ජපානයේ පැවැත්වෙන වකුගඩු රෝග පිළිබඳ ලෝක කොංග්‍රසයට ආචාර්ය චන්න ජයසුමන සහභාගි වෙයි..
වකුගඩු රෝග පිළිබඳ ලෝක කොංග්‍රසය (World Congress of Nephrology-WCN) මෙවර ජපානයේ යොකොහාමා නගරයේ පැසිෆිකා සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වෙන අතර, එම සම්මන්ත්‍රණය නියෝජනය කරන ආචාර්ය චන්න ජයසුමන මහතා පවසන්නේ ශ්‍රී ලංකාවෙන් මෙම කොංග්‍රසයට පර්යේෂණ පත්‍රිකා හයක් ඉදිරිපත් වී ඇති බවත් ඉන් තුනක් ඒ මහතා සම්බන්ධ වූ ඒවා බවත් ය.
චන්න ජයසුමන මහතා සිය මුහුණුපොතේ මේ සම්බන්ධව දක්වා ඇති සටහන පහළින්..
යොකොහාමා සිට..
වකුගඩු රෝග පිළිබඳ ලෝක කොංග්‍රසය (World Congress of Nephrology-WCN) මෙවර පැවැත්වෙන්නේ ජපානයේ යොකොහාමා නගරයේ. ජපානයේ දෙවන විශාලතම නගරය වන යොකොහාමාහි පැසිෆිකා සම්මන්ත්‍රණ ශාලාව ඒ සඳහා වෙන්කර තිබෙනවා.
ඊයේ එහි සමාරම්භක දිනයයි. ලොව පුරා වකුගඩු රෝග පිළිබඳ පර්යේෂකයන් සහ වෛද්‍යවරැන් දහස් ගණනක් මෙම කොංග්‍රසයට සහභාගි වෙනවා. මීට පෙර කීප වතාවක් මා WCN කොංග්‍රස කිහිපයකට සහභාගි වුව ද දේශපාලන කටයුතු නිසා වසර හයක් එය මග හැරැණා.
මෙවර ශ්‍රී ලංකාවෙන් මෙම කොංග්‍රසයට පර්යේෂණ පත්‍රිකා හයක් ඉදිරිපත් වී ඇති අතර ඉන් තුනක් මා සම්බන්ධ වූ ඒවායි.
පළමුවැන්න උතුරු මැද පළාත කේන්ද්‍රීයව ලංකාවේ කෘෂිකාර්මික ප්‍රදේශවල පැතිර ගිය වකුගඩු රෝග පාලනයට අපගේ මූලිකත්වයෙන් 2012 වසරේ ප්‍රති ආස්‍රෘත ජලය හඳුන්වා දීමෙන් පසු රෝග පාලනයට එහි ඇති වූ බලපෑම පිළිබඳවයි. මහාචාර්ය සිසිර සිරිබද්දන සහ මහාචාර්ය සරත් ගුණතිලක සමඟ මා එම පර්යේෂණ පත්‍රිකාව ඉදිරිපත් කර තිබෙනවා.
දෙවැන්න කොස්ටරිකානු පර්යේෂණ කණ්ඩායම සමඟ එරට දී සිදුකළ පර්යේෂණයක ප්‍රතිඵල. තෙවැන්න ශ්‍රී ලංකාවේ සහ මධ්‍යම ඇමෙරිකාවේ වකුගඩු රෝගීන්ගේ ජාන අධ්‍යයනයක්. එය සිදු කළේ ස්වීඩනයේ කැරොලින්ස්කා ආයතනයේ දී (Karolinska Institute - වෛද්‍ය විද්‍යාව සදහා නොබෙල් ත්‍යාගයට වාර්ෂික තෝරා ගැනීම සිදු කරන්නේ ද කැරොලින්ස්කා ආයතනයෙන්).




සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්
පෙත්සම්කරුවන්ගේ නීතිඥවරුන්ට, අවස්ථාව නොදීම ගැන පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමයේ සභාපතිගේ කනස්සල්ල..