News Category
From Date
To Date
Maximum Number of Result

ඩොලර් ආධිපත්‍යයේ මන්දගාමී බිඳ වැටීම: ගෝලීය මූල්‍ය පිළිවෙලහි ඊළඟ වකවානුවෙහි ස්වභාවය විමසීම

Apr 4, 2026 at 03:17 PM
|

දශක ගණනාවක් තිස්සේ, ගෝලීය ආර්ථිකයේ කේන්ද්‍රයේ පිහිටා සිටියේ එක්සත් ජනපද ඩොලරයයි. එය ජාතීන් අතර වෙළඳාම, ඉතිරිකිරීම් වලදී මෙන්ම බලය හැඩගස්වන අදෘශ්‍යමාන බලවේගයක් බවට පත්ව තිබේ. ඒ අනුව එක්සත් ජනපද ඩොලරය යනු රටවල් විශ්වාසය තබන මුදල් ඒකකයක් මෙන්ම,ඛනිජ තෙල් රටකින් රටකට ගලා යන මාධ්‍යය මෙන්ම නූතන මූල්‍ය පාලනය ගොඩනඟන පදනමද වන්නේය.

නමුත් එම පදනම ඉරිතලා යාමට ආරම්භ වී ඇත්නම් අප කුමක් කළ යුතුද? 

මෙම ප්‍රශ්නය තවදුරටත් න්‍යායාත්මක ප්‍රශ්නයක් නොවේ. මෙම ප්‍රශ්නය, වර්ධනය වන ගෝලීය විවාදයක කේන්ද්‍රීය ප්‍රශ්නය බවට පත්ව තිබේ. එනම්, "එක්සත් ජනපද ඩොලරය ලෝකයේ සංචිත මුදල් ඒකකය ලෙස එහි වත්මන් තත්ත්වය අහිමි වුවහොත් කුමක් සිදුවේද?" යන  ප්‍රශ්නයයි. ප්‍රශ්නයට ලැබෙන පිළිතුර රාජ්‍යයන්ට සහ මූල්‍ය වෙළඳපොළවල් වලට සඳහා පමණක් නොව, මුදල්වල ස්ථාවරත්වය සමඟම ජීවිත බැඳ ඇති සාමාන්‍ය ජනතාවද ගැඹුරු මානයන් වෙත යොමු කරනු ලබයි.

ඩොලරයේ ආධිපත්‍යයේ ගෘහ නිර්මාණ ශිල්පය

ඊළඟට කුමක් සිදුවිය හැකිද යන්න තේරුම් ගැනීමට නම් අපි මුලින්ම ඩොලරය මෙතරම් ප්‍රමුඛ වූයේ මන්දැයි තේරුම් ගත යුතුය. ජනප්‍රිය විශ්වාසයට පටහැනිව ගත් කළ ඩොලරය මෙතරම් ප්‍රමුඛ වූයේ හුදෙක් එක්සත් ජනපදය ලෝකයේ විශාලතම ආර්ථිකය වන නිසා නොවේ. ඇත්ත වශයෙන්ම, ඩොලර් ආධිපත්‍යයේ මූලයන් බලශක්ති සහ මිලිටරි බලයේ උපායමාර්ගික පෙළගැස්ම මත රඳා පවතී.

1973 දී, එක්සත් ජනපදය සහ සෞදි අරාබිය අතර අත්සන් තැබූ තීරණාත්මක ගිවිසුමක් මගින් ගෝලීය මූල්‍ය කටයුතු නැවත හැඩගස්වනු ලැබීය. ගිවිසුමට අනුව ලෝකයේ අත්‍යවශ්‍යම වෙළඳ භාණ්ඩය වන ඛණිජ තෙල්, ඇමරිකානු ඩොලර් වලින් පමණක් අලෙවි කිරීමට තීරණය විය. ඒ වෙනුවට, ගිවිසුම් ප්‍රකාරව එක්සත් ජනපදය සෞදි රාජ්‍යයට ආරක්ෂාව පිළිබඳ සහතික ලබා දෙනු ලැබේ. ගිවිසුමේ ඉහත කී ප්‍රතිපාදන හේතුවෙන් පෙට්‍රෝඩොලර් පද්ධතිය බිහි කළේය.

