ඉරාන න්‍යෂ්ටික බලාගාරයට එල්ල වූ ප්‍රහාරයෙන් කලාපයම විකිරණ අවදානමක..
අඛණ්ඩව එල්ල වන ඇමරිකානු-ඊශ්‍රායල ප්‍රහාර හමුවේ ඉරානයේ පවතින එකම න්‍යෂ්ටික බලාගාරයට හානි සිදුවීමෙන් සමස්ත කලාපයම දැවැන්ත විකිරණශීලී ව්‍යසනයකට මුහුණ දීමේ අවදානමක් පවතින බව ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි මහතා අවධාරණය කරයි.
පසුගිය සෙනසුරාදා ඉරානයේ නිරිතදිග පර්සියානු ගල්ෆ් වෙරළ තීරයේ පිහිටි බුෂෙහර් න්‍යෂ්ටික බලාගාරය ඉලක්ක කර ගනිමින් යළිත් ප්‍රහාර එල්ල වූ බවත්, එමගින් පිටවන විකිරණශීලී ද්‍රව්‍ය හේතුවෙන් මුළු කලාපයේම ජන ජීවිත අනතුරේ වැටෙනු ඇති බවත් අමාත්‍යවරයා සිය 'X' ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත.
ඉරාන න්‍යෂ්ටික මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් එල්ල වන අතිශය භයානක ප්‍රහාර හමුවේ බටහිර ආණ්ඩුවල නිහඬතාව සහ උදාසීනත්වය විදේශ අමාත්‍යවරයාගේ දැඩි විවේචනයට ලක් විය. එහිදී ඔහු 2022 වසරේදී යුක්රේනයේ සපෝරිෂියා න්‍යෂ්ටික බලාගාරයට රුසියාව ප්‍රහාර එල්ල කළ බවට එල්ල වූ චෝදනා හමුවේ බටහිර රටවල් දැක්වූ දැඩි විරෝධය සිහිපත් කර දුන්නේය.
"යුක්රේනයේ සපෝරිෂියා න්‍යෂ්ටික බලාගාරය අසල සිදුවූ ගැටුම් සම්බන්ධයෙන් බටහිර ලෝකය දැක්වූ කෝපය ඔබට මතකද? ඊශ්‍රායලය සහ ඇමරිකාව මේ වන විට අපගේ බුෂෙහර් බලාගාරයට සිව් වතාවක් බෝම්බ හෙළා තිබේ. මෙහි විකිරණශීලී බලපෑම තෙහෙරානයට නොව, ගල්ෆ් සහයෝගිතා කවුන්සිලයේ (GCC) රටවල අගනගරවල ජීවිත විනාශ කර දමනු ඇත," යනුවෙන් අරග්චි පෙන්වා දුන්නේය.
පසුගිය සෙනසුරාදා ඉරානයේ පෙට්‍රොකෙමිකල් මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් එල්ල වූ ප්‍රහාර මෙන්ම, පාලම්, වානේ කර්මාන්තශාලා ඇතුළු සිවිල් යටිතල පහසුකම් වෙත එල්ල වන ප්‍රහාර මගින් ඇමරිකානු-ඊශ්‍රායල ආක්‍රමණයේ සැබෑ ස්වරූපය නිරාවරණය වන බව ඉරානය පවසයි. සංවර්ධනය වෙමින් පවතින රටක් ලෙස ඉරානයේ ආර්ථික සහ සිවිල් ශක්තිය දුර්වල කිරීම මෙහි මූලික අරමුණ වී ඇති බව හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.
පසුගිය පෙබරවාරි අගභාගයේ සිට ආරම්භ වූ මෙම ආක්‍රමණශීලී ප්‍රහාර හමුවේ ඉරානය ද දැඩි ප්‍රතිචාර දක්වමින් සිටී. පර්සියානු ගල්ෆ් සහ බටහිර ආසියානු කලාපයේ ඇමරිකානු ඉලක්ක වෙත මෙන්ම ඊශ්‍රායල පාලනයේ පවතින ප්‍රදේශ වෙත ද ඉරානය ප්‍රහාර එල්ල කර ඇත.
මේ අතර, හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා සිදුවන බලශක්ති සැපයුම් සම්බන්ධයෙන් ඉරානය දැඩි සීමාවන් පනවා තිබීම හේතුවෙන් ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබේ. ආක්‍රමණිකයන්ට නිසි දඬුවම් ලැබෙන තෙක් මෙම ක්‍රියාමාර්ග අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව ඉරාන බලධාරීහු වැඩිදුරටත් අවධාරණය කරති.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..
නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්
පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..
ශ්රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..
ප්රංශය ඇතුළු යුරෝපා රටවල උග්රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..
බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්යය මගින් විනාශකාරී මහා සත්යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා
භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි
"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්රාත්වරයා රබර් මුද්රාවක් වෙලා": ත්රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා
අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්
ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)
කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්රාන්තයකින් වරෙන්තුවක්
ඇමරිකානු ජනපති ට්‍රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..
මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..
මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..
ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්රවීන මාධ්යවේදී ධර්මශ්රී ගෙන් අනාවරණයක්..
බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..