News Category
From Date
To Date
Maximum Number of Result

ඩොලර් ආධිපත්‍යයේ මන්දගාමී බිඳ වැටීම: ගෝලීය මූල්‍ය පිළිවෙලහි ඊළඟ වකවානුවෙහි ස්වභාවය විමසීම

Apr 4, 2026 at 03:17 PM
|

දශක ගණනාවක් තිස්සේ, ගෝලීය ආර්ථිකයේ කේන්ද්‍රයේ පිහිටා සිටියේ එක්සත් ජනපද ඩොලරයයි. එය ජාතීන් අතර වෙළඳාම, ඉතිරිකිරීම් වලදී මෙන්ම බලය හැඩගස්වන අදෘශ්‍යමාන බලවේගයක් බවට පත්ව තිබේ. ඒ අනුව එක්සත් ජනපද ඩොලරය යනු රටවල් විශ්වාසය තබන මුදල් ඒකකයක් මෙන්ම,ඛනිජ තෙල් රටකින් රටකට ගලා යන මාධ්‍යය මෙන්ම නූතන මූල්‍ය පාලනය ගොඩනඟන පදනමද වන්නේය.

නමුත් එම පදනම ඉරිතලා යාමට ආරම්භ වී ඇත්නම් අප කුමක් කළ යුතුද? 

මෙම ප්‍රශ්නය තවදුරටත් න්‍යායාත්මක ප්‍රශ්නයක් නොවේ. මෙම ප්‍රශ්නය, වර්ධනය වන ගෝලීය විවාදයක කේන්ද්‍රීය ප්‍රශ්නය බවට පත්ව තිබේ. එනම්, "එක්සත් ජනපද ඩොලරය ලෝකයේ සංචිත මුදල් ඒකකය ලෙස එහි වත්මන් තත්ත්වය අහිමි වුවහොත් කුමක් සිදුවේද?" යන  ප්‍රශ්නයයි. ප්‍රශ්නයට ලැබෙන පිළිතුර රාජ්‍යයන්ට සහ මූල්‍ය වෙළඳපොළවල් වලට සඳහා පමණක් නොව, මුදල්වල ස්ථාවරත්වය සමඟම ජීවිත බැඳ ඇති සාමාන්‍ය ජනතාවද ගැඹුරු මානයන් වෙත යොමු කරනු ලබයි.

ඩොලරයේ ආධිපත්‍යයේ ගෘහ නිර්මාණ ශිල්පය

ඊළඟට කුමක් සිදුවිය හැකිද යන්න තේරුම් ගැනීමට නම් අපි මුලින්ම ඩොලරය මෙතරම් ප්‍රමුඛ වූයේ මන්දැයි තේරුම් ගත යුතුය. ජනප්‍රිය විශ්වාසයට පටහැනිව ගත් කළ ඩොලරය මෙතරම් ප්‍රමුඛ වූයේ හුදෙක් එක්සත් ජනපදය ලෝකයේ විශාලතම ආර්ථිකය වන නිසා නොවේ. ඇත්ත වශයෙන්ම, ඩොලර් ආධිපත්‍යයේ මූලයන් බලශක්ති සහ මිලිටරි බලයේ උපායමාර්ගික පෙළගැස්ම මත රඳා පවතී.

1973 දී, එක්සත් ජනපදය සහ සෞදි අරාබිය අතර අත්සන් තැබූ තීරණාත්මක ගිවිසුමක් මගින් ගෝලීය මූල්‍ය කටයුතු නැවත හැඩගස්වනු ලැබීය. ගිවිසුමට අනුව ලෝකයේ අත්‍යවශ්‍යම වෙළඳ භාණ්ඩය වන ඛණිජ තෙල්, ඇමරිකානු ඩොලර් වලින් පමණක් අලෙවි කිරීමට තීරණය විය. ඒ වෙනුවට, ගිවිසුම් ප්‍රකාරව එක්සත් ජනපදය සෞදි රාජ්‍යයට ආරක්ෂාව පිළිබඳ සහතික ලබා දෙනු ලැබේ. ගිවිසුමේ ඉහත කී ප්‍රතිපාදන හේතුවෙන් පෙට්‍රෝඩොලර් පද්ධතිය බිහි කළේය.

