ALBA-TCP හි ලේකම් රැන්ඩර් පෙඤ්ඤා ගෝලීය වශයෙන් ෆැසිස්ට්වාදයේ සිදුවන නැගීම සම්බන්ධයෙන් අනතුරු අඟවයි!
ඊයේ(25), අපේ ඇමරිකානු ජනතාව සඳහා වූ බොලිවේරියානු සන්ධානය - ජනතා වෙළඳ ගිවිසුම (The Bolivarian Alliance for the Peoples of Our America–Peoples' Trade Treaty ALBA-TCP) වෙනිසියුලාවේ කැරකාස්හිදී සාමය සහ යුද්ධයට එරෙහි ජනතාවගේ සමුළුව” දියත් කළේය.
"ගෝලීය දේශපාලන දක්ෂිනාංශය ඔවුන් අනුගමනය කරන මාර්ගයේ ඇති ප්‍රතිවිපාක නොසලකා ජනතාවට එරෙහිව සිය ක්‍රියාමාර්ග තීව්‍ර කරමින් සිටිනවා. අපට උරුමව තිබෙන මෙහෙවර වන්නේ යුද්ධයෙන් සහ ෆැසිස්ට්වාදයෙන් මනුෂ්‍යත්වය බේරා ගැනීමයි.” ෆැසිස්ට් විරෝධී ජාත්‍යන්තරයේ සම්බන්ධීකාරක ලෙස කටයුතු කරන ALBA-TCP ලේකම් නියෝජ්‍ය අමාත්‍ය රැන්ඩර් පෙඤ්ඤා පැවසීය.
ලොව පුරා අන්ත දක්ෂිණාංශික ව්‍යාපාර සහ පක්ෂවල ඇති වී තිබෙන පුනරුජ්වනය, ලතින් ඇමරිකාවේ සහ මැද පෙරදිග කලාපයේදී ඔවුන් තම වරප්‍රසාද ආරක්ෂා කර ගැනීම සඳහා වඩාත් ආක්‍රමණශීලී ලෙස ක්‍රියා කරන දිරාපත් වන අධිරාජ්‍යවාදයේ ප්‍රකාශනයක් බව ඔහු අවධාරණය කළේය.
කැරකස් සමුළුවේදී, සමුළුවට සහභාගිවූවන් ෆැසිස්ට්වාදයේ නැගීම විශ්ලේෂණය කර, ලෝකයේ ජනතාවට ගතානුගතික ප්‍රහාරයට එරෙහිව ප්‍රතිරෝධය දැක්වීමට සහ ඉදිරියට යාමට හැකි වන පරිදි සංයුක්ත ක්‍රියාකාරී සැලැස්මක් හඳුන්වා දීමෙහි ඇති වටිනාකම අවධාරණය කළහ.
ඔවුන් ඒ සඳහා ඉදිරිපත් කළ හේතු පාඨයේ මෙසේ සඳහන් වෙනවා, "ඔවුන්ට අපව යටත් කර ගැනීමට නොහැකි වී තිබෙනවා.ඒ වගේම ඔවුන්ගේ අපේක්ෂිත අරමුණු වලට පටහැනිව, ඔවුන් අපව ශක්තිමත් කර තිබෙනවා." යනුවෙන් පැවසූ වෙනිසියුලානු විදේශ අමාත්‍ය ඉවාන් ගිල් වෙනිසියුලාවට සහ එහි ජනතාවට එරෙහිව සිදු කරන ලද නිරන්තර අවහිර කිරීම්, ප්‍රහාර සහ ආක්‍රමණ පිළිබඳවද අවධාරණය කළේය. "
"අපට ප්‍රහාර එල්ල කරන ආකාරය නරඹමින් සිටීම පමණක් ප්‍රමාණවත් වන්නේ නැහැ. අපි ඉදිරියට ගොස් පෙරලා සටන් කළ යුතුයි." යනුවෙන් නියෝජ්‍ය අමාත්‍ය පෙඤ්ඤා පැවසුවේ, වෙනිසියුලාව සුවිශේෂී ජනප්‍රිය, සහභාගීත්ව ප්‍රජාතන්ත්‍රවාදය සහ ලෝක ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්ෂේත්‍රයේ ප්‍රධාන චරිතයක් සහිත ප්‍රජාතන්ත්‍රවාදී ආකෘතියක් තහවුරු කරමින් සිටින බව ජාත්‍යන්තර නියෝජිතයින්ට ඉස්මතු කිරීමට අවස්ථාව ලබා ගනිමිනි.
