News Category
From Date
To Date
Maximum Number of Result

සැමියා සහ පුත්‍රයා මත්ද්‍රව්‍ය චෝදනාවට ලක්වීමේ සිදුවීමට අදාළ පෑලියගොඩ නගර සභාවේ ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරිය සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

13වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන්ම බලාත්මක කිරීම තම අපේක්ෂාව බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

මන්නාරම දිස්ත්‍රික්කයේ සුළං විදුලි බලාගාර ඉදිකිරීම් නවතා දමන ලෙස හා මන්නාරම දූපත ආශ්‍රිතව ඛනිජ වැලි කැනීම් වෙනුවෙන් අවසර නොදෙන ලෙස ඉල්ලා පවත්වන විරෝධතාවය තවදුරටත් අඛණ්ඩව සිදු කිරීමට මන්නාරම දිස්ත්‍රික් සිවිල් සංවිධාන එකමුතුව තීරණය කර තිබේ.

වෙනිසියුලාව සහ චීනය අවම වශයෙන් වෙනිසියුලානු නිෂ්පාදන 400 ක් ආවරණය වන පරිදි තීරුබදු රහිත වෙළඳ ගිවිසුමක් සඳහා සාකච්ඡා ඉදිරියට ගෙන යන බව වෙනිසියුලානු විදේශ වෙළඳ අමාත්‍යාංශය එක්ස්පෝ ෂැංහයි 2025 හිදී නිවේදනය කළේය.

අනුරාධපුරය ප්‍රදේශයේදී හෙරොයින් සමග අත්අඩංගුවට ගත් විදුහල්පතිවරයාගේ බිරිඳ වන ජාතික ජනබලවේගයේ පෑලියගොඩ නාගරික මන්ත්‍රී දිස්නා නෙරංජලා මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම අපරාධකරුවකු වන කොස්ගොඩ සුජීගේ ඥාතිවරියක බව පොලීසිය පවසයි.

රුසියානු හමුදා විසින් වට කර ඇති කුපියන්ස්ක් සහ ක්‍රස්නෝආර්මේස්ක් නගරවල බරපතල පරාජයක් සම්බන්ධයෙන් යුක්රේන අණ දෙන නිලධාරීන් චකිත වී ඇති බව මාධ්‍ය වාර්තා පවසයි.

මම අද අරගෙන ආවේ ලංකාවේ හැම ගෙදරකම, හැම phone එකකම, මේ මොහොතේ සිද්ධ වෙන, ඒත් අපි ගොඩක් දෙනෙක් තාමත් හරියටම දන්නේ නැති, අතිශය භයානක, ඒ වගේම අපේ ඇස් ඇරවන සුළු අනතුරු ඇඟවීමක් ගැන කතා කරන්න.

කුරුණෑගල මහාධිකරණය විසින් හිටපු නාවික බුද්ධි අධ්‍යක්ෂ රියර් අද්මිරාල් (විශ්‍රාමික) සරත් මොහොට්ටි විසින් ඇප ඉල්ලා ඉදිරිපත් කරන ලද අභියාචනය සම්බන්ධයෙන් සඳුදා (10) සිය තීන්දුව ප්‍රකාශයට පත්කරනු ඇති බව වාර්තා වේ.

පාස්කු දා ප්‍රහාරය මෙහෙයවූ බවට චෝදනා ලබා තිබෙන සහරාන් ඇතුළු අන්තවාදී කල්ලිය අවි ආයුධ පුහුණුව ලැබූ බවට පරීක්ෂණ වලින් හඳුනාගෙන තිබූ මඩකලපුව කාත්තන්කුඩි, පාලමුණේ, ප්‍රදේශයේ ඉඩමට යාබද ස්ථානයක ගැඹුරු කැනීමක් කර තිබියදී ඉකුත් දා සොයාගත් බව කාත්තන්කුඩි පොලිසය පවසයි.


ප්‍රධාන පුවත්

හවුතිවරුන් බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධියේ පාලනය අත්පත් කරගනී..

යේමනයේ හවුති සංවිධානය රතු මුහුදේ පිහිටි වැදගත් අල්-මකා (මෝකා) වරාය නගරය සහ එහි වරායේ පාලනය අත්පත් කරගනිමින්, උපායමාර්ගික බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධිය කෙරෙහි වූ තම පාලනය තවදුරටත් ශක්තිමත් කරගෙන තිබේ.

