ALBA-TCP හි ලේකම් රැන්ඩර් පෙඤ්ඤා ගෝලීය වශයෙන් ෆැසිස්ට්වාදයේ සිදුවන නැගීම සම්බන්ධයෙන් අනතුරු අඟවයි!
ඊයේ(25), අපේ ඇමරිකානු ජනතාව සඳහා වූ බොලිවේරියානු සන්ධානය - ජනතා වෙළඳ ගිවිසුම (The Bolivarian Alliance for the Peoples of Our America–Peoples' Trade Treaty ALBA-TCP) වෙනිසියුලාවේ කැරකාස්හිදී සාමය සහ යුද්ධයට එරෙහි ජනතාවගේ සමුළුව” දියත් කළේය.
"ගෝලීය දේශපාලන දක්ෂිනාංශය ඔවුන් අනුගමනය කරන මාර්ගයේ ඇති ප්‍රතිවිපාක නොසලකා ජනතාවට එරෙහිව සිය ක්‍රියාමාර්ග තීව්‍ර කරමින් සිටිනවා. අපට උරුමව තිබෙන මෙහෙවර වන්නේ යුද්ධයෙන් සහ ෆැසිස්ට්වාදයෙන් මනුෂ්‍යත්වය බේරා ගැනීමයි.” ෆැසිස්ට් විරෝධී ජාත්‍යන්තරයේ සම්බන්ධීකාරක ලෙස කටයුතු කරන ALBA-TCP ලේකම් නියෝජ්‍ය අමාත්‍ය රැන්ඩර් පෙඤ්ඤා පැවසීය.
ලොව පුරා අන්ත දක්ෂිණාංශික ව්‍යාපාර සහ පක්ෂවල ඇති වී තිබෙන පුනරුජ්වනය, ලතින් ඇමරිකාවේ සහ මැද පෙරදිග කලාපයේදී ඔවුන් තම වරප්‍රසාද ආරක්ෂා කර ගැනීම සඳහා වඩාත් ආක්‍රමණශීලී ලෙස ක්‍රියා කරන දිරාපත් වන අධිරාජ්‍යවාදයේ ප්‍රකාශනයක් බව ඔහු අවධාරණය කළේය.
කැරකස් සමුළුවේදී, සමුළුවට සහභාගිවූවන් ෆැසිස්ට්වාදයේ නැගීම විශ්ලේෂණය කර, ලෝකයේ ජනතාවට ගතානුගතික ප්‍රහාරයට එරෙහිව ප්‍රතිරෝධය දැක්වීමට සහ ඉදිරියට යාමට හැකි වන පරිදි සංයුක්ත ක්‍රියාකාරී සැලැස්මක් හඳුන්වා දීමෙහි ඇති වටිනාකම අවධාරණය කළහ.
ඔවුන් ඒ සඳහා ඉදිරිපත් කළ හේතු පාඨයේ මෙසේ සඳහන් වෙනවා, "ඔවුන්ට අපව යටත් කර ගැනීමට නොහැකි වී තිබෙනවා.ඒ වගේම ඔවුන්ගේ අපේක්ෂිත අරමුණු වලට පටහැනිව, ඔවුන් අපව ශක්තිමත් කර තිබෙනවා." යනුවෙන් පැවසූ වෙනිසියුලානු විදේශ අමාත්‍ය ඉවාන් ගිල් වෙනිසියුලාවට සහ එහි ජනතාවට එරෙහිව සිදු කරන ලද නිරන්තර අවහිර කිරීම්, ප්‍රහාර සහ ආක්‍රමණ පිළිබඳවද අවධාරණය කළේය. "
"අපට ප්‍රහාර එල්ල කරන ආකාරය නරඹමින් සිටීම පමණක් ප්‍රමාණවත් වන්නේ නැහැ. අපි ඉදිරියට ගොස් පෙරලා සටන් කළ යුතුයි." යනුවෙන් නියෝජ්‍ය අමාත්‍ය පෙඤ්ඤා පැවසුවේ, වෙනිසියුලාව සුවිශේෂී ජනප්‍රිය, සහභාගීත්ව ප්‍රජාතන්ත්‍රවාදය සහ ලෝක ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්ෂේත්‍රයේ ප්‍රධාන චරිතයක් සහිත ප්‍රජාතන්ත්‍රවාදී ආකෘතියක් තහවුරු කරමින් සිටින බව ජාත්‍යන්තර නියෝජිතයින්ට ඉස්මතු කිරීමට අවස්ථාව ලබා ගනිමිනි.