සෑම රටකටම ඛණිජ තෙල් අවශ්‍ය නිසා, සෑම රටකටම ඩොලර් අවශ්‍ය වේ. චීනය එහි කර්මාන්තශාලා වලට ඉන්ධන සපයන්නේද නැතහොත් ජර්මනිය එහි කර්මාන්ත බලගන්වන්නේද යන්න සැලකිල්ලට ගන්න පළමු මොහොතේදීම, බලශක්තිය ලබා ගැනීමට එක්සත් ජනපද මුදල් ඒකකයට ප්‍රවේශ වීම අවශ්‍ය වේ. කාලයත් සමඟ, මෙය ස්වයං-ශක්තිමත් කිරීමේ ලූපයක් නිර්මාණය කළේය. එනම් ජාතීන් ඩොලර් උපයා ගත්හ, ඩොලර් ගබඩා කළහ, ඊට අනුලෝමව ඩොලර් වලින් වෙළඳාම් කළහ. මෙම ක්‍රියාවලියේ අවසන් ප්‍රතිඵලය ඩොලරය ගෝලීය ආර්ථිකයේ ජීව රුධිරය හෝ "ඔක්සිජන්" බවට පත් වීම වූවේය.

එහෙත් මෙම ක්‍රමය තනිකරම මූල්‍යමය වන්නක් නොවේ. එය භූ දේශපාලනය විමසා බැලීමෙන් ආවරණය වේ. එක්සත් ජනපද හමුදාව, විශේෂයෙන් එහි නාවික ආධිපත්‍යය, තීරණාත්මක නැව් මාර්ග සහ වෙළඳ නාවික හෝ ගොඩබිම් ගමන් මාර්ගයක ඇති ගෝලීය වෙළෙඳාමේ ඉතා තීරණාත්මක ඇල මාර්ග, සමුද්‍ර සන්ධි ආදි වශයෙන් වන මර්මස්ථාන සුරක්ෂිත කරනු ලබයි. ඒ අනුව ඇත්ත වශයෙන්ම, ඩොලරයේ ස්ථාවරත්වය වෙළඳපොළට පමණක් නොව, ජාත්‍යන්තර සබඳතා සහ හමුදාමය සන්දර්භය තුළ, ආර්ථික හෝ දේශපාලන බලය තමන්ගේම දේශසීමාවෙන් බැහැර, සෘජුව හෝ වක්‍රව යොදවා අදාළ තැන්වල පරිපාලන සහ දේශපාලන තීරණවලට බලපෑම් කිරීමේ හැකියාව සමඟ ද බැඳී ඇත.

පීඩනයට ලක් වූ පද්ධතිය

අද වන විට, අප ඉහතදී සඳහන් කළ පද්ධතියේ, ඉරිතැලීම් ලෝකයට අනාවරණය වෙමින් පවතී. ඉහළ යන භූ දේශපාලනික ආතතීන්, ආර්ථික සම්බාධක සහ විතැන් වන සන්ධාන මගින් රටවල් ඩොලරය මත යැපීම සම්බන්ධයෙන් නැවත සිතා බැලීමට පොළඹවනු ලබයි. මෑත කාලීන ගැටුම් අතරතුර එක්සත් ජනපදය බිලියන සිය ගණනක විදේශ සංචිත කැටි කිරීම මගින් පැහැදිලි පණිවිඩයක් ජාතීන් වෙත ලබා දී ඇත. එනම් ඩොලර් පද්ධතියට ප්‍රවේශ වීම කොන්දේසි වලට යටත්ය යන පණිවිඩයයි. 

ඒ අනුව බොහෝ ජාතීන් සඳහා, අමෙරිකානු එක්සත ජනපදයේ ඉහත කී හැසිරීම විසින් ලබා දුන් අවබෝධය නිහඬ නමුත් සැලකිය යුතු සීරු මාරුවකට එළඹීමට හේතු වී ඇත. එනම් රාජ්‍යයන්ට ඩොලර් මත යැපීමෙන් ඈත් වී විවිධාංගීකරණය දෙසට යොමු වීමට බල කර ඇත.

