News Category
From Date
To Date
Maximum Number of Result

අද දින පාර්ලිමේන්තුවට අතිශය භයානක පනත් දෙකක් ඉදිරිපත් කර ඇති බවත්, මෙවැනි පනත් දෙකක් ඉතිහාසයේ කිසි දිනෙක ඉදිරිපත් කර නොමැති බව හා ලෝකයේ කොතැනක හෝ ශිෂ්ට සම්පන්න මිනිසුන් සිටින පාර්ලිමේන්තු ක්‍රමයක් සහිත රටක මෙවැනි පනත් සම්මත කළ හැකි දැයි තේරුම්ගත යුතු බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

එක්සත් ජනපද නිල මාධ්‍ය වාර්තාවලට අනුව, 2024 මැයි 15 වන දින, අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා විසින් කොන්ග්‍රසයට ඉදිරිපත් කරන ලද තවත් අත්තනෝමතික වාර්තාවක් කිසිදු ජාත්‍යන්තර අවසරයක් හෝ පිළිගැනීමක් නොමැතිව ලෝකයේ අනෙකුත් රාජ්‍යයන් සම්බන්ධයෙන් නිගමන් වල්ට එළඹීමට කටයුතු කර තිබේ. මෙවර අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා "2023 කැලැන්ඩර වර්ෂය සඳහා එක්සත් ජනපදයේ ත්‍රස්ත විරෝධී ප්‍රයත්නයන් සමඟ සම්පුර්ණයෙන්ම සහයෝගයෙන් කටයුතු නොකරනවා යැයි පවසන රටවල් හතරක් ලැයිස්තුගත කිරීමට කටයුතු කර ඇත. පසුගිය වසරවල සත්‍ය වශයෙන්ම කියුබාව රජ්‍යක් ලෙස කටයුතු ආකාරයට පටහැනිව යමින් ත්‍රස්ත විරෝධී ප්‍රයත්නයන් සමඟ සම්පුර්ණයෙන්ම සහයෝගයෙන් කටයුතු නොකරනවා යැයි පවසන රටවල් ලැයිස්තුවට කියුබාව අපවාදාත්මක ලෙස ඇතුළත් කර තිබුණේ නැත.

ජාතිය ආරක්ෂා කිරීමට දිවි පිදූ රණවිරුවන් ආරක්ෂා කිරීමට ක්‍රියාකරන ලෙසත්, 2019 දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලබා දුන් ජනවරම සහ 2020 දී අගමැති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ලබා දුන් ජනවරම ලබා දුන්නේ ත්‍රිවිධ හමුදාව පාවාදීමට නොවන බවත් පෙන්වා දෙමින් ජාතික සංවිධාන එකමුතුව විසින් ලිපියක් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්වරුන් වෙත යොමු කර ඇත.

අවුරා ලංකා සමාගමේ සභාපති විරංජිත් තාඹුගල මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් අද (21) පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ගාසා, යුගෝස්ලාවියාව, ඇෆ්ගනිස්තානය ආදී රටවල දිග හැරෙමින් පවතින මානුෂීය අර්බුදය සම්බන්ධයෙන් නිහඬව සිටින බටහිර බලවේග මානව හිමිකම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට එල්ල කරන පීඩනය පිළිබඳව ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය සිය කනස්සල්ල පළ කරයි.

ආර්ථිකය සිර නොකර ණය ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යෑම සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එකඟතාවකට පැමිණීම සඳහා සාකච්ඡා කළ බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනි, ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පවසයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස විජයදාස රාජපක්ෂ හා වැඩබලන මහලේකම් ලෙස කීර්ති උඩවත්ත යන මහත්වරු පත්වීම නීතිවිරෝධී බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා විසින් කොළඹ දිසා අධිකරණය හමුවේ ගොනුකර ඇති පැමිණිල්ලක් නිෂ්ප්‍රභ කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ඉදිරිපත් කළ අභියාචනා පෙත්සම අද (22) බස්නාහිර පළාත් සිවිල් අභියාචනා මහාධිකරණය හමුවේ යළි තුන්වන දිනටත් විභාගයට ගත්තේය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉදිරිපත් කළ යෝජනා පනතක් ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ඇති බවත් එය සම්මත වීමෙන් පසුව කුමන පාර්ලිමේන්තුවක් ඉදිරියේදී පත්වුවද එය වෙනස් කිරීම සඳහා පාර්ලිමේන්තුවේ 113 දෙනෙකුගේ කැමැත්ත අවශ්‍ය වන බව පාඨලී චම්පික රණවක මහතා පවසයි.

