News Category
From Date
To Date
Maximum Number of Result

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ පාසල් 3100ක් වැසෙයි..? ජනපති ඉගෙනගත් තඹුත්තේගම පාසලත් ඒ අතරලු..

Jul 26, 2025 at 12:17 PM
|

අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට මුවා වී පාසල් වැසීමේ ලෝක බැංකු යෝජනාව ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින්නේ යැයි ජන අරගල සන්ධානයේ විධායක සභික දුමින්ද නාගමුව මහතා සඳහන් කළේය.

මේ යටතේ වත්මන් ජනාධිපතිවරයා ඉගෙනගත් තඹුත්තේගම පාසල ද වැසී යෑමට නියමිත බවට තම පක්ෂය වෙත තොරතුරු ලැබී ඇතැයි ද හෙතෙම කීවේය.

අරගල සන්ධානය නුගේගොඩ දී පැවැත්වූ මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කීවේය.

එහිදී අදහස් දැක්වූ දුමින්ද නාගමුව මහතා මෙසේ ද පැවසීය.

"ආණ්ඩුව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් දැනට ඉදිරිපත් කරලා තියෙන්නේ ප්‍රසන්ටේෂන් එකක් විතරයි. නිශ්චිත වාර්තාවක් තවමත් නෑ. අපි දන්න විදිහට ලංකා ඉතිහාසේ පළවෙනි වතාවට තමයි ආණ්ඩුවක් ප්‍රසන්ටේෂන් එකක් උපයෝගී කරගෙන රටේ සමස්ත අධ්‍යාපන පද්ධතියේ පූර්ණ ප්‍රතිසංස්කරණයක් යෝජනා කරන්නේ.

අපි දන්නවා පසුගිය කාලය පුරාවටම මේ රටේ ආණ්ඩු ලෝක බැංකු සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වුවමනාවන්ට අනුව මේ රටේ අධ්‍යාපනය ප්‍රතිසංස්කරණ කරන සූදානමක හිටියා. රනිල් මෛත්‍රී යහපාලන ආණ්ඩුව කාලේ අධ්‍යාපන ඇමැතිවරයාව සිටි අකිල විරාජ් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියකට සූදානම් වුණා. ඉන් අනතුරුව ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව විසින් උපාලි සේදර වාර්තාව සහ කොතලාවල උපාධිකඩ පනත අරගෙන ආවා. එතනින් පස්සේ අනුප්‍රාප්තික ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුව අධ්‍යාපන ධවල පත්‍රිකාව අරගෙන ආවා. මේ හැම වැඩපිළිවෙළකම තිබුණේ නව ලිබරල් වෙළඳපොළට අවශ්‍ය ශ්‍රමිකයෙක් නිර්මාණය කරගැනීම සහ අධ්‍යාපනය වෙළඳ භාණ්ඩකරණය කිරීමේ පහත් වුවමනාව. දැන් ඒ වැඩපිළිවෙළම තමයි වර්තමාන අධ්‍යාපන ඇමති හරිනි අමරසූරිය අගමැතිනිය ගෝලීය සංකල්ප කියලා ලස්සන වචනයක් ඉස්සරහට දාලා අරගෙන ඇවිල්ලා තියෙන්නේ.

