News Category
From Date
To Date
Maximum Number of Result

නාම යොජනා අහෝසි කළ පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව තැන්පත් කර තිබෙන ඇප මුදල් නැවත මුදා හැරීමට කටයුතු කරන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.එල්. රත්නායක පැවසීය.

ජාතික ජන බලවේග ආණ්ඩුව ඊයේ (පෙබ. 17) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අයවැය යෝජනාවලිය හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් කළ අයවැයෙහි දිගුවක් බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි වජිර අබේවර්ධන පැවසීය.

ජාතික ජන බලවේගය පක්ෂ නායකයින් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතව තිබේ.

රුසියාවේ අභ්‍යන්තර නොසන්සුන්තාව වැනි ගැටළු පැවතියද එම හානිය පාලනය කරමින් ඔවුන් ආර්ථිකය කළමනාකරණය කර ඇති ආකාරය ශ්‍රී ලංකාව වැනි රටකට ඉතා හොඳ උදාහරණයක් බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා X පණිබිඩයක් නිකුත් කරමින් පවසයි.

රාජ්‍ය සේවයේ අවම මූලික වැටුප රු. 15,750කින් වැඩි කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අයවැය කතාවේදී සඳහන් කළත් රාජ්‍ය සේවක අවම මූලික වැටුප ශුද්ධ වශයෙන් වැඩි වන්නේ රු. 8250 කින් පමණයි. මෙයට හේතුව දැනට ලබාදෙන රු. 7500ක දීමනා එම රු. 15750 ක මුදලි

ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රීනී නිලන්ති කොට්ටහච්චි මහත්මියට මාධ්‍යයට ප්‍රකාශ නිකුත් කිරීමෙන් වළකින ලෙසට උපදෙස් දී ඇති බව ඇය පවසා ඇත. ඒ කෙසෙල්වත්තල ගිම්පත ප්‍රදේශයේ පැවති ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන අතරතුර මාධ්‍යවේදීන් ඇයගෙන් ප්‍රශ්නයක් විමසූ විට ඇය ඒ බව ප්‍රකාශ කර ඇත.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සමස්ත සාර්ව ආර්ථික ස්ථාවරකරණ වැඩසටහනේ පරාමිතීන් අනුව කටයුතු කිරීම රජයේ වගකීමක් බවත් ඒ අනුව මෙවර අයවැය රටට හොඳ අයවැයක් බවත් මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