සෑම රටකටම ඛණිජ තෙල් අවශ්‍ය නිසා, සෑම රටකටම ඩොලර් අවශ්‍ය වේ. චීනය එහි කර්මාන්තශාලා වලට ඉන්ධන සපයන්නේද නැතහොත් ජර්මනිය එහි කර්මාන්ත බලගන්වන්නේද යන්න සැලකිල්ලට ගන්න පළමු මොහොතේදීම, බලශක්තිය ලබා ගැනීමට එක්සත් ජනපද මුදල් ඒකකයට ප්‍රවේශ වීම අවශ්‍ය වේ. කාලයත් සමඟ, මෙය ස්වයං-ශක්තිමත් කිරීමේ ලූපයක් නිර්මාණය කළේය. එනම් ජාතීන් ඩොලර් උපයා ගත්හ, ඩොලර් ගබඩා කළහ, ඊට අනුලෝමව ඩොලර් වලින් වෙළඳාම් කළහ. මෙම ක්‍රියාවලියේ අවසන් ප්‍රතිඵලය ඩොලරය ගෝලීය ආර්ථිකයේ ජීව රුධිරය හෝ "ඔක්සිජන්" බවට පත් වීම වූවේය.

එහෙත් මෙම ක්‍රමය තනිකරම මූල්‍යමය වන්නක් නොවේ. එය භූ දේශපාලනය විමසා බැලීමෙන් ආවරණය වේ. එක්සත් ජනපද හමුදාව, විශේෂයෙන් එහි නාවික ආධිපත්‍යය, තීරණාත්මක නැව් මාර්ග සහ වෙළඳ නාවික හෝ ගොඩබිම් ගමන් මාර්ගයක ඇති ගෝලීය වෙළෙඳාමේ ඉතා තීරණාත්මක ඇල මාර්ග, සමුද්‍ර සන්ධි ආදි වශයෙන් වන මර්මස්ථාන සුරක්ෂිත කරනු ලබයි. ඒ අනුව ඇත්ත වශයෙන්ම, ඩොලරයේ ස්ථාවරත්වය වෙළඳපොළට පමණක් නොව, ජාත්‍යන්තර සබඳතා සහ හමුදාමය සන්දර්භය තුළ, ආර්ථික හෝ දේශපාලන බලය තමන්ගේම දේශසීමාවෙන් බැහැර, සෘජුව හෝ වක්‍රව යොදවා අදාළ තැන්වල පරිපාලන සහ දේශපාලන තීරණවලට බලපෑම් කිරීමේ හැකියාව සමඟ ද බැඳී ඇත.

පීඩනයට ලක් වූ පද්ධතිය

අද වන විට, අප ඉහතදී සඳහන් කළ පද්ධතියේ, ඉරිතැලීම් ලෝකයට අනාවරණය වෙමින් පවතී. ඉහළ යන භූ දේශපාලනික ආතතීන්, ආර්ථික සම්බාධක සහ විතැන් වන සන්ධාන මගින් රටවල් ඩොලරය මත යැපීම සම්බන්ධයෙන් නැවත සිතා බැලීමට පොළඹවනු ලබයි. මෑත කාලීන ගැටුම් අතරතුර එක්සත් ජනපදය බිලියන සිය ගණනක විදේශ සංචිත කැටි කිරීම මගින් පැහැදිලි පණිවිඩයක් ජාතීන් වෙත ලබා දී ඇත. එනම් ඩොලර් පද්ධතියට ප්‍රවේශ වීම කොන්දේසි වලට යටත්ය යන පණිවිඩයයි. 

