News Category
From Date
To Date
Maximum Number of Result

කොළඹ නගරාධිපතිනිය වන ව්‍රායි කෑලි බල්තසාර් ගේ නැගනියගේ සැමියා වන ගිහාන් බෙනරගම , මේ වන විට රටේ මහත් ආන්දෝලනයකට ලක්ව ඇති ඉන්දියානු ප්‍රශ්නගත එන්නත් ගෙන්වූ සමාගමේ අධ්‍යක්ෂවරයෙක්ද, නැද්ද? යන්න සහ රජයේ ඇමතිවරු අමාත්‍යාංශ වලින් පිට දී ඔහු හමු වී නැද්ද? යන්න ප්‍රශ්න කරමින් වරුණ දීප්ත රාජපක්ෂ මහතා අන්තර්ජාලයට වීඩියෝවක් නිකුත් කර තිබේ.

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කර පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයක් ස්ථාපිත කිරීම සහ විධායක බලතල රහිත ජනාධිපතිවරයෙක් පත්කිරීම සඳහා අවශ්‍ය කටයුතු සිදු කරන බවත්, 2017 අංක 17 දරණ පළාත් සභා ඡන්ද විමසීම් සංශෝධන පනතේ විධිවිධාන හේතුවෙන් නතර කර ඇති පළාත් සභා මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය කටයුතු සිදු කරමින් පවතින බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

නිල නිවාසවල අවුරුදු 5-10 පමණ කාලයක් පදිංචි පොලිස් නිලධාරීන්ට එම නිල නිවාසවලින් ඉවත්වන ලෙස පොලිස්පති වරයා විසින් චක්‍රලේඛයක් ඉදිරිපත් කර ඇති බවත්, මේ නිසා පොලිස් නිලධාරීන් මේ වන විට අර්බුද ගණනාවකට මුහුණ දී ඇති බවත් නීතිඥ අමිල එගොඩ මහවත්ත මහතා පවසයි.

තමන් පැදවූ ජීප් රථයේ ගැටී තුවාල ලැබුවන්ට සානුකම්පිත දීමනාවක් ලෙස මුදල් ලබාදීමට කැමති බව පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු කථානායක අශෝක රන්වල මහතා සිය නීතිඥවරුන් මගින් අධිකරණයට දැනුම් දුන්නද, තුවාල ලැබූ පාර්ශවය එම මුදල් ලබාගැනීම ප්‍රතික්ෂේප කළේය.

හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් අඩාල වූ ජන ජීවිතය යථා තත්ත්වයට පත්කිරීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති රු බිලියන 500ක පරිපූරක ඇස්තමේන්තුව සම්මත කර ගැනීම තුළ ජනතාවට හිමිවන සහන සම්බන්ධයෙන් ජනාධිපතිවරයා අද (19) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කර සිටියේය.

ඔන්ඩන්සෙට්රෝන් ඖෂධය සම්බන්ධයෙන් ඇතිවී තිබෙන අර්බුදය සම්බන්ධයෙන් අදහස් දක්වමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසන්නේ මේ සම්බන්ධයෙන් විමර්ශණයක් අවශ්‍ය බවත් ඉන්දියාවත් සමග අත්සන් කළ ගිවිසුම් හතෙන් දෙකක් සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාළ බවත් එහිදී ඉන්දියානු පාමකෝෆියාව නැතහොත් ඉන්දියානු ඖෂධ ප්‍රමිතිය මෙරටත් පිළිගන්නා බව සඳහන්ව ඇති බවත් ය.

Rebuilding Sri lanka අරමුදලට ලැබුණු මුළු පරිත්‍යාග ප්‍රමාණය අද වන විට රුපියල් බිලියන 4.2 දක්වා ඉහළ ගොස් ඇති බව මුදල් අමාත්‍යාංශයේ ලේකම් හර්ෂණ සූරියප්පෙරුම මහතා පැවසීය.

පාර්ලිමේන්තුවේ භෝජනාගාරයේ කෑමට සුදුසු ආහාර නොමැති බව ප්‍රකාශ කරමින් යාපනය දිස්ත්‍රික් ස්වාධීන මන්ත්‍රි රාමනාදන් අර්චුනා අද (19) දින පාර්ලිමේන්තුවේදී රීති ප්‍රශ්නයක් යොමු කළේය.

තායිවාන ඉතිහාසයේ අඳුරුතම පිටුව තුළ තායිවාන් දූපතේදී ජපන් ආක්‍රමණිකයන් සිදු කළ අති විශාල අපරාධ සහ කුරිරුකම් සනිටුඅහන් වී ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ චීනයේ ස්ථිර නියෝජිත ෆු කොං අවධාරණය කළේය.


