News Category
From Date
To Date
Maximum Number of Result

අපේ රටේ සාමය උදාකරලීමට ප්‍රමුඛවම දායක වූ රණවිරුවන් පිරිසකට සම්බාධාක පැනවීමට ක්‍රියා කිරීම සාමයට අකුල් හෙලීම්ක් සහ ත්‍රස්තවාදයට අනුබලදීමක් යැයි ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි.

ආණ්ඩුව ඩීසල් මාෆියාවට යටත් වී සුනිත්‍ය බල ව්‍යාපෘති අධෛර්මත් කිරීම ගැන පරිසරවේදීන්ගේ විරෝධය එල්ල වී ඇත. මේ සම්බන්ධයෙන් පරිසරවේදීන් විසින් ආණ්ඩුව ඉටු කළ යුතු යෝජනාවලියක් සකසා ඇති අතර එම යෝජනාවලිය පහත පරිදි වේ

පාස්කු දින මෙරටට එල්ල වූ ත‍්‍රස්ත ප්‍රහාරය වසන් කිරීමේ චෝදනා එල්ල වී ඇති කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් ඊබ්‍රාහීම් සහ තවත් දෙදෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුව විභාගය ජූලි මස 02 දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණය නියෝග කලේය.

බන්ධනාගාර ගතව සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකොන්ට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් යෝජනාවක් ගෙන ඒමට ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරු තීරණය කර තිබේ. ඒ අනුව විශ්වාසභංග යෝජනාව කථානායකවරයාට භාරදීම අද (25) දහවල් 12.15ට පාර්ලිමේන්තුවේ දී සිදුකිරීමට නියමිතය.

බටලන්ද විමර්ශනයේ අවසන් අරමුණ සත්‍ය සෙවීමේ කොමිෂන් සභා මගින් 13ක බලාත්කර කිරීම නම් ඊට පසු රනිල් වික්‍රමසිංහ මහතාට කුමන දඩුවමක් ලබාදුන්නද? බටලන්ද වධකාගාරයේ දුක්විද මරණයට පත්වූ කිසිාවෙකුට ඒමගින් සාධාරණක් ඉටු නොවන බව දේශහිතෛෂි ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රට යම්කිසි තත්ත්වයකට ගෙනැවිත් තිබූ බව පිළිගන්නා බව ජනාධිපති ජ්‍යේෂ්ඨ උපදේශක ප්‍රකට ව්‍යාපාරික දුමින්ද හුළංගමුව මහතා සඳහන් කරයි.

ඊයේ(24) ලුගාන්ස්ක් මහජන ජනරජයේ රූගත කරමින් සිටි රුසියානු මාධ්‍යවේදීන් පිරිසක් යුක්රේන කාලතුවක්කු ප්‍රහාරයකට ලක් වූ අතර, ප්‍රහාරයෙන් අවම වශයෙන් මාධ්‍යවේදීන් තිදෙනෙකු මිය ගොස් ඇත.

ශ්‍රී ලංකාවට මහාපරිමාණ විදේශ ආයෝජන නොලැබෙන බව පවසමින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ කනස්සල්ල පළකර තිබේ. එමෙන්ම ඔහු අනතුරු අඟවන්නේ, ඩොලර් මිලියන 700 ක වටිනාකමකින් යුත් අදානි (Adani) ව්‍යාපෘතිය ඇණහිටීම හේතුවෙන් රටේ ආර්ථික ප්‍රකෘතියට විශාල පසුබෑමක් සිදුවනු ඇති බවයි.

පොහොසත් රටක් - ලස්සන ජීවිතයක් තේමාවෙන් බලයට පැමිණි වත්මන් ආණ්ඩුව යටතේ ජනතාවට සිදුව ඇත්තේ පාතාලයට යටවුණු ජීවිතයක් ගත කිරීමට බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.


ප්‍රධාන පුවත්

BRICS සහයෝගිතාව ශක්තිමත් කිරීමට චීන ජනපතිගෙන් යෝජනා පහක්..

ඉන්දියාවේ නවදිල්ලි නුවර පැවැත්වෙන 18 වැනි BRICS නායක සමුළුවේ දෙවැනි අදියරට එක්වෙමින් චීන ජනාධිපති ෂී ජින්පිං මහතා විශේෂ දේශනයක් පවත්වා තිබේ.

මාලිමා පොළොන්නරුවේ ගොවි රැලියෙන් මාලිමා ගොවි නායක දෙපළ අතුරුදන් වෙලා..

