

පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා සමඟ තමාට කිසිදු ගැටලුවක් නොමැති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. "හර්ෂ සමග මට ප්‍රශ්නයක් නැති බවත් කොළඹ දිස්ත්‍රික් නායකත්වය තබා ගැනීමට මා ගත් තීරණයට එයට කිසිදු සම්බන්ධයක් නොමැති බවත් තම පක්ෂ නායකත්වයට අමතරව සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් නායකත්වය තමාටම තබා ගැනීමට ගත් තීරණය ගැන කතා කරමින්. ඔහු පැවසීය.

අර්බන් සිටිසන් සංවිධානයේ සභාපති ශර්ම්ලා ගෝනවෙල ගරු ජනාධිපති අනුර දිසානායක මහතාට ලිපියක් යොමුකරමින් ඉල්ලා සිටින්නේ ඇමරිකානු ආධාර සංවිධානයේන් මුදල් ලබා ගත් සියලු ජනතා නියෝජිතයන්, මාධ්‍යවේදීන්, ආයතන, සංවිධාන නම් ලැයිස්තුව ප්‍රසිද්ධ කරන ලෙසටත්, අප රටේ හර පද්ධතියට හා සමාජ සම්මතයන්ට ගරු නොකරන ඊට එරෙහිව කටයුතු කරන අග්‍රාමාත්‍ය තුමිය තව දුරටත් එම තනතුරේ ක්‍රියා කිරීමට නුසුදුසු බවත්ය. එම සම්පූර්ණ ලිපිය පහතින්

සමරිසි ප්‍රවර්ධන වැඩසටහන් මගින් සිදුකරනු ලබන්නේ ලෝක බෞද්ධයන්ගේ බෝවී පාලනය කිරීම බව ජනසෙත පෙරමුණේ නායක, බත්තරමුල්ලේ සීලරතන හිමියන් පවසයි. උන් වහන්සේ මේ අදහස් පළකළේ පසුගියදා රත්නපුර දිස්ත්‍රික් පළාත් පාලන අපේක්ෂකයන් දැනුවත් කිරීමේ වැඩසටහනකට එක්වෙමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සීලරතන හිමියන් මෙසේද පැවසීය.

එරන්ද ගිනිගේ මහතා තම බ්ලොග් අඩවියට ලිපියක් යොමුකරමින් පවසන්නේ USAID සංවිධානය විසින් ලෝකයේ බොහෝ රටවලට මෙන්ම කෝටි 240ක් වියදම් කර ශ්‍රී ලංකාවේද ආණ්ඩු පෙරළියට මඟ පැදූ බවත් ඊට එරෙහිව විරෝධය දැක්වූයේ දේශපාලන පක්ෂ නොව රටේ සිටින දේශප්‍රේමීන් බවත්ය. එම විරෝධය හුදෙක් පොහොට්ටුවේ ක්‍රියාවක් බවට චුලී චංග් කල්පනා කළ නිසාදෝ පොහොට්ටු කාර්යාලයට ගොස් සමාව ඉල්ලා ඇති මුත් එම විරෝධය සංවිධානය කළේ පොහොට්ටුව නොවන බව ඔහු පවසයි. එමෙන්ම ඉදිරියේදී ද එවැනි විරෝධතා සංවිධානය කරනු ලබන්නේ පොහොට්ටුව නොවන බවද ඔහු පවසයි. එමගින් ඔහු අදහස් කරනු ලබන්නේ ඉදිරියේදී ඇමෙරිකානු මැදිහත්වීම්වලට එරෙහි විරෝධතා දැඩි වන බවත් එවැනි විරෝධතා සංවිධානය කරනු ලබන්නේ දේශපාලන පක්ෂ නොව රටේ දේශප්‍රේමීන් බවය.
ප්‍රධාන පුවත්
විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති
ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ
චීන නැව් ඉලක්ක කරගත් එක්සත් ජනපද නවතම වරාය ගාස්තු සැලැස්ම 'අමෙරිකාවේ සහ අන් ජාතින්ගේ අවශ්‍යතාවලට හානි කරන' බව චීනය පවසයි. නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට සපථ කරයි
ONLINE පනත ඉවතට
සිරි දළදා වන්දනාව අද ඇරඹෙයි
වියට්නාමයේ ශ්‍රමණවේශධාරීන් පිරිසක් ලංකාවේ පාද චාරිකාවක... මහානායක හිමියන් බෞද්ධ කොමසාරිස්ට ලියයි
’’ඡන්ද නීති කඩන කතා එපා’’ මැකෝගෙන් ජනපති ලේකම්ට ලිපියක්
‘අවමාන තර්ජනය නවත්වනු’ - චීනය ඇමරිකාවට තදින් පවසයි
අමෙරිකාව පැනවූ තීරු බදු වලින් රටවල් 28ක් නිදහස් කරන්නැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉල්ලයි. එහෙත් ශ්‍රී ලංකාව ලයිස්තුවට ඇතුලත් නැහැ
245% ක තීරු බදු පනවන බවට එක්සත් ජනපදයෙන් චීනයට තර්ජන
