News Category
From Date
To Date
Maximum Number of Result

ශ්‍රී ලංකාවේ නිදහස් සෞඛ්‍ය සේවයේ අනාගත පැවැත්ම සහ ස්ථාවරත්වය තහවුරු කිරීම සඳහා සමස්ත සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ අනුමත සේවක සංඛ්‍යාව (Approved Cadre) වහාම විද්‍යාත්මක පදනමක් මත යාවත්කාලීන කරන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) බලධාරීන්ගෙන් ඉල්ලා සිටියි.

සමාජ මාධ්‍ය හරහා වීඩියෝ පටයක් මගින් මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා තහවුරු නොවූ අසත්‍ය කරුණු ඉදිරිපත් කළ පුද්ගලයෙකු ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය විසින් ඊයේ (18) අත්අඩංගුවට ගෙන තිබේ.

බොදු ගී ඇතුළු අර්ථාන්විත ගීත රැසකින් ශ්‍රී ලාංකේය කලාකෙත පෝෂණය කළ ප්‍රවීන ගේය පද රචක අපවත් වී වදාළ පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියන්ගේ ශ්‍රී දේහය අද (19) දහවල් උන්වහන්සේ විහාරාධිපතිව වැඩ වෙසෙන වැල්ලවත්ත ශ්‍රී සුධර්මාරාම විහාරස්ථානයේ තැන්පත් කිරීමට නියමිත බව පවුලේ ඥාතීන් ප්‍රකාශ කරයි.

අයථා ලෙස උපයන ලද මුදල් යොදවා මාතර, බ්‍රවුන්ස්හිල් ප්‍රදේශයෙන් අක්කර එකහමාරක ඉඩමක් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා තැන්පත් කර තිබූ ඇප මුදල් රාජසන්තක කිරීමට මාතර ප්‍රධාන මහෙස්ත්‍රාත් (18) නියෝග කළේය.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර මාලාව සඳහා කුමන්ත්‍රණය කිරීම, ආධාර අනුබලදීම ඇතුළු චෝදනා 23,270ක් යටතේ විත්තිකරුවන් 24 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා ගොනුකර තිබෙන නඩුවේ විත්තිකරුවෝ සඳුදා (අගෝ: 17) විත්ති කූඩුවේ සිටිමින් තම විත්ති වාචක ඉදිරිපත් කළහ.

ඊයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව පෙත්සම් 6ක් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කෙරුණි.

2026 ජුනි 29 සිට ජූලි 31 දක්වා ජැමෙයිකාවේ කිංස්ටන් නුවරදී ජාත්‍යන්තර මුහුදු පත්ල අධිකාරියේ (International Seabed Authority – ISA) වැනි සැසිවාරයේ දෙවැනි කොටස පැවැත්විණු අතර මෙම සැසිවාරයට රුසියානු අන්තර්රාජ්‍ය නියෝජිත කණ්ඩායමක් සහභාගී විය.

චීනයේ බීජිං නුවරදී පසුගිය 17 වනදා චීන නියෝජ්‍ය විදේශ අමාත්‍ය මියාඕ ඩෙයූ සමඟ පැවති හමුවකදී ජ්‍යෙෂ්ඨ ඉරාන රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීවරයා පවසා සිටියේ ඉරාන–චීන සබඳතා ගොඩ නැගී ඇත්තේ අන්‍යෝන්‍ය ගෞරවය මත බවයි .

විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පත මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා.


ප්‍රධාන පුවත්

හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..

මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.

22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී පරාජය කිරීම සඳහා, එනම් තුනෙන් දෙක හෙවත් ඡන්ද 151ක් ගැනීම වැළැක්වීම සඳහා අගමැති හරිනි අමරසූරිය මහත්මිය මුල් වී තවත් 9 දෙනෙකු සමග කැරැල්ලක් ගැසීමට ඉඩ ඇති බවට පළවන මතවාද පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්පූර්ණයෙන්ම අයුක්තිසහගත සහ නීති විරෝධී ක්‍රියාවක් බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් සකස් කරන ලද නවතම වාර්තාව ජිනීවාහිදී ප්‍රකාශයට පත් කර තිබේ.

නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (04) නියෝග කළේය.

කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව එල්ල වී ඇති රුපියල් කෝටි 30ක (මිලියන 300ක) බරපතල මූල්‍ය අවභාවිත හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබේ.

ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..

මෙරට ගල් අඟුරු සංචිත ප්‍රමාණවත් නොවීම හේතුවෙන් විදුලි උත්පාදන ක්‍රියාවලිය බරපතල අර්බුදයකට ලක්ව ඇති බවත්, අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක (නෞකා දෙකක පමණ) අඩුවක් පවතින බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.