ප්‍රධාන පුවත්

හවුතිවරුන් බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධියේ පාලනය අත්පත් කරගනී..

යේමනයේ හවුති සංවිධානය රතු මුහුදේ පිහිටි වැදගත් අල්-මකා (මෝකා) වරාය නගරය සහ එහි වරායේ පාලනය අත්පත් කරගනිමින්, උපායමාර්ගික බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධිය කෙරෙහි වූ තම පාලනය තවදුරටත් ශක්තිමත් කරගෙන තිබේ.

සමාජයේ වෛරය වැපිරීමට හෝ වෛරය ඇතිවන ප්‍රකාශ කිරීමට කිසිවෙකුට අයිතියක් නෑ..- ජනපති

කිසිදු ප්‍රජාවකට තම සංස්කෘතික අනන්‍යතාව නිසා බියක් හෝ අනාරක්ෂිත භාවයක් ඇති නොවන පරිදි පරිසරය සැකසීම රජයේ ප්‍රමුඛ අරමුණක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයේ නියෝජිතයන් සමග ජනාධිපති කාර්යාලයේ පැවැති හමුවකදී ප්‍රකාශ කරයි.

18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා රුසියානු ජනපති පුටින් ඉන්දියාවේ නවදිල්ලි නුවරට..

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් 18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා ඉන්දියාවේ නවදිල්ලි නුවරට පැමිණ තිබේ.

ආසියානු තරගාවලියට ලංකාවෙන් ජපානයට ලොකු පිරිසක්.. නිලධාරින් විතරක් 82ක් යනවලු..

ජපානයේ නගෝයා නුවරදී පැවැත්වීමට නියමිත 20 වැනි ආසියානු ක්‍රීඩා උළෙල නියෝජනය කිරීම සඳහා ශ්‍රී ලංකාවෙන් 238 දෙනෙකුගෙන් යුත් දැවැන්ත කණ්ඩායමක් සහභාගී කරවීමට පියවර ගෙන ඇත.

එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ (UNHRC) 63 වන සැසිවාරය සඳහා ඉදිරිපත් කර ඇති A/HRC/63/18 දරන වාර්තාව මගින් ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට, ජාතික ආරක්ෂාවට සහ අභ්‍යන්තර කටයුතුවලට අනිසි ලෙස මැදිහත් වීමට උත්සාහ දරන බව පවසමින් ගෝලීය ශ්‍රී ලාංකික සංසදය විසින් ජනාධිපතිවරයාගේ විශේෂ අවධානය පිණිස නිවේදනයක් නිකුත් කර තිබේ.

ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි

ඉරානය සම්බන්ධයෙන් ඇමරිකා එක්සත් ජනපදය විසින් ඉදිරිපත් කරන ලද ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ (IAEA) යෝජනාවකට චීනය බදාදා විරෝධය පළ කළේය.

ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..

අධිකරණයට අපහාස කිරීමේ චෝදනා මත සිරදඬුවම් නියම වී සිටි බොදුබල සේනා සංවිධානයේ ලේකම්, පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ප්‍රදානය කළ පොදුසමාව බලරහිත බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.

නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?

ශ්‍රී ලංකාව ලෝක සිතියමේ පිහිටා ඇති භූගෝලීය ස්ථානය හේතුවෙන් ඉතිහාසය පුරාම විදේශීය බලවතුන්ගේ අවධානයට ලක් වූ රටකි. ඉන්දියන් සාගරය තුළ ශ්‍රී ලංකාවේ පිහිටීම, ප්‍රධාන මුහුදු මාර්ගවලට ඇති ආසන්නත්වය සහ කලාපීය භූදේශපාලනික වැදගත්කම හේතුවෙන් ශ්‍රී ලංකාව පිළිබඳව විවිධ බලවතුන්ගේ උනන්දුව අඛණ්ඩව පැවතී ඇත.

ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..

Axios පුවත් සේවය වාර්තා කරන පරිදි, විදේශයන්ගෙන් භාණ්ඩ ගෙන්වීම සම්පූර්ණයෙන්ම වළක්වන අතිශය දැඩි වෙළෙඳ යුද උපායමාර්ගයකට එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යොමුවෙමින් සිටියි.

ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්

ජර්මනියේ පැවැති ප්‍රාන්ත මැතිවරණයකින් එරට 'ජර්මනිය සඳහා විකල්පය' (AFD) පක්ෂය වාර්තා කළ විශිෂ්ට ජයග්‍රහණය හමුවේ, ජර්මනියේ මෙන්ම සමස්ත යුරෝපයේම දේශපාලන හා ආර්ථික ගමන්මග විශාල වෙනසකට ලක්වෙමින් පවතින බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.