FBI විමර්ශන වාර්තාවේ පවා නොතිබුණු සුරේෂ් සලේගේ නම CIDය ඈදා ගත්තේ කෙසේදැයි සැකයි.. - සරත් වීරසේකර
පාස්කු ප්‍රහාරය පිළිබඳ FBI විමර්ශනය කළ රාජ් පටෙල්ට ඒ සඳහා ඇමරිකාවේ හොඳම සම්මානය හිමිවුණු අතර එම FBI විමර්ශන වාර්තාවේ නොතිබුණු සුරේෂ් සලේගේ නම CIDය මේ වනවිට ඈදා ගන්නේ කෙසේද යන්න සැක සහිත බව හිටපු ඇමැති සරත් වීරසේකර පවසයි.
ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
එහිදී හිටපු ඇමැති සරත් වීරසේකර මෙසේද පැවසීය.
“නිකරුණේ අත්අඩංගුවට ගත්, නිරෝගී පුද්ගලයෙක්ව සිටි සුරේෂ් සලේ ජෙනරාල්වරයා අද තදබල ලෙස රෝගාතුර වී රෝහල්ගතකර තිබෙනවා. ජනාධිපතිතුමා ජයවර්ධනපුර රෝහලේ ජනාධිපතිවරුන්ට වෙන්වෙච්ච ඇඳ ජනතාවට දෙනවා කියලා ප්‍රකාශ කර තිබෙනවා. එසේනම් අපි යෝජනා කරනවා සුරේෂ් සලේට ඒ ඇඳ ලබාදීලා ප්‍රතිකාර කර ඔහුව සුවපත් කරන්න කියලා. ඒ මන්ද අසාධාරණ ලෙස අත්අඩංගුවට ගත් සුරේෂ් සලේව ඒ අත්අඩංගුවට ගැනීම තුළින් රැස්කරගත් පවුකන්දරාව යම්තාක් දුරට හෝ සමනය කරගන්න පුළුවන් වෙයි එසේ කළොත්.
මේ ත්‍රස්තවාදය ජයගන්න ඉතා තදබල අමිල සේවයක් කළ සුරේෂ් සලේව ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ අත්අඩංගුවට අරගෙන මෙසේ සිරගත කිරීම ඉතාම කුහක, ගුණමකු, දේශද්‍රෝහි ක්‍රියාවක් ලෙස අපි සලකන්නේ. ජනාධිපති කොමිසම, වෙනත් කොමිසම් හයක් හතක් තිබුණා, ඒ සෑම එකෙන්ම කිසිදු දවසක සුරේෂ් සලේගේ නම සඳහන්ව තිබුණේ නැහැ මේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන්.
ඒ වගේම ලෝක ප්‍රසිද්ධ විමර්ශන ආයතනයක් වන FBI එක, විදේශීය ආයතන රැසක විමර්ශනවල කිසිදුතැනක සුරේෂ් සලේගේ නම සඳහන් වී තිබුණේ නැහැ. ඒ වගේම FBI විමර්ශනය කළේ රාජ් පටෙල් නමැති පුද්ගලයා. ඒ රාජ් පටෙල්ට ඒ පාස්කු ප්‍රහාරය පිළිබඳ ඒ ඇමරිකාවේ ඒ විමර්ශනය පිළිබඳව ඒ වසරේ තිබුණ හොඳම සම්මානය ලැබුණා. ඒ හොඳම සම්මානය හිමිවුණු FBI විමර්ශන වාර්තාවේ නොතිබුණු සාක්ෂි අද කොසේද CID එකේ සුරේෂ් සලේට විරුද්ධව තිබෙන්නේ. "
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දු - ශ්‍රී ලංකා ගිවිසුම් තුනකට අත්සන් තබයි..
පර්සියානු බොක්කේ නෞකා රැසකට ඉරානයෙන් ප්‍රහාර..
අධිකරණයට බලපෑම්.. දේශපාලන පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම්.. ශ්‍රී ලංකාවට වහා මැදිහත් වන්න..- මිලින්ද රාජපක්‍ෂ ජිනීවා අමතමින් කියයි
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..
ආණ්ඩුවේ නායකයින් ගනුදෙනුකරුවන් සතුටු කිරීම සඳහා ඕනෑම දෙයක් කරන අසරණ වෛශ්‍යාවන් ලෙස කටයුතු කරනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා..
ලොවක් සුවපත් කරන කියුබාවේ වෛද්‍ය ජාත්‍යන්තරවාදය, අනතුරේ!
කළුතර ප්‍රා. සභාවේ පන්සිල්, ජාතික ගීය සහ රණවිරු සැමරුම් තහනම්.. - නියෝගය කොමසාරිස්ගෙන්..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ 63 වන සැසිය ඇරඹේ.. - මෙරට ගැන වාර්තාවක් අද..
දූෂිත නිමල් පෙරේරා ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරයකුගෙ ව්‍යාපාරික සගයෙක්.. - ඩී.වී චානක
22 සංශෝධන පෙත්සම් විභාගය ගැටළුකාරීයි.. - අධිකරණ ස්වාධීනත්වය ගැන පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමය ප්‍රශ්න කරයි..
22ට එරෙහි පෙත්සමක් විභාගයට නොගැනීමෙන් මූලික අයිතිවාසිකම් කඩ වූ බවට ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්..
සරණාගත ජාවාරම පවත්වාගෙන යාම සඳහා එල්ටීටීඊ හිතවාදී ඩයස්පෝරාව ‘දෙමළ ජනතාවට ශ්‍රී ලංකාව ආරක්ෂිත නැත’ යන්න ප්‍රචාරය කරයි..
ආණ්ඩුවට වසර දෙකයි.. ඩඩ්ලිට ධම්මිකට ඉෂාරට සුබයි.. ජනතාවටයි, ගමේ ජෙප්පන්ටයි දුකේ දුකයි.. - ආණ්ඩුවේ දෙවසරක අස්වැන්න ගැන විමල් වීරවංශගේ හෙලිදරව්වක්..
සෞඛ්‍ය සේවයට ජනපතිගෙන් අලුත් වෙනසක් - “හිතුන හිතුන වෙලාවට ඉස්පිරිතාලේට යන්න බෑ...කොත්තමල්ලි ටිකක් බීලා විවේකීව ගෙදරට වෙලා ඉන්න”
22 අනිවාර්යයෙන්ම සම්මත කරනවා.. - ජනපති කියයි
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..