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පොළොන්නරුවේදී පැවැති ජාතික ජන බලවේගයේ දැවැන්ත ගොවි සමුළුවට එම පක්ෂයේ ප්‍රධානතම ගොවි නායකයන් දෙපළ වන කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත සහ නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න යන මහත්වරුන් සහභාගි නොවීම සම්බන්ධයෙන් මේ වන විට සමාජ මාධ්‍යයේ දැඩි කතාබහක් නිර්මාණය වී තිබේ.

"අනුරාධපුරයේ ඩොටේ හිටපු ලාල් කාන්ත පට පට ගාලා තට්ටු තුනේ ගෙවල් හැදුවා.." ඒගොල්ලෝ කළු රාජ්‍යයට අයිති නැද්ද? - පොහොට්ටු රැලියේදී විමල් ප්‍රශ්න කරයි

රටත් ජාතියත් බේරාගැනීමට උර දුන් පිරිස ‘කළු රාජ්‍යයකට’ ලඝු කරමින්, වත්මන් ආණ්ඩුවට සහය දක්වන වංචනිකයින් ආරක්ෂා කිරීමට ජනාධිපතිවරයා කටයුතු කරන බවට ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි.

හුතී බලපෑම හමුවේ යේමන හමුදා නායකයා රටින් පලා යයි.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..

රතු මුහුද කලාපයේ හුතී සටන්කරුවන්ගේ බලපෑම සහ ඉදිරිගමන හමුවේ යේමන හමුදා නායකයා රටින් පලා ගොස් ඇති බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පෙන්වා දෙයි.

රටේ ස්වෛරීත්වය සහ ඒකීයභාවය පාවාදීමේ ආණ්ඩුවේ ක්‍රියාමාර්ග පරාජය කිරීමට සියලු ජාතික බලවේග එකම "ජාතික න්‍යායපත්‍රයක්" වටා ගොනු විය යුතුයි.. - විමල් වීරවංශ

වර්තමාන ආණ්ඩුව විසින් එල්.ටී.ටී.ඊ. ඩයස්පෝරාව පිනවීම සඳහා ක්‍රියාත්මක කරනු ලබන දේශපාලන දඩයම, රටේ ස්වෛරීත්වය සහ ඒකීයභාවය පාවාදීමේ ක්‍රියාමාර්ග මෙන්ම ජනතා බලාපොරොත්තු සම්පූර්ණයෙන්ම සුන් කරමින් සිදුකරන දූෂිත පාලනය වහා පරාජය කිරීම සඳහා සියලු විරුද්ධ පක්ෂ සහ ජාතික බලවේග එකම "ජාතික න්‍යායපත්‍රයක්" වටා ගොනු විය යුතු බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

එල්.ටී.ටී.ඊ. ඩයස්පෝරාව පිනවීමේ දේශපාලන දඩයම පරාජය කිරීමට අනුරාධපුරයට එන්න.. - පොහොට්ටුවේ රැළියට විමලුත් එක් වෙයි..

වර්තමාන ආණ්ඩුව විසින් එල්.ටී.ටී.ඊ. ඩයස්පෝරාව පිනවීම සඳහා ක්‍රියාත්මක කරනු ලබන දේශපාලන දඩයම, රටේ ස්වෛරීත්වය සහ ඒකීයභාවය පාවාදීමේ ක්‍රියාමාර්ග මෙන්ම ජනතා බලාපොරොත්තු සම්පූර්ණයෙන්ම සුන් කරමින් සිදුකරන දූෂිත පාලනය වහා පරාජය කිරීම සඳහා සියලු විරුද්ධ පක්ෂ සහ ජාතික බලවේග එකම "ජාතික න්‍යායපත්‍රයක්" වටා ගොනු විය යුතු බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසීය.

මගේ ජීවිතේට හරි සාක්ෂිකරුවකුගේ ජීවිතයට හරි හානියක් වුණොත් එහි වගකීම ආණ්ඩුව භාරගත යුතුයි.. - නීතිඥ අචලා සෙනවිරත්න

තමන්ගේ හෝ සාක්ෂිකරුවෙකුගේ ජීවිතයට යම් හානියක් සිදුවුවහොත් එහි සම්පූර්ණ වගකීම වත්මන් ආණ්ඩුව විසින් භාරගත යුතු බව නීතිඥ අචලා සෙනවිරත්න මහත්මිය අවධාරණය කරයි.

වසරේ මේ දක්වා කාලය තුළ බෝම්බ ප්‍රහාර 6ක්..

මෙම වසරේ මේ දක්වා කාලය තුළ සංවිධානාත්මක අපරාධ කල්ලි විසින් එල්ල කළ අත්බෝම්බ ප්‍රහාර 6ක් වාර්තා වී ඇති අතර, ඉන් ප්‍රහාර 3ක්ම ගල්කිස්ස පොලිස් කොට්ඨාසයෙන් වාර්තා වේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.