2025 අය වැය ගොවියාට කිසිදු සහනයක් පැණි නැති වදයක් බව ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් මහතා පවසයි. ඔහු මේ බව පැවසුවේ ඊයේ (17) මාධ්‍ය හමුවකට එක්වෙමිනි එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ තෙන්නකෝන් මහතා මෙසේද පැවසීය මේ අයවැයේ ඉතාමත්ම සාධනීය යෝජනාව තමයි නව දේශපාලන සංස්කෘතියක් සඳහා වූ මහජන නියෝජිතයෝ වෙච්ච පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ඇමතිවරුන්ට වාහන බලපත්‍රය අහෝසි කිරීම. ඒ වගේම අනිත් පාර්ශවයන් සඳහා සැලකිය යුතු මට්ටමේ අයවැය යෝජනාවලිය පිළිබඳව පරණ පුරුදු ආණ්ඩුවලින් ඉදිරිපත් කරපු අයවැයට අඩු වැඩි විදියට සමගාමී අයවැයක් විශේෂයෙන්ම මේ රටේ කෘෂි නිෂ්පාදන ආර්ථිකය ගොඩනගන්න මේ රටේ ගොවියාගේ ආර්ථිකය ගොඩනගන්න කෘෂි නිෂ්පාදන පිරිවැය අඩුනරන් අවශ්‍ය යෝජනාවක් තිස්සේත්ම සඳහන් වෙලා නෑ. අපි බලාපොරොත්තු උනේ කෘෂි නිෂ්පාදන ආර්ථිකයන් ගොඩනගන්න අවශ්‍යය ඉතාමත්ම සාධනීය යෝජනාවලියක් අයවැය තුළින් එයි කියලා. හැබැයි අපිට පේන විදියට මේ අයවැය ගොවියාට හිස්ටින් එකක් වගේ අයවැයක් ගොවියාට ආයෙත් හිඟා කන්න හිස් බෙළෙක්ක දුන්න අයවැයක්. කෂි නිෂ්පාදන පිරිවැය අඩු කරන්ඩ විශේෂයෙන් වී ඇතුළු අතිරේක ආහාර භෝගවල පිරිවැය අඩු කරන්න කෘෂි යෙදවුම් සඳහා බද්ද අඩු කරලා නෑ, කෘෂි මෙවලම් සඳහා බද්ද අඩු කරලා නෑ. ඊළඟට සහල් කර්මාන්තයේ යෙදෙන සහ සහල් කර්මාන්තයේ යෙදෙන සහල් කර්මාන්තකරුවන්ගේ යන්ත්‍ර සූත්‍ර සඳහා අමතර කොටස් සඳහා ගහලා තියෙන බද්ද අඩු අඩු කරලා නෑ. ඒ කියන්නේ මේ අයවැයත් බදු පිට බදු ගහපු රජයේ එකම ආදායම බදු බවට පත් කරපු විශේෂ ස්පාදන ආර්ථිකය ගොඩනගනවාවා වෙනුවට බදු පිට බඳු ගහපු ආණ්ඩුවක් අයිඑම්එෆ් යෝජනා අනුව ලෝක බැංකු යෝජනා අනුව ආසියානු සංවර්ධන බැංකිය යෝජනා අනුව ඉස්පිල්ලක් පාපිල්ලක්වත් වෙන් කරන්නේ නැතුව අයිඑම්එෆ් එකේ අයවැය යෝජනාවක් ලෝක බැංකුවේ අයවැය යෝජනාව ආසියානුු සංවර්ධන බැංකුවේ අයවැය යෝජනාවක් විදිහට තමයි අපිට පේන්නේ එනිසා අපි කියන්නේේ මේක මී මැස්සො පිටින් පේන්න හිටියට වදේ මී පැණි නැති අයවැයක් ගොවියාට හිඟා හිඟා නොකා හිඟා කන්නෙත් හිස් බෙළෙක්කයක් දුන්නා හිස්ටින් එකක් වාගේ අයවැයක්.."

ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනී ජුලී චන්ග් යනු කවුරුන්දැයි පැහැදිලි කරන පොස්ටුවක් අන්තර්ජාලයේ සංසරණය වෙයි. එමගින් චන්ග්ගේ ඉතිහාසය සහ වර්තමානයේ ඇයගේ භූමිකාවකෙසේ එකක්දැයි පැහැදිලි කර ඇත. එම පෝස්ටුව පහතින්


ප්‍රධාන පුවත්

විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති

වාහන අංක තහඩු සැපයුම්කරුවෙක් තෝරාගැනීම සඳහා වර්තමාන ආණ්ඩුව කැඳවා ඇති නව ටෙන්ඩරයේ මීට පෙර නිෂ්පාදනය කළ අංක තහඩුවට ඇතුළත්ව තිබූ විශේෂ ආරක්‍ෂක අංග ඉවත්කර ඇතැයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සේවකයෝ චෝදනා කරති.

ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ

අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පැනවූ තීරු බදුවලින් ලොව දුප්පත් සහ කුඩාම රටවල් නිදහස් කරන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය ජනපතිගෙන් ඉල්ලා තිබෙනවා.