ඒ අනුව බොහෝ ජාතීන් සඳහා, අමෙරිකානු එක්සත ජනපදයේ ඉහත කී හැසිරීම විසින් ලබා දුන් අවබෝධය නිහඬ නමුත් සැලකිය යුතු සීරු මාරුවකට එළඹීමට හේතු වී ඇත. එනම් රාජ්‍යයන්ට ඩොලර් මත යැපීමෙන් ඈත් වී විවිධාංගීකරණය දෙසට යොමු වීමට බල කර ඇත.

මෙම තත්වය විසින් ලෝකය කොතැනකට ගෙන යනවාද යන්න තේරුම් ගැනීමට, විශ්ලේෂකයින් බොහෝ විට " Game  Theory" හෙවත් ක්‍රීඩා න්‍යාය වෙත යොමු වේ. උපායමාර්ගික හැසිරීම් විශ්ලේෂණය කරන ගණිතමය රාමුවක් වන මෙම න්‍යාය , John Nash වැනි විද්වතුන් විසින් වර්ධනය කරන ලද්දකි. අනෙක් අයගේ තීරණ මත තම ප්‍රතිඵල රඳා පවතින අවස්ථාවලදී (උදා: ආර්ථික විද්‍යාව, යුද්ධය, දේශපාලනය) හොඳම තීරණය ගැනීමට මෙම සිද්ධාන්තය මහත් සේ උපකාරී වේ. ක්‍රීඩකයින් දිරිගැන්වීම් සහ අවදානම් මත පදනම්ව ක්‍රියා කරන ආකාරය පරීක්ෂා කරන මෙම න්‍යායට  අනුව  අනාගතයේ මතුවිය හැකි අවස්ථා තුනක් පෙන්වා දිය හැකිය.

පළමු අවස්ථාව: ක්‍රමික සංක්‍රාන්තිය

මෙම අවස්ථාවට අනුව සිදු විය හැකි වඩාත්ම ශුභවාදී ප්‍රතිඵලය වන්නේ “මෘදු ගොඩබෑමකි”. මෙහිදී, ඩොලරය බිඳ වැටෙන්නේ නැත. ඒ වෙනුවට ක්‍රමයෙන් අනෙකුත් මුදල් වර්ග සමඟ ඩොලරය එහි ආධිපත්‍යය බෙදා ගනී. චීන යුවාන්, රන් සහ සමහර විට ඩිජිටල් මුදල් ඒකක විශාල භූමිකාවන් ඉටු කරමින් ගෝලීය පද්ධතිය බහු ධ්‍රැවීය බවට පත්වේ. මේ සඳහා වන වැදගත් පූර්වාදර්ශයක් තිබේ. දෙවන ලෝක යුද්ධයෙන් පසු ඩොලරය ප්‍රමුඛත්වයට පත්වීමත් සමඟ කලක් ලෝකයේ ප්‍රමුඛ සංචිත මුදල් ඒකකය වූ බ්‍රිතාන්‍ය පවුමෙහි ප්‍රමුඛතාවය ක්‍රමයෙන් පහත වැටුණි. එහෙත් මේ සංක්‍රාන්තිය සඳහා වසර ගණනාවක් නොව දශක ගණනාවක් ගත විය.

කෙසේ වෙතත්, මෙම මාවතට පිවිසීමට ඉතිහාසයේ දුර්ලභ සිද්ධියක් අවශ්‍ය වේ. එනම් ආධිපත්‍යය දරන බලවතෙකු කැමැත්තෙන් පසුපසට යාම අනිවාර්ය වේ. එහෙත් සියළු අධිරාජ්‍යයන් බොහෝ විට පරිහානිය කළමනාකරණය කිරීමට වඩා ප්‍රතිරෝධය දැක්වීම තෝරා ගනී.

දෙවන අවස්ථාව: ඩොලර් ගැටුමේ යුගය

බොහෝ විට මෙමගින් ලැබෙන එක් ප්‍රතිඵලයක් වන්නේ සමහරු "ඩොලර් යුද්ධයක්" ලෙස තත්වය විස්තර කිරීමට පෙළඹිමයි.මෙහිදී, එක්සත් ජනපදය තම මුදලේ ආධිපත්‍යය ආර්ථික ප්‍රතිපත්තිය හරහා පමණක් නොව සම්බාධක, වෙළඳ පියවර සහ භූ දේශපාලනික බලපෑම හරහා ක්‍රියාකාරීව ආරක්ෂා කරනු ලබයි.