ඉරාන ජනපති ආචාර්ය ඊබ්‍රාහිම් රාසි මැතිතුමන් ඇතුළු ඉරාන ජන නායකයන්ගේ හදිසි අභාවය පිළිබඳව ජාතික නිදහස් පෙරමුණ තම සාතිශය සංවේගය පළ කරමින් මෙරට ඉරාන තානාපතිවරයා වෙත ශෝක පණිවිඩයක් නිකුත්කර තිබේ.


ප්‍රධාන පුවත්

චාල්ස් තෝමස් නම් තැනැත්තා පාදෙණිය රජ මහා විහාරයේ පැවැත්වීමට සූදානම් වන වැඩසටහන වහා අවලංගු කරන්නැයි මල්වතු මහනායක හිමියෝ දන්වති..

බෞද්ධයන් අත්‍යාගමීකරණයට ලක්කරන බවට චෝදනා එල්ලවී ඇති චාල්ස් තෝමස් නමැති පුද්ගලයා විසින් මල්වතු විහාර පාර්ශ්වයට අයත් පාදෙණිය රජ මහා විහාරයේ දී පැවැත්වීමට නියමිත වඩසටහනක් සම්බන්ධයෙන් බෞද්ධ ජනතාවගේ විරෝධය මේ වන විට එල්ලවී ඇති බව සඳහන් කරමින් මල්වතු පාර්ශ්වයේ මහනායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමිපාණන් වහන්සේ විසින් පාදෙණිය රජ මහා විහාරධිපති හිමියන්ට යොමුකළ ලිපියක් අප වෙත ලැබී තිබේ.

නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)

ඉන්දියාව සම ශ්‍රී ලංකා ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් අවබෝධතා ගිවිසුම්වලට ලඝුකළ නොහැකි බවත්, මෙම ගිවිසුමේ ඇති වගන්ති මගින් ලංකාව තුළ මෙම ගිවිසුමේ අඩංගු කරුණු ක්‍රියාත්මක වීමේ දී නීතිය අනුව කටයුතු කිරීම පවා වළක්වා ඇති බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සභික දුමින්ද නාගමුව මහතා පවසයි.

නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..

දෙවන ලෝක යුද්ධය අවසන් කළ දිනය සහ, නාසිවාදී පැසිස්ට්වාදය පරාජය කළ දිනයද මැයි 9 වැනි දා වන අද දිනය බවත්, ලෝකයේ සියලු ජනයාට සහ සතා සිවුපාවාට පවා නිදහසේ ජීවත්විය හැකි ලෝකයක් නිර්මාණය කිරීම වෙනුවෙන් නාසිවාදී පැසිස්ටිවාදය පරාජයට පත්කළ දිනය වන්නේ අද බවත් ජානිපෙ නායක විමල් වීරවංශ මහතා පවසයි.

යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි

කියෙව් පරිපාලනය කිසිදු පූර්ව කොන්දේසියකින් තොරව “සම්පූර්ණ සටන් විරාමයකට” සූදානම් බව යුක්රේන නායක ව්ලැඩිමීර් සෙලෙන්ස්කි නිවේදනය කර තිබේ.

මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)

බලයට පත්වී මාස 6ක් තුළ මෙතරම් පසුබෑමකට ලක්වූ ආණ්ඩුවක් ලොව කිසිඳු රටක නැති බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි.

1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.

අවුරුදු අසූවක් යනු දිගු කාලයකි. එවැනි කාලයක් තුළ, ලෝකය සිතාගත නොහැකි තරමට වෙනස් වන අතර, වරක් සමීප යැයි හැඟුණු සිදුවීම් පුරාවෘත්තය තුළ මැකී යයි.

මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල

‘මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්’ යයි පිවිතුරු හෙල උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..

පසුගියදා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඇති කරගත් අවබෝධතා ගිවිසුම් බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ආචාර්ය ගුණදාස අමරසේකර මහතා ඇතුළු පිරිසක් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඊයේ (07) මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.