ඉරානය සමඟ කරන යුද්ධයෙන් ජයග්‍රහනය කළ හොත් ඇමරිකාවට ‘ටොන් ගණනක් මුදල් ඉපැයීමට හැකි වෙනු ඇත’ -රිපබ්ලිකන් සෙනෙට් සභික ලින්ඩ්සේ ග්‍රැහැම්
අමෙරිකා එක්සත් ජනපදය ඉරාන රජය පෙරළා දැමීමට සමත් වුවහොත්, එක්සත් ජනපදය ලෝකයේ ඛනිජ තෙල් වෙළඳාමෙන් තුනෙන් එකක් පමණ පාලනය කිරීමට සමත් වන අතර වාර්තාගත ලාභයක් උපයා ගනු ඇතැයි, යුදකාමි ආක්‍රමණශීලි රිපබ්ලිකන් සෙනෙට් සභික ලින්ඩ්සේ ග්‍රැහැම් ඊයේ(08) ෆොක්ස් නිව්ස් වෙත අදහස් දක්වමින් පැවසීය.
ගෝලීය ඛනිජ තෙල් වෙළෙඳ පොළෙහි තෙල් මිල බැරලයකට ඩොලර් 100 ඉක්මවා යාමත් සමඟ ග්‍රැහැම් මෙලෙස සිය අදහස් පළ කරනු ලැබුවේය. ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පෙබරවාරි 28 වන දින දියත් කරන ලද ඉරානයට එරෙහි එක්සත් ජනපද-ඊශ්‍රායල යුද්ධය සඳහා “ගෙවීමට ඇති ඉතා කුඩා මිලක්” ලෙස ඛනිජ තෙල් බැරලයක මිළ ඩොලර් සියය දක්වා ඉහළයාම සම්බන්ධ ගැටළුව ප්‍රතික්ෂේප කළේය.
ඉරානයට එරෙහි ප්‍රහාරවලට දැරීමට සිදුවන පිරිවැය “කවදා හෝ වියදම් කළ හොඳම මුදල්” ලෙස ග්‍රැහැම් වර නැංවූ අතර යුද්ධය ඉරානය න්‍යෂ්ටික අවි සංවර්ධනය කිරීම වැළැක්වීම සඳහා කළ බාධකයක් බව පෙන්වා දුන්නේය. කෙසේ වුවද ඉරානය දිගු කලක් තිස්සේ න්‍යෂ්ඨික අවි චෝදනාව ප්‍රතික්ෂේප කර ඇති අතර න්‍යෂ්ටික වැඩසටහන සාමකාමී සංවර්ධන කටයුතු වලට පමණක් යොදවන බව අවධාරණය කළේය.
“ඉරානයේ වත්මන් පාලනය බිඳ වැටෙන විට, අපට නව මැද පෙරදිගක් ලැබෙනු ඇත, අපිට විශාල මුදලක් ඉපැයීමට අවස්ථාව ලැබෙනවා. කිසිවෙකු නැවත හෝමූස් සමුද්‍ර සන්ධියට තර්ජනය නොකරනු ඇත.” ග්‍රැහැම් පැවසීය. එක්සත් ජනපදය ටෙහෙරානයේ “මිත්‍රශීලී” රජයක් පිහිටුවන බව ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.
"වෙනිසියුලාවට සහ ඉරානයට ලෝකයේ තෙල් සංචිතවලින් 31% ක් සතුව තිබෙනවා.දැනට තිබෙන සංචිතවල 31% ක් සමඟ අප හවුල්කාරිත්වයක් ඇති කර ගැනීමට උත්සහා කරමින් සිටිනවා. මෙය චීනයේ බියකරු සිහිනයක්. මෙය හොඳ ආයෝජනයක්," ග්‍රැහැම් පැවසීය.
ජනවාරි මස මුලදී එක්සත් ජනපද කමාන්ඩෝ භටයින් ජනාධිපති නිකොලස් මධුරෝ අල්ලා ගැනීමෙන් පසු වොෂින්ටනය වෙනිසියුලාවේ තෙල් අංශය පාලනය කිරීමට උත්සාහ කරමින් සිටී. පසුගිය 7 වනදා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එක්සත් ජනපදය සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට අදහස් කළ වෙනිසියුලානු වැඩබලන ජනාධිපති ඩෙල්සි රොඩ්‍රිගස් නිල වශයෙන් පිළිගත්තේය.
එක්සත් ජනපද-ඊශ්‍රායල් ප්‍රහාරවලට ප්‍රතිචාර වශයෙන් ඉරානය හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දමා ඇති අතර තීරණාත්මක නැව් මාර්ගය හරහා යාමට උත්සාහ කරන තෙල් ප්‍රවාහනය කරන යාත්‍රා කිහිපයකට පහර දී ඇති අතර එය ගෝලීය බලශක්ති ප්‍රවාහයන්ට තවදුරටත් බාධා ඇති කරයි. ගල්ෆ් රාජ්‍යයන්හි ඇමරිකානු කඳවුරුවලට පළිගැනීමේ ප්‍රහාර ද ඉරාන හමුදාව මේ වන විට දියත් කර තිබේ.
ටෙහෙරානය මෙම යුද්ධය තමන් විසින් කැඳවූවක් නොවන්නක් බවට ප්‍රකාශ කර ඇති අතර එය ආක්‍රමණයක් ලෙස හෙළා දකිමින් "කොන්දේසි විරහිතව යටත් වීම" සඳහා ට්‍රම්ප්ගේ ඉල්ලීමට හිස නොනමන බවට සපථ කර තිබේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්