News Category
From Date
To Date
Maximum Number of Result

ශ්‍රී ලංකා සිවිල් යුද්ධය අතරතුර බරපතල මානව හිමිකම් උල්ලංඝනයන් සම්බන්ධයෙන් වගකිව යුතු පුද්ගලයන් හතර දෙනෙකුට එක්සත් රාජධානියේ රජය සම්බාධක පනවා ඇත.

ශ්‍රී ලාංකිකයන් හතර දෙනෙකුට එංගලන්තය ඊයේ (24) රාත්‍රී සම්බාදක පැනවීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සිය ස්ථාවර වහාම ජාත්‍යන්තරයට දැනුම්දිය යුතු බවත් රටට සාමය ගෙනඒමට කැපවූ වීරෝදරා රණවිරුවන් වෙනුවෙන් ජාතියක් සහ රටක් ලෙස පෙනී සිටින්නේ යැයි ජාත්‍යන්තරය දැනුවත් කළ යුතු බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා අද (25) පැවසීය.

මුළු රටට ම මාස හතක බරපතළ සහල් හිඟයකට මුහුණදීමට සිදුවන බවට ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් මහතා අනතුරු අඟවයි. මාස් කන්නයේ වී වගාව අවස්ථා දෙකක දී ගංවතුරට හසුවීමෙන් සිදු වූ විනාශය සහල් හිඟයට බලපාන බව හෙතෙම කියයි.

2025 අයවැය විවාදය අතරතුරදී පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් සඳහා මෙවරත් වාර්ෂික ගෘහස්ත ක්‍රීඩා උත්සවයක් පවත්වා තිබෙනවා.

එක්සත් ජනපදයේ සහ එහි සහචරයින්ගේ න්‍යාය පැහැදිළි කරන ලේඛන රුසියාව තොරතුරු අවකාශයේ ප්‍රධාන තර්ජනයක් ලෙස සලකන අතර, මෙම ක්ෂේත්‍රය තුළ රුසියාව "උපායමාර්ගිකව වැළැක්වීමේ" කටයුතු සකසා ඇති බව තහවුරු වේ.

ව්‍යාජ ඇටර්නි බලපත්‍රයක් සකස් කොට ඔස්ට්‍රේලියානු ජාතික ව්‍යාපාරිකයකුට අයත් සමාගම් කොටස් විකුණා රුපියල් මිලියන 21ක මුදලක් සාපරාදී සාවද්‍ය පරිහරණය කළේ යැයි චෝදනා ලබා සිටි හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල සහ ව්‍යාපාරිකයකු වන සිඩ්නි ජයසිංහ යන මහත්වරු එම චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරන ලෙස කොළඹ මහාධිකරණය අද (24) නියම කළේය.

1960 ගණන්වල කියුබාවේ සිට සෝවියට් සංගමය වෙත භාණ්ඩ ප්‍රවාහන නෞකාවකින් යවන ලද සීනි බෑග් 800 ක් ඇමරිකානු ඔත්තුකරුවන් විසින් මිනිස් පරිභෝජනයට නුසුදුසු තත්වයට පත් කර ඇති බව ජෝන් එෆ්. කෙනඩි ඝාතනය සම්බන්ධයෙන් නිකුත් කරන ලද නවතම ලිපිගොනුවලින් හෙළි වී තිබේ.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට හිටපු මන්ත්‍රීවරයෙකු ලෙස ලැබුණු විශ්‍රාම වැටුප ලබන මාසයේ සිට අත්හිටුවන බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.

මෙවර මහ කන්නයේ රජය මෙතෙක් මිලදීගෙන ඇත්තේ වී මෙට‍්‍රික් ටොන් හැටකට ආසන්න ප්‍රමාණයක් බව වාර්තා වෙයි.


ප්‍රධාන පුවත්

BRICS සහයෝගිතාව ශක්තිමත් කිරීමට චීන ජනපතිගෙන් යෝජනා පහක්..

ඉන්දියාවේ නවදිල්ලි නුවර පැවැත්වෙන 18 වැනි BRICS නායක සමුළුවේ දෙවැනි අදියරට එක්වෙමින් චීන ජනාධිපති ෂී ජින්පිං මහතා විශේෂ දේශනයක් පවත්වා තිබේ.

මාලිමා පොළොන්නරුවේ ගොවි රැලියෙන් මාලිමා ගොවි නායක දෙපළ අතුරුදන් වෙලා..

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පොළොන්නරුවේදී පැවැති ජාතික ජන බලවේගයේ දැවැන්ත ගොවි සමුළුවට එම පක්ෂයේ ප්‍රධානතම ගොවි නායකයන් දෙපළ වන කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත සහ නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න යන මහත්වරුන් සහභාගි නොවීම සම්බන්ධයෙන් මේ වන විට සමාජ මාධ්‍යයේ දැඩි කතාබහක් නිර්මාණය වී තිබේ.

