2025 ලෝක කෘත්‍රිම බුද්ධි සමුළුව චීනයේ දී ඇරඹේ..
2025 ලෝක කෘත්‍රිම බුද්ධි සමුළුව චීනයේ ෂැංහයි හිදී අද (26) ආරම්භ විය.
සමුළුව පැවැත්වෙන්නේ "බුද්ධිමත් යුගයේ ගෝලීය සහයෝගීතාවය" යන තේමාව යටතේ ය.
"ශාස්ත්‍රීය ඉදිරි ගමන, මෘදු හා දෘඩ ඒකාබද්ධ කිරීම සහ ගෝලීය පාලනය" යන මූලික කරුණු තුන කෙරෙහි මෙවර සමුළුවේ දී මුල්වරට අවධානය යොමු කරනු ලැබේ.
මෙම සමුළුවට සමගාමීව පැවැත්වෙන ප්‍රදර්ශන භූමිය ද ප්‍රථමවරට වර්ග මීටර් 70,000 ඉක්මවා ගොස් ඇති අතර,සමාගම් 800කට වැඩි සංඛ්‍යාවක් සිය නිෂ්පාදන ප්‍රදර්ශනයට එක් කර ඇත.
අති නවීන නිෂ්පාදන 3,000කට අධික සංඛ්‍යාවක් මෙන්ම ගෝලීයව සහ දේශීයව මුල්වරට ඉදිරිපත් කෙරෙන නව නිෂ්පාදන 100කට අධික සංඛ්‍යාවක් ද එහිදී ප්‍රදර්ශනය කරනු ලැබේ.
ගෝලීය කෘත්‍රිම බුද්ධියේ වර්ධනය සහ ප්‍රවර්ධනය අරමුණින් පැවැත්වෙන මෙම සමුළුව සඳහා 30කට වැඩි රටවල් සහ කලාපවලින් ආරාධිතයන් 1200කට වැඩි පිරිසක් සහභාගී වේ.
චීන අග්‍රාමාත්‍ය ලී ච්‍යං මහතා මෙවර සමුළුවේ සමාරම්භක උත්සවයට එක් වූ අතර, එහිදී අදහස් දක්වමින් ඔහු පැවසුවේ වර්තමානයේ කෘත්‍රිම බුද්ධි ක්ෂේත්‍රයේ සාමූහික නවෝත්පාදන ශක්‍යතාව ඉස්මතු වන අතර එය කෘත්‍රිම බුද්ධිය වඩාත් කාර්යක්ෂම මෙන්ම සුහුරු දිශානතියක් ඔස්සේ ප්‍රවර්ධනය කරන බවය.
එමෙන්ම ලෝක කෘත්‍රිම බුද්ධි සහයෝගිතා සංවිධානය ස්ථාපිත කිරීම පිළිබඳ යෝජනාවක් ද මෙහිදී චීන රජය ඉදිරිපත් කර ඇති අතර, කෘත්‍රිම බුද්ධි ගෝලීය පාලනය පිළිබඳ ක්‍රියාකාරී සැලැස්ම ද එහිදී නිකුත් කෙරිණ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්