ජපානයේ පැවැත්වෙන වකුගඩු රෝග පිළිබඳ ලෝක කොංග්‍රසයට ආචාර්ය චන්න ජයසුමන සහභාගි වෙයි..
වකුගඩු රෝග පිළිබඳ ලෝක කොංග්‍රසය (World Congress of Nephrology-WCN) මෙවර ජපානයේ යොකොහාමා නගරයේ පැසිෆිකා සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වෙන අතර, එම සම්මන්ත්‍රණය නියෝජනය කරන ආචාර්ය චන්න ජයසුමන මහතා පවසන්නේ ශ්‍රී ලංකාවෙන් මෙම කොංග්‍රසයට පර්යේෂණ පත්‍රිකා හයක් ඉදිරිපත් වී ඇති බවත් ඉන් තුනක් ඒ මහතා සම්බන්ධ වූ ඒවා බවත් ය.
චන්න ජයසුමන මහතා සිය මුහුණුපොතේ මේ සම්බන්ධව දක්වා ඇති සටහන පහළින්..
යොකොහාමා සිට..
වකුගඩු රෝග පිළිබඳ ලෝක කොංග්‍රසය (World Congress of Nephrology-WCN) මෙවර පැවැත්වෙන්නේ ජපානයේ යොකොහාමා නගරයේ. ජපානයේ දෙවන විශාලතම නගරය වන යොකොහාමාහි පැසිෆිකා සම්මන්ත්‍රණ ශාලාව ඒ සඳහා වෙන්කර තිබෙනවා.
ඊයේ එහි සමාරම්භක දිනයයි. ලොව පුරා වකුගඩු රෝග පිළිබඳ පර්යේෂකයන් සහ වෛද්‍යවරැන් දහස් ගණනක් මෙම කොංග්‍රසයට සහභාගි වෙනවා. මීට පෙර කීප වතාවක් මා WCN කොංග්‍රස කිහිපයකට සහභාගි වුව ද දේශපාලන කටයුතු නිසා වසර හයක් එය මග හැරැණා.
මෙවර ශ්‍රී ලංකාවෙන් මෙම කොංග්‍රසයට පර්යේෂණ පත්‍රිකා හයක් ඉදිරිපත් වී ඇති අතර ඉන් තුනක් මා සම්බන්ධ වූ ඒවායි.
පළමුවැන්න උතුරු මැද පළාත කේන්ද්‍රීයව ලංකාවේ කෘෂිකාර්මික ප්‍රදේශවල පැතිර ගිය වකුගඩු රෝග පාලනයට අපගේ මූලිකත්වයෙන් 2012 වසරේ ප්‍රති ආස්‍රෘත ජලය හඳුන්වා දීමෙන් පසු රෝග පාලනයට එහි ඇති වූ බලපෑම පිළිබඳවයි. මහාචාර්ය සිසිර සිරිබද්දන සහ මහාචාර්ය සරත් ගුණතිලක සමඟ මා එම පර්යේෂණ පත්‍රිකාව ඉදිරිපත් කර තිබෙනවා.
දෙවැන්න කොස්ටරිකානු පර්යේෂණ කණ්ඩායම සමඟ එරට දී සිදුකළ පර්යේෂණයක ප්‍රතිඵල. තෙවැන්න ශ්‍රී ලංකාවේ සහ මධ්‍යම ඇමෙරිකාවේ වකුගඩු රෝගීන්ගේ ජාන අධ්‍යයනයක්. එය සිදු කළේ ස්වීඩනයේ කැරොලින්ස්කා ආයතනයේ දී (Karolinska Institute - වෛද්‍ය විද්‍යාව සදහා නොබෙල් ත්‍යාගයට වාර්ෂික තෝරා ගැනීම සිදු කරන්නේ ද කැරොලින්ස්කා ආයතනයෙන්).




සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
නව ත්රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්
පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..
ශ්රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..
ප්රංශය ඇතුළු යුරෝපා රටවල උග්රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..
බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්යය මගින් විනාශකාරී මහා සත්යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා
භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්ය කොටපිටියේ රාහුල හිමි
"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්රාත්වරයා රබර් මුද්රාවක් වෙලා": ත්රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා
අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්
ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)
කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්රාන්තයකින් වරෙන්තුවක්
ඇමරිකානු ජනපති ට්රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..
මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..
මුහුද යට කේබල් සහ AI මධ්යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..
ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්රවීන මාධ්යවේදී ධර්මශ්රී ගෙන් අනාවරණයක්..
බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..
මහානායක අතිපූජ්ය ඕමාරේ කස්සප නායක හිමියන් විපක්ෂ නායක හිරවෙන ප්රශන 3ක් අහලා..