ජවිපෙ රාජ්‍ය දේපළ අවභාවිතා කිරීමට එරෙහිව අල්ලස් කොමිසමට යනවා - සුගීශ්වර බණ්ඩාර
ජනතා විමුක්ති පෙරමුණ රාජ්‍ය දේපළ අවභාවිතා කිරීම සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට පැමිණිලි කිරීමට තීරණය කළ බව නව ජනතා පෙරමුණේ නායක සුගීෂ්වර බණ්ඩාර ප්‍රකාශ කරයි.
ඊයේ (08) දින තමා ඇතුළු තම පක්ෂයේ නියෝජිතයින් කිහිපදෙනෙක් බත්තරමුල්ල, පැලවත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ මූලස්ථානයට ගොස් එම පක්ෂයේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා හමුවීමට ගිය බවත් එහිදී පොලිස් නිලධාරීන් 200 කට අධික පිරිසක් සහ විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් පිරිසක් විසින් තම ගමනට බාධා එල්ල කළ බවද ඔහු විසින් පෙන්වා දෙනු ලබයි.
එම කාර්යාලයේ නියෝජිතයෙකු ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ඒ අවස්ථාවේදී පක්ෂ කාර්යාලයේ නොමැති බව සඳහන් කළ බවද සුගීෂ්වර බණ්ඩාර කියා සිටී.
ජනාධිපති, අගමැති,කැබිනට් අමාත්‍යවරුන්, නියෝජ්‍ය අමාත්‍යවරුන් කිසිවෙකු නොමැති අවස්ථාවක අඩුම ගණනේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතාද නොමැති අවස්ථාවක ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයට පොලිස් නිලධාරීන් 200 කට අධික පිරිසකගේ ආරක්ෂාව ලබාදුන්නේ කුමන පදනමකින්ද කියා තමා ආණ්ඩුවෙන් ප්‍රශ්න කරන බවද සුගීෂ්වර බණ්ඩාර පවසයි.
මේ නිසා කිසිදු පදනමකින් තොරව පොලිස් නිලධාරීන් 200 කට වැඩි පිරිසකගේ ආරක්ෂාව ලබාගෙන ජනතා විමුක්ති පෙරමුණ රාජ්‍ය දේපළ අවභාවිතා කර ඇති බවත් මෙම කරුණු ගොනුකරමින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට පැමිණිලි කරන බවද ඔහු පවසයි.
පිළිගත් දේශපාලන පක්ෂයක නියෝජිතයින් පිරිසකට ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් හමුවී ලිපියක් බාර දීමටද නොහැකි තත්ත්වයක් මතු වී ඇති බව සුගීශ්වර බණ්ඩාර කියා සිටී.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
පර්සියානු බොක්කේ නෞකා රැසකට ඉරානයෙන් ප්‍රහාර..
අධිකරණයට බලපෑම්.. දේශපාලන පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම්.. ශ්‍රී ලංකාවට වහා මැදිහත් වන්න..- මිලින්ද රාජපක්‍ෂ ජිනීවා අමතමින් කියයි
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..
ආණ්ඩුවේ නායකයින් ගනුදෙනුකරුවන් සතුටු කිරීම සඳහා ඕනෑම දෙයක් කරන අසරණ වෛශ්‍යාවන් ලෙස කටයුතු කරනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා..
ලොවක් සුවපත් කරන කියුබාවේ වෛද්‍ය ජාත්‍යන්තරවාදය, අනතුරේ!
කළුතර ප්‍රා. සභාවේ පන්සිල්, ජාතික ගීය සහ රණවිරු සැමරුම් තහනම්.. - නියෝගය කොමසාරිස්ගෙන්..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ 63 වන සැසිය ඇරඹේ.. - මෙරට ගැන වාර්තාවක් අද..
දූෂිත නිමල් පෙරේරා ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරයකුගෙ ව්‍යාපාරික සගයෙක්.. - ඩී.වී චානක
22 සංශෝධන පෙත්සම් විභාගය ගැටළුකාරීයි.. - අධිකරණ ස්වාධීනත්වය ගැන පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමය ප්‍රශ්න කරයි..
22ට එරෙහි පෙත්සමක් විභාගයට නොගැනීමෙන් මූලික අයිතිවාසිකම් කඩ වූ බවට ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්..
සරණාගත ජාවාරම පවත්වාගෙන යාම සඳහා එල්ටීටීඊ හිතවාදී ඩයස්පෝරාව ‘දෙමළ ජනතාවට ශ්‍රී ලංකාව ආරක්ෂිත නැත’ යන්න ප්‍රචාරය කරයි..
ආණ්ඩුවට වසර දෙකයි.. ඩඩ්ලිට ධම්මිකට ඉෂාරට සුබයි.. ජනතාවටයි, ගමේ ජෙප්පන්ටයි දුකේ දුකයි.. - ආණ්ඩුවේ දෙවසරක අස්වැන්න ගැන විමල් වීරවංශගේ හෙලිදරව්වක්..
සෞඛ්‍ය සේවයට ජනපතිගෙන් අලුත් වෙනසක් - “හිතුන හිතුන වෙලාවට ඉස්පිරිතාලේට යන්න බෑ...කොත්තමල්ලි ටිකක් බීලා විවේකීව ගෙදරට වෙලා ඉන්න”
22 අනිවාර්යයෙන්ම සම්මත කරනවා.. - ජනපති කියයි
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..