News Category
From Date
To Date
Maximum Number of Result

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

නිල වාර්තා ව්‍යාජ ලෙස සකස් කිරීම, නිල විදේශ ගමන් බලපත්‍රයක් නීති විරෝධී ලෙස සන්තකයේ තබා ගැනීම සහ පුරවැසිභාවය වැරදි ලෙස නිරූපණය කිරීම ඇතුළු අවිවාදයෙන් තොරව ඔප්පු වන ලේඛනගත චෝදනා මාලාවක් හේතුවෙන් මහජන විශ්වාසය සහ වගවීම බරපතල ලෙස කඩ කිරීමක් හෙළිදරව් වන තත්වයක දී, පාර්ලිමේන්තුවේ උසස් තනතුර සඳහා වන කාරක සභාව දෙවන වරටත් H.M.V.B. විජිත හේරත්ගේ නාමයෝජනා අත්හිටුවා තිබේ.

විපක්ෂයට සම්බන්ධ ගල් අඟුරු සමාගමේ සභාපතිවරයා සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් ආරම්භ කළ යුතු බවත්, තනතුරෙන් ඉල්ලා අස්වීමෙන් පමණක් ඔහු වගකීමෙන් නිදහස් කළ නොහැකි බවත්, පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ (පෙසප ) අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ පැවසීය

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින,එක්සත් ජාතික පක්ෂයේ නායක, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සම්බන්ධව ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සහ ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා විපක්ෂයේ පක්ෂ නායකයින්ගේ විශේෂ රැස්වීමක් අද දහවල් 12.00ට මල්පාරේ පිහිටි කාර්යාලයේදී පැවැත්වීමට නියමිත බව වාර්තාවනවා.

නයිජර් හමුදාවේ සොල්දාදුවන් බොකෝ හරාම් ජිහාඩ් කණ්ඩායමේ නායකයෙකු ඝාතනය කර ඇති බව බටහිර අප්‍රිකානු රටක් වන නයිජර් රාජ්‍යයේ හමුදාව පසුගිය 21 වනදා නිවේදනය කළේය.

ඊයේ(22) කැරකාස්හි ෆෙඩරල් ව්‍යවස්ථාදායක මාලිගයේ ඉලිප්ටිකල් ශාලාවේ පැවති "වෙනිසියුලාවේ, ලතින් ඇමරිකාවේ සහ කැරිබියන් දූපත්වල ස්වෛරීභාවය සහ සාමය ආරක්ෂා කිරීමේ පනත" ඉදිරිපත් කරන අතරතුර වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මධුරෝ මොරොස් ඔහුගේ දැඩි ස්ථාවරය එලි දැක්වීය.

කෝට්ටේ මහනගර සභාවේ හිටපු නගරාධිපති ජනක රණවක මහතා කොළඹදී පැවැති මාධ්‍ය හමුවක් අමතමින් , කෝට්ටේ මහනගර සභාවේ කසල කළමනාකරණය සඳහා වූ පළමු බිල්පතින් රුපියල් ලක්ෂ සියයක වංචාවක් සිදුවී ඇති බව අනාවරණය කළේය.

කොළඹ කොටුව මහේස්ත්‍රාත් නිලුපුලි ලංකාපුර මහත්මිය විසින් ඊයේ (22) අගෝස්තු 26 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලද හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බන්ධනාගාර රෝහලට ඇතුළත් කර තිබේ.


ප්‍රධාන පුවත්

කළු මුහුදේ බලය තහවුරු කරගනිමින් රුසියාවෙන් දැවැන්ත මෙහෙයුමක්: යුක්රේන යුද්ධය අවසාන අදියරට

පසුගිය මාස කිහිපය පුරා රුසියානු හමුදා දියත් කළ දැවැන්ත හමුදා මෙහෙයුම් හමුවේ යුක්රේන යුද්ධය ඉතා තීරණාත්මක මෙන්ම අවසාන අදියරකට එළඹෙමින් පවතින බව විදෙස් වාර්තා සඳහන් කරයි.

ජනපති මන්දිරවල පිටස්තරයින් 3000කට වැඩිය නවාතැන් අරන්.. - විගණන කාර්යාලයෙන් අනාවරණයක්

2025 වර්ෂයේදී රටපුරා ඇති ජනපති මන්දිරවල ජනාධිපතිවරයා නවාතැන් නොගත්ත ද ඉන් බොහෝමයක විවිධ පුද්ගලයන් 3,089 දෙනෙකු නවාතැන් ගෙන ඇති බව ජාතික විගණන කාර්යාලය පවසයි.