චීන නැව් ඉලක්ක කරගත් එක්සත් ජනපද නවතම වරාය ගාස්තු සැලැස්ම 'අමෙරිකාවේ සහ අන් ජාතින්ගේ අවශ්‍යතාවලට හානි කරන' බව චීනය පවසයි. නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට සපථ කරයි

ඔක්තෝබර් මැද භාගයේදී බලාත්මක වීමට නියමිත චීනයේ නිර්මාණය කරන ලද සහ චීනයේ ලියාපදිංචි යාත්‍රා සඳහා නව වරාය ගාස්තු පිළිබඳ එක්සත් ජනපද රජයේ නිවේදනයට ප්‍රතිචාර දක්වමින්,

ONLINE පනත ඉවතට

‘මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත’ නොඑසේනම් බොහෝ දෙනෙක් දන්නා පරිදි ඔන්ලයින් ( ONLINE ) පනත අවලංගු කිරීමට පියවර ගැනේ.

සිරි දළදා වන්දනාව අද ඇරඹෙයි

සිරි දළදා වන්දනාව අද (18) දින සිට ආරම්භ කෙරෙන අතර ඒ අනුව, අද පස්වරු 3:30 සිට පස්වරු 5:30 දක්වා දළදා වහන්සේ දැක බලා වන්දනාමාන කරගැනීමට සැදැහැවතුන්ට අවස්ථාව උදාවෙයි.

වියට්නාමයේ ශ්‍රමණවේශධාරීන් පිරිසක් ලංකාවේ පාද චාරිකාවක... මහානායක හිමියන් බෞද්ධ කොමසාරිස්ට ලියයි

බෞද්ධ කටයුතු සම්බන්ධයෙන් චෝදනා ලැබ වියට්නාමයේ තහනම් කොට ඇති සංවිධානයක් ලංකාවට පැමිණ පාද චාරිකාවක නිරත වන බවත් ඔවුන් භික්ෂූ විනයට පටහැනි ලෙස ක්‍රියාකරන සංවිධානයක් බවත් ඒබැවින් ඒම පාද

’’ඡන්ද නීති කඩන කතා එපා’’ මැකෝගෙන් ජනපති ලේකම්ට ලිපියක්

මැතිවරණ නීති උල්ලංඝනය වන ප්‍රකාශ කිරීමෙන් වළකින ලෙස ජනාධිපතිවරයා දැනුවත් කරන්නැයි මැතිවරණ කොමිෂන් සභාව ජනාධිපති ලේකම්වරයාට ලිපියක් යොමු කරමින් දැනුම්දී ඇත.

‘අවමාන තර්ජනය නවත්වනු’ - චීනය ඇමරිකාවට තදින් පවසයි

දෙරට අතර උත්සන්න වන වෙළඳ ආරවුල සංවාදයෙන් විසඳා ගැනීමට අවශ්‍ය නම්, චීනය “අවමාන තර්ජනය කිරීම සහ කප්පම්කරුවෙකු ලෙස හැසිරීම නවත්වන ලෙස” ඇමරිකාවෙන් ඉල්ලා තිබේ.

අමෙරිකාව පැනවූ තීරු බදු වලින් රටවල් 28ක් නිදහස් කරන්නැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉල්ලයි. එහෙත් ශ්‍රී ලංකාව ලයිස්තුවට ඇතුලත් නැහැ

එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇමරිකානු ජනාධිපතිවරයා විසින් පනවා ඇති නව තීරු බදුවලින් ලොව දුප්පත්ම සහ කුඩාම රටවලට නිදහස් කරන ලෙස ඉල්ලා ඇතැයි වාර්තා වේ.

245% ක තීරු බදු පනවන බවට එක්සත් ජනපදයෙන් චීනයට තර්ජන

අප්‍රේල් 15 වනදා නිකුත් කරන ලද ධවල මන්දිර තොරතුරු පත්‍රිකාවකට අනුව, එක්සත් ජනපදයට චීන ආනයන සඳහා 245% දක්වා ඉහළ තීරු බදු පැනවීමට හැකියාව ලැබෙන බව ආර්ථික විද්‍යාඥයෝ පෙන්වා දෙති.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.