අනුරාධපුර පූජාභූමි සංවර්ධන සැලැස්ම ගැන මහා නාහිමිවරුන් දැනුම්වත් කෙරේ..
යෝජිත අනුරාධපුර පූජාභූමි සංවර්ධන සැලැස්ම සම්බන්ධයෙන් අස්ගිරි සහ මල්වතු පාර්ශවයේ මහා නායක හිමිවරුන් දැනුම්වත් කිරීමට පියවර ගෙන තිබේ.
ඒ, ජනාධිපතිවරයා විසින් පත්කළ යෝජිත අනුරාධපුර පූජාභූමි සංවර්ධන සැලැස්ම සම්බන්ද ජනාධිපති උපදේශක සභාවේ සම සභාපති ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් විසින්.
අනුරාධපුර පූජාභූමිය බෞද්ධ උරුමයේ මුදුන්මල්කඩක් බවත්, එහි බෞද්ධ උරුමය ආරක්ෂා වන ආකාරයෙන් කටයුතු කිරීමේ වැදගