News Category
From Date
To Date
Maximum Number of Result

නිසි ඇගයීමකින් තොරව තමන්ට ලබාදී තිබූ ආරක්ෂිත සංචිතය නිලධාරීන් 60 දෙනෙකු දක්වා අඩු කිරීමට රජය ගෙන තිබූ තීරණයේ අභියෝගයට ලක්කරමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද (19) විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කළේය.

පළාත් පාලන ඡන්ද විමසීම සදහා ඇප තැන්පත් කිරීමේ කාලය අද මධ්‍යහ්න 12 න් අවසන් වීමට නියමිතයි.

හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව ගොනු කර තිබෙන 2023 වසරේ වැලිගම ඩබ්ලිව් 15 හෝටලය අසල වෙඩි තැබීමේ සිද්ධියට අදාළ නඩුව මාතර මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අද පස්වරුවේ කැඳවීමට නියමිත බව වාර්තා වේ. එම නඩුවට අදාළව ඔහු අද උදෑසන මාතර මහේස්ත්‍රාත් අධිකරණයට භාර විය.

රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සහ ඔහුගේ ඇමරිකානු සහකරු වන ඩොනල්ඩ් ට්‍රම්ප් පැය දෙකකට අධික කාලයක් දුරකථන සංවාදයක යෙදී ඇති අතර, යුක්රේන රුසියානු ගැටුමට සාමකාමී විසඳුමක් සාකච්ඡා කර ඇත.

88-89 භීෂණ සමයේදී සිදුවූ ඝාතන සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරනු ලබන්නේනම් තම පක්ෂයේ සාමාජිකයන් 2000කට සිදුවූ දේ සම්බන්ධයෙන්ද පරීක්ෂණ පැවැත්විය යුතු බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් තලතා අතුකෝරාළ ඊයේ (මාර්තු 18) පැවසුවාය.

පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා ඉදිරි සැසිවාර අටකදී සිදු කරන ප්‍රකාශ ශ්‍රව්‍ය, දෘශ්‍ය හා සමාජ මාධ්‍යවල සජීවී විකාශය කිරීම අත්හිටුවන බව කතානායක ජගත් වික්‍රමරත්න අද (මාර්තු 19) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ ය.

ඇමෙරිකාවේ, එංගලන්තෙවත නැති සංක්‍රින්ති ලිංගිකයන් සම්බන්ධ විෂයන් අපේ පාසලලේ විෂය නිර්දේශයට ඇතුළත් නොකරන ලෙස ඉල්ලමින් ආචාර්ය අජන්තා පෙරේරා මහත්මිය ඊයේ (18) අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත ලිපියක් බාරදීමට කටයුතු කර ඇත. එම ලිපිය බාරදීමෙන් අනතුරුව ඇය මාධ්‍ය වෙත අදහස් දක්වමින්මෙසේ පැවසීය.

ආදිවාසී සංස්කෘතිය විකෘති කරමින් වීඩියෝවක් නිර්මාණය කර අන්තර්ජාලයට මුදා හැර ඇති සමාජ මාධ්‍ය ක්‍රියාකරුවන් දෙදෙනකුට එරෙහිව නීතිමය පියවර ගන්නා බව ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිල ඇත්තන් ප්‍රකාශ කර තිබේ .

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සේවකයින් ලෙස සලකා ඔවුන්ගෙන් රඳවා ගැනීමේ බද්දක් අය කිරීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ගෙන ඇති තීරණය බල රහිත කරන්නැයි ඉල්ලමින් ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ නායකයා සහ ටෙස්ට් කණ්ඩායමේ නායකයා ගොනු කළ රීට් පෙත්සම් කරුණු තහවුරු කිරීම සඳහා ලබන 28 වැනිදා කැඳවීමට අභියාචනාධිකරණය ඊයේ (18) දින නියම කළේය.