මෙම ක්‍රියාවලිය දැනටමත් සිදුවෙමින් පවතී. සම්බාධකවලට මුහුණ දෙන රටවල් විකල්ප ගෙවීම් පද්ධති ගොඩනැගීම, දේශීය මුදල් වලින් වෙළඳාම් කිරීම සහ ඩොලර් සංචිත අඩු කිරීම ආරම්භ කර ඇත. අමෙරිකා එක්සත් ජනපදයේ සාම්ප්‍රදායික සහචරයින් පවා නව විධිවිධාන ගවේෂණය කරමින් සිටී.

උත්ප්‍රාසාත්මක ලෙස පවසතොත්, මූල්‍ය බලය උපයෝගී කරගන්න සෑම අවස්ථාවකම විකල්ප සෙවීම වේගවත් කරයි. ආධිපත්‍යය පවත්වා ගෙන යාමට යොදා ගන්නා මෙවලම් ද ආධිපත්‍ය ඛාදනය කිරීමට දායක විය හැකිය. මෙම සියල්ලෙහි අවසාන ප්‍රතිඵලය වන්නේ තරඟකාරී කණ්ඩායම්වලට බෙදී ගිය ඛණ්ඩනය වූ ගෝලීය ආර්ථිකයකි. වෙළඳාම වඩාත් සංකීර්ණභාවයට පත් වන අතර, මූල්‍ය පද්ධතිවල ඒකාබද්ධතාවය හීන වන අතර සංක්‍රාන්ති සමය දශක ගණනාවක් පුරා විහිදීමට මග පාදනු ඇත. සංක්‍රාන්ති සමයේ අවසානය වන විට, ඩොලරය වැදගත්ව පැවතිය හැකි නමුත් තවදුරටත් අසමසම නොවේ.

තුන්වන අවස්ථාව: හදිසි බිඳවැටීමක්

මෙහිදී සිදු විය හැකි වඩාත්ම නාටකාකාර හැකියාව වන්නේ ඩොලර් ආධිපත්‍යයේ වේගවත් හා අක්‍රමවත් බිඳවැටීමයි. මෙය ක්‍රමයෙන් සිදු නොවනු ඇත. ඒ සඳහා විවිධ ආකාරයේ කම්පන එකට එකතු වීමක් අවශ්‍ය වනු ඇත. එනම්,

• ගෝලීය තෙල් සැපයුමට සිදුවන  අති විශාල බාධාවක්

• වඩාත් නරක අතට හැරෙන එක්සත් ජනපද ණය අර්බුදය 

• ඩොලර් වත්කම් අඩු කිරීම සඳහා ප්‍රධාන ආර්ථිකයන් විසින් සම්බන්ධීකරණය කරන ලද පියවරක් වැනි වූ 

 බලවේග පෙළ ගැසුනහොත් ඩොලරයට සිදුවන ප්‍රතිවිපාක දරුණු විය හැකිය. මෙම තත්වය මත ලෝක ජනයා මුහුණ දෙන ප්‍රතිවිපාක අතර ඉහළ යන උද්ධමනය, ආනයන පිරිවැය ඉහළ යාම සහ පුළුල් ආර්ථික අස්ථාවරත්වය සාමාන්‍ය කරුණක් බවට පත් වනු ඇත. එහෙත් මෙම අවස්ථාව උදා වීම තවමත් පවතින්නේ අඩු සම්භාවිතාවක් තුළය. ඉහත කී තත්වය උදා  කළ නොහැකි නිසා නොව, ඒ සඳහා සම්බන්ධ වූ සියල්ලන්ටම එළඹෙන නව තත්වය අවදානම් සහිත බැවිනි. බොහෝ රටවල් තවමත් ඩොලර් වලින් විශාල සංචිත තබා ගෙන සිටී. හදිසි බිඳවැටීමක් සමස්තයටම පාඩු සිදු කරනු  ලබයි. ඒ අනුව දැනට, අන්‍යෝන්‍ය යැපීම ස්ථාවර බලවේගයක් ලෙස ක්‍රියා කරයි.

