හෝමූස් සම්බන්ධයෙන් ආරක්ෂක මණ්ඩලයට චීන - රුසියා ඒකාබද්ධ නව කෙටුම්පතක්..
හෝමූස් සමුද්‍ර සන්ධිය පිළිබඳ නව කෙටුම්පත් යෝජනාවක් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට චීනයත් රුසියාවත් පියවර ගෙන තිබේ.
චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශිකා Mao Ning මහත්මිය මාධ්‍ය හමුවට එක්වෙමින් ඊයේ (08) මේ බව ප්‍රකාශ කර තිබේ.
චීනය හා රුසියාව විසින් ඒකාබද්ධව ඉදිරිපත් කරන ලද එම යෝජනා කෙටුම්පත නිල වශයෙන් ආරක්ෂක මණ්ඩලයේ සාමාජික රටවල් වෙත යොමු කර ඇතැයි ද ඇය එහිදී සඳහන් කළාය.
එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය වෙත මීට පෙර බහරේන රජය විසින් ඉදිරිපත් කළ හෝමූස් සමුද්‍ර සන්ධිය පිළිබඳ කෙටුම්පත් යෝජනාවට චීනයත් රුසියාවත් විරෝධය දැක්වීමෙන් එය සම්මත නොවිණ.
අනතුරුව චීනයත් රුසියාවත් එක්ව වත්මන් මැදපෙරදිග තත්ත්වය හා සාගර ආරක්ෂාව පිළිබඳ අවධානය යොමු කරමින් නව කෙටුම්පත් යෝජනාවක් ඉදිරිපත් කළ බව එම රටවල එක්සත් ජාතීන්ගේ නිත්‍ය නියෝජිතයින් දැනුම් දී ඇත.
මේ සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්න වෙත පිළිතුරු දෙමින් Mao Ning මහත්මිය පවසා ඇත්තේ, හෝමූස් සමුද්‍ර සන්ධියේ නාවික ගමනාගමනය සඳහා බාධා එල්ලවීමට මූලික වී ඇත්තේ අමෙරිකාව හා ඊශ්‍රායලය ඉරානයට එරෙහිව නීති විරෝධි යුද මෙහෙයුම් ක්‍රියාත්මක කිරීම බවය.
එබැවින් හැකි ඉක්මණින් සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම අදාළ ගැටලු විසඳා ගැනීමේ මූලික පියවරක් බවත්, ආරක්ෂක මණ්ඩලයේ ක්‍රියාමාර්ග ගැටුම් අවම කිරීම සහ සමනය කිරීම කෙරෙහි යොමු විය යුතු බවත් Mao Ning මහත්මිය එහිදී පවසා ඇත.
එමෙන්ම ආරක්ෂක මණඩලයේ පැවති ඡන්ද විමසීමේදී චීනයේ ස්ථාවරය සාධාරණ මෙන්ම යුක්ති සහගත වූ බවත් එය ඓතිහාසික නිරීක්ෂණයකට ලක්විය හැකි බවත් ඇය අවධාරණය කර තිබේ.
චීනය හා රුසියාව ඒකාබද්ධව ඉදිරිපත් කර තිබෙන නව කෙටුම්පත් යෝජනාව ගැටුම්කාරී තත්ත්වය ලිහිල් කිරීම, සංවාද හා සාකච්ඡා පැවැත්වීම මෙන්ම නාවික ගමනාගමනය පිළිබඳ අයිතිවාසිකම් හා නිදහස සහතික කිරීම යන කරුණු සඳහා කැපවන බවත්, ජගත් ප්‍රජාවේ පොදු අපේක්ෂාවන්ට අනුකූල වන බවත් එය සාධාරණ මෙන්ම යුක්ති සහගත වන බවත් Mao Ning මහත්මිය මෙහිදී සඳහන් කළාය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්‍රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..
නව ත්රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්
පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..
ප්රංශය ඇතුළු යුරෝපා රටවල උග්රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..
බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්යය මගින් විනාශකාරී මහා සත්යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා
භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි
"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්රාත්වරයා රබර් මුද්රාවක් වෙලා": ත්රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා
අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්
ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)
කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්රාන්තයකින් වරෙන්තුවක්
ඇමරිකානු ජනපති ට්රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..
මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..
මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..
ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්රවීන මාධ්යවේදී ධර්මශ්රී ගෙන් අනාවරණයක්..
බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..