මෙම තත්වය විසින් ලෝකය කොතැනකට ගෙන යනවාද යන්න තේරුම් ගැනීමට, විශ්ලේෂකයින් බොහෝ විට " Game  Theory" හෙවත් ක්‍රීඩා න්‍යාය වෙත යොමු වේ. උපායමාර්ගික හැසිරීම් විශ්ලේෂණය කරන ගණිතමය රාමුවක් වන මෙම න්‍යාය , John Nash වැනි විද්වතුන් විසින් වර්ධනය කරන ලද්දකි. අනෙක් අයගේ තීරණ මත තම ප්‍රතිඵල රඳා පවතින අවස්ථාවලදී (උදා: ආර්ථික විද්‍යාව, යුද්ධය, දේශපාලනය) හොඳම තීරණය ගැනීමට මෙම සිද්ධාන්තය මහත් සේ උපකාරී වේ. ක්‍රීඩකයින් දිරිගැන්වීම් සහ අවදානම් මත පදනම්ව ක්‍රියා කරන ආකාරය පරීක්ෂා කරන මෙම න්‍යායට  අනුව  අනාගතයේ මතුවිය හැකි අවස්ථා තුනක් පෙන්වා දිය හැකිය.

පළමු අවස්ථාව: ක්‍රමික සංක්‍රාන්තිය

මෙම අවස්ථාවට අනුව සිදු විය හැකි වඩාත්ම ශුභවාදී ප්‍රතිඵලය වන්නේ “මෘදු ගොඩබෑමකි”. මෙහිදී, ඩොලරය බිඳ වැටෙන්නේ නැත. ඒ වෙනුවට ක්‍රමයෙන් අනෙකුත් මුදල් වර්ග සමඟ ඩොලරය එහි ආධිපත්‍යය බෙදා ගනී. චීන යුවාන්, රන් සහ සමහර විට ඩිජිටල් මුදල් ඒකක විශාල භූමිකාවන් ඉටු කරමින් ගෝලීය පද්ධතිය බහු ධ්‍රැවීය බවට පත්වේ. මේ සඳහා වන වැදගත් පූර්වාදර්ශයක් තිබේ. දෙවන ලෝක යුද්ධයෙන් පසු ඩොලරය ප්‍රමුඛත්වයට පත්වීමත් සමඟ කලක් ලෝකයේ ප්‍රමුඛ සංචිත මුදල් ඒකකය වූ බ්‍රිතාන්‍ය පවුමෙහි ප්‍රමුඛතාවය ක්‍රමයෙන් පහත වැටුණි. එහෙත් මේ සංක්‍රාන්තිය සඳහා වසර ගණනාවක් නොව දශක ගණනාවක් ගත විය.

කෙසේ වෙතත්, මෙම මාවතට පිවිසීමට ඉතිහාසයේ දුර්ලභ සිද්ධියක් අවශ්‍ය වේ. එනම් ආධිපත්‍යය දරන බලවතෙකු කැමැත්තෙන් පසුපසට යාම අනිවාර්ය වේ. එහෙත් සියළු අධිරාජ්‍යයන් බොහෝ විට පරිහානිය කළමනාකරණය කිරීමට වඩා ප්‍රතිරෝධය දැක්වීම තෝරා ගනී.

දෙවන අවස්ථාව: ඩොලර් ගැටුමේ යුගය

බොහෝ විට මෙමගින් ලැබෙන එක් ප්‍රතිඵලයක් වන්නේ සමහරු "ඩොලර් යුද්ධයක්" ලෙස තත්වය විස්තර කිරීමට පෙළඹිමයි.මෙහිදී, එක්සත් ජනපදය තම මුදලේ ආධිපත්‍යය ආර්ථික ප්‍රතිපත්තිය හරහා පමණක් නොව සම්බාධක, වෙළඳ පියවර සහ භූ දේශපාලනික බලපෑම හරහා ක්‍රියාකාරීව ආරක්ෂා කරනු ලබයි.

මෙම ක්‍රියාවලිය දැනටමත් සිදුවෙමින් පවතී. සම්බාධකවලට මුහුණ දෙන රටවල් විකල්ප ගෙවීම් පද්ධති ගොඩනැගීම, දේශීය මුදල් වලින් වෙළඳාම් කිරීම සහ ඩොලර් සංචිත අඩු කිරීම ආරම්භ කර ඇත. අමෙරිකා එක්සත් ජනපදයේ සාම්ප්‍රදායික සහචරයින් පවා නව විධිවිධාන ගවේෂණය කරමින් සිටී.

