News Category
From Date
To Date
Maximum Number of Result

පසුගියදා මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වූ පොලිස්පතිවරයා සම්බන්ධයෙන් මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ ඔහුට ඇප ලබා දීමට විරුද්ධ වීමට කරුණු දක්වමින් අතිරේක සොලිස්ටර් ජනරාල්වරයා වෘත්තීමය නොවන ග්‍රාම්‍ය වචන භාවිත කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සැකකරුවෙකුට හිමි අයිතීන් නොසලකා හරිමින් කටයුතු කර ඇති බව විවිධ පිරිස් විසින් සමාජ මාධ්‍ය තුළ අදහස් දක්වා තිබුණි.

විවිධ ආණ්ඩු විසින් පසුගිය වසර දහයක පමණ කාලයේදී වරින් වර පත් කෙරුණු ජනාධිපති කොමිෂන් සභා විස්සක පමණ වාර්තා තවමත් ක්‍රියාත්මක නොවී හමස් පෙට්ටියේ පවතින බව මහාචාර්ය නීතිඥ ප්‍රතිභා මහනාම හේවා මහතා ලංකාදීපයට පැවසීය.

පළාත් පාලන ඡන්ද විමසීම ඉලක්ක කරගෙන හිටපු රාජ්‍ය අමාත්‍ය සතාසිවම් වියාලේන්ද්‍රන් මහතා විසින් පිහිටවූ නැගෙනහිර දෙමළ සන්ධානය සමග හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වන විනයාගමූර්ති මුරලිදරන් නොහොත් කරුණා අම්මාන් ද එක්වී තිබේ.

2025 වසර සදහා වන විසර්ජන පනත් කෙටුම්පතේ තුන්වන වර කියවීමේ විවාදය අද (21) පැවැත්වූ අතර එහිදී අයවැය තුන්වන වර කියවීම වැඩි ඡන්ද114 කින් සම්මත වුණා. අයවැයට පක්ෂව ඡන්ද 159ක් ලැබුණු අතර විපක්ෂව ඡන්ද 45ක් ලැබුණා.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ වනවිට අයවැය පිළිතුරු කතාව සිදුකරමින් සිටී.

අද හවස් වරුවේ බටහිර ලන්ඩනයේ විදුලි උපපොළක් තුළ පැතිර ගිය දැවැන්ත ගින්නක් හේතුවෙන් හීත්‍රෝ ගුවන්තොටුපළේ විදුලිය විසන්ධි වී ඇතැයි වාර්තා වේ.

අද හවස් වරුවේ බටහිර ලන්ඩනයේ විදුලි උපපොළක් තුළ පැතිර ගිය දැවැන්ත ගින්නක් හේතුවෙන් හීත්‍රෝ ගුවන්තොටුපළේ විදුලිය විසන්ධි වී ඇතැයි වාර්තා වේ.

ඉඩම් ගනුදෙනු දෙකක් සම්බන්ධයෙන් හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මියට එරෙහිව පරීක්ෂණයක් පවත්වන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) දන්වා ඇතැයි නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් K8 වර්ගයේ ප්‍රහාරක පුහුණු ජෙට් යානයක් කඩාවැටී තිබේ. කටුනායක සිට ගුවන්ගත කළ මෙම ජෙට් යානය රේඩාර් සම්බන්ධතාවයෙන් ගිලිහීගොස් පසුව වාරියපොල මිණුවන්ගැටේ ප්‍රදේශයට කඩාවැටී ඇති බව සඳහන් ය.


ප්‍රධාන පුවත්

BRICS සහයෝගිතාව ශක්තිමත් කිරීමට චීන ජනපතිගෙන් යෝජනා පහක්..

ඉන්දියාවේ නවදිල්ලි නුවර පැවැත්වෙන 18 වැනි BRICS නායක සමුළුවේ දෙවැනි අදියරට එක්වෙමින් චීන ජනාධිපති ෂී ජින්පිං මහතා විශේෂ දේශනයක් පවත්වා තිබේ.

මාලිමා පොළොන්නරුවේ ගොවි රැලියෙන් මාලිමා ගොවි නායක දෙපළ අතුරුදන් වෙලා..

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පොළොන්නරුවේදී පැවැති ජාතික ජන බලවේගයේ දැවැන්ත ගොවි සමුළුවට එම පක්ෂයේ ප්‍රධානතම ගොවි නායකයන් දෙපළ වන කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත සහ නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න යන මහත්වරුන් සහභාගි නොවීම සම්බන්ධයෙන් මේ වන විට සමාජ මාධ්‍යයේ දැඩි කතාබහක් නිර්මාණය වී තිබේ.