"වෙනිසියුලාවේ, ප්‍රජාතන්ත්‍රවාදය යනු සෑම වසර හතරකට හෝ පහකට වරක් මහජන නියෝජිතයන් තෝරා ගැනීම වෙනුවෙන් කරනු ලබන ක්‍රියාකාරකමක් ලෙස අපි සලකන්නේ නැහැ. ප්‍රජාතන්ත්‍රවාදය අපගේ ජනතාව විසින් මෙහෙයවනු ලබන දෛනික භාවිතයක් ලෙස අපි තේරුම් ගෙන සිටිනවා. ජූලි 27 මැතිවරණයේදී මුළු ලෝකයටම වෙනිසියුලාව සිදු කළ ප්‍රජාතන්ත්‍රවාදී අභ්‍යාසය දැකගත හැකි වීම ගැන අපි ආඩම්බර වෙනවා." පෙඤ්ඤා පැවසීය.
වෙනිසියුලානු ප්‍රජාතන්ත්‍රවාදය තුළ ගැබ්ව ඇති දේ තවදුරටත් නිරූපණය කිරීම සඳහා කරුණු දැක්වූ ALBA-TCP හි ලේකම්වරයා පවසා සිටියේ "ප්‍රජා මණ්ඩල" නව ආකාරයේ පූර්ණ කාලීන ප්‍රජාතන්ත්‍රවාදයක් මූර්තිමත් කරන බවයි.
වෙනිසියුලානු විදේශ අමාත්‍ය ඉවාන් ගිල් ලෝක නායකයින්ගෙන් ඉල්ලා සිටියේ සැබෑ සාම ක්‍රියාවලියක් තම රටවලින් ආරම්භ කරන ලෙසයි. එක්සත් ජනපදය සහ එහි සහචරයින් විසින් පනවන ලද සිය ගණනක් වූ අත්තනෝමතික සම්බාධකවලින් පීඩාවට පත්ව ඇති රටක් වන වෙනිසියුලාවේ ආර්ථික හා සමාජීය ප්‍රගතිය ඉවාන් ගිල් ඉස්මතු කළේය.
බොලිවේරියානු ජනතාවගේ ඔරොත්තු දීමේ හැකියාව සැමරීමට අමතරව, බොලිවේරියානු ජාතියට ෆැසිස්ට් විරෝධී කණ්ඩායම් ලෝකයේ සතර දිග්භාගයෙන් කැඳවීමට චිත්ත ධෛර්යයක් ඇති බව වෙනිසියුලානු විදේශ අමාත්‍ය වරයා වැඩිදුරටත් අවධාරණය කළේය. "මෙම සමුළුව තුළින් අපට සුන්දර සටන් බිම් වල සටන් කිරීමට සහ ලෝකය පුරා විසිරී සිටින නිදහස අගයන ජනතාව ලෙස අප බලා සිටින සුන්දර ජයග්‍රහණ ලබා ගැනීමට හැකි වන පරිදි වඩා හොඳ සංවිධානයක් ජනනය වේවා." යනුවෙන් ප්‍රාර්ථනා කරමින් වෙනිසියුලානු රාජ්‍ය තාන්ත්‍රිකයා සිය දේශනය අවසන් කළේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්