සමාජයේ වෛරය වැපිරීමට හෝ වෛරය ඇතිවන ප්‍රකාශ කිරීමට කිසිවෙකුට අයිතියක් නෑ..- ජනපති

කිසිදු ප්‍රජාවකට තම සංස්කෘතික අනන්‍යතාව නිසා බියක් හෝ අනාරක්ෂිත භාවයක් ඇති නොවන පරිදි පරිසරය සැකසීම රජයේ ප්‍රමුඛ අරමුණක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයේ නියෝජිතයන් සමග ජනාධිපති කාර්යාලයේ පැවැති හමුවකදී ප්‍රකාශ කරයි.

18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා රුසියානු ජනපති පුටින් ඉන්දියාවේ නවදිල්ලි නුවරට..

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් 18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා ඉන්දියාවේ නවදිල්ලි නුවරට පැමිණ තිබේ.

ආසියානු තරගාවලියට ලංකාවෙන් ජපානයට ලොකු පිරිසක්.. නිලධාරින් විතරක් 82ක් යනවලු..

ජපානයේ නගෝයා නුවරදී පැවැත්වීමට නියමිත 20 වැනි ආසියානු ක්‍රීඩා උළෙල නියෝජනය කිරීම සඳහා ශ්‍රී ලංකාවෙන් 238 දෙනෙකුගෙන් යුත් දැවැන්ත කණ්ඩායමක් සහභාගී කරවීමට පියවර ගෙන ඇත.

එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ (UNHRC) 63 වන සැසිවාරය සඳහා ඉදිරිපත් කර ඇති A/HRC/63/18 දරන වාර්තාව මගින් ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට, ජාතික ආරක්ෂාවට සහ අභ්‍යන්තර කටයුතුවලට අනිසි ලෙස මැදිහත් වීමට උත්සාහ දරන බව පවසමින් ගෝලීය ශ්‍රී ලාංකික සංසදය විසින් ජනාධිපතිවරයාගේ විශේෂ අවධානය පිණිස නිවේදනයක් නිකුත් කර තිබේ.

ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි

ඉරානය සම්බන්ධයෙන් ඇමරිකා එක්සත් ජනපදය විසින් ඉදිරිපත් කරන ලද ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ (IAEA) යෝජනාවකට චීනය බදාදා විරෝධය පළ කළේය.

ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..

අධිකරණයට අපහාස කිරීමේ චෝදනා මත සිරදඬුවම් නියම වී සිටි බොදුබල සේනා සංවිධානයේ ලේකම්, පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ප්‍රදානය කළ පොදුසමාව බලරහිත බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.

නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?

ශ්‍රී ලංකාව ලෝක සිතියමේ පිහිටා ඇති භූගෝලීය ස්ථානය හේතුවෙන් ඉතිහාසය පුරාම විදේශීය බලවතුන්ගේ අවධානයට ලක් වූ රටකි. ඉන්දියන් සාගරය තුළ ශ්‍රී ලංකාවේ පිහිටීම, ප්‍රධාන මුහුදු මාර්ගවලට ඇති ආසන්නත්වය සහ කලාපීය භූදේශපාලනික වැදගත්කම හේතුවෙන් ශ්‍රී ලංකාව පිළිබඳව විවිධ බලවතුන්ගේ උනන්දුව අඛණ්ඩව පැවතී ඇත.

ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..

Axios පුවත් සේවය වාර්තා කරන පරිදි, විදේශයන්ගෙන් භාණ්ඩ ගෙන්වීම සම්පූර්ණයෙන්ම වළක්වන අතිශය දැඩි වෙළෙඳ යුද උපායමාර්ගයකට එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යොමුවෙමින් සිටියි.

ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්

ජර්මනියේ පැවැති ප්‍රාන්ත මැතිවරණයකින් එරට 'ජර්මනිය සඳහා විකල්පය' (AFD) පක්ෂය වාර්තා කළ විශිෂ්ට ජයග්‍රහණය හමුවේ, ජර්මනියේ මෙන්ම සමස්ත යුරෝපයේම දේශපාලන හා ආර්ථික ගමන්මග විශාල වෙනසකට ලක්වෙමින් පවතින බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.