විදුලිබල මණ්ඩලය අහෝසියි.. අද සිට සමාගම් 06ක්..
දශක 5කට ආසන්න ඉතිහාසයක් හිමි ලංකා විදුලිබල මණ්ඩලය ඊයේ මධ්‍යම රාත්‍රියෙන් අහෝසි වූ අතර, ඒ, එම මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණය යටතේ සමාගම් 6 කට බෙදීමේ ක්‍රියාවලිය අද සිට බලාත්මක වීමත් සමගයි.
නව සමාගම් 06න් තුනක් සඳහා ප්‍රධාන විධායක නිලධාරීන් ද මේවන විට පත් කර ඇත.
විදුලි බලයෙන් සසිරිමත් දිවියක් යන දැක්මෙන්, ලංකා විදුලිබල මණ්ඩලය 1969 අංක 17 දරන පාර්ලිමේන්තු පනතින් ස්ථාපනය කරනු ලැබුවේ 1969 වසරේ නොවැම්බර් මස පළමුවැනිදායි.
මෙරට විදුලිබලය උත්පාදනය, සම්ප්‍රේෂනය, බෙදා හැරීම සහ පාරිභෝගිකයින් වෙත එය සැපයීම සඳහා වන සියලු වගකීම් පැවරී තිබුණේ ලංකා විදුලිබල මණ්ඩලයටය.
කෙසේ වෙතත්, 2020 වසරෙන් පසු ඇති වූ ආර්ථික අර්බුදයත් සමග රාජ්‍ය ආයතනවල අධික ණය හා අලාභයට විසඳුමක් ලෙස ලංකා විදුලිබල මණ්ඩලය ඇතුළු ආයත රැසක් ප්‍රතිව්‍යුහගතකරණය කළ යුතු බවට ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ද නිර්දේශ කර තිබිණි.
ඒ අනුව 2024 අංක 36 දරන ශ්‍රී ලංකා විදුලිබල පනත ඒ සඳහා ඉදිරිපත් කෙරුණු අතර ඊට පාර්ශ්ව රැසකගේ විරෝධය ද එල්ල වූ අතර, කෙසේ වෙතත් විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය අඛණ්ඩව සිදු විය. ඒ අනුව එය සමාගම් 06කට බෙදීමට අදාළ ගැසට් පත්‍රය නිකුත් විය.
මේ යටතේ විදුලිබල උත්පාදනය, සම්ප්‍රේෂණය, බෙදාහැරීම සහ පද්ධති මෙහෙයුම් සඳහා අනුප්‍රාප්තික සමාගම් හයක් පිහිටුවීමටයි එම ගැසට් නිවේදනය මගින් විධිවිධාන සපයා ඇත්තේ. ඒ සඳහා සභාපතිවරුන් සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් පත් කිරීම ද පසුගියදා සිදුවිය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..
ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි
ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..
නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?
ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..
ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
සරල ගිවිසුම් අත්සන් කරන්න ඉන්දීය ආරක්ෂක ඇමැති එන්නේ නෑ.. සැබෑ ගිවිසුම් වහා රටට හෙළිකරනු! - පුබුදු ජයගොඩ
"ඉන්දියාවේ ආරක්ෂක අභිමතයන්ට විරුද්ධ කිසිදු ක්‍රියාකාරකමකට ශ්‍රී ලංකා භූමිය කිසිවිටෙකත් භාවිතා කිරීමට ඉඩක් නෑ" - ජනපති අනුර ඉන්දීය ආරක්ෂක ඇමති හමුවේ පැවසු බවට එරට ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්..
ඉන්දු - ශ්‍රී ලංකා ගිවිසුම් තුනකට අත්සන් තබයි..
පර්සියානු බොක්කේ නෞකා රැසකට ඉරානයෙන් ප්‍රහාර..
අධිකරණයට බලපෑම්.. දේශපාලන පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම්.. ශ්‍රී ලංකාවට වහා මැදිහත් වන්න..- මිලින්ද රාජපක්‍ෂ ජිනීවා අමතමින් කියයි
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..
ආණ්ඩුවේ නායකයින් ගනුදෙනුකරුවන් සතුටු කිරීම සඳහා ඕනෑම දෙයක් කරන අසරණ වෛශ්‍යාවන් ලෙස කටයුතු කරනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා..
ලොවක් සුවපත් කරන කියුබාවේ වෛද්‍ය ජාත්‍යන්තරවාදය, අනතුරේ!
කළුතර ප්‍රා. සභාවේ පන්සිල්, ජාතික ගීය සහ රණවිරු සැමරුම් තහනම්.. - නියෝගය කොමසාරිස්ගෙන්..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ 63 වන සැසිය ඇරඹේ.. - මෙරට ගැන වාර්තාවක් අද..