ඉරානය සමඟ කරන යුද්ධයෙන් ජයග්‍රහනය කළ හොත් ඇමරිකාවට ‘ටොන් ගණනක් මුදල් ඉපැයීමට හැකි වෙනු ඇත’ -රිපබ්ලිකන් සෙනෙට් සභික ලින්ඩ්සේ ග්‍රැහැම්
අමෙරිකා එක්සත් ජනපදය ඉරාන රජය පෙරළා දැමීමට සමත් වුවහොත්, එක්සත් ජනපදය ලෝකයේ ඛනිජ තෙල් වෙළඳාමෙන් තුනෙන් එකක් පමණ පාලනය කිරීමට සමත් වන අතර වාර්තාගත ලාභයක් උපයා ගනු ඇතැයි, යුදකාමි ආක්‍රමණශීලි රිපබ්ලිකන් සෙනෙට් සභික ලින්ඩ්සේ ග්‍රැහැම් ඊයේ(08) ෆොක්ස් නිව්ස් වෙත අදහස් දක්වමින් පැවසීය.
ගෝලීය ඛනිජ තෙල් වෙළෙඳ පොළෙහි තෙල් මිල බැරලයකට ඩොලර් 100 ඉක්මවා යාමත් සමඟ ග්‍රැහැම් මෙලෙස සිය අදහස් පළ කරනු ලැබුවේය. ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පෙබරවාරි 28 වන දින දියත් කරන ලද ඉරානයට එරෙහි එක්සත් ජනපද-ඊශ්‍රායල යුද්ධය සඳහා “ගෙවීමට ඇති ඉතා කුඩා මිලක්” ලෙස ඛනිජ තෙල් බැරලයක මිළ ඩොලර් සියය දක්වා ඉහළයාම සම්බන්ධ ගැටළුව ප්‍රතික්ෂේප කළේය.
ඉරානයට එරෙහි ප්‍රහාරවලට දැරීමට සිදුවන පිරිවැය “කවදා හෝ වියදම් කළ හොඳම මුදල්” ලෙස ග්‍රැහැම් වර නැංවූ අතර යුද්ධය ඉරානය න්‍යෂ්ටික අවි සංවර්ධනය කිරීම වැළැක්වීම සඳහා කළ බාධකයක් බව පෙන්වා දුන්නේය. කෙසේ වුවද ඉරානය දිගු කලක් තිස්සේ න්‍යෂ්ඨික අවි චෝදනාව ප්‍රතික්ෂේප කර ඇති අතර න්‍යෂ්ටික වැඩසටහන සාමකාමී සංවර්ධන කටයුතු වලට පමණක් යොදවන බව අවධාරණය කළේය.
“ඉරානයේ වත්මන් පාලනය බිඳ වැටෙන විට, අපට නව මැද පෙරදිගක් ලැබෙනු ඇත, අපිට විශාල මුදලක් ඉපැයීමට අවස්ථාව ලැබෙනවා. කිසිවෙකු නැවත හෝමූස් සමුද්‍ර සන්ධියට තර්ජනය නොකරනු ඇත.” ග්‍රැහැම් පැවසීය. එක්සත් ජනපදය ටෙහෙරානයේ “මිත්‍රශීලී” රජයක් පිහිටුවන බව ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.
"වෙනිසියුලාවට සහ ඉරානයට ලෝකයේ තෙල් සංචිතවලින් 31% ක් සතුව තිබෙනවා.දැනට තිබෙන සංචිතවල 31% ක් සමඟ අප හවුල්කාරිත්වයක් ඇති කර ගැනීමට උත්සහා කරමින් සිටිනවා. මෙය චීනයේ බියකරු සිහිනයක්. මෙය හොඳ ආයෝජනයක්," ග්‍රැහැම් පැවසීය.
ජනවාරි මස මුලදී එක්සත් ජනපද කමාන්ඩෝ භටයින් ජනාධිපති නිකොලස් මධුරෝ අල්ලා ගැනීමෙන් පසු වොෂින්ටනය වෙනිසියුලාවේ තෙල් අංශය පාලනය කිරීමට උත්සාහ කරමින් සිටී. පසුගිය 7 වනදා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එක්සත් ජනපදය සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට අදහස් කළ වෙනිසියුලානු වැඩබලන ජනාධිපති ඩෙල්සි රොඩ්‍රිගස් නිල වශයෙන් පිළිගත්තේය.
එක්සත් ජනපද-ඊශ්‍රායල් ප්‍රහාරවලට ප්‍රතිචාර වශයෙන් ඉරානය හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දමා ඇති අතර තීරණාත්මක නැව් මාර්ගය හරහා යාමට උත්සාහ කරන තෙල් ප්‍රවාහනය කරන යාත්‍රා කිහිපයකට පහර දී ඇති අතර එය ගෝලීය බලශක්ති ප්‍රවාහයන්ට තවදුරටත් බාධා ඇති කරයි. ගල්ෆ් රාජ්‍යයන්හි ඇමරිකානු කඳවුරුවලට පළිගැනීමේ ප්‍රහාර ද ඉරාන හමුදාව මේ වන විට දියත් කර තිබේ.
ටෙහෙරානය මෙම යුද්ධය තමන් විසින් කැඳවූවක් නොවන්නක් බවට ප්‍රකාශ කර ඇති අතර එය ආක්‍රමණයක් ලෙස හෙළා දකිමින් "කොන්දේසි විරහිතව යටත් වීම" සඳහා ට්‍රම්ප්ගේ ඉල්ලීමට හිස නොනමන බවට සපථ කර තිබේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
පනාමුරේ තිලකවංශ නාහිමියන්ට ජීවිත ආරක්ෂාව ඉල්ලමින් මහජන ආරක්ෂක නියෝජ්ය අමාත්යවරයාට ලිපියක්..
ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..
නව ත්රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්
පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..
ශ්රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..
ප්රංශය ඇතුළු යුරෝපා රටවල උග්රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්රවංශගෙන් අනාවරණයක්..
බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්යය මගින් විනාශකාරී මහා සත්යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා
භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි
"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්රාත්වරයා රබර් මුද්රාවක් වෙලා": ත්රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා
අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්
ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)
කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්රාන්තයකින් වරෙන්තුවක්
ඇමරිකානු ජනපති ට්‍රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..
මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..
මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..
ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්රවීන මාධ්‍යවේදී ධර්මශ්රී ගෙන් අනාවරණයක්..