News Category
From Date
To Date
Maximum Number of Result

අධිකරණ තීන්දු පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ පුද්ගලයන් සහ යූ ටියුබ්කරුවන් විසින් මෑතකදී පළකරන ලද අදහස් සහ අනාවැකි පිළිබඳව ශ්‍රී ලංකා නීතිඥ සංගමය කනස්සල්ල පළකර ඇති අතර, එවැනි ක්‍රියා නීතියේ ආධිපත්‍යය සහ අධිකරණ පද්ධතිය කෙරෙහි මහජන විශ්වාසය අඩපණ කරන බවට අනතුරු අඟවයි.

රාජ්‍ය මුදල් අවභාවිත කිරීමේ සිද්ධියකට අදාළව පොදු දේපළ පනත යටතේ වන චෝදනා මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි නඩුව අද (26) කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ යළි කැඳවීමට නියමිතය.

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත් කෙටුම්පතට එරෙහිව ඉදිරිපත් කළ පෙත්සම් විභාගය අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය එහි ව්‍යවස්ථානුකූලභාවය පිළිබඳ සිය රහසිගත නිගමනය පාර්ලිමේන්තුවේ කථානායකවරයා වෙත යොමු කරන බව නිවේදනය කර ඇත.

පසුගිය 15 වනදා ඇලස්කාවේ නැංගූරම්පලේදී රුසියානු ජනපති ව්ලැදිමිර් පුටින් සහ අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර සිදුවූ හමුවෙන් පසුව පසුගිය 18 වනදා යුක්රේන ජනපති සෙලෙන්ස්කි සහ යුරෝපා සංගමයේ නායකයන් අමෙරිකානු ජනපතිවරයා වොෂින්ටනයේදී හමුවිය. එම සිද්ධි දාමය සම්බන්ධයෙන් රුසියානු විදේශ අමාත්‍යවරයා පසුගිය 19 වනදා සමඟ කළ සම්මුඛ සාකච්ඡාවක් රුසියානු විදේශ අමාත්‍යාංශයේ වෙබ් අඩවියේ පලවිය. එය ඉතා කාලෝචිත සාකච්ඡාවක් බැවින් ලංකා ලීඩර් පාඨකයාගේ පරිශීලනය සඳහා මෙසේ පල කරමු.

පසුගිය 15 වනදා ඇලස්කාවේ නැංගූරම්පලේදී රුසියානු ජනපති ව්ලැදිමිර් පුටින් සහ අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර සිදුවූ හමුවෙන් පසුව පසුගිය 18 වනදා යුක්රේන ජනපති සෙලෙන්ස්කි සහ යුරෝපා සංගමයේ නායකයන් අමෙරිකානු ජනපතිවරයා වොෂින්ටනයේදී හමුවිය. එම සිද්ධි දාමය සම්බන්ධයෙන් රුසියානු විදේශ අමාත්‍යවරයා පසුගිය 19 වනදා සමඟ කළ සම්මුඛ සාකච්ඡාවක් රුසියානු විදේශ අමාත්‍යාංශයේ වෙබ් අඩවියේ පලවිය. එය ඉතා කාලෝචිත සාකච්ඡාවක් බැවින් ලංකා ලීඩර් පාඨකයාගේ පරිශීලනය සඳහා මෙසේ පල කරමු.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ තත්ත්වය යම්තාක් දුරට සතුටුදායක මට්ටමකට පැමිණ ඇති බව කොළඹ ජාතික රෝහලේ වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රදීප් විජේසිංහ පවසයි.

යුක්‍රේන ජනාධිපති වොලොද්මියර් සෙලෙන්ස්කි , යුක්‍රේන නිදහස් දිනය වෙනුවෙන් සුබ පැතුම් පණිවිඩයක් යැවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායකට සිය ස්තූතිය පළ කර තිබෙනවා.

විපක්ෂයේ දේශපාලන පක්ෂ නායකයින් එක්ව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ඒකාබද්ධ නි‍වේදනයක් නිකුත් කර තිබේ.

විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ හිමිකම් අවලංගු කිරීම සඳහා රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන පනත් කෙටුම්පතේ වගන්ති වලින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනයවන බවත් එය සම්මත කිරීමට අවශ්‍ය නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයෙන් අනුමත වී ජනමත විචාරණයකින්ද අනුමත වියයුතු බවටත් තීන්දුවක් ලබාදන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන පෙත්සම් විභාග කිරීම අද (25) පෙරවරුවේ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ආරම්භ විය.


ප්‍රධාන පුවත්

කළු මුහුදේ බලය තහවුරු කරගනිමින් රුසියාවෙන් දැවැන්ත මෙහෙයුමක්: යුක්රේන යුද්ධය අවසාන අදියරට

පසුගිය මාස කිහිපය පුරා රුසියානු හමුදා දියත් කළ දැවැන්ත හමුදා මෙහෙයුම් හමුවේ යුක්රේන යුද්ධය ඉතා තීරණාත්මක මෙන්ම අවසාන අදියරකට එළඹෙමින් පවතින බව විදෙස් වාර්තා සඳහන් කරයි.

