News Category
From Date
To Date
Maximum Number of Result

ශ්‍රී ලංකා හමුදා නායකයින් තිදෙනෙකුට සහ නැගෙනහිර පළාතේ එල්ටීටීඊ හමුදා අංශයේ නායකයෙකු වූ විනයාගමූර්ති මුරලිදරන් නොහොත් කරුණා අම්මාන්ට එරෙහිව සම්බාධක පැනවීමට එක්සත් රාජධානිය ගත් තීරණයට ශ්‍රී ලංකා ආණ්ඩුව ප්‍රතිචාර දක්වමින් සිටින බව වාර්තා වේ.

එක්සත් ජනපද තැරැව්කාර මැදිහත්ව රුසියාව සහ යුක්රේනය අතර ක්‍රියාත්මක තාවකාලික සටන් විරාමයකට යටත්ව ක්‍රෙම්ලිනය බලශක්ති පහසුකම් පිළිබඳ සවිස්තර ලැයිස්තුවක් නිකුත් කර තිබේ.

එක්සත් රාජධානියේ විදේශ, පොදුරාජ්‍ය මණ්ඩලීය සහ සංවර්ධන කටයුතු පිළිබඳ රාජ්‍ය ලේකම් ඩේවිඩ් ලැමි විසින් හිටපු සන්නද්ධ හමුදා ප්‍රධානී ශවේන්ද්‍ර සිල්වා මහතා ඇතූළු හතර දෙනෙකුට සම්බාධක පැනවීමෙන් එක්සත් රාජධානියේ ජාතික ආරක්ෂාවට යහපත් බව එක්සත් රාජධානිය පිළිගන්නා බවට කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ලංකා ලීඩර් වෙබ් අඩවිය ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ ලේකම් යසස් ධර්ම ශ්‍රී මහතාගෙන් අදහස් විමසා සිටියා.

කළලයට බරපතළ ලෙස හානි සිදුව ඇති බවට විශේෂඥ වෛද්‍යවරුන් නිර්දේශ කර ඇති අවස්ථාවක ගර්භිණීභාවය අවසන් කිරීම සඳහා වන නීති ඉදිරි වසර හතරහමාරක කාලය තුළ ගෙනඒමට අපේක්ෂා කරන බව අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

88-89 සමයේදී රනිල් වික්‍රමසිංහ මහතා බටලන්ද වද කඳවුර තුළ සිටි බවට ඕනෑ තරම් සාක්ෂි දැන් ලැබී ඇති බව නියෝජ් ඇමති ටී.බී. සරත් මහතා සඳහන් කරයි. ඒ සම්බන්ධයෙන් බටලන්ද කොමිෂන් සභා වාර්තාවේද සාක්‍ෂි ලබාදී ඇති බවද හෙතෙම කියා සිටියි.

ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරු 115 දෙනෙකු විසින් බන්ධනාගාර ගත කර සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාව ධුරයෙන් ඉවත්කිරීම සම්බන්ධයෙන් වූ යෝජනාවට අත්සන් තබා ඇති අතර, එම යෝජනාව අද (25) දහවල් කථානායකවරයා වෙත භාර දී ඇත.

පොලිස්පතිවරයා ධුරයෙන් ඉවත් කිරීමේ ක්‍රියාවලියකදී අදාළ යෝජනාව සලකාබැලීම සඳහා විමර්ශන කමිටුවක් පත්කළ යුතු බව මානව හිමිකම් ක්‍රියාකාරී මහාචාර්ය නීතිඥ ප්‍රතිභා මහානාමහේවා මහතා පවසයි. රක්ෂිත

ජාතික ජනබලවේගය කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුසන්ත දොඩාවත්ත මහතා සතුව තිබූ ඔහුගේ නීත්‍යානුකූල බිරිඳට අයත් ප්‍රාඩෝ ජීප් රථය පොලිස් භාරයට ගෙන ඇත.

හිටපු රාජ්‍ය අමාත්‍ය එස්. වියාලේන්ද්‍රන් බන්ධනාගාරගත කර තිබෙනවා. හිටපු අමාත්‍යවරයා ලබන 01 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට‍යි අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත්තේ.


ප්‍රධාන පුවත්

BRICS සහයෝගිතාව ශක්තිමත් කිරීමට චීන ජනපතිගෙන් යෝජනා පහක්..

ඉන්දියාවේ නවදිල්ලි නුවර පැවැත්වෙන 18 වැනි BRICS නායක සමුළුවේ දෙවැනි අදියරට එක්වෙමින් චීන ජනාධිපති ෂී ජින්පිං මහතා විශේෂ දේශනයක් පවත්වා තිබේ.

මාලිමා පොළොන්නරුවේ ගොවි රැලියෙන් මාලිමා ගොවි නායක දෙපළ අතුරුදන් වෙලා..