ගැඹුරු ඓතිහාසික රටාව

ඉහත කී අවස්ථා වලින් ඔබ්බෙන් පුළුල් සත්‍යයක් පවතී. එනම් සංචිත මුදල් ඒකකයක් සදහටම පවතින්නේ නැත යන සත්‍යයි. ඉතිහාසය නැවත නැවතත සිදුවන රටාවක් පෙන්නුම් කරයි. එක් බලයක් උසස් කරන මූල්‍ය පද්ධති අවසානයේ පවත්වා ගැනීම වෙනුවෙන් ඉතා අධික මිලක් ගෙවීමට සිදුවේ. මිලිටරි බැඳීම් පුළුල් වේ, ණය සම්මුච්චිත වේ, එලෙසම ශේෂය උඩ යට මාරු වේ.

මෙම සංසිද්ධිය - බොහෝ විට අධිරාජ්‍ය අධික ලෙස පුළුල් කිරීම ලෙස හැඳින්වේ. මෙය අතීත අධිරාජ්‍යයන්ගේ පරිහානිය සනිටුහන් කළ ප්‍රපංචයකි.මේ සඳහා බ්‍රිතාන්‍ය අත්දැකීම් පැහැදිලි උදාහරණයක් සපයයි. එහි ගෝලීය ප්‍රවේශය තිබියදීත්, ආධිපත්‍යය පවත්වා ගැනීමේ ආර්ථික බර අවසානයේ තිරසාර නොවන බව ලොවට ඔප්පු විය.

එක්සත් ජනපදය දැන් සමාන ආවර්ත ලක්ෂ්‍යයකට ළඟා වෙමින් සිටින බව දැකිය හැක. ඉහළ යන ණය බැඳීම්, සැලකිය යුතු මිලිටරි වියදම් සහ වර්ධනය වන ගෝලීය තරඟකාරිත්වය සමඟ, එක්සත් ජනපදය මත පැටවෙන පීඩනයන් වැඩි වෙමින් පවතී.

අවසානයක් නොවන සංක්‍රාන්තියක්

මේ කිසිවක් මගින් ආසන්න බිඳවැටීමක් පෙන්නුම් නොකරයි. අධිරාජ්‍යයන් ඉතා කලාතුරකින් එක රැයකින් වැටෙනු දැකිය හැක. එහෙත් සංක්‍රාන්ති  කාලය වසර ගණනාවක් පුරා දිග හැරේ. බොහෝ විට  සංක්‍රාන්ති කාලය දශක ගණනාවක් පුරා පැවතිය හැක. වෙනස් වෙමින් පවතින්නේ ඩොලරයේ ශක්තිය පමණක් නොව, ගෝලීය පද්ධතියේ ව්‍යුහයයි. එක් මූල්‍ය මධ්‍යස්ථානයක් වටා සංවිධානය වූ ලෝකයක් බහු බල කේන්ද්‍රස්ථාන සහිත එකක් බවට පරිණාමය වෙමින් පැවතිය හැකිය. පුද්ගලයන් සම්බන්ධයෙන් ගත් කළ මෙම තත්වයෙන් ලැබෙන ඇඟවුම් සියුම් නමුත් වැදගත් ය. මුදළේ ස්ථාවරත්වය, උද්ධමනය සහ ගෝලීය වෙළඳ ගතිකත්වය යන සියල්ලම පුද්ගල ජීවිතයේ එදිනෙදා ආර්ථික යථාර්ථයන් හැඩගස්වයි.

