කිසිම රැකියාවක් නොකළ ලාල් කාන්ත දැවැන්ත ගෙයක් හැදුවේ කොහොමද.. - අල්ලස් කොමිසමට පැමිණිල්ලක්
කෘෂිකර්ම, පශු සම්පත්, වාරිමාර්ග ඇමැති කේ. ඩී. ලාල්කාන්ත මහතාට අයත් කඩුවෙල ප්‍රදේශයේ පිහිටි සුඛෝපභෝගී නව නිවස සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන ලෙස ඉල්ලා ‘අල්ලස දූෂණය නාස්තියට එරෙහි පුරවැසි බලය’ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.
ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරයකු ලෙස කිසිම රැකියාවක් හෝ ව්‍යාපාරයක් නොකර පූර්ණකාලීනව දේශපාලනයේ නිරත වී රට වෙනුවෙන් සේවය කරන අතරතුර මෙවැනි සුඛෝපභෝගී නිවසක් සතුකර ගැනීම, අයථා මුදල් ගනුදෙනුවලින් උපයා ගත් දේපළක් ද නැතහොත් සත්‍ය වශයෙන්ම ඔහුගේ සාධාරණ වත්කම්, දේපළ මත ලැබූවක් ද යන්න සැක සහිත බැවින් ඒ පිළිබඳව පරීක්ෂණයක් කරන ලෙසත් මෙම දේපළ අල්ලස් කොමිසමට වාර්ෂිකව ලබා දිය යුතු වත්කම් බැරකම් ප්‍රකාශවල සටහන් කර තිබේ දැයි ප්‍රකාශ කරන ලෙසත් පැමිණිල්ලෙන් ඉල්ලා තිබේ.
‘අල්ලස දූෂණය නාස්තියට එරෙහි පුරවැසි බලය’ සංවිධානයේ සභාපති, ජාමුනි කමන්ත තුෂාර මහතා විසින් අල්ලස් කොමිෂන් සභාව වෙත මෙම පැමිණිල්ල ඉදිරිපත් කරනු ලැබීය.
- සුජීව තත්සර
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
පර්සියානු බොක්කේ නෞකා රැසකට ඉරානයෙන් ප්‍රහාර..
අධිකරණයට බලපෑම්.. දේශපාලන පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම්.. ශ්‍රී ලංකාවට වහා මැදිහත් වන්න..- මිලින්ද රාජපක්‍ෂ ජිනීවා අමතමින් කියයි
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..
ආණ්ඩුවේ නායකයින් ගනුදෙනුකරුවන් සතුටු කිරීම සඳහා ඕනෑම දෙයක් කරන අසරණ වෛශ්‍යාවන් ලෙස කටයුතු කරනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා..
ලොවක් සුවපත් කරන කියුබාවේ වෛද්‍ය ජාත්‍යන්තරවාදය, අනතුරේ!
කළුතර ප්‍රා. සභාවේ පන්සිල්, ජාතික ගීය සහ රණවිරු සැමරුම් තහනම්.. - නියෝගය කොමසාරිස්ගෙන්..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ 63 වන සැසිය ඇරඹේ.. - මෙරට ගැන වාර්තාවක් අද..
දූෂිත නිමල් පෙරේරා ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරයකුගෙ ව්‍යාපාරික සගයෙක්.. - ඩී.වී චානක
22 සංශෝධන පෙත්සම් විභාගය ගැටළුකාරීයි.. - අධිකරණ ස්වාධීනත්වය ගැන පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමය ප්‍රශ්න කරයි..
22ට එරෙහි පෙත්සමක් විභාගයට නොගැනීමෙන් මූලික අයිතිවාසිකම් කඩ වූ බවට ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්..
සරණාගත ජාවාරම පවත්වාගෙන යාම සඳහා එල්ටීටීඊ හිතවාදී ඩයස්පෝරාව ‘දෙමළ ජනතාවට ශ්‍රී ලංකාව ආරක්ෂිත නැත’ යන්න ප්‍රචාරය කරයි..
ආණ්ඩුවට වසර දෙකයි.. ඩඩ්ලිට ධම්මිකට ඉෂාරට සුබයි.. ජනතාවටයි, ගමේ ජෙප්පන්ටයි දුකේ දුකයි.. - ආණ්ඩුවේ දෙවසරක අස්වැන්න ගැන විමල් වීරවංශගේ හෙලිදරව්වක්..
සෞඛ්‍ය සේවයට ජනපතිගෙන් අලුත් වෙනසක් - “හිතුන හිතුන වෙලාවට ඉස්පිරිතාලේට යන්න බෑ...කොත්තමල්ලි ටිකක් බීලා විවේකීව ගෙදරට වෙලා ඉන්න”
22 අනිවාර්යයෙන්ම සම්මත කරනවා.. - ජනපති කියයි
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..