News Category
From Date
To Date
Maximum Number of Result

දිවයිනේ සියලු බන්ධනාගාර ප්‍රධානීන් කොළඹට කැඳවා විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ.

ඉරානයට එල්ල වූ අමෙරිකානු ප්‍රහාරයෙන් පසු අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගත් තීරණයට එරෙහිව ලොව පුරා නගරවල විරෝධතාකරුවන් වීථි බැස ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

මාතලේ මහ නගර සභාවේ නගරාධිපති ලෙස ජාතික ජන බලවේගය නියෝජනය කළ අශෝක කොට්ටහච්චි මහතා තේරී පත්ව තිබේ.

එදිනෙදා ජීවිතයේ දී ආහාර සඳහාවත් ප්‍රමාණවත් මුදලක් උපයා ගැනීමටවත්, දරුවන්ට අධ්‍යාපනය ලබා දීමටවත් නොහැකි තත්ත්වයකට වර්තමානයේ සුළු පාරිමාණ ව්‍යාපාරිකයන් පත්වී ඇති බවට එම ව්‍යාපාරිකයන් මැසිවිලි නගති.

මැදපෙරදිග ගැටුම් හේතුවෙන් විදේශයන්හි සංචාරය කරන හෝ ජීවත්වන අමෙරිකානුවන්ගේ ආරක්ෂාව දැඩිව අවදානමකට ලක්විය හැකි බවට එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව "ලොව පුරා අනතුරු ඇඟවීමක්" නිකුත් කර තිබේ.

සිරියාවේ දමස්කස් හි පල්ලියකට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයින් 22 දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මැද පෙරදිගට කලාපයට කොන්දේසි විරහිතව සටන් විරාමයකට යොමු වන ලෙස ඉල්ලා රුසියාව, චීනය සහ පකිස්තානය විසින් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කර තිබේ.

මේ වනවිට ඊශ්‍රායලයේ පවතින තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාව බලා ගමන් කිරීමට අපේක්ෂිත පිරිස වෙනුවෙන් ඉන්දියන් ගුවන් සමගම මගින් ක්‍රියාත්මක කරන ජෝර්දානයේ අම්මාන් සිට ඉන්දියාවේ නවදිල්ලිය දක්වා පියාසර කරන ගුවන් යානාවල ආසන කීපයක් ලබාදීමට ඉන්දියානු රජය එකඟ වී තිබේ.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වොල්කර් ටර්ක් මහතා අද (23) මෙරටට පැමිණීමට නියමිත ව තිබේ.


ප්‍රධාන පුවත්

සලේ විශේෂඥ වෛද්‍ය මණ්ඩලයකට යොමු කිරීමට අධිකරණයෙන් නියෝග..

රඳවාගෙන ප්‍රශ්න කෙරෙන රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතා අත්අඩංගුවේදී වද හිංසාවලට භාජනය වී තිබේ දැයි පරීක්ෂා කර බලා වාර්තාවක් ඉදිරිපත් කිරීම සඳහා කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් පංච පුද්ගල විශේෂඥ මානසික අධිකරණ වෛද්‍ය මණ්ඩලයක් පත්කර ඇත.

සුරේෂ් සලේ වදකාගාරයක දමා මරා දැමීමට හැදූ කුමන්ත්‍රණය සත්‍යග්‍රහය නිසා වැළකුණා.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී මේජර් ජනරාල් සුරේෂ් සලේ මහතා වදකාගාරයක් තුළ මියයන තත්ත්වයට හෝ සියදිවි නසාගන්නා තත්ත්වයට පත් කිරීමට උත්සාහ කළ බවත්, එහෙත් ඔහු වෙනුවෙන් ක්‍රියාත්මක වූ සත්‍යග්‍රහය නිසා එම උත්සාහය ව්‍යර්ථ වූ බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

කතෝලික සභාව දැන් හත්පොළේ ගාගෙන ඉවරයි.. බුද්ධි තොරතුරු කළින් ලැබිලත් ශානිලා රවිලා මොනවද කළේ - '2019 අප්‍රේල් 21 මීගමුව යුක්තියට පදනම' සන්ධානයෙන් චෝදනා

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් 2015.08.27 දින සිට බුද්ධි තොරතුරු 200ක් පමණ ලබාදී ඇති බවත්, එහෙත් ශානි අබේසේකරලා රවි සෙනෙවිරත්නලා මෙම ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකළ බවත් '2019 අප්‍රේල් 21 මීගමුව යුක්තියට පදනම' සන්ධානයේ ප්‍රසංග ප්‍රනාන්දු මහතා පවසයි.