ගමනේ ඉදිරිය

පවතින යතාර්ථය අපව කොහේ දමා යනු ඇතිද?. මෙම පැනයට ලැබෙන පිළිතුර, වඩාත්ම විය හැකි මාර්ගය සුමට හෝ විනාශකාරී නොවන නමුත් එම ප්‍රපංච අතරට වැටෙන යමක් සිදුවනු ඇත යන්නයි. එනම් තරඟකාරිත්වය, සාකච්ඡා සහ ක්‍රමයෙන් වෙනස් වීම මගින් සලකුණු කරන ලද දිගු ගැලපුම් කාල පරිච්ඡේදයකට මුහුණ දීමට තනි තනි පුද්ගලයන්ට සිදුවනු ඇත.

ඩොලරය අතුරුදහන් වීමට ඉඩක් නැත. නමුත් එහි අවිවාදිත ආධිපත්‍යයේ යුගය අවසන් වෙමින් පවතී. මෙම මාරුව තේරුම් ගැනීම ශාස්ත්‍රීය අභ්‍යාසයකට වඩා වැඩි යමකි. එය, අවිනිශ්චිතතාවය සඳහා, වෙනසක් සඳහා සහ ගෝලීය මූල්‍ය නීති අතීතයේ ඒවාට වඩා බෙහෙවින් වෙනස් ලෙස පෙනෙන අනාගතයක් සඳහා සූදානම් වීමේ ක්‍රමයකි.

අවසානයේ, කේන්ද්‍රීය ප්‍රශ්නය වන්නේ පද්ධතිය පරිණාමය වේවිද යන්න නොවේ. පද්ධතිය පරිණාමය වන්නේ කෙසේද සහ එය සිදු වන විට අප ඒ සඳහා කෙතරම් සූදානම්ද යන්නයි.

මහාචාර්ය ජියැං සුඕකින් යනු චීන-කැනඩා අධ්‍යාපනඥයෙක්, ලේඛකයෙක්, ඉතිහාසඥයෙක් සහ භූ දේශපාලනික විචාරකයෙකු ලෙස කටයුතු කරන්නෙකි. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ ඔහුගේ කටයුතු සහ ඉතිහාසය, උපායමාර්ග සහ ගෝලීය දේශපාලනය පිළිබඳ ඔහුගේ ජනප්‍රිය මාර්ගගත දේශන හේතුවෙන් ලෝක ප්‍රසිද්ධ වූ බුද්ධිමතෙකි.