ජනපති මන්දිරවල පිටස්තරයින් 3000කට වැඩිය නවාතැන් අරන්.. - විගණන කාර්යාලයෙන් අනාවරණයක්

2025 වර්ෂයේදී රටපුරා ඇති ජනපති මන්දිරවල ජනාධිපතිවරයා නවාතැන් නොගත්ත ද ඉන් බොහෝමයක විවිධ පුද්ගලයන් 3,089 දෙනෙකු නවාතැන් ගෙන ඇති බව ජාතික විගණන කාර්යාලය පවසයි.

"ශ්‍රී ලංකාව සැමවිටම අපගේ හදවත් තුළයි" – චීන තානාපති චී ෂෙන්හොං වසර 6ක සේවයෙන් පසු සමුගනියි..

වසර හයකට අධික කාලයක් ශ්‍රී ලංකාවේ චීන තානාපතිවරයා ලෙස සේවය කළ චී ෂෙන්හොං (Qi Zhenhong) මහතා සිය රාජ්‍ය තාන්ත්‍රික සේවා කාලය අවසන් කරමින් ශ්‍රී ලාංකික ජනතාව වෙත විශේෂ සමුගැනීමේ පණිවිඩයක් නිකුත් කර තිබේ.

"ගොවි පුත්තු ටික ගමට එනකම් ගොවියො බලාගෙන ඉන්නේ".. - ජයන්ත සමරවීර

වත්මන් ආණ්ඩුව මේ වන විට හතර වරිගයටම එපා වී ඇති බවත්, එම හතර වරිගයටම එපා වූ බවට ජීවමාන සාක්ෂිය වන්නේ මේ රටේ ගොබි ජනතාව බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා පවසයි.

පාර්ලිමේන්තු වරප්‍රසාද පිටුපස හැංගෙන්නේ නැතුව ඕන නම් එළියෙදි කියන්න.. – නීතිඥ සංගමයේ සභාපති ගැන කළ ප්‍රකාශයට මන්ත්‍රී අසිත නිරෝෂණට අභියෝගයක්

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ (BASL) සභාපති නීතිඥ රජීව් අමරසූරියට එරෙහිව ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අසිත නිරෝෂණ එගොඩවිතාන විසින් ඊයේ (24) පාර්ලිමේන්තුවේදී සිදුකරන ලද ප්‍රකාශයන් සම්පූර්ණයෙන්ම අසත්‍ය, පදනම් විරහිත සහ ද්වේෂසහගත බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය නිවේදනය කරයි.

විනිසුරු විශ්‍රාම වයස වැඩි කිරීම: 'ගොඩගැසුණු නඩු ඉවර කිරීම අරමුණ නම් මුර්දු ප්‍රනාන්දු සිටියදී නොගෙනාවේ ඇයි?' - ආචාර්ය නිහාල් ජයවික්‍රම ප්‍රශ්න කරයි!

උපරිමාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස් සීමාව දීර්ඝ කිරීමට රජය ගෙන ඇති යෝජනාව සහ අධිකරණයේ ස්වාධීනත්වයට එල්ල වී ඇති බව කියන බලපෑම පිළිබඳව විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය (CPA) විසින් සංවිධානය කරන ලද විශේෂ සම්මන්ත්‍රණයකදී මෙරට ප්‍රමුඛ පෙළේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විශාරදයින් සහ නීතිඥයින් විසින් අදහස් දක්වා තිබේ.

ට්‍රම්ප්ට වෙලා තියෙන්නේ "ගෙදර ගියොත් අඹු නසී මග සිටියොත් තෝ නසී" වගේ වැඩක්.. - ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ

යූටියුබ් නාලිකාවක් සමඟ පැවැති සාකච්ඡාවකට එක්වෙමින් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා ප්‍රකාශ කළේ ඇමරිකානු දේශපාලනය තුළ ඩොනල්ඩ් ට්‍රම්ප් මේ වන විට දැඩි අර්බුදකාරී තත්ත්වයකට මුහුණ දී සිටින බවයි.

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 60කට අමෙරිකාවෙන් නව බද්දක්..

ශ්‍රී ලංකාව ඇතුළු වෙළෙඳ හවුල්කාර රටවල් 60ක් සඳහා අද (24) සිට ක්‍රියාත්මක වන පරිදි 10%ක් සහ 12.5%ක් වන පරිදි නව ආනයන බදු පැනවීමට ට්‍රම්ප් පරිපාලනය තීරණය කර තිබේ.

ආණ්ඩුව මෙරට අධිකරණය සිරගතකර තමන් භාරයට අරගෙන.. - විමල්ගෙන් චෝදනා..

ආණ්ඩුව මෙරට අධිකරණය සිරගතකර තමන් භාරයට ගෙන ඇති බවත්, අධිකරණ පද්ධතිය ආණ්ඩුවෙන් නිදහස් කරගැනීම සියළු මත දරන සියල්ලන්ගේ පොදු වුවමනාවක් බවට පත්ව ඇති බවත් ජානිපෙ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.