"වෙනිසියුලාවේ, ප්‍රජාතන්ත්‍රවාදය යනු සෑම වසර හතරකට හෝ පහකට වරක් මහජන නියෝජිතයන් තෝරා ගැනීම වෙනුවෙන් කරනු ලබන ක්‍රියාකාරකමක් ලෙස අපි සලකන්නේ නැහැ. ප්‍රජාතන්ත්‍රවාදය අපගේ ජනතාව විසින් මෙහෙයවනු ලබන දෛනික භාවිතයක් ලෙස අපි තේරුම් ගෙන සිටිනවා. ජූලි 27 මැතිවරණයේදී මුළු ලෝකයටම වෙනිසියුලාව සිදු කළ ප්‍රජාතන්ත්‍රවාදී අභ්‍යාසය දැකගත හැකි වීම ගැන අපි ආඩම්බර වෙනවා." පෙඤ්ඤා පැවසීය.
වෙනිසියුලානු ප්‍රජාතන්ත්‍රවාදය තුළ ගැබ්ව ඇති දේ තවදුරටත් නිරූපණය කිරීම සඳහා කරුණු දැක්වූ ALBA-TCP හි ලේකම්වරයා පවසා සිටියේ "ප්‍රජා මණ්ඩල" නව ආකාරයේ පූර්ණ කාලීන ප්‍රජාතන්ත්‍රවාදයක් මූර්තිමත් කරන බවයි.
වෙනිසියුලානු විදේශ අමාත්‍ය ඉවාන් ගිල් ලෝක නායකයින්ගෙන් ඉල්ලා සිටියේ සැබෑ සාම ක්‍රියාවලියක් තම රටවලින් ආරම්භ කරන ලෙසයි. එක්සත් ජනපදය සහ එහි සහචරයින් විසින් පනවන ලද සිය ගණනක් වූ අත්තනෝමතික සම්බාධකවලින් පීඩාවට පත්ව ඇති රටක් වන වෙනිසියුලාවේ ආර්ථික හා සමාජීය ප්‍රගතිය ඉවාන් ගිල් ඉස්මතු කළේය.
බොලිවේරියානු ජනතාවගේ ඔරොත්තු දීමේ හැකියාව සැමරීමට අමතරව, බොලිවේරියානු ජාතියට ෆැසිස්ට් විරෝධී කණ්ඩායම් ලෝකයේ සතර දිග්භාගයෙන් කැඳවීමට චිත්ත ධෛර්යයක් ඇති බව වෙනිසියුලානු විදේශ අමාත්‍ය වරයා වැඩිදුරටත් අවධාරණය කළේය. "මෙම සමුළුව තුළින් අපට සුන්දර සටන් බිම් වල සටන් කිරීමට සහ ලෝකය පුරා විසිරී සිටින නිදහස අගයන ජනතාව ලෙස අප බලා සිටින සුන්දර ජයග්‍රහණ ලබා ගැනීමට හැකි වන පරිදි වඩා හොඳ සංවිධානයක් ජනනය වේවා." යනුවෙන් ප්‍රාර්ථනා කරමින් වෙනිසියුලානු රාජ්‍ය තාන්ත්‍රිකයා සිය දේශනය අවසන් කළේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
පනාමුරේ තිලකවංශ නාහිමියන්ට ජීවිත ආරක්ෂාව ඉල්ලමින් මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්යවරයාට ලිපියක්..
ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..
නව ත්රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්
පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..
ශ්රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..
ප්රංශය ඇතුළු යුරෝපා රටවල උග්රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්රවංශගෙන් අනාවරණයක්..
බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්යය මගින් විනාශකාරී මහා සත්යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා
භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි
"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්රාත්වරයා රබර් මුද්රාවක් වෙලා": ත්රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා
අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්
ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)
කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්රාන්තයකින් වරෙන්තුවක්
ඇමරිකානු ජනපති ට්‍රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..
මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..
මුහුද යට කේබල් සහ AI මධ්යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..
ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්රවීන මාධ්‍යවේදී ධර්මශ්රී ගෙන් අනාවරණයක්..