මහාචාර්ය ජියැං සුඕකින්ගේ අන්තර් ජාල දේශනයක් ඇසුරෙන් සකස් කළේ ජීවන්ත ජයතිස්ස

සම්බන්ධිත පුවත් | Related News

ජිනීවා මානව හිමිකම් මණ්ඩලයේ (UNHRC) 63 වන සැසිවාරයේ A/HRC/63/18 දරන වාර්තාව මගින් ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය, ජාතික ආරක්ෂාව සහ අධිකරණ පද්ධතිය බරපතල තර්ජනයකට ලක්ව ඇත.
“බුදුහාමුදුරුවෝ කියන්නෙත් සාමාන්‍ය මනුස්සයෙක්. ඉතින් ඒ තරම් ඈත කාලෙක උන්වහන්සේ ලංකාවට වැඩම කළා කියන කතාව පිළිගන්න අමාරුයි.” මෙන්න මෙහෙම තමයි එක්තරා පුද්ගලයෙක් ඊයේ මම ලියපු ලිපියට ප්‍රතිචාර දක්වලා තිබුණේ. මේ විදිහට තමන්ගේ අබ්බගාතකම මුල් කරගෙන ලෝකය දිහා බලන අය ඕන තරම් අපි අතර ඉන්නවා.
ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයේ මුලික අඩිතාලම වන්නේ ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය අතර පවතින බලතුලනය සහ ස්වාධීනත්වයයි. ශ්‍රේෂ්ඨාධිකරණ හා අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස් සීමාව වසර දෙකකින් (අවුරුදු 65 සිට 67 දක්වා) දීර්ඝ කිරීම අරමුණු කරගත් 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන යෝජනාව, මෙරට නීතිමය සහ දේශපාලනික ක්ෂේත්‍රය තුළ දැඩි සංවාදයකට ලක්වූ මාතෘකාවකි.
තමන් මහා ඉතිහාසඥයෙක් කියලා මහාචාර්ය ලයිසන් එකක් කරේ එල්ලගෙන සමාජ මාධ්‍ය වේදිකාවල පිනුම් ගහන නිර්මාල් රංජිත් දේවසිරි කටින් කියන දේවල් සහ දිවෙන් කියන දේවල් අතර ‍ලොකු වෙනසක් තියෙනවා. අපි මුලින් ම, ඒ වෙනස තේරුම් ගනිමු.
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මඟින් විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කිරීමට යෝජනා කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 09 වන වගන්තියට (බුද්ධ ශාසනය සුරක්ෂිත කිරීමේ වගන්තියට) පටහැනි බව පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රකාශ කළහ.
පුරාවිද්‍යාත්මක උරුමය යනු මානව ඉතිහාසයේ, සංස්කෘතියේ සහ අතීත මානව ක්‍රියාකාරකම්වල අතිමහත් භෞතික සාක්ෂියයි. ශ්‍රී ලංකාවේ උතුරු සහ නැගෙනහිර පළාත් පුරා විහිදී ඇති අතිවිශාල පුරාවිද්‍යාත්මක ස්ථාන, මූලික වශයෙන් කුරුන්දි විහාරය (කුරුන්දාවශෝක විහාරය), තන්නිමුරුප්පු, වෙඩිනාගල, අරිසිමලේ, දිගාවාපිය, මුහුදු මහා විහාරය සහ කඳුරුගොඩ වැනි ප්‍රදේශ අතීත බෞද්ධ හා සංස්කෘතික නගරෝත්පාදනයේ උරුමයන් වේ. කෙසේ වෙතත්, වර්තමානය වන විට මෙම කලාපයන්හි පුරාවිද්‍යා උරුමයන් විනාශ කිරීම, අනවසරයෙන් අත්පත් කර ගැනීම, නාම පුවරු ගැලවා ඉවත් කිරීම සහ වෛරීසහගත දේශපාලන මැදිහත්වීම් හරහා අතුරුදන් කිරීමේ බරපතල තර්ජනයකට ලක්ව ඇත.
විදේශ ආයෝජන යනු ආර්ථික සංවර්ධනය සඳහා වැදගත් සංරචකයක් වන අතර, විශේෂයෙන් ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා එහි වැදගත්කම ඉතා ඉහළය. විදේශ ආයෝජකයන් ආයෝජනය සඳහා රටක් තෝරා ගැනීමේදී බදු සහන, ශ්‍රම පිරිවැය, යටිතල පහසුකම් හෝ වෙළඳපොළ අවස්ථා පමණක් සැලකිල්ලට නොගනිති.
ශ්‍රී ලංකාව 2024 වසරේ චීනයට අපනයනය කළ සමස්ත භාණ්ඩවල වටිනාකම ඩොලර් මිලියන 261 ක් බවත්, වියට්නාමය 2024 වසරේ චීනයට අපනයනය කළ දූරියන්වල වටිනාකම පමණක් ඩොලර් මිලියන 2940ක් බවත් Next Page අන්තර්ජාල නාලිකාව පෙන්වා දෙයි.
රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් යුක්රේන යුද පෙරමුණේ රුසියානු හමුදා අත්කර ගනිමින් සිටින වේගවත් ජයග්‍රහණ පිළිබඳ පැහැදිලි කරනු ලැබීය.

ප්‍රධාන පුවත්

හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..

මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.

22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී පරාජය කිරීම සඳහා, එනම් තුනෙන් දෙක හෙවත් ඡන්ද 151ක් ගැනීම වැළැක්වීම සඳහා අගමැති හරිනි අමරසූරිය මහත්මිය මුල් වී තවත් 9 දෙනෙකු සමග කැරැල්ලක් ගැසීමට ඉඩ ඇති බවට පළවන මතවාද පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්පූර්ණයෙන්ම අයුක්තිසහගත සහ නීති විරෝධී ක්‍රියාවක් බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් සකස් කරන ලද නවතම වාර්තාව ජිනීවාහිදී ප්‍රකාශයට පත් කර තිබේ.

නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (04) නියෝග කළේය.

කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව එල්ල වී ඇති රුපියල් කෝටි 30ක (මිලියන 300ක) බරපතල මූල්‍ය අවභාවිත හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබේ.

ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..

මෙරට ගල් අඟුරු සංචිත ප්‍රමාණවත් නොවීම හේතුවෙන් විදුලි උත්පාදන ක්‍රියාවලිය බරපතල අර්බුදයකට ලක්ව ඇති බවත්, අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක (නෞකා දෙකක පමණ) අඩුවක් පවතින බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා

සෙවණගල සීනි සමාගමේ පාලනාධිකාරිය සහ සේවකයන් අතර දීමනා හා නිවාඩු සම්බන්ධයෙන් හටගත් ගැටලුවක් මුල් කරගනිමින් ආරම්භ වූ වැඩ වර්ජනයක් හේතුවෙන් කර්මාන්තශාලාවේ කටයුතු සම්පූර්ණයෙන්ම අක්‍රිය වී තිබේ. මෙම වර්ජනය නිසා අස්වනු නෙළන ලද උක් ටොන් 6,000කට ආසන්න ප්‍රමාණයක් විනාශ වීමේ දැඩි අවදානමකට ලක්ව ඇති බව වාර්තා වේ.

ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මූතූර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි ඓතිහාසික කොට්ටියාරම සෑගිරිය රජමහා විහාරය මේ වන විට අන්තවාදී ආක්‍රමණ, නිදන් හොරුන්ගේ තර්ජන සහ ප්‍රදේශයේ සිදුවන කළුගල් කර්මාන්ත (ගල්කොරි) හේතුවෙන් දැඩි විනාශයකට ලක්වෙමින් පවතින බව වාර්තා වේ.

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති පෙත්සම් විභාගය ඊයේ (03) ආරම්භ වුණි.

සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි

සමස්ත ලෝකයේ මේ වන විට සිටින බවට ඇස්තමේන්තු කර ඇති ගොවීන් මිලියන 934කින් අඩකට ආසන්න පිරිසක් සෑම වසරකම නොදැනුවත්ව පළිබෝධනාශක විෂවීමකට ලක්වන බව Frontiers in Public Health සඟරාවේ ඊයේ(02) ප්‍රකාශයට පත් කළ අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා ආණ්ඩුව මහජනයාට දැනෙන නිශ්චිත උපායමාර්ගික හැරවුමකට යොමුකිරීම සඳහා තීන්දු ගෙන නොමැති බවත්, අංක ගණිත විජ්ජාවල් පෙන්වා ව්‍යාජ චිත්‍රයක් මහජනයාට මවාපාන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා චෝදනා කරයි.

අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්

"Atlas Angel - 2026" නමින් ශ්‍රී ලංකාවේ දී දින 5ක් පැවැත්වෙන ඒකාබද්ධ ගුවන් පුහුණු අභ්‍යාසය පසුගිය 31 වැනි දා ආරම්භ වූ අතර ඒ සඳහා අමෙරිකානු මොන්ටානා ජාතික ආරක්ෂක බලකාය සමග අමෙරිකානු පැසිෆික් ගුවන් හමුදාව සහභාගි වේ.

පෙත්සම්කරුවන්ගේ නීතිඥවරුන්ට, අවස්ථාව නොදීම ගැන පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමයේ සභාපතිගේ කනස්සල්ල..

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහි පෙත්සම් විභාගයේ දී පෙත්සම්කරුවන්ගේ නීතිඥවරුන්ට, පිළිතුරුදීමට අවශ්‍ය වූ නමුත් ඔවුන්ට අවස්ථාවක් නොලැබුණු බව පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමයේ (CLA) සභාපති ස්ටීවන් තිරූ මහතා පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.