ජනාධිපති අනුරට රට හුණ්ඩුවක් සේ පෙනෙන්නේ ඔහුගේ පෞද්ගලික දුර්වලතා නිසා - උදය ගම්මන්පිල
ජනාධිපති අනුර දිසානායකට සිය රට හුණ්ඩුවක් සේ පෙනෙන්නේ ඔහුගේ පෞද්ගලික දුර්වලතා නිසා බව පිවිතුරු හෙළ උරුමයේ නායක, හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.
ජනාධිපතිවරයා ජාත්‍යන්තර සමුළුවලට ගිය අවස්ථාවල රාජ්‍ය නායකයෙකු ලෙස කිසිවෙකු ගණන් නොගන්නා බවත් ඊට හේතුව ඔහු එම සමුළුවල පෙන්වන ප්‍රකාශන හැකියාව, දැනුම සහ පෞර්ෂත්වය පිළිබඳ ගැටලුවක් බවද හෙතෙම ප්‍රකාශ කරයි.
එහෙත් එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක, ෆීලික්ස් ඩයස්, සිරිමා බණ්ඩාරනායක, ජේ.ආර්. ජයවර්ධන, ලක්ෂ්මන් කදිරගාමර්, මහින්ද රාජපක්ෂ රනිල් වික්‍රමසිංහ වැනි නායකයන් සන්නිවේදන හැකියාව, පෞර්ෂත්වය සහ පුද්ගල සබඳතා ඔස්සේ ජාත්‍යන්තරය තුළ ඉතා ඉහළින් කැපී පෙනුණු බවත් ඔහු පෙන්වා දෙයි.
එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් රටවල් 193 අතර මානව සංවර්ධන දත්ත අනුව ලංකාව 78 වන ස්ථානයේද විශාලත්වය අනුව ලොව රටවල් 197 අතර ලංකාව 120 වැනි ස්ථානයේද ජනතාවගේ ක්‍රය ශක්ති දර්ශකය අනුව ලංකාව 111 වන ස්ථානයේද පසුවන නිසා රට හුණ්ඩුවක් ලෙස හැඳින්විය නොහැකි බවද ගම්මන්පිල ප්‍රකාශ කරයි.
කෙසේ වුවද අනුර දිසානායක ජනාධිපතිවරයා රට හුණ්ඩුවක් යැයි කීවේ අවංකවම බවත් ඒ ඔහුගේ පෞර්ෂය පිළිබඳ ගැටලුවක් මිස රටේ ගැටලුවක් නිසා නොවන බවත් ඔහු සඳහන් කරයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..
ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි
ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..
නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?
ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..
ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
සරල ගිවිසුම් අත්සන් කරන්න ඉන්දීය ආරක්ෂක ඇමැති එන්නේ නෑ.. සැබෑ ගිවිසුම් වහා රටට හෙළිකරනු! - පුබුදු ජයගොඩ
"ඉන්දියාවේ ආරක්ෂක අභිමතයන්ට විරුද්ධ කිසිදු ක්‍රියාකාරකමකට ශ්‍රී ලංකා භූමිය කිසිවිටෙකත් භාවිතා කිරීමට ඉඩක් නෑ" - ජනපති අනුර ඉන්දීය ආරක්ෂක ඇමති හමුවේ පැවසු බවට එරට ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්..
ඉන්දු - ශ්‍රී ලංකා ගිවිසුම් තුනකට අත්සන් තබයි..
පර්සියානු බොක්කේ නෞකා රැසකට ඉරානයෙන් ප්‍රහාර..
අධිකරණයට බලපෑම්.. දේශපාලන පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම්.. ශ්‍රී ලංකාවට වහා මැදිහත් වන්න..- මිලින්ද රාජපක්‍ෂ ජිනීවා අමතමින් කියයි
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..
ආණ්ඩුවේ නායකයින් ගනුදෙනුකරුවන් සතුටු කිරීම සඳහා ඕනෑම දෙයක් කරන අසරණ වෛශ්‍යාවන් ලෙස කටයුතු කරනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා..
ලොවක් සුවපත් කරන කියුබාවේ වෛද්‍ය ජාත්‍යන්තරවාදය, අනතුරේ!
කළුතර ප්‍රා. සභාවේ පන්සිල්, ජාතික ගීය සහ රණවිරු සැමරුම් තහනම්.. - නියෝගය කොමසාරිස්ගෙන්..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ 63 වන සැසිය ඇරඹේ.. - මෙරට ගැන වාර්තාවක් අද..