News Category
From Date
To Date
Maximum Number of Result

තෙවනවරටත් ඉන්දීය අග්‍රාමාත්‍ය ධුරයට පත්වූ නරේන්ද්‍ර මෝදි ප්‍රකාශ කර ඇත්තේ ශ්‍රි ලංකාව සමග එක්ව කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවයි.

විදුලි පනතට එරෙහිව ලබාදී ඇති අධිකරණ තීන්දුව පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස් ඔහුගේ වචනයෙන්,

ජනාධිපතිවරයා විසින් අත්තනෝමතික ලෙස පත් කළ කමිටුවක් මගින් සකස් කළ ඊනියා අධ්‍යාපන ප්‍රතිපත්තිය හෙළා දකින බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර පවසයි.

විදුලිබල පනත් කෙටුම්පතට ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරිපත් කර ඇති සංශෝධන සියල්ල පිළිගැනීමට ආණ්ඩුව එකඟ වී ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

ජාතික නිදහස් පෙරමුණ, මව්බිම ජනතා පක්ෂය, පිවිතුරු හෙළ උරුමය, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ, යුතුකම ජාතික සංවිධානය හා ස්වාධීන මන්ත්‍රී සංසදය යන "සර්වජන බලය" එකමුතුවට අයත් දේශපාලන පාර්ශ්ව 07 යෝජිත විදුලි පනතට එරෙහිව අද(05) පාර්ලිමේන්තුව වටරවුම අසල සාමකාමී උද්ඝෝෂණයක නිරත වූහ.

අරගලය ගාළු මුවදොර ක්‍රියාත්මක වෙද්දී එයට සමාන්තරව තවත් වැඩපිළිවෙළවල් රාශියක් ක්‍රියාත්මක වූ බවත්, ඉන් එකක් වන්නේ තානාපති කාර්යාල සමග සම්බන්ධීකරණය වීම බවත්, ගෝඨාභය රාජපක්ෂ අරගලය විසුරුවා හැරීමට මිලිටරි බලය යොදවා නොගත් බව බොහෝ දෙනෙකු පැවසූව ද අරගලයට වෙඩි තැබීමට ඔහු උත්සාහ දැරූ බවත් අරගලයේ ක්‍රියාකාරිකයකු වූ ෂෙහාන් මාලක මහතා පවසයි.

රජයේ ගැසට් පත්‍රයේ පසුගියදා ප්‍රකාශයට පත් කළ ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පතේ ව්‍යවස්ථාපිතභාවය අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනුකර තිබේ.

දිවයින පුරා වෙරළ තීරයේ සිට කිලෝමීටරයක දුරක් දක්වා වන ගොඩබිම් ප්‍රදේශය තුළ සිදුකෙරෙන සංචාරක ක්ෂේත්‍රයට අදාල ආයෝජන සදහා අනුමැතිය ලබා දීම කඩිනම් කෙරේ.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ කලාප භාරව සිටින නිලධාරීන් නියෝජනය කරන්නේ මාලිමාව බවත්, මෙම නිලධාරීන් විසින් කිසිඳු කටයුත්තක් කිරීමට නොදෙන බවත් මිහින්තලා රජමහා විහාරාධිපති වලවාහැංගුණුවැවේ ධම්මරතන හිමියෝ චෝදනා කරති.


ප්‍රධාන පුවත්

නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)

ඉන්දියාව සම ශ්‍රී ලංකා ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් අවබෝධතා ගිවිසුම්වලට ලඝුකළ නොහැකි බවත්, මෙම ගිවිසුමේ ඇති වගන්ති මගින් ලංකාව තුළ මෙම ගිවිසුමේ අඩංගු කරුණු ක්‍රියාත්මක වීමේ දී නීතිය අනුව කටයුතු කිරීම පවා වළක්වා ඇති බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සභික දුමින්ද නාගමුව මහතා පවසයි.

නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..

දෙවන ලෝක යුද්ධය අවසන් කළ දිනය සහ, නාසිවාදී පැසිස්ට්වාදය පරාජය කළ දිනයද මැයි 9 වැනි දා වන අද දිනය බවත්, ලෝකයේ සියලු ජනයාට සහ සතා සිවුපාවාට පවා නිදහසේ ජීවත්විය හැකි ලෝකයක් නිර්මාණය කිරීම වෙනුවෙන් නාසිවාදී පැසිස්ටිවාදය පරාජයට පත්කළ දිනය වන්නේ අද බවත් ජානිපෙ නායක විමල් වීරවංශ මහතා පවසයි.

යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි

කියෙව් පරිපාලනය කිසිදු පූර්ව කොන්දේසියකින් තොරව “සම්පූර්ණ සටන් විරාමයකට” සූදානම් බව යුක්රේන නායක ව්ලැඩිමීර් සෙලෙන්ස්කි නිවේදනය කර තිබේ.

මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)

බලයට පත්වී මාස 6ක් තුළ මෙතරම් පසුබෑමකට ලක්වූ ආණ්ඩුවක් ලොව කිසිඳු රටක නැති බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි.

1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.

අවුරුදු අසූවක් යනු දිගු කාලයකි. එවැනි කාලයක් තුළ, ලෝකය සිතාගත නොහැකි තරමට වෙනස් වන අතර, වරක් සමීප යැයි හැඟුණු සිදුවීම් පුරාවෘත්තය තුළ මැකී යයි.

මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල

‘මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්’ යයි පිවිතුරු හෙල උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..

පසුගියදා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඇති කරගත් අවබෝධතා ගිවිසුම් බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ආචාර්ය ගුණදාස අමරසේකර මහතා ඇතුළු පිරිසක් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඊයේ (07) මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.

කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්

අල්ලස් කොමිසම විසින් අද (7) පස්වරුවේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කරනු ලැබූ හිටපු අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා මැයි 20වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.

බෞද්ධයන්ගේ පූජනීයත්වයට පත් බුදුන් වහන්සේගේ ධාතුන් වහන්සේලා වෙන්දේසි කිරීම වහාම නවත්වා, ඒය ඉන්දියාවට බාරදිය යුතු බව පූජ්‍ය ඉදුරාගාරේ ධම්මරතන හිමියන් පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.