News Category
From Date
To Date
Maximum Number of Result

අද (19) පෙරවරුවේ අලුත්කඩේ අධිකරණ සංකීර්ණය තුළ වෙඩිතැබීම සිදුවී ඉතාම කෙටි වේලාවක් තුළ එම ස්ථානයට මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුනිල් වටගල මහතා පැමිණි අතර අමාත්‍යවරයා අධිකරණ සංකීර්ණයෙන් පිටතට පැමිණෙන විට ඔහු වටකරගත් මාධ්‍යවේදීන්ගෙන් දැඩි පීඩනයක් එල්ල විය.

ගණේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකරු පුත්තලම පාලවිය ප්‍රදේශයේ දී පොලිස් විශේෂ කාර්ය බලකාය (STF) විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මොහොමඩ් අස්මාන් ෂෙරිෆ්ඩීන් නැමති මෙම පුද්ගලයා වයස අවුරුදු 34ක් වූ පුද්ගලයෙකි.

නිවැරදි ආර්ථික කළමනාකරණයක් තුළින් 2028 වන විට ණය ගෙවීමේ ශක්‍යතාවක් ඇති කිරීමට රජය අපේක්ෂා කරන බව ජනාධිපති අනුර දිසානායක පවසයි.

අද (19) උදෑසන 10.00ට පමණ අලුත් කඩේ උසාවි සංකීර්ණයේ අංක 05 දරණ අධිකරණය තුලදී වෙඩි තබා ඝාතනය කළ අපරාධකල්ලි නායකයෙකු වන ගණේමුල්ල සංජීව නොහොත් සංජීව කුමාර සමරරත්න නැමැත්තාගේ ආරක්ෂාව සඳහා ආරක්ෂක නිලධාරීන් 12 දෙනෙකු යොදවා සිටි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නීතිවේදී බුද්ධික මනතුංග සඳහන් කළා.

ජනාධිපති අනුර දිසානායක මහතා විසින් දේශීයව නිෂ්පාදනය කර ඇති පන් මල්ලක හෙවත් පන් ෆයිල් එකක දමාගෙන ඇවිත් කියවනු ලබුවේ IMF එකේ වැඩපිළිවෙලට අදාල ලියවිල්ලක් බවත් එමගින් මෙරට සියලුම සුළු හා මධ්‍ය පරිමාණ නිෂ්පාදන විනාශයට ඇදගෙන යන බවත් පෙරටුගාමී සමාජවොදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ මහතා පවසයි.

අලුත්කඩේ අධිකරණ සංකීර්ණයේ අංක 5 මහෙස්ත්‍රාත් අධිකරණය තුළ ගණේමුල්ලේ සංජීව වෙඩිතබා ඝාතනය කිරීම සඳහා නීතිඥවරයෙකු සහ නීතිඥවරියක් ලෙස වෙස්වලාගත් දෙදෙනෙකු පැමිණ ඇතැයි පොලීසිය පවසයි.

වත්මන් ආණ්ඩුවේ බොහෝ සභාපතිවරුන් වැටුප් ලබා නොගෙන නොමිලේ සේවය ලබා දෙන බව කිව්වද තෙල් සංස්ථාවේ වත්මන් සභාපතිවරයා රුපියල් හයලක්ෂ විසිපන්දහසක් මාසිකව ලබාගන්නා බව විපක්ෂ මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (18දා) පැවසීය.

අලුත්කඩේ අධිකරණ සංකීර්ණයේ අංක 5 මහෙස්ත්‍රාත් අධිකරණය තුළ ගණේමුල්ලේ සංජීව වෙඩිතබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් අද (19) පාර්ලිමේන්තුවේදී ආණ්ඩු පක්ෂ සංවිධායක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා අදහස් පළ කළේය.

අලුත්කඩේ අධිකරණ සංකීර්ණය තුළ වෙඩිතැබීමේ සිද්ධියක් මීට ටික වේලාවකට පෙර වාර්තා විය.


ප්‍රධාන පුවත්

විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති

වාහන අංක තහඩු සැපයුම්කරුවෙක් තෝරාගැනීම සඳහා වර්තමාන ආණ්ඩුව කැඳවා ඇති නව ටෙන්ඩරයේ මීට පෙර නිෂ්පාදනය කළ අංක තහඩුවට ඇතුළත්ව තිබූ විශේෂ ආරක්‍ෂක අංග ඉවත්කර ඇතැයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සේවකයෝ චෝදනා කරති.

ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ

අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පැනවූ තීරු බදුවලින් ලොව දුප්පත් සහ කුඩාම රටවල් නිදහස් කරන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය ජනපතිගෙන් ඉල්ලා තිබෙනවා.

චීන නැව් ඉලක්ක කරගත් එක්සත් ජනපද නවතම වරාය ගාස්තු සැලැස්ම 'අමෙරිකාවේ සහ අන් ජාතින්ගේ අවශ්‍යතාවලට හානි කරන' බව චීනය පවසයි. නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට සපථ කරයි

ඔක්තෝබර් මැද භාගයේදී බලාත්මක වීමට නියමිත චීනයේ නිර්මාණය කරන ලද සහ චීනයේ ලියාපදිංචි යාත්‍රා සඳහා නව වරාය ගාස්තු පිළිබඳ එක්සත් ජනපද රජයේ නිවේදනයට ප්‍රතිචාර දක්වමින්,

ONLINE පනත ඉවතට

‘මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත’ නොඑසේනම් බොහෝ දෙනෙක් දන්නා පරිදි ඔන්ලයින් ( ONLINE ) පනත අවලංගු කිරීමට පියවර ගැනේ.

සිරි දළදා වන්දනාව අද ඇරඹෙයි

සිරි දළදා වන්දනාව අද (18) දින සිට ආරම්භ කෙරෙන අතර ඒ අනුව, අද පස්වරු 3:30 සිට පස්වරු 5:30 දක්වා දළදා වහන්සේ දැක බලා වන්දනාමාන කරගැනීමට සැදැහැවතුන්ට අවස්ථාව උදාවෙයි.

වියට්නාමයේ ශ්‍රමණවේශධාරීන් පිරිසක් ලංකාවේ පාද චාරිකාවක... මහානායක හිමියන් බෞද්ධ කොමසාරිස්ට ලියයි

බෞද්ධ කටයුතු සම්බන්ධයෙන් චෝදනා ලැබ වියට්නාමයේ තහනම් කොට ඇති සංවිධානයක් ලංකාවට පැමිණ පාද චාරිකාවක නිරත වන බවත් ඔවුන් භික්ෂූ විනයට පටහැනි ලෙස ක්‍රියාකරන සංවිධානයක් බවත් ඒබැවින් ඒම පාද

’’ඡන්ද නීති කඩන කතා එපා’’ මැකෝගෙන් ජනපති ලේකම්ට ලිපියක්

මැතිවරණ නීති උල්ලංඝනය වන ප්‍රකාශ කිරීමෙන් වළකින ලෙස ජනාධිපතිවරයා දැනුවත් කරන්නැයි මැතිවරණ කොමිෂන් සභාව ජනාධිපති ලේකම්වරයාට ලිපියක් යොමු කරමින් දැනුම්දී ඇත.

‘අවමාන තර්ජනය නවත්වනු’ - චීනය ඇමරිකාවට තදින් පවසයි

දෙරට අතර උත්සන්න වන වෙළඳ ආරවුල සංවාදයෙන් විසඳා ගැනීමට අවශ්‍ය නම්, චීනය “අවමාන තර්ජනය කිරීම සහ කප්පම්කරුවෙකු ලෙස හැසිරීම නවත්වන ලෙස” ඇමරිකාවෙන් ඉල්ලා තිබේ.

අමෙරිකාව පැනවූ තීරු බදු වලින් රටවල් 28ක් නිදහස් කරන්නැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉල්ලයි. එහෙත් ශ්‍රී ලංකාව ලයිස්තුවට ඇතුලත් නැහැ

එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇමරිකානු ජනාධිපතිවරයා විසින් පනවා ඇති නව තීරු බදුවලින් ලොව දුප්පත්ම සහ කුඩාම රටවලට නිදහස් කරන ලෙස ඉල්ලා ඇතැයි වාර්තා වේ.

245% ක තීරු බදු පනවන බවට එක්සත් ජනපදයෙන් චීනයට තර්ජන

අප්‍රේල් 15 වනදා නිකුත් කරන ලද ධවල මන්දිර තොරතුරු පත්‍රිකාවකට අනුව, එක්සත් ජනපදයට චීන ආනයන සඳහා 245% දක්වා ඉහළ තීරු බදු පැනවීමට හැකියාව ලැබෙන බව ආර්ථික විද්‍යාඥයෝ පෙන්වා දෙති.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.