News Category
From Date
To Date
Maximum Number of Result

මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ගැටුමෙන් තුවාල ලබා මීගමුව දිස්ත්‍රික් මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි තවත් රැඳවියෙකු මියගොස් ඇති බව පොලිසිය සඳහන් කරයි.

මීගමුව බන්ධනාගාරය තුළ හට ගත් ගැටුම් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ අවධානය යොමු කිරීම සඳහා විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් හදිසි කල්තැබීමේ විවාදයක් ඉල්ලමින් කථානායකවරයා වෙත ලිපියක් යොමුකර තිබේ.

මීගමුව බන්ධනාගාරයේ ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් සිදුකිරීමට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව තීරණය කර තිබේ.

ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපති අන්ටන් පෙරේරා පවසන්නේ තමා සුගීෂ්වර බණ්ඩාරට එරෙහිව පැමිණිල්ලක් නොකළ බවය.

මීගමුව බන්ධනාගාරයේ ඇතිවූ ගැටුමෙන් මියගිය පිරිසගේ මරණ පරීක්ෂණ සිදුකිරීමට අධිකරණ වෛද්‍ය නිලධාරීන් 05 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් පත් කර ඇති බව මීගමුව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

මීගමුව බන්ධනාගාරය තුළ ඇති වූ ගැටුම්කාරී තත්ත්වයෙන් මියගිය පුද්ගලයන්ගේ නිවැරදි සංඛ්‍යාලේඛන ලබා ගැනීමට නොහැකි වූයේ සමාජ මාධ්‍ය (Social Media) පරිශීලනය කිරීමට නොහැකි වූ නිසා බව අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා පවසන වීඩියෝවක් සමාජ්‍ය මාධ්‍ය තුළ සංසරණය වේ.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවලට අදාළව තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යොමු කරන ලෙස නීතිපතිවරයා අද අභියාචනාධිකරණය හමුවේ ඉල්ලා සිටියේය.

මීගමුව බන්ධනාගාරයේ මෑතකදී ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය ශ්‍රී ලංකාවේ සෙසු බන්ධනාගාර පද්ධතිය තුළ ද දරුණු ලෙස පුපුරා යාමේ දැඩි අවදානමක් මතුව ඇති බව සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව පවසයි.

මීගමුව බන්ධනාගාරයේ දරුණු ලෙස ව්‍යාප්ත වූ ගැටුම සම්බන්ධයෙන් ජාත්‍යන්තර ප්‍රවෘත්ති ආයතන රැසක දැඩි අවධානය යොමුව ඇති අතර, Al Jazeera සහ Reuters වැනි ප්‍රමුඛ පෙළේ මාධ්‍ය ජාල මෙම සිදුවීම වාර්තා කර ඇත්තේ ශ්‍රී ලංකාවේ මෑත ඉතිහාසයේ වාර්තා වූ දරුණුතම බන්ධනාගාර ප්‍රචණ්ඩ ක්‍රියාවක් ලෙසිනි.


ප්‍රධාන පුවත්

සෞඛ්‍ය සේවයට ජනපතිගෙන් අලුත් වෙනසක් - “හිතුන හිතුන වෙලාවට ඉස්පිරිතාලේට යන්න බෑ...කොත්තමල්ලි ටිකක් බීලා විවේකීව ගෙදරට වෙලා ඉන්න”

හිතුන හිතුන වෙලාවට රෝහල්වලට යන සංස්කෘතිය වෙනස් කරන බවත්, පවුලට වෛද්‍යවරයකු ලබාදෙන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..

මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.

22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී පරාජය කිරීම සඳහා, එනම් තුනෙන් දෙක හෙවත් ඡන්ද 151ක් ගැනීම වැළැක්වීම සඳහා අගමැති හරිනි අමරසූරිය මහත්මිය මුල් වී තවත් 9 දෙනෙකු සමග කැරැල්ලක් ගැසීමට ඉඩ ඇති බවට පළවන මතවාද පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්පූර්ණයෙන්ම අයුක්තිසහගත සහ නීති විරෝධී ක්‍රියාවක් බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් සකස් කරන ලද නවතම වාර්තාව ජිනීවාහිදී ප්‍රකාශයට පත් කර තිබේ.

නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (04) නියෝග කළේය.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.