ගල් අඟුරු වංචාවේ සමස්ත පාඩුව කෝටි 10000 ට වැඩියි - ඩී.වී. චානක
ගල් අඟුරු වංචාවෙන් සිදුවන සමස්ත පාඩුව රුපියල් කෝටි 10000 කට වඩා අධික වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක ප්‍රකාශ කරයි.
ඔහු මේ බව පැවසුවේ ඒකාබද්ධ විපක්ෂය විසින් අද(09) දින පාර්ලිමේන්තුවේදී පැවැත් වූ විශේෂ මාධ්‍ය හමුවකට එක් වෙමින්.
එහිදී මන්ත්‍රීවරයා කියා සිටියේ අප්‍රේල්, මැයි,ජුනි මාසවලදී පමණක් ගල් අඟුරු වංචාවෙන් රුපියල් කෝටි 2500කට අධික අලාභයක් සිදුවන බවට ගණන් බලා ඇති බවයි.
මෙම අලාභය ජනවාරියේ සිට ගණන් බලා සමස්ත පාඩුව විමර්ශනය කළ විට එය රුපියල් කෝටි දස දහස ඉක්මව බවද මන්ත්‍රීවරයා විසින් පෙන්වා දෙනු ලැබීය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඩී.වී. චානක මන්ත්‍රීවරයා මෙසේද ප්‍රකාශ කළේය.
"විගණකාධිපති වාර්තාවේ සඳහන් වෙලා තිබෙනවා,අමතර ගල් අඟුරු සඳහා පමණක් රුපියල් කෝටි 220ක් වැය වෙනවා කියලා.
ඊට අමතරව එම වාර්තාවේ තිබෙනවා, ගල් අඟුරු නැව් නමයෙන් යුනිට් මිලියන 141ක් අහිමි වෙනවා කියලා.
එතකොට මේ යුනිට් මිලියන 141නිෂ්පාදනය කරන්න වෙන්නේ ඩීසල්වලින්.
දැන් ඩීසල් මිල ඉහළ ගොස් තිබෙනවා.එතකොට ඩීසල්වලින් මේ අවස්ථාවේදී යුනිට් එකක් නිෂ්පාදනය කරන්න රුපියල් 125ක් වැය වෙනවා.
එම යුනිට් ගණන යුනිට් මිලියන 141න් වැඩිවුණාම ඒ සඳහා පමණක් රුපියල් බිලියන 11 කට වඩා වැඩි වියදමක් දරන්න වෙනවා.
ජුනි මාසයේදී අනිවාර්යෙන්ම ගල් අඟුරු හිඟයක් එනවා.එතකොට නොරොච්චෝලේ තාප බලාගාරයේ මෙගා වොට් 900මදුවන්න වෙන්නේ ඩීසල් වලින්.
එතකොට විදුලි කප්පාදුවකුත් සිදු කරන්න වෙනවා.
මෙම ගල් අඟුරු ටෙන්ඩරය අන්ත දූෂිතයි කියලා අපි මුල ඉඳලම කිව්වා.නමුත් ජනාධිපතිවරයා,බලශක්ති ඇමති පුණ්‍ය කුමාර ඇතුළු ආණ්ඩුව ඒක වහන්න තමයි හැමවිටම කටයුතු කළේ.
මෙම ගල් අඟුරු මගඩිය වහන්න ආණ්ඩුව ලබැඳියාවන් 7ක් ඔස්සේ කටයුතු කරලා තියෙනවා.
නව විගනකාධිපතිවරයගේ වාර්තාවෙනුත් කියන්නේ මෙම ගල් අඟුරු ටෙන්ඩරය අන්ත දූෂිතයි කියලා."
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
පර්සියානු බොක්කේ නෞකා රැසකට ඉරානයෙන් ප්‍රහාර..
අධිකරණයට බලපෑම්.. දේශපාලන පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම්.. ශ්‍රී ලංකාවට වහා මැදිහත් වන්න..- මිලින්ද රාජපක්‍ෂ ජිනීවා අමතමින් කියයි
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..
ආණ්ඩුවේ නායකයින් ගනුදෙනුකරුවන් සතුටු කිරීම සඳහා ඕනෑම දෙයක් කරන අසරණ වෛශ්‍යාවන් ලෙස කටයුතු කරනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා..
ලොවක් සුවපත් කරන කියුබාවේ වෛද්‍ය ජාත්‍යන්තරවාදය, අනතුරේ!
කළුතර ප්‍රා. සභාවේ පන්සිල්, ජාතික ගීය සහ රණවිරු සැමරුම් තහනම්.. - නියෝගය කොමසාරිස්ගෙන්..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ 63 වන සැසිය ඇරඹේ.. - මෙරට ගැන වාර්තාවක් අද..
දූෂිත නිමල් පෙරේරා ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරයකුගෙ ව්‍යාපාරික සගයෙක්.. - ඩී.වී චානක
22 සංශෝධන පෙත්සම් විභාගය ගැටළුකාරීයි.. - අධිකරණ ස්වාධීනත්වය ගැන පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමය ප්‍රශ්න කරයි..
22ට එරෙහි පෙත්සමක් විභාගයට නොගැනීමෙන් මූලික අයිතිවාසිකම් කඩ වූ බවට ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්..
සරණාගත ජාවාරම පවත්වාගෙන යාම සඳහා එල්ටීටීඊ හිතවාදී ඩයස්පෝරාව ‘දෙමළ ජනතාවට ශ්‍රී ලංකාව ආරක්ෂිත නැත’ යන්න ප්‍රචාරය කරයි..
ආණ්ඩුවට වසර දෙකයි.. ඩඩ්ලිට ධම්මිකට ඉෂාරට සුබයි.. ජනතාවටයි, ගමේ ජෙප්පන්ටයි දුකේ දුකයි.. - ආණ්ඩුවේ දෙවසරක අස්වැන්න ගැන විමල් වීරවංශගේ හෙලිදරව්වක්..
සෞඛ්‍ය සේවයට ජනපතිගෙන් අලුත් වෙනසක් - “හිතුන හිතුන වෙලාවට ඉස්පිරිතාලේට යන්න බෑ...කොත්තමල්ලි ටිකක් බීලා විවේකීව ගෙදරට වෙලා ඉන්න”
22 අනිවාර්යයෙන්ම සම්මත කරනවා.. - ජනපති කියයි
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..