධුරයට පත්වනු ඇති බවට දේශපාලන කවයන්හි සාකච්ඡා වෙමින් ඇති බවට සති අන්ත 'අරුණ' පුවත්පත වාර්තා කර තිබේ. ඒ පිළිබද වාර්තාව සදහන් කර ඇත්තේ මෙසේය.


ප්‍රධාන පුවත්

සෞඛ්‍ය සේවයට ජනපතිගෙන් අලුත් වෙනසක් - “හිතුන හිතුන වෙලාවට ඉස්පිරිතාලේට යන්න බෑ...කොත්තමල්ලි ටිකක් බීලා විවේකීව ගෙදරට වෙලා ඉන්න”

හිතුන හිතුන වෙලාවට රෝහල්වලට යන සංස්කෘතිය වෙනස් කරන බවත්, පවුලට වෛද්‍යවරයකු ලබාදෙන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..

මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.

22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී පරාජය කිරීම සඳහා, එනම් තුනෙන් දෙක හෙවත් ඡන්ද 151ක් ගැනීම වැළැක්වීම සඳහා අගමැති හරිනි අමරසූරිය මහත්මිය මුල් වී තවත් 9 දෙනෙකු සමග කැරැල්ලක් ගැසීමට ඉඩ ඇති බවට පළවන මතවාද පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්පූර්ණයෙන්ම අයුක්තිසහගත සහ නීති විරෝධී ක්‍රියාවක් බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් සකස් කරන ලද නවතම වාර්තාව ජිනීවාහිදී ප්‍රකාශයට පත් කර තිබේ.

නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (04) නියෝග කළේය.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.