උත්ප්‍රාසාත්මක ලෙස පවසතොත්, මූල්‍ය බලය උපයෝගී කරගන්න සෑම අවස්ථාවකම විකල්ප සෙවීම වේගවත් කරයි. ආධිපත්‍යය පවත්වා ගෙන යාමට යොදා ගන්නා මෙවලම් ද ආධිපත්‍ය ඛාදනය කිරීමට දායක විය හැකිය. මෙම සියල්ලෙහි අවසාන ප්‍රතිඵලය වන්නේ තරඟකාරී කණ්ඩායම්වලට බෙදී ගිය ඛණ්ඩනය වූ ගෝලීය ආර්ථිකයකි. වෙළඳාම වඩාත් සංකීර්ණභාවයට පත් වන අතර, මූල්‍ය පද්ධතිවල ඒකාබද්ධතාවය හීන වන අතර සංක්‍රාන්ති සමය දශක ගණනාවක් පුරා විහිදීමට මග පාදනු ඇත. සංක්‍රාන්ති සමයේ අවසානය වන විට, ඩොලරය වැදගත්ව පැවතිය හැකි නමුත් තවදුරටත් අසමසම නොවේ.

තුන්වන අවස්ථාව: හදිසි බිඳවැටීමක්

මෙහිදී සිදු විය හැකි වඩාත්ම නාටකාකාර හැකියාව වන්නේ ඩොලර් ආධිපත්‍යයේ වේගවත් හා අක්‍රමවත් බිඳවැටීමයි. මෙය ක්‍රමයෙන් සිදු නොවනු ඇත. ඒ සඳහා විවිධ ආකාරයේ කම්පන එකට එකතු වීමක් අවශ්‍ය වනු ඇත. එනම්,

• ගෝලීය තෙල් සැපයුමට සිදුවන  අති විශාල බාධාවක්

• වඩාත් නරක අතට හැරෙන එක්සත් ජනපද ණය අර්බුදය 

• ඩොලර් වත්කම් අඩු කිරීම සඳහා ප්‍රධාන ආර්ථිකයන් විසින් සම්බන්ධීකරණය කරන ලද පියවරක් වැනි වූ 

 බලවේග පෙළ ගැසුනහොත් ඩොලරයට සිදුවන ප්‍රතිවිපාක දරුණු විය හැකිය. මෙම තත්වය මත ලෝක ජනයා මුහුණ දෙන ප්‍රතිවිපාක අතර ඉහළ යන උද්ධමනය, ආනයන පිරිවැය ඉහළ යාම සහ පුළුල් ආර්ථික අස්ථාවරත්වය සාමාන්‍ය කරුණක් බවට පත් වනු ඇත. එහෙත් මෙම අවස්ථාව උදා වීම තවමත් පවතින්නේ අඩු සම්භාවිතාවක් තුළය. ඉහත කී තත්වය උදා  කළ නොහැකි නිසා නොව, ඒ සඳහා සම්බන්ධ වූ සියල්ලන්ටම එළඹෙන නව තත්වය අවදානම් සහිත බැවිනි. බොහෝ රටවල් තවමත් ඩොලර් වලින් විශාල සංචිත තබා ගෙන සිටී. හදිසි බිඳවැටීමක් සමස්තයටම පාඩු සිදු කරනු  ලබයි. ඒ අනුව දැනට, අන්‍යෝන්‍ය යැපීම ස්ථාවර බලවේගයක් ලෙස ක්‍රියා කරයි.

ගැඹුරු ඓතිහාසික රටාව

ඉහත කී අවස්ථා වලින් ඔබ්බෙන් පුළුල් සත්‍යයක් පවතී. එනම් සංචිත මුදල් ඒකකයක් සදහටම පවතින්නේ නැත යන සත්‍යයි. ඉතිහාසය නැවත නැවතත සිදුවන රටාවක් පෙන්නුම් කරයි. එක් බලයක් උසස් කරන මූල්‍ය පද්ධති අවසානයේ පවත්වා ගැනීම වෙනුවෙන් ඉතා අධික මිලක් ගෙවීමට සිදුවේ. මිලිටරි බැඳීම් පුළුල් වේ, ණය සම්මුච්චිත වේ, එලෙසම ශේෂය උඩ යට මාරු වේ.

මෙම සංසිද්ධිය - බොහෝ විට අධිරාජ්‍ය අධික ලෙස පුළුල් කිරීම ලෙස හැඳින්වේ. මෙය අතීත අධිරාජ්‍යයන්ගේ පරිහානිය සනිටුහන් කළ ප්‍රපංචයකි.මේ සඳහා බ්‍රිතාන්‍ය අත්දැකීම් පැහැදිලි උදාහරණයක් සපයයි. එහි ගෝලීය ප්‍රවේශය තිබියදීත්, ආධිපත්‍යය පවත්වා ගැනීමේ ආර්ථික බර අවසානයේ තිරසාර නොවන බව ලොවට ඔප්පු විය.