"අනුරාධපුරයේ ඩොටේ හිටපු ලාල් කාන්ත පට පට ගාලා තට්ටු තුනේ ගෙවල් හැදුවා.." ඒගොල්ලෝ කළු රාජ්‍යයට අයිති නැද්ද? - පොහොට්ටු රැලියේදී විමල් ප්‍රශ්න කරයි

රටත් ජාතියත් බේරාගැනීමට උර දුන් පිරිස ‘කළු රාජ්‍යයකට’ ලඝු කරමින්, වත්මන් ආණ්ඩුවට සහය දක්වන වංචනිකයින් ආරක්ෂා කිරීමට ජනාධිපතිවරයා කටයුතු කරන බවට ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි.

හුතී බලපෑම හමුවේ යේමන හමුදා නායකයා රටින් පලා යයි.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..

රතු මුහුද කලාපයේ හුතී සටන්කරුවන්ගේ බලපෑම සහ ඉදිරිගමන හමුවේ යේමන හමුදා නායකයා රටින් පලා ගොස් ඇති බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පෙන්වා දෙයි.

රටේ ස්වෛරීත්වය සහ ඒකීයභාවය පාවාදීමේ ආණ්ඩුවේ ක්‍රියාමාර්ග පරාජය කිරීමට සියලු ජාතික බලවේග එකම "ජාතික න්‍යායපත්‍රයක්" වටා ගොනු විය යුතුයි.. - විමල් වීරවංශ

වර්තමාන ආණ්ඩුව විසින් එල්.ටී.ටී.ඊ. ඩයස්පෝරාව පිනවීම සඳහා ක්‍රියාත්මක කරනු ලබන දේශපාලන දඩයම, රටේ ස්වෛරීත්වය සහ ඒකීයභාවය පාවාදීමේ ක්‍රියාමාර්ග මෙන්ම ජනතා බලාපොරොත්තු සම්පූර්ණයෙන්ම සුන් කරමින් සිදුකරන දූෂිත පාලනය වහා පරාජය කිරීම සඳහා සියලු විරුද්ධ පක්ෂ සහ ජාතික බලවේග එකම "ජාතික න්‍යායපත්‍රයක්" වටා ගොනු විය යුතු බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

එල්.ටී.ටී.ඊ. ඩයස්පෝරාව පිනවීමේ දේශපාලන දඩයම පරාජය කිරීමට අනුරාධපුරයට එන්න.. - පොහොට්ටුවේ රැළියට විමලුත් එක් වෙයි..

වර්තමාන ආණ්ඩුව විසින් එල්.ටී.ටී.ඊ. ඩයස්පෝරාව පිනවීම සඳහා ක්‍රියාත්මක කරනු ලබන දේශපාලන දඩයම, රටේ ස්වෛරීත්වය සහ ඒකීයභාවය පාවාදීමේ ක්‍රියාමාර්ග මෙන්ම ජනතා බලාපොරොත්තු සම්පූර්ණයෙන්ම සුන් කරමින් සිදුකරන දූෂිත පාලනය වහා පරාජය කිරීම සඳහා සියලු විරුද්ධ පක්ෂ සහ ජාතික බලවේග එකම "ජාතික න්‍යායපත්‍රයක්" වටා ගොනු විය යුතු බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසීය.

මගේ ජීවිතේට හරි සාක්ෂිකරුවකුගේ ජීවිතයට හරි හානියක් වුණොත් එහි වගකීම ආණ්ඩුව භාරගත යුතුයි.. - නීතිඥ අචලා සෙනවිරත්න

තමන්ගේ හෝ සාක්ෂිකරුවෙකුගේ ජීවිතයට යම් හානියක් සිදුවුවහොත් එහි සම්පූර්ණ වගකීම වත්මන් ආණ්ඩුව විසින් භාරගත යුතු බව නීතිඥ අචලා සෙනවිරත්න මහත්මිය අවධාරණය කරයි.

වසරේ මේ දක්වා කාලය තුළ බෝම්බ ප්‍රහාර 6ක්..

මෙම වසරේ මේ දක්වා කාලය තුළ සංවිධානාත්මක අපරාධ කල්ලි විසින් එල්ල කළ අත්බෝම්බ ප්‍රහාර 6ක් වාර්තා වී ඇති අතර, ඉන් ප්‍රහාර 3ක්ම ගල්කිස්ස පොලිස් කොට්ඨාසයෙන් වාර්තා වේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.