ප්‍රධාන පුවත්

චීන නැව් ඉලක්ක කරගත් එක්සත් ජනපද නවතම වරාය ගාස්තු සැලැස්ම 'අමෙරිකාවේ සහ අන් ජාතින්ගේ අවශ්‍යතාවලට හානි කරන' බව චීනය පවසයි. නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට සපථ කරයි

ඔක්තෝබර් මැද භාගයේදී බලාත්මක වීමට නියමිත චීනයේ නිර්මාණය කරන ලද සහ චීනයේ ලියාපදිංචි යාත්‍රා සඳහා නව වරාය ගාස්තු පිළිබඳ එක්සත් ජනපද රජයේ නිවේදනයට ප්‍රතිචාර දක්වමින්,

ONLINE පනත ඉවතට

‘මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත’ නොඑසේනම් බොහෝ දෙනෙක් දන්නා පරිදි ඔන්ලයින් ( ONLINE ) පනත අවලංගු කිරීමට පියවර ගැනේ.

සිරි දළදා වන්දනාව අද ඇරඹෙයි

සිරි දළදා වන්දනාව අද (18) දින සිට ආරම්භ කෙරෙන අතර ඒ අනුව, අද පස්වරු 3:30 සිට පස්වරු 5:30 දක්වා දළදා වහන්සේ දැක බලා වන්දනාමාන කරගැනීමට සැදැහැවතුන්ට අවස්ථාව උදාවෙයි.

වියට්නාමයේ ශ්‍රමණවේශධාරීන් පිරිසක් ලංකාවේ පාද චාරිකාවක... මහානායක හිමියන් බෞද්ධ කොමසාරිස්ට ලියයි

බෞද්ධ කටයුතු සම්බන්ධයෙන් චෝදනා ලැබ වියට්නාමයේ තහනම් කොට ඇති සංවිධානයක් ලංකාවට පැමිණ පාද චාරිකාවක නිරත වන බවත් ඔවුන් භික්ෂූ විනයට පටහැනි ලෙස ක්‍රියාකරන සංවිධානයක් බවත් ඒබැවින් ඒම පාද

’’ඡන්ද නීති කඩන කතා එපා’’ මැකෝගෙන් ජනපති ලේකම්ට ලිපියක්

මැතිවරණ නීති උල්ලංඝනය වන ප්‍රකාශ කිරීමෙන් වළකින ලෙස ජනාධිපතිවරයා දැනුවත් කරන්නැයි මැතිවරණ කොමිෂන් සභාව ජනාධිපති ලේකම්වරයාට ලිපියක් යොමු කරමින් දැනුම්දී ඇත.

‘අවමාන තර්ජනය නවත්වනු’ - චීනය ඇමරිකාවට තදින් පවසයි

දෙරට අතර උත්සන්න වන වෙළඳ ආරවුල සංවාදයෙන් විසඳා ගැනීමට අවශ්‍ය නම්, චීනය “අවමාන තර්ජනය කිරීම සහ කප්පම්කරුවෙකු ලෙස හැසිරීම නවත්වන ලෙස” ඇමරිකාවෙන් ඉල්ලා තිබේ.

අමෙරිකාව පැනවූ තීරු බදු වලින් රටවල් 28ක් නිදහස් කරන්නැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉල්ලයි. එහෙත් ශ්‍රී ලංකාව ලයිස්තුවට ඇතුලත් නැහැ

එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇමරිකානු ජනාධිපතිවරයා විසින් පනවා ඇති නව තීරු බදුවලින් ලොව දුප්පත්ම සහ කුඩාම රටවලට නිදහස් කරන ලෙස ඉල්ලා ඇතැයි වාර්තා වේ.

245% ක තීරු බදු පනවන බවට එක්සත් ජනපදයෙන් චීනයට තර්ජන

අප්‍රේල් 15 වනදා නිකුත් කරන ලද ධවල මන්දිර තොරතුරු පත්‍රිකාවකට අනුව, එක්සත් ජනපදයට චීන ආනයන සඳහා 245% දක්වා ඉහළ තීරු බදු පැනවීමට හැකියාව ලැබෙන බව ආර්ථික විද්‍යාඥයෝ පෙන්වා දෙති.

රට බේරා ගන්න උදව් කළාට මට මෙහෙම ද සලකන්නේ.. පිල්ලෙයාන් කඳුළු සළමින් ඇසුවා - උදය ගම්මන්පිල

කොටින්ගෙන් වෙන් වෙලා ඇවිත් කොටි පරදන්න ජීවිතය පරදුවට තියලා සටන් කළ තමන්ට සළකන්නේ මෙහෙමදැයි පිල්ලෙයාන් හඬා වැටෙමින් කඳුළු සළමින් පැවසූ බව පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා අද (16) පැවසීය.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.