අනාථ වී සිටින ආණ්ඩුව පාස්කු ප්‍රහාර සිද්ධියෙන් ගන්නේ වෙන ආතල් එකක්.. කළුපටි පැළඳගෙන, ලෝගු දමාගෙන පියතුමන්ලා දේශපාලනය කරන්න එපා.. - මීගමුව යුක්තියට පදනම සන්ධානය

පාස්කු ප්‍රහාරය සිදුවී වසර 7ක් ගතවී ඇති බවත්, කාලයෙන් කාලයට මෙම පාස්කු ප්‍රහාරය දේශපාලන පන්දුවක් බවට පත්වන බවත් '2019 අප්‍රේල් 21 මීගමුව යුක්තියට පදනම' සන්ධානයේ නෙක්ස්ටා ප්‍රනාන්දු මහතා පවසයි.

මාලිමාණ්ඩුවට පාරාවළල්ලක් විය හැකි සුරේෂ් සලේ.. - ප්‍රවීන මාධ්‍යවේදී ධර්ම ශ්‍රී කාරියවසම්ගෙන් අනාවරණයක්..

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී මේජර් ජෙනරල් සුරේෂ් සලේ මහතා හදිසි ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති පසුබිමක තමාට අමානුෂික වදහිංසා සිදුකරන බවට පවසමින් ඒ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තුළම ආහාර වර්ජනය කරමින් ආරම්භ කළ උපවාසය ද ඔහු විසින් අත්නොහැර ඇති බවත් වාර්තා වේ.

අපනයන ආදායම් රුපියල්වලට හැරවීමේ නව රීතියක්..

අපනයන ඉපැයීම් ශ්‍රී ලංකාවට ගෙන ඒමේ රීති මාලාව තවදුරටත් සංශෝධනය කරමින් ශ්‍රී ලංකා මහ බැංකු අධිපති සහ පාලක මණ්ඩලයේ සභාපති පී. නන්දලාල් වීරසිංහ මහතා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් (අංක 2492/10) නිකුත් කර තිබේ.

සුරේෂ් සලේ වෙනුවෙන් ඇරඹි සත්‍යග්‍රහය දෙවන දිනටත්.. රණවිරුවන්, දේශපාලනඥයන් සහ සිවිල් සංවිධාන සලේ වෙනුවෙන් පෙරට..

හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ නීති විරෝධීව රඳවාගෙන වධ හිංසා පැමිණවීමට එරෙහි විරෝධතාව සහ සත්‍යග්‍රහය දෙවන දිනටත් අද දිනයේ ක්‍රියාත්මක වේ.

සුරේෂ් සලේට අමානුෂික ලෙස සැලකීම ව්‍යවස්ථා විරෝධියි.. - එජාපයෙන් නිවේදනයක්

රාජ්‍ය බුද්ධි අංශයේ හිටපු ප්‍රධානී මේජර් ජනරාල් සුරේෂ් සලේ අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීමේදී ඔහුට අමානුෂික අන්දමින් සලකා ඇති බව පවසමින් එක්සත් ජාතික පක්ෂය (එජාප) විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.

රටේ ආර්ථික අර්බුදයේ ඇත්තම කතාව වෛද්‍ය වසන්ත බණ්ඩාර හෙළිකරයි..

විපක්ෂය ද ලණු දී ආණ්ඩුවට යන ගමන යන්නට ඉඩදී බලා සිටින බවත්, සියල්ල අවුල් කරගන්නා තැනට පත්වන තෙක් ඔවුන්ද බලාසිටින බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

එක් නඩුවකින් සරණ ගුණවර්ධනට බරපතල වැඩ සහිත වසර 04 ක සිර දඬුවම්..

අල්ලස් කොමිසම විසින් ඉදිරිපත් කර තිබූ දූෂණ චෝදනා වලට වරදකරු කළ සරණ ගුණවර්ධනට එක් නඩුවකින් බරපතල වැඩ සහිත වසර 04 ක සිර දඬුවමක් කොළඹ මහාධිකරණය විසින් නියම කළේය.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.