"අනුරාධපුරයේ ඩොටේ හිටපු ලාල් කාන්ත පට පට ගාලා තට්ටු තුනේ ගෙවල් හැදුවා.." ඒගොල්ලෝ කළු රාජ්‍යයට අයිති නැද්ද? - පොහොට්ටු රැලියේදී විමල් ප්‍රශ්න කරයි

රටත් ජාතියත් බේරාගැනීමට උර දුන් පිරිස ‘කළු රාජ්‍යයකට’ ලඝු කරමින්, වත්මන් ආණ්ඩුවට සහය දක්වන වංචනිකයින් ආරක්ෂා කිරීමට ජනාධිපතිවරයා කටයුතු කරන බවට ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි.

හුතී බලපෑම හමුවේ යේමන හමුදා නායකයා රටින් පලා යයි.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..

රතු මුහුද කලාපයේ හුතී සටන්කරුවන්ගේ බලපෑම සහ ඉදිරිගමන හමුවේ යේමන හමුදා නායකයා රටින් පලා ගොස් ඇති බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පෙන්වා දෙයි.

රටේ ස්වෛරීත්වය සහ ඒකීයභාවය පාවාදීමේ ආණ්ඩුවේ ක්‍රියාමාර්ග පරාජය කිරීමට සියලු ජාතික බලවේග එකම "ජාතික න්‍යායපත්‍රයක්" වටා ගොනු විය යුතුයි.. - විමල් වීරවංශ

වර්තමාන ආණ්ඩුව විසින් එල්.ටී.ටී.ඊ. ඩයස්පෝරාව පිනවීම සඳහා ක්‍රියාත්මක කරනු ලබන දේශපාලන දඩයම, රටේ ස්වෛරීත්වය සහ ඒකීයභාවය පාවාදීමේ ක්‍රියාමාර්ග මෙන්ම ජනතා බලාපොරොත්තු සම්පූර්ණයෙන්ම සුන් කරමින් සිදුකරන දූෂිත පාලනය වහා පරාජය කිරීම සඳහා සියලු විරුද්ධ පක්ෂ සහ ජාතික බලවේග එකම "ජාතික න්‍යායපත්‍රයක්" වටා ගොනු විය යුතු බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

එල්.ටී.ටී.ඊ. ඩයස්පෝරාව පිනවීමේ දේශපාලන දඩයම පරාජය කිරීමට අනුරාධපුරයට එන්න.. - පොහොට්ටුවේ රැළියට විමලුත් එක් වෙයි..

වර්තමාන ආණ්ඩුව විසින් එල්.ටී.ටී.ඊ. ඩයස්පෝරාව පිනවීම සඳහා ක්‍රියාත්මක කරනු ලබන දේශපාලන දඩයම, රටේ ස්වෛරීත්වය සහ ඒකීයභාවය පාවාදීමේ ක්‍රියාමාර්ග මෙන්ම ජනතා බලාපොරොත්තු සම්පූර්ණයෙන්ම සුන් කරමින් සිදුකරන දූෂිත පාලනය වහා පරාජය කිරීම සඳහා සියලු විරුද්ධ පක්ෂ සහ ජාතික බලවේග එකම "ජාතික න්‍යායපත්‍රයක්" වටා ගොනු විය යුතු බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසීය.

මගේ ජීවිතේට හරි සාක්ෂිකරුවකුගේ ජීවිතයට හරි හානියක් වුණොත් එහි වගකීම ආණ්ඩුව භාරගත යුතුයි.. - නීතිඥ අචලා සෙනවිරත්න

තමන්ගේ හෝ සාක්ෂිකරුවෙකුගේ ජීවිතයට යම් හානියක් සිදුවුවහොත් එහි සම්පූර්ණ වගකීම වත්මන් ආණ්ඩුව විසින් භාරගත යුතු බව නීතිඥ අචලා සෙනවිරත්න මහත්මිය අවධාරණය කරයි.

වසරේ මේ දක්වා කාලය තුළ බෝම්බ ප්‍රහාර 6ක්..

මෙම වසරේ මේ දක්වා කාලය තුළ සංවිධානාත්මක අපරාධ කල්ලි විසින් එල්ල කළ අත්බෝම්බ ප්‍රහාර 6ක් වාර්තා වී ඇති අතර, ඉන් ප්‍රහාර 3ක්ම ගල්කිස්ස පොලිස් කොට්ඨාසයෙන් වාර්තා වේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.