පාර්ලිමේන්තු කතාවෙදි අනුර දිසානායක ඉතාම කම්පාවෙන් කතා කළා ලංකාවේ ළමුන් ප්‍රමාණය අඩු පාසල් ගැන. ඔහු කිව්වේ ළමුන් 100ට අඩු පාසල් 3141ක් තියනවා කියලා. මේ සමහර පාසල් වහන්නත් ඇතැම් පාසල් ඒකාබද්ධ කරන්නත් අවශ්‍ය තැන්වල අලුතින් පාසල් ඇති කරන්නත් සූදානම් කියලා. බැලු බැල්මට කාටවත් මේ ප්‍රකාශයේ භයානකකම වැටහෙන්නේ නෑ. අනුර දිසානායකගේ පාර්ලිමේන්තු කතාවටම සමාන කතාවක් මීට පෙර කරුණාසේන කොඩිතුවක්කු විසින් කරලා තියනවා. ඔහු තමයි මුලින්ම ලංකාවේ පාසල් 3000ක් වහන යෝජනාව ගෙනාවේ. ඒ වෙලාවේ එම වැඩපිළිවෙළට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණත් සටන් කළා. එදා පාසල් ආරක්ෂා කරගන්න කියලා තමයි පාසල් සුරැකීමේ ව්‍යාපාරය නිර්මාණය වුණෙත්. අදටත් එහි සභාපති විදිහට ඉන්නේ ආණ්ඩුවේ ඇමැතිවරයෙක් වෙන මහින්ද ජයසිංහ. අපි කවදාවත් එහෙම කරයිද අපිව විශ්වාස නැද්ද වගේ බයිලා කියාගෙන දැන් ඒගොල්ලොම ලෑස්ති වෙනවා පාසල් වැසීමේ ලෝක බැංකු යෝජනාව ක්‍රියාත්මක කරන්න. දැන් ආණ්ඩුව කියන්නේ සමහර පාසල් වහලා අලුතින් පාසල් විවෘත කරනවලු. නමුත් අපි ආණ්ඩුවට කියනවා නව පාසල් විවෘත කිරීම සඳහා අයවැයෙන් ප්‍රතිපාදන වෙන් කරලා තියෙන තැන පෙන්නන්න කියලා. ඒ නිසා අලුතින් පාසල් විවෘත කරන කතාව පට්ටපල් බොරුවක්. තියෙන පාසල් ටික වහලා දාන්න තමයි මේ සූදානම් වෙන්නේ.

අපිට තියෙන තොරතුරු අනුව ජනාධිපතිවරයා ඉගෙනගත් තඹුත්තේගම පාසල පවා මේ විදිහට වැහිලා යන්න නියමිතයි. ජනාධිපතිවරයා කියනවා අපි පාසල් වහලා වෙන පාසලකට යන්න නොමිලේ බස් එකක් දෙනවලු. දැන් ජනාධිපති හැසිරෙන්නේ ලොකු සල්ලිකාරයෙක් වගේ. මැතිවරණ වේදිකාවෙදිත් ඔය විදිහටම උද්ධච්ඡ ප්‍රකාශ කළා ඩොලර් බිලියන 50 කජ්ජක් ද ඇහුවා අපිට මතකයි. අඩුම තරමින් දරුවන්ගේ පාසල් උපකරණ මත පනවපු වැට් බද්ද ඉවත් නොකරන ආණ්ඩුවක් ගමේ දරුවන්ට නොමිලේ බස් එකක් දේවි කියලා විශ්වාස කරන්න පුළුවන් ද?

අද වෙද්දි අධ්‍යාපන ක්‍රමයේ පවතින බරපතළ ගැටලු ගණනාවක් තියනවා. ඒවට නිශ්චිත විසඳුමක් මේ නව ප්‍රතිසංස්කරණ ඇතුළේ දකින්න නෑ. කොළඹ පාසලක් සහ ග්‍රාමීය කඳුකරේ පාසලක් ගත්තම තියෙන්නේ අහසට පොළොව වගේ විෂමතාවයක්. පහසුකම් අතින් මානව සහ භෞතික සම්පත් අතින් පවතින මේ විෂමතාව නැති කරන්න අවශ්‍ය ප්‍රතිපත්තියකුයි ආණ්ඩුව සකස් කරන්න ඕන. නැතුව හිතුමනාපෙට පාසල් වහන්න ආණ්ඩුවට අයිතියක් නෑ.

ආණ්ඩුව තවමත් රටට හෙළි නොකළ මේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ මුළුමනින්ම ගැටලු සහගතයි. සමහර වෙලාවට ආණ්ඩුව කියනව තාම අවසන් වැඩපිළිවෙළක් නෑ ඒ නිසා සාකාච්ඡා කරමු කියලා. නමුත් අපිට තියෙන තොරතුරු අනුව මේ නව වෙනස්කම් එක්ක 2026 වසර සඳහා අද වෙද්දි පොත්පත් පවා මුද්‍රණය කරලා අවසන්. අනිත් එක තමයි ආණ්ඩුව ජනතාවගෙන් හංගන මේ ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ හදලා තියෙන්නෙ ව්‍යාපාරිකයෝ සහ ලෝක බැංකු නියෝජිතයෝ."