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පොළොන්නරුවේදී පැවැති ජාතික ජන බලවේගයේ දැවැන්ත ගොවි සමුළුවට එම පක්ෂයේ ප්‍රධානතම ගොවි නායකයන් දෙපළ වන කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත සහ නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න යන මහත්වරුන් සහභාගි නොවීම සම්බන්ධයෙන් මේ වන විට සමාජ මාධ්‍යයේ දැඩි කතාබහක් නිර්මාණය වී තිබේ.

"අනුරාධපුරයේ ඩොටේ හිටපු ලාල් කාන්ත පට පට ගාලා තට්ටු තුනේ ගෙවල් හැදුවා.." ඒගොල්ලෝ කළු රාජ්‍යයට අයිති නැද්ද? - පොහොට්ටු රැලියේදී විමල් ප්‍රශ්න කරයි

රටත් ජාතියත් බේරාගැනීමට උර දුන් පිරිස ‘කළු රාජ්‍යයකට’ ලඝු කරමින්, වත්මන් ආණ්ඩුවට සහය දක්වන වංචනිකයින් ආරක්ෂා කිරීමට ජනාධිපතිවරයා කටයුතු කරන බවට ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි.

හුතී බලපෑම හමුවේ යේමන හමුදා නායකයා රටින් පලා යයි.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..

රතු මුහුද කලාපයේ හුතී සටන්කරුවන්ගේ බලපෑම සහ ඉදිරිගමන හමුවේ යේමන හමුදා නායකයා රටින් පලා ගොස් ඇති බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පෙන්වා දෙයි.

රටේ ස්වෛරීත්වය සහ ඒකීයභාවය පාවාදීමේ ආණ්ඩුවේ ක්‍රියාමාර්ග පරාජය කිරීමට සියලු ජාතික බලවේග එකම "ජාතික න්‍යායපත්‍රයක්" වටා ගොනු විය යුතුයි.. - විමල් වීරවංශ

වර්තමාන ආණ්ඩුව විසින් එල්.ටී.ටී.ඊ. ඩයස්පෝරාව පිනවීම සඳහා ක්‍රියාත්මක කරනු ලබන දේශපාලන දඩයම, රටේ ස්වෛරීත්වය සහ ඒකීයභාවය පාවාදීමේ ක්‍රියාමාර්ග මෙන්ම ජනතා බලාපොරොත්තු සම්පූර්ණයෙන්ම සුන් කරමින් සිදුකරන දූෂිත පාලනය වහා පරාජය කිරීම සඳහා සියලු විරුද්ධ පක්ෂ සහ ජාතික බලවේග එකම "ජාතික න්‍යායපත්‍රයක්" වටා ගොනු විය යුතු බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

එල්.ටී.ටී.ඊ. ඩයස්පෝරාව පිනවීමේ දේශපාලන දඩයම පරාජය කිරීමට අනුරාධපුරයට එන්න.. - පොහොට්ටුවේ රැළියට විමලුත් එක් වෙයි..

වර්තමාන ආණ්ඩුව විසින් එල්.ටී.ටී.ඊ. ඩයස්පෝරාව පිනවීම සඳහා ක්‍රියාත්මක කරනු ලබන දේශපාලන දඩයම, රටේ ස්වෛරීත්වය සහ ඒකීයභාවය පාවාදීමේ ක්‍රියාමාර්ග මෙන්ම ජනතා බලාපොරොත්තු සම්පූර්ණයෙන්ම සුන් කරමින් සිදුකරන දූෂිත පාලනය වහා පරාජය කිරීම සඳහා සියලු විරුද්ධ පක්ෂ සහ ජාතික බලවේග එකම "ජාතික න්‍යායපත්‍රයක්" වටා ගොනු විය යුතු බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසීය.

මගේ ජීවිතේට හරි සාක්ෂිකරුවකුගේ ජීවිතයට හරි හානියක් වුණොත් එහි වගකීම ආණ්ඩුව භාරගත යුතුයි.. - නීතිඥ අචලා සෙනවිරත්න

තමන්ගේ හෝ සාක්ෂිකරුවෙකුගේ ජීවිතයට යම් හානියක් සිදුවුවහොත් එහි සම්පූර්ණ වගකීම වත්මන් ආණ්ඩුව විසින් භාරගත යුතු බව නීතිඥ අචලා සෙනවිරත්න මහත්මිය අවධාරණය කරයි.

වසරේ මේ දක්වා කාලය තුළ බෝම්බ ප්‍රහාර 6ක්..

මෙම වසරේ මේ දක්වා කාලය තුළ සංවිධානාත්මක අපරාධ කල්ලි විසින් එල්ල කළ අත්බෝම්බ ප්‍රහාර 6ක් වාර්තා වී ඇති අතර, ඉන් ප්‍රහාර 3ක්ම ගල්කිස්ස පොලිස් කොට්ඨාසයෙන් වාර්තා වේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.