News Category
From Date
To Date
Maximum Number of Result

වලපනේ නව විවිධ සේවා සමුපකාර සමිතියට නව අධ්‍යක්ෂ මණ්ඩලයක් පත් කර ගැනීම සඳහා වූ ඡන්ද විමසීමේ ප්‍රතිඵල අනුව, සමිතියේ අධ්‍යක්ෂ තනතුරු හතම දිනා ගැනීමට පොදු විපක්ෂ කණ්ඩායම සමත් වී ඇත.

පාසල් පවත්වන කාල සීමාව දීර්ඝ කිරීම සම්බන්ධයෙන් ගෙනඇති තීරණය වෙනස් කිරීම සඳහා ලබන 07 වන දින දක්වා රජයට කල් ලබාදෙන බව ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය පවසයි.

ගිය අවුරුද්දට වඩා දෙගුණයකින් ළුෑණු පිටරටින් ගෙනා විට දඹුල්ලේ ගොවීන්ගේ ළුෑණු ගොඩගැසෙන බවත්, ළුෑණු මිල වැඩි කිරීම පිළිඉඳව අර්බුදය ආ විට එතැන සිටි සභාපතිවරයා ගැසට්ටුවට අත්සන් නොකර පිටව ගිය බවත් වරුණ රාජපක්ෂ මහතා පවසයි.

අර්තාපල් ලොකුලූණු ප්‍රශ්නය නිරාකරණය කළ යුතුව ඇතැයි කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරැණාරත්න මහතා සඳහන් කරයි.

මේ වසරේ (2025) පළමු මාස හයේ රජයේ මුළු පොලී වියදම සියයට 10.7 කින් ඉහළ ගොස් ඇත.

පසුගිය දා අධ්‍යාපන අමාත්‍යංශය යටතේ පාසල් පෙළ පොත් සමූහයක් සකස් කෙරෙමින් පවතින බවත් ඒවා ළබන ජනවාරි මාසයේ සිට ළමුන්ට පරිහරණය සඳහා නිකුත් කරන බවත් පසුගිය දා වෙබ් අඩවියක තොරතුරු පළ වූ බවත් ප්‍රවීන මාධ්‍යවේදී ධර්ම ශ්‍රී කාරියවසම් මහතා අන්තර්ජාල වීඩියෝවක් නිකුත් කරමින් පවසන අතර, 6 වෙනි ශ්‍රේණියේ සිට 11 වෙනි ශ්‍රේණිය දක්වා වූ සෞඛ්‍ය පෙළපොත් වලට කාන්තා හා පිරිමි සමරිසි, ස්ත්‍රී ලිංගික හා සංක්‍රාන්ති ලිංගික ආදී වශයෙන් LGBTQ කාරණා සමූහයක් අන්තර්ගත කොට ඇති බවටත් එමගින් තොරතුරු හෙළිකර තිබූ බවත් සඳහන් කරයි.

හිටපු අමාත්‍ය මහාචාර්ය ජී.ඵල්. පීරිස්ගේ නිවසට ඊයේ සවස 6.00ට විපක්ෂයේ පක්ෂ නායකයින් ඇතුළු විපක්ෂයේ පක්ෂ නියෝජිතයින් රැසක්ම කැඳවා ඇති බව වාර්තා වේ.

බේරුවල විවිධ සේවා සමුපකාර සමිතියේ අධ්‍යක්ෂකවරයෙකු ලෙස කටයුතු කළ ජාතික ජන බලවේගය හිතවාදියෙකු කලහකාරී දෙස හැසිරී තිබේ.

පිවිතුරු හෙළ උරුමය මාධ්‍ය හමුවේ දී එම පක්ෂ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා මෙසේ අදහස් පල කලේය.


ප්‍රධාන පුවත්

හවුතිවරුන් බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධියේ පාලනය අත්පත් කරගනී..

යේමනයේ හවුති සංවිධානය රතු මුහුදේ පිහිටි වැදගත් අල්-මකා (මෝකා) වරාය නගරය සහ එහි වරායේ පාලනය අත්පත් කරගනිමින්, උපායමාර්ගික බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධිය කෙරෙහි වූ තම පාලනය තවදුරටත් ශක්තිමත් කරගෙන තිබේ.