එක්සත් ජනපදය දැන් සමාන ආවර්ත ලක්ෂ්‍යයකට ළඟා වෙමින් සිටින බව දැකිය හැක. ඉහළ යන ණය බැඳීම්, සැලකිය යුතු මිලිටරි වියදම් සහ වර්ධනය වන ගෝලීය තරඟකාරිත්වය සමඟ, එක්සත් ජනපදය මත පැටවෙන පීඩනයන් වැඩි වෙමින් පවතී.

අවසානයක් නොවන සංක්‍රාන්තියක්

මේ කිසිවක් මගින් ආසන්න බිඳවැටීමක් පෙන්නුම් නොකරයි. අධිරාජ්‍යයන් ඉතා කලාතුරකින් එක රැයකින් වැටෙනු දැකිය හැක. එහෙත් සංක්‍රාන්ති  කාලය වසර ගණනාවක් පුරා දිග හැරේ. බොහෝ විට  සංක්‍රාන්ති කාලය දශක ගණනාවක් පුරා පැවතිය හැක. වෙනස් වෙමින් පවතින්නේ ඩොලරයේ ශක්තිය පමණක් නොව, ගෝලීය පද්ධතියේ ව්‍යුහයයි. එක් මූල්‍ය මධ්‍යස්ථානයක් වටා සංවිධානය වූ ලෝකයක් බහු බල කේන්ද්‍රස්ථාන සහිත එකක් බවට පරිණාමය වෙමින් පැවතිය හැකිය. පුද්ගලයන් සම්බන්ධයෙන් ගත් කළ මෙම තත්වයෙන් ලැබෙන ඇඟවුම් සියුම් නමුත් වැදගත් ය. මුදළේ ස්ථාවරත්වය, උද්ධමනය සහ ගෝලීය වෙළඳ ගතිකත්වය යන සියල්ලම පුද්ගල ජීවිතයේ එදිනෙදා ආර්ථික යථාර්ථයන් හැඩගස්වයි.

ගමනේ ඉදිරිය

පවතින යතාර්ථය අපව කොහේ දමා යනු ඇතිද?. මෙම පැනයට ලැබෙන පිළිතුර, වඩාත්ම විය හැකි මාර්ගය සුමට හෝ විනාශකාරී නොවන නමුත් එම ප්‍රපංච අතරට වැටෙන යමක් සිදුවනු ඇත යන්නයි. එනම් තරඟකාරිත්වය, සාකච්ඡා සහ ක්‍රමයෙන් වෙනස් වීම මගින් සලකුණු කරන ලද දිගු ගැලපුම් කාල පරිච්ඡේදයකට මුහුණ දීමට තනි තනි පුද්ගලයන්ට සිදුවනු ඇත.

ඩොලරය අතුරුදහන් වීමට ඉඩක් නැත. නමුත් එහි අවිවාදිත ආධිපත්‍යයේ යුගය අවසන් වෙමින් පවතී. මෙම මාරුව තේරුම් ගැනීම ශාස්ත්‍රීය අභ්‍යාසයකට වඩා වැඩි යමකි. එය, අවිනිශ්චිතතාවය සඳහා, වෙනසක් සඳහා සහ ගෝලීය මූල්‍ය නීති අතීතයේ ඒවාට වඩා බෙහෙවින් වෙනස් ලෙස පෙනෙන අනාගතයක් සඳහා සූදානම් වීමේ ක්‍රමයකි.

අවසානයේ, කේන්ද්‍රීය ප්‍රශ්නය වන්නේ පද්ධතිය පරිණාමය වේවිද යන්න නොවේ. පද්ධතිය පරිණාමය වන්නේ කෙසේද සහ එය සිදු වන විට අප ඒ සඳහා කෙතරම් සූදානම්ද යන්නයි.

මහාචාර්ය ජියැං සුඕකින් යනු චීන-කැනඩා අධ්‍යාපනඥයෙක්, ලේඛකයෙක්, ඉතිහාසඥයෙක් සහ භූ දේශපාලනික විචාරකයෙකු ලෙස කටයුතු කරන්නෙකි. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ ඔහුගේ කටයුතු සහ ඉතිහාසය, උපායමාර්ග සහ ගෝලීය දේශපාලනය පිළිබඳ ඔහුගේ ජනප්‍රිය මාර්ගගත දේශන හේතුවෙන් ලෝක ප්‍රසිද්ධ වූ බුද්ධිමතෙකි.