- අනුරාධ හිරිපිටියගේ

සම්බන්ධිත පුවත් | Related News

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් සංවිධාන කරන ජන සටන ජන රැලිය මේ වනවිට ආරම්භ වී ඇත්තේ අනුරාධපුර නගර සභා ක්‍රීඩාංගණයේ දීය.
රතු මුහුද කලාපයේ හුතී සටන්කරුවන්ගේ බලපෑම සහ ඉදිරිගමන හමුවේ යේමන හමුදා නායකයා රටින් පලා ගොස් ඇති බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පෙන්වා දෙයි.
වර්තමාන ආණ්ඩුව විසින් එල්.ටී.ටී.ඊ. ඩයස්පෝරාව පිනවීම සඳහා ක්‍රියාත්මක කරනු ලබන දේශපාලන දඩයම, රටේ ස්වෛරීත්වය සහ ඒකීයභාවය පාවාදීමේ ක්‍රියාමාර්ග මෙන්ම ජනතා බලාපොරොත්තු සම්පූර්ණයෙන්ම සුන් කරමින් සිදුකරන දූෂිත පාලනය වහා පරාජය කිරීම සඳහා සියලු විරුද්ධ පක්ෂ සහ ජාතික බලවේග එකම "ජාතික න්‍යායපත්‍රයක්" වටා ගොනු විය යුතු බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.
වර්තමාන ආණ්ඩුව විසින් එල්.ටී.ටී.ඊ. ඩයස්පෝරාව පිනවීම සඳහා ක්‍රියාත්මක කරනු ලබන දේශපාලන දඩයම, රටේ ස්වෛරීත්වය සහ ඒකීයභාවය පාවාදීමේ ක්‍රියාමාර්ග මෙන්ම ජනතා බලාපොරොත්තු සම්පූර්ණයෙන්ම සුන් කරමින් සිදුකරන දූෂිත පාලනය වහා පරාජය කිරීම සඳහා සියලු විරුද්ධ පක්ෂ සහ ජාතික බලවේග එකම "ජාතික න්‍යායපත්‍රයක්" වටා ගොනු විය යුතු බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසීය.
තමන්ගේ හෝ සාක්ෂිකරුවෙකුගේ ජීවිතයට යම් හානියක් සිදුවුවහොත් එහි සම්පූර්ණ වගකීම වත්මන් ආණ්ඩුව විසින් භාරගත යුතු බව නීතිඥ අචලා සෙනවිරත්න මහත්මිය අවධාරණය කරයි.
මෙම වසරේ මේ දක්වා කාලය තුළ සංවිධානාත්මක අපරාධ කල්ලි විසින් එල්ල කළ අත්බෝම්බ ප්‍රහාර 6ක් වාර්තා වී ඇති අතර, ඉන් ප්‍රහාර 3ක්ම ගල්කිස්ස පොලිස් කොට්ඨාසයෙන් වාර්තා වේ.
යේමනයේ හවුති සංවිධානය රතු මුහුදේ පිහිටි වැදගත් අල්-මකා (මෝකා) වරාය නගරය සහ එහි වරායේ පාලනය අත්පත් කරගනිමින්, උපායමාර්ගික බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධිය කෙරෙහි වූ තම පාලනය තවදුරටත් ශක්තිමත් කරගෙන තිබේ.
කිසිදු ප්‍රජාවකට තම සංස්කෘතික අනන්‍යතාව නිසා බියක් හෝ අනාරක්ෂිත භාවයක් ඇති නොවන පරිදි පරිසරය සැකසීම රජයේ ප්‍රමුඛ අරමුණක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයේ නියෝජිතයන් සමග ජනාධිපති කාර්යාලයේ පැවැති හමුවකදී ප්‍රකාශ කරයි.
රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් 18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා ඉන්දියාවේ නවදිල්ලි නුවරට පැමිණ තිබේ.

ප්‍රධාන පුවත්

හුතී බලපෑම හමුවේ යේමන හමුදා නායකයා රටින් පලා යයි.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..