සමාජයේ වෛරය වැපිරීමට හෝ වෛරය ඇතිවන ප්‍රකාශ කිරීමට කිසිවෙකුට අයිතියක් නෑ..- ජනපති

කිසිදු ප්‍රජාවකට තම සංස්කෘතික අනන්‍යතාව නිසා බියක් හෝ අනාරක්ෂිත භාවයක් ඇති නොවන පරිදි පරිසරය සැකසීම රජයේ ප්‍රමුඛ අරමුණක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයේ නියෝජිතයන් සමග ජනාධිපති කාර්යාලයේ පැවැති හමුවකදී ප්‍රකාශ කරයි.

18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා රුසියානු ජනපති පුටින් ඉන්දියාවේ නවදිල්ලි නුවරට..

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් 18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා ඉන්දියාවේ නවදිල්ලි නුවරට පැමිණ තිබේ.

ආසියානු තරගාවලියට ලංකාවෙන් ජපානයට ලොකු පිරිසක්.. නිලධාරින් විතරක් 82ක් යනවලු..

ජපානයේ නගෝයා නුවරදී පැවැත්වීමට නියමිත 20 වැනි ආසියානු ක්‍රීඩා උළෙල නියෝජනය කිරීම සඳහා ශ්‍රී ලංකාවෙන් 238 දෙනෙකුගෙන් යුත් දැවැන්ත කණ්ඩායමක් සහභාගී කරවීමට පියවර ගෙන ඇත.

එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ (UNHRC) 63 වන සැසිවාරය සඳහා ඉදිරිපත් කර ඇති A/HRC/63/18 දරන වාර්තාව මගින් ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට, ජාතික ආරක්ෂාවට සහ අභ්‍යන්තර කටයුතුවලට අනිසි ලෙස මැදිහත් වීමට උත්සාහ දරන බව පවසමින් ගෝලීය ශ්‍රී ලාංකික සංසදය විසින් ජනාධිපතිවරයාගේ විශේෂ අවධානය පිණිස නිවේදනයක් නිකුත් කර තිබේ.

ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි

ඉරානය සම්බන්ධයෙන් ඇමරිකා එක්සත් ජනපදය විසින් ඉදිරිපත් කරන ලද ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ (IAEA) යෝජනාවකට චීනය බදාදා විරෝධය පළ කළේය.

ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..

අධිකරණයට අපහාස කිරීමේ චෝදනා මත සිරදඬුවම් නියම වී සිටි බොදුබල සේනා සංවිධානයේ ලේකම්, පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ප්‍රදානය කළ පොදුසමාව බලරහිත බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.

නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?

ශ්‍රී ලංකාව ලෝක සිතියමේ පිහිටා ඇති භූගෝලීය ස්ථානය හේතුවෙන් ඉතිහාසය පුරාම විදේශීය බලවතුන්ගේ අවධානයට ලක් වූ රටකි. ඉන්දියන් සාගරය තුළ ශ්‍රී ලංකාවේ පිහිටීම, ප්‍රධාන මුහුදු මාර්ගවලට ඇති ආසන්නත්වය සහ කලාපීය භූදේශපාලනික වැදගත්කම හේතුවෙන් ශ්‍රී ලංකාව පිළිබඳව විවිධ බලවතුන්ගේ උනන්දුව අඛණ්ඩව පැවතී ඇත.

ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..

Axios පුවත් සේවය වාර්තා කරන පරිදි, විදේශයන්ගෙන් භාණ්ඩ ගෙන්වීම සම්පූර්ණයෙන්ම වළක්වන අතිශය දැඩි වෙළෙඳ යුද උපායමාර්ගයකට එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යොමුවෙමින් සිටියි.

ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්

ජර්මනියේ පැවැති ප්‍රාන්ත මැතිවරණයකින් එරට 'ජර්මනිය සඳහා විකල්පය' (AFD) පක්ෂය වාර්තා කළ විශිෂ්ට ජයග්‍රහණය හමුවේ, ජර්මනියේ මෙන්ම සමස්ත යුරෝපයේම දේශපාලන හා ආර්ථික ගමන්මග විශාල වෙනසකට ලක්වෙමින් පවතින බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.