මහාචාර්ය ජියැං සුඕකින්ගේ අන්තර් ජාල දේශනයක් ඇසුරෙන් සකස් කළේ ජීවන්ත ජයතිස්ස

සම්බන්ධිත පුවත් | Related News

අභිනවයෙන් ප්‍රතිසංස්කරණය කරන ලද මිහින්තලා මහා සෑයේ කොත සහ චූඩාමාණික්‍යය නිරාවරණය කිරීමේ මහෝත්සවය ඓතිහාසික මිහින්තලා පුජා භූමියේදී පසුගිය දා උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර මෑතකදී සිදුවූ පැයකට අධික (විනාඩි 90ක) දුරකථන සංවාදය ලෝක දේශපාලනයේ සහ බලශක්ති වෙළඳපොළේ දැඩි කතාබහට ලක්ව තිබේ.
රියාද් පාලනය දැඩි ප්‍රතිප්‍රහාර එල්ල කරන බවට තර්ජනය කරමින් ,එක්සත් අරාබි එමීර් රාජධානිය ආරක්ෂා කිරීම සඳහා විදේශීය හවුල්කරුවන්ගේ සහාය ලබාගන්නා බවට පොරොන්දු වෙමින් සිටියද, හූති සටන්කාමීහු සෞදි අරාබියට අඛණ්ඩව ප්‍රහාර එල්ල කරති.
එක්සත් අරාබි එමිර් රාජ්‍යය (United Arab Emirates, UAE) හැදිලා තියෙන්නේ අබුඩාබි (Abu Dhabi), ඩුබායි (Dubai), සාර්ජා (Sharjah), අජ්මාන් (Ajman), උම් අල් කුවයින් (Umm Al Quwain), රාස් අල් කයිමා (Ras Al Khaimah), සහ ෆුජයිරා (Fujairah) කියන එමිර් රාජ්‍ය හත එකතුවෙලා කියලා අපි දන්නවා. අබුඩාබියට තමයි මේවා අතරින් විශාල ම භූමි ප්‍රදේශයක් (සමස්ත UAE භූමියෙන් සීයට 87 ක්) හිමිවෙලා තියෙන්නේ. අබුඩාබි නගරය තමයි එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අගනුවර විදිහටත් සැළැකෙන්නේ. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තෙල් සම්පත් වැඩියෙන් ම තියෙන්නෙත් අබුඩාබියේ. මේ බිමේ ඉන්න අයගේ ඒක පුද්ගල ආදායම ඩොලර් 75,000 කටත් වැඩියි.
රටක අනන්‍යතාවය සූක්‍ෂම ලෙස අකාමකා දමන ආකාරය සහ වත්මන් මොහොතේ අප ඉදිරියේ පවතින අභියෝග හඳුනා ගැනීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීඩියෝවක් මගින් කරුණු රැසක් හෙලිකර තිබේ.
රටක අනන්‍යතාවය සූක්‍ෂම ලෙස අකාමකා දමන ආකාරය සහ වත්මන් මොහොතේ අප ඉදිරියේ පවතින අභියෝග හඳුනා ගැනීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීඩියෝවක් මගින් කරුණු රැසක් හෙලිකර තිබේ.
බ්‍රිතාන්‍ය යටත්විජිත පාලන සමයේ දී තමන්ගේ චීවරය ගැලවීමට ඉඩ නොදී සිරගෙදරත් අරගල කළ භික්ෂූන් වහන්සේ නමක් සිටි අතර, ඒ උඩකැන්දවල සිරිසරණංකර හිමියෝ ය.
2016 වර්ෂයේ දිනක ජර්මානු ජාතික ඇන්ඩි්‍රයාස් ස්ටීන්ඩිල්ට සදා නොමැකෙන අකරතැබ්බයක් සිදු විය. ඒ, ආරක්‍ෂක නිලධාරීන්ට හොරෙන් ඊජිප්තුවේ ගීසා හි මහා පිරමීඩයේ මුදුනට ම නැඟ වීඩියෝ ගතකොට පහළට පැමිණි අවස්ථාවේදී ඊජිප්තු සංචාරක පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීම ය.