"ශ්‍රී ලංකාව සැමවිටම අපගේ හදවත් තුළයි" – චීන තානාපති චී ෂෙන්හොං වසර 6ක සේවයෙන් පසු සමුගනියි..

වසර හයකට අධික කාලයක් ශ්‍රී ලංකාවේ චීන තානාපතිවරයා ලෙස සේවය කළ චී ෂෙන්හොං (Qi Zhenhong) මහතා සිය රාජ්‍ය තාන්ත්‍රික සේවා කාලය අවසන් කරමින් ශ්‍රී ලාංකික ජනතාව වෙත විශේෂ සමුගැනීමේ පණිවිඩයක් නිකුත් කර තිබේ.

"ගොවි පුත්තු ටික ගමට එනකම් ගොවියො බලාගෙන ඉන්නේ".. - ජයන්ත සමරවීර

වත්මන් ආණ්ඩුව මේ වන විට හතර වරිගයටම එපා වී ඇති බවත්, එම හතර වරිගයටම එපා වූ බවට ජීවමාන සාක්ෂිය වන්නේ මේ රටේ ගොබි ජනතාව බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා පවසයි.

පාර්ලිමේන්තු වරප්‍රසාද පිටුපස හැංගෙන්නේ නැතුව ඕන නම් එළියෙදි කියන්න.. – නීතිඥ සංගමයේ සභාපති ගැන කළ ප්‍රකාශයට මන්ත්‍රී අසිත නිරෝෂණට අභියෝගයක්

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ (BASL) සභාපති නීතිඥ රජීව් අමරසූරියට එරෙහිව ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අසිත නිරෝෂණ එගොඩවිතාන විසින් ඊයේ (24) පාර්ලිමේන්තුවේදී සිදුකරන ලද ප්‍රකාශයන් සම්පූර්ණයෙන්ම අසත්‍ය, පදනම් විරහිත සහ ද්වේෂසහගත බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය නිවේදනය කරයි.

විනිසුරු විශ්‍රාම වයස වැඩි කිරීම: 'ගොඩගැසුණු නඩු ඉවර කිරීම අරමුණ නම් මුර්දු ප්‍රනාන්දු සිටියදී නොගෙනාවේ ඇයි?' - ආචාර්ය නිහාල් ජයවික්‍රම ප්‍රශ්න කරයි!

උපරිමාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස් සීමාව දීර්ඝ කිරීමට රජය ගෙන ඇති යෝජනාව සහ අධිකරණයේ ස්වාධීනත්වයට එල්ල වී ඇති බව කියන බලපෑම පිළිබඳව විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය (CPA) විසින් සංවිධානය කරන ලද විශේෂ සම්මන්ත්‍රණයකදී මෙරට ප්‍රමුඛ පෙළේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විශාරදයින් සහ නීතිඥයින් විසින් අදහස් දක්වා තිබේ.

ට්‍රම්ප්ට වෙලා තියෙන්නේ "ගෙදර ගියොත් අඹු නසී මග සිටියොත් තෝ නසී" වගේ වැඩක්.. - ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ

යූටියුබ් නාලිකාවක් සමඟ පැවැති සාකච්ඡාවකට එක්වෙමින් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා ප්‍රකාශ කළේ ඇමරිකානු දේශපාලනය තුළ ඩොනල්ඩ් ට්‍රම්ප් මේ වන විට දැඩි අර්බුදකාරී තත්ත්වයකට මුහුණ දී සිටින බවයි.

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 60කට අමෙරිකාවෙන් නව බද්දක්..

ශ්‍රී ලංකාව ඇතුළු වෙළෙඳ හවුල්කාර රටවල් 60ක් සඳහා අද (24) සිට ක්‍රියාත්මක වන පරිදි 10%ක් සහ 12.5%ක් වන පරිදි නව ආනයන බදු පැනවීමට ට්‍රම්ප් පරිපාලනය තීරණය කර තිබේ.

ආණ්ඩුව මෙරට අධිකරණය සිරගතකර තමන් භාරයට අරගෙන.. - විමල්ගෙන් චෝදනා..

ආණ්ඩුව මෙරට අධිකරණය සිරගතකර තමන් භාරයට ගෙන ඇති බවත්, අධිකරණ පද්ධතිය ආණ්ඩුවෙන් නිදහස් කරගැනීම සියළු මත දරන සියල්ලන්ගේ පොදු වුවමනාවක් බවට පත්ව ඇති බවත් ජානිපෙ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.