රතු මුහුද කලාපයේ හුතී සටන්කරුවන්ගේ බලපෑම සහ ඉදිරිගමන හමුවේ යේමන හමුදා නායකයා රටින් පලා ගොස් ඇති බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පෙන්වා දෙයි.

රටේ ස්වෛරීත්වය සහ ඒකීයභාවය පාවාදීමේ ආණ්ඩුවේ ක්‍රියාමාර්ග පරාජය කිරීමට සියලු ජාතික බලවේග එකම "ජාතික න්‍යායපත්‍රයක්" වටා ගොනු විය යුතුයි.. - විමල් වීරවංශ

වර්තමාන ආණ්ඩුව විසින් එල්.ටී.ටී.ඊ. ඩයස්පෝරාව පිනවීම සඳහා ක්‍රියාත්මක කරනු ලබන දේශපාලන දඩයම, රටේ ස්වෛරීත්වය සහ ඒකීයභාවය පාවාදීමේ ක්‍රියාමාර්ග මෙන්ම ජනතා බලාපොරොත්තු සම්පූර්ණයෙන්ම සුන් කරමින් සිදුකරන දූෂිත පාලනය වහා පරාජය කිරීම සඳහා සියලු විරුද්ධ පක්ෂ සහ ජාතික බලවේග එකම "ජාතික න්‍යායපත්‍රයක්" වටා ගොනු විය යුතු බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

එල්.ටී.ටී.ඊ. ඩයස්පෝරාව පිනවීමේ දේශපාලන දඩයම පරාජය කිරීමට අනුරාධපුරයට එන්න.. - පොහොට්ටුවේ රැළියට විමලුත් එක් වෙයි..

වර්තමාන ආණ්ඩුව විසින් එල්.ටී.ටී.ඊ. ඩයස්පෝරාව පිනවීම සඳහා ක්‍රියාත්මක කරනු ලබන දේශපාලන දඩයම, රටේ ස්වෛරීත්වය සහ ඒකීයභාවය පාවාදීමේ ක්‍රියාමාර්ග මෙන්ම ජනතා බලාපොරොත්තු සම්පූර්ණයෙන්ම සුන් කරමින් සිදුකරන දූෂිත පාලනය වහා පරාජය කිරීම සඳහා සියලු විරුද්ධ පක්ෂ සහ ජාතික බලවේග එකම "ජාතික න්‍යායපත්‍රයක්" වටා ගොනු විය යුතු බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසීය.

මගේ ජීවිතේට හරි සාක්ෂිකරුවකුගේ ජීවිතයට හරි හානියක් වුණොත් එහි වගකීම ආණ්ඩුව භාරගත යුතුයි.. - නීතිඥ අචලා සෙනවිරත්න

තමන්ගේ හෝ සාක්ෂිකරුවෙකුගේ ජීවිතයට යම් හානියක් සිදුවුවහොත් එහි සම්පූර්ණ වගකීම වත්මන් ආණ්ඩුව විසින් භාරගත යුතු බව නීතිඥ අචලා සෙනවිරත්න මහත්මිය අවධාරණය කරයි.

වසරේ මේ දක්වා කාලය තුළ බෝම්බ ප්‍රහාර 6ක්..

මෙම වසරේ මේ දක්වා කාලය තුළ සංවිධානාත්මක අපරාධ කල්ලි විසින් එල්ල කළ අත්බෝම්බ ප්‍රහාර 6ක් වාර්තා වී ඇති අතර, ඉන් ප්‍රහාර 3ක්ම ගල්කිස්ස පොලිස් කොට්ඨාසයෙන් වාර්තා වේ.

හවුතිවරුන් බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධියේ පාලනය අත්පත් කරගනී..

යේමනයේ හවුති සංවිධානය රතු මුහුදේ පිහිටි වැදගත් අල්-මකා (මෝකා) වරාය නගරය සහ එහි වරායේ පාලනය අත්පත් කරගනිමින්, උපායමාර්ගික බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධිය කෙරෙහි වූ තම පාලනය තවදුරටත් ශක්තිමත් කරගෙන තිබේ.