ප්‍රධාන පුවත්

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පරිගණක පද්ධති වෙත සයිබර් ප්‍රහාරයක් එල්ල කළ හැකර්වරුන් විසින් ක්‍රිප්ටෝ මුදලින් ඇමෙරිකානු ඩොලර් 50,000ක කප්පම් මුදලක් ඉල්ලා සිටි බවත්, ජාතික ගුවන් සේවය තවදුරටත් මෙවැනි සයිබර් ප්‍රහාර හමුවේ අවදානම් තත්ත්වයක පවතින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර චෝදනා කරයි.

ප්‍රංශය ඇතුළු යුරෝපා රටවල උග්‍රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..

ප්‍රංශය ඇතුළු යුරෝපීය රටවල් කිහිපයක මේ වන විට දැඩි ආර්ථික හා සමාජීය අර්බුදයක් නිර්මාණය වී ඇති බවත්, එය මහා පරිමාණ ජනතා විරෝධතා සහ උද්ඝෝෂණ දක්වා වර්ධනය වී ඇති බවත් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්‍යය මගින් විනාශකාරී මහා සත්‍යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා

ත්‍රෛනිකායික ලේඛකාධිකාරී හිමිවරුන් සමග පැවැත් වූ රැස්වීමකට පසුව අමාත්‍ය සුනිල් සෙනෙවි මහතා ප්‍රකාශයක් කරමින් අටමස්ථානය තුළ රාමා කෝවිල් ඉදිනොකරන බව සහ රුවන්වැලි සෑය වටා වැටක් නොගසන බව ප්‍රකාශයක් කර තිබිණි.

භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි

පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් භික්ෂූන් වහන්සේලා විසින් පැවැත්වූ පාගමන රාජ්‍ය විරෝධී පාගමනක් ලෙස විවිධ අය අර්ථකථනය කරන බවත්, විශේෂයෙන්ම ආණ්ඩුවේ පාර්ශ්වයෙන් මෙම චෝදනාව නගන බවත්, එහෙත් එකඳු සටන් පාඨයක් හෝ භික්ෂූන් වහන්සේලා මෙම පා ගමනේ දී නොපවසා ඉතා සාමකාමීව මෙම පාගමන පැවැත්වූ බවත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල අනුනායක හිමියෝ පවසති.

"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්‍රාත්වරයා රබර් මුද්‍රාවක් වෙලා": ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්‍රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කර ගැනීමේ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග කිරීම ඊයේ (20) පෙරවරුවේ ආරම්භ විය.

අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්

අනුරාධපුර පූජා නගරය තුළ පිහිටි ඓතිහාසික බුලන්කුලම වැව හෙවත් "ජයවාපි" වැව ආශ්‍රිත වැව් රක්ෂිතයෙන් අක්කර 200කට ආසන්න ප්‍රමාණයක් නිවාස ඉදිකිරීම සඳහා රාජ්‍ය නිලධාරීන්ට බෙදාදීමේ ක්‍රියාවලිය නින්දාසහගත වරදක් බව පෙන්වා දෙමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් කෘෂිකර්ම සහ වාරිමාර්ග අමාත්‍ය ලාල්කාන්ත මහතා වෙත විශේෂ ලිපියක් යොමුකර තිබේ.

ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)

ඉරානයේ දකුණුදිග චාබහාර් (Chabahar) වරාය, ඇෆ්ගනිස්ථාන දේශසීමාව ආසන්නයේ පිහිටි සහදාන් (Zahedan) නගරය සමඟ සම්බන්ධ කරන ප්‍රධාන දුම්රිය මාර්ගය ඉරානය විසින් සම්පූර්ණ කර තිබේ. ඉරාන වරායන්ට එරෙහි ඇමෙරිකානු අවහිර කිරීම් සහ බටහිර රටවලින් එල්ල වන ආර්ථික පීඩනය ඉහළ යමින් පවතින පසුබිමක මෙම සංවර්ධනය සිදුව ඇත.

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්‍රාන්තයකින් වරෙන්තුවක්

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීම සඳහා ෆ්ලොරිඩා ප්‍රාන්තයේ විනිසුරුවරයෙකු විසින් වරෙන්තුවක් නිකුත් කර ඇති බව එම ප්‍රාන්තයේ නීතිපතිවරයා ඊයේ(19) ප්‍රකාශ කළේය.

