News Category
From Date
To Date
Maximum Number of Result

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මැදවච්චිය ආසන සංවිධායක මෙන්ම හිටපු අමාත්‍යවරයකු වන තිස්ස කරලියද්ද මහතා සමගි ජන බලවේගය හා එක්ව තිබේ.

රටේ ආර්ථිකය ස්ථාවර වී ඇති බැවින් නැවත පුරුදු සාම්ප්‍රදායික දේශපාලනයේ නිරතවීමට හැකි බව කිසිවෙකු නොසිතිය යුතු බවත්, රට ඉදිරියට ගෙන යා හැක්කේ විධිමත් සැලැස්මක් ඔස්සේ පමණක් බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

ජනාධිපතිවරණය අවසන් වු වහාම අතුරු සම්මත ගිණුමක් සකස් කිරීමට රජයේ අවධානය යොමුවී ඇති බව වාර්තා වේ.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට ඊයේ (02 වැනිදා) දිනය සම්බන්ධයෙන් නිවැරදි කාලගුණ වාර්තාවක් ඉදිරිපත් කිරීමට නොහැකි වූ බව අනාවරණය වී තිබේ.

උස් ස්ථානයකින් ඇද වැටී කොන්ද අභාදයට පත්වූ 17 හැවිරිදි තරුණයකු කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර ඇති අතර, මෙම තරුණයාට පැය 24ක් ඇතුළත ශල්‍යකර්මයක් සිදුකළ යුතු වුවද එසේ සිදු නොකිරීමෙන් ජීවිත අවදානමක ලක්ව ඇති බව වාර්තා වේ.

හදිසි ආපදා තත්ත්වයන් දැනුම්දීමට සහ විපතට පත් පුද්ගලයන් වෙත සහන සැලසීම වෙනුවෙන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ 117 හදිසි දුරකථන ඇමතුම් අංකය 24 පැය පුරා ක්‍රියාත්මක කර ඇති බවත්, එමඟින් සේවා සම්බන්ධයෙන් සෘජුව දායක කරගත යුතු සියලු රාජ්‍ය ආයතන සහ නිලධාරීන් සම්බන්ධ කිරීමටත්, පහසුකම් සැලසීමටත් කටයුතු සලසන බවත් ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.

නව රෝහල් අධ්‍යක්ෂකවරුන් පත් කිරීමේ සම්මුඛ පරීක්ෂණයට කැඳවා තිබූ විශේෂඥ වෛද්‍ය චමල් සංජීව සහ විශේෂඥ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර යන මහත්වරු ඇතුළු සුදුසු කම් ලබා තිබුණු රෝහල් අධ්‍යක්ෂකවරුන් කිහිප දෙනෙකුට පත්වීම් ලේඛනයේ නම සඳහන් නොකොට රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ උල්ලංඝනය කරමින් සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් රෝහල් අධ්‍යක්ෂකවරුන් පත් කිරීමේ ලේඛනයක් ප්‍රකාශයට පත් කිරීමට එරෙහිව විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා සහ විශේෂඥ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත පැමිණිලි කොට ඇති අතර වහාම මේ සිදුවී ඇති අසාධාරණය .සම්බන්ධයෙන් විමර්ශනයක් කොට තමන්ට සාධාරණයක් ඉෂ්ට කරන ලෙස ඉල්ලා ඇත.

දූෂණ මර්දනය සඳහා දුන් ජයිකා අරමුදල පාරදෘෂ්‍ය භාවයෙන් තොරව භාවිත කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ ඉහළ නිලධාරින් දින 10ක කාලයක් තුළ ස්වකීය ධුරවලින් ඉවත්විය යුතු බවට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණ නීතිඥ සංගමය සහ කොළඹ නීතිඥ සංගමය යෝජනා සම්මත කරගෙන තිබේ.

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිවයිනේ සියලුම පාසල් අද (3දා) නොපැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.


ප්‍රධාන පුවත්

චාල්ස් තෝමස් නම් තැනැත්තා පාදෙණිය රජ මහා විහාරයේ පැවැත්වීමට සූදානම් වන වැඩසටහන වහා අවලංගු කරන්නැයි මල්වතු මහනායක හිමියෝ දන්වති..

බෞද්ධයන් අත්‍යාගමීකරණයට ලක්කරන බවට චෝදනා එල්ලවී ඇති චාල්ස් තෝමස් නමැති පුද්ගලයා විසින් මල්වතු විහාර පාර්ශ්වයට අයත් පාදෙණිය රජ මහා විහාරයේ දී පැවැත්වීමට නියමිත වඩසටහනක් සම්බන්ධයෙන් බෞද්ධ ජනතාවගේ විරෝධය මේ වන විට එල්ලවී ඇති බව සඳහන් කරමින් මල්වතු පාර්ශ්වයේ මහනායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමිපාණන් වහන්සේ විසින් පාදෙණිය රජ මහා විහාරධිපති හිමියන්ට යොමුකළ ලිපියක් අප වෙත ලැබී තිබේ.

නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)

ඉන්දියාව සම ශ්‍රී ලංකා ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් අවබෝධතා ගිවිසුම්වලට ලඝුකළ නොහැකි බවත්, මෙම ගිවිසුමේ ඇති වගන්ති මගින් ලංකාව තුළ මෙම ගිවිසුමේ අඩංගු කරුණු ක්‍රියාත්මක වීමේ දී නීතිය අනුව කටයුතු කිරීම පවා වළක්වා ඇති බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සභික දුමින්ද නාගමුව මහතා පවසයි.

නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..

දෙවන ලෝක යුද්ධය අවසන් කළ දිනය සහ, නාසිවාදී පැසිස්ට්වාදය පරාජය කළ දිනයද මැයි 9 වැනි දා වන අද දිනය බවත්, ලෝකයේ සියලු ජනයාට සහ සතා සිවුපාවාට පවා නිදහසේ ජීවත්විය හැකි ලෝකයක් නිර්මාණය කිරීම වෙනුවෙන් නාසිවාදී පැසිස්ටිවාදය පරාජයට පත්කළ දිනය වන්නේ අද බවත් ජානිපෙ නායක විමල් වීරවංශ මහතා පවසයි.

යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි

කියෙව් පරිපාලනය කිසිදු පූර්ව කොන්දේසියකින් තොරව “සම්පූර්ණ සටන් විරාමයකට” සූදානම් බව යුක්රේන නායක ව්ලැඩිමීර් සෙලෙන්ස්කි නිවේදනය කර තිබේ.

මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)

බලයට පත්වී මාස 6ක් තුළ මෙතරම් පසුබෑමකට ලක්වූ ආණ්ඩුවක් ලොව කිසිඳු රටක නැති බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි.

1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.

අවුරුදු අසූවක් යනු දිගු කාලයකි. එවැනි කාලයක් තුළ, ලෝකය සිතාගත නොහැකි තරමට වෙනස් වන අතර, වරක් සමීප යැයි හැඟුණු සිදුවීම් පුරාවෘත්තය තුළ මැකී යයි.

මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල

‘මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්’ යයි පිවිතුරු හෙල උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..

පසුගියදා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඇති කරගත් අවබෝධතා ගිවිසුම් බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ආචාර්ය ගුණදාස අමරසේකර මහතා ඇතුළු පිරිසක් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඊයේ (07) මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.