සමාජයේ වෛරය වැපිරීමට හෝ වෛරය ඇතිවන ප්‍රකාශ කිරීමට කිසිවෙකුට අයිතියක් නෑ..- ජනපති

කිසිදු ප්‍රජාවකට තම සංස්කෘතික අනන්‍යතාව නිසා බියක් හෝ අනාරක්ෂිත භාවයක් ඇති නොවන පරිදි පරිසරය සැකසීම රජයේ ප්‍රමුඛ අරමුණක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයේ නියෝජිතයන් සමග ජනාධිපති කාර්යාලයේ පැවැති හමුවකදී ප්‍රකාශ කරයි.

18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා රුසියානු ජනපති පුටින් ඉන්දියාවේ නවදිල්ලි නුවරට..

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් 18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා ඉන්දියාවේ නවදිල්ලි නුවරට පැමිණ තිබේ.

ආසියානු තරගාවලියට ලංකාවෙන් ජපානයට ලොකු පිරිසක්.. නිලධාරින් විතරක් 82ක් යනවලු..

ජපානයේ නගෝයා නුවරදී පැවැත්වීමට නියමිත 20 වැනි ආසියානු ක්‍රීඩා උළෙල නියෝජනය කිරීම සඳහා ශ්‍රී ලංකාවෙන් 238 දෙනෙකුගෙන් යුත් දැවැන්ත කණ්ඩායමක් සහභාගී කරවීමට පියවර ගෙන ඇත.

එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ (UNHRC) 63 වන සැසිවාරය සඳහා ඉදිරිපත් කර ඇති A/HRC/63/18 දරන වාර්තාව මගින් ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට, ජාතික ආරක්ෂාවට සහ අභ්‍යන්තර කටයුතුවලට අනිසි ලෙස මැදිහත් වීමට උත්සාහ දරන බව පවසමින් ගෝලීය ශ්‍රී ලාංකික සංසදය විසින් ජනාධිපතිවරයාගේ විශේෂ අවධානය පිණිස නිවේදනයක් නිකුත් කර තිබේ.

ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි

ඉරානය සම්බන්ධයෙන් ඇමරිකා එක්සත් ජනපදය විසින් ඉදිරිපත් කරන ලද ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ (IAEA) යෝජනාවකට චීනය බදාදා විරෝධය පළ කළේය.

ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..

අධිකරණයට අපහාස කිරීමේ චෝදනා මත සිරදඬුවම් නියම වී සිටි බොදුබල සේනා සංවිධානයේ ලේකම්, පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ප්‍රදානය කළ පොදුසමාව බලරහිත බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.

නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?

ශ්‍රී ලංකාව ලෝක සිතියමේ පිහිටා ඇති භූගෝලීය ස්ථානය හේතුවෙන් ඉතිහාසය පුරාම විදේශීය බලවතුන්ගේ අවධානයට ලක් වූ රටකි. ඉන්දියන් සාගරය තුළ ශ්‍රී ලංකාවේ පිහිටීම, ප්‍රධාන මුහුදු මාර්ගවලට ඇති ආසන්නත්වය සහ කලාපීය භූදේශපාලනික වැදගත්කම හේතුවෙන් ශ්‍රී ලංකාව පිළිබඳව විවිධ බලවතුන්ගේ උනන්දුව අඛණ්ඩව පැවතී ඇත.

ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..

Axios පුවත් සේවය වාර්තා කරන පරිදි, විදේශයන්ගෙන් භාණ්ඩ ගෙන්වීම සම්පූර්ණයෙන්ම වළක්වන අතිශය දැඩි වෙළෙඳ යුද උපායමාර්ගයකට එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යොමුවෙමින් සිටියි.

ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්

ජර්මනියේ පැවැති ප්‍රාන්ත මැතිවරණයකින් එරට 'ජර්මනිය සඳහා විකල්පය' (AFD) පක්ෂය වාර්තා කළ විශිෂ්ට ජයග්‍රහණය හමුවේ, ජර්මනියේ මෙන්ම සමස්ත යුරෝපයේම දේශපාලන හා ආර්ථික ගමන්මග විශාල වෙනසකට ලක්වෙමින් පවතින බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.