ඇමරිකානු ජනපති ට්‍රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර මෑතකදී සිදුවූ පැයකට අධික (විනාඩි 90ක) දුරකථන සංවාදය ලෝක දේශපාලනයේ සහ බලශක්ති වෙළඳපොළේ දැඩි කතාබහට ලක්ව තිබේ.

මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..

රාජ්‍ය නොවන සංවිධාන විසින් මෙහෙයවනු ලබන සහ ආණ්ඩුවට හිතවාදී මුදලට ගිජු යූටියුබ් කරුවන් අතලොස්සක් විසින් බුදුන් වහන්සේට සහ මහා සංඝරත්නයට එරෙහිව එල්ලකරනු ලබන වාචික ප්‍රහාර පිළිබඳව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් සිදුකළ පැමිණිල්ලක් විභාග කිරීම සඳහා අද (20) දින වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත.

මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..

ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ යළිත් වරක් පුපුරා යා හැකි යුද ගැටුමකදී, මැදපෙරදිග කලාපයේ තීරණාත්මක දත්ත මධ්‍යස්ථාන, සන්නිවේදන කේබල් පද්ධති මෙන්ම කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණික මධ්‍යස්ථාන දැඩි ප්‍රහාරක ඉලක්ක බවට පත් කරන බවට ඉරානය විසින් නිකුත් කර ඇති අනතුරු ඇඟවීම ජාත්‍යන්තර ප්‍රජාව දැඩි කම්පනයට පත් කර තිබේ.

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්‍රවීන මාධ්‍යවේදී ධර්මශ්‍රී ගෙන් අනාවරණයක්..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට යළි ජනාධිපති සමාවක් ලබා දීමේ හැකියාව සහ ඊට අදාළව රට තුළ මතුවී තිබෙන නීතිමය, දේශපාලනික හා සමාජීය තත්ත්වයන් මේ වන විට දැඩි කතාබහකට ලක්ව තිබේ.

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් මේ රටේ රාජ්‍යත්වයට පත් නොවිය යුතු බව යැයි මෙරට පුරාතන සෙල්ලිපිවල පවා පැහැදිලිව දක්වා ඇති බව අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද නාහිමියෝ පවසති.

මහානායක අතිපූජ්‍ය ඕමාරේ කස්සප නායක හිමියන් විපක්ෂ නායක හිරවෙන ප්‍රශන 3ක් අහලා..

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ ශ්‍රී රෝහණ පාර්ශ්වයේ අතිපූජ්‍ය මහානායක අග්ගමහා පණ්ඩිත, ශාස්ත්‍රපති අතිපූජ්‍ය ඕමාරේ කස්සප අභිධාන මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ සමග 2026 ඔක්තෝබර් මස 12 වන දින මහරගම වත්තෙගෙදර අතිපූජ්‍ය මහානායක මාහිමිපාණන් වහන්සේගේ සුවදුක් සොයා බැලීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා පැමිණි හෙයින් එතුමා සාදරයෙන් පිළිගත් අතිපූජ්‍ය මහානායක මාහිමිපාණන් වහන්සේ විශේෂ ආරක්ෂක කුටියක සිටිමින් මෙම සාකච්ඡාව පැවැත්වුණි.

අද, හෙට සහ අනිද්දා දීප ව්‍යාප්ත විදුලි කප්පාදුවක්..

අද (19) , හෙට (20) සහ අනිද්දා (21) යන තෙදින තුළ දිවයිනේ සියලු ප්‍රදේශ කලාප 4කට බෙදා පැය බැගින්වූ විදුලි කප්පාදුවක් සිදුකිරීමට මහජන උපයෝගිතා කොමිසමෙන් අවසර ඉල්ලූ බව ජාතික පද්ධති ක්‍රියාකරු සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී බුද්ධික සමරසිංහ මහතා පවසයි.

කොටුව මහේස්ත්‍රාත්වරයා නිකුත් කළ තහනම් නියෝගයට එරෙහිව ගම්මන්පිලගෙන් පෙත්සමක්..

මහා සංඝරත්නයට සහ පිරිසකට ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරියේ රැඳී සිටීම වළක්වමින් කොටුව මහේස්ත්‍රාත්වරයා නිකුත් කළ තහනම් නියෝගයට එරෙහිව පිවිතුරු හෙළ උරුමයේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ උදය ගම්මන්පිල මහතාඅභියාචනාධිකරණය වෙත පෙත්සමක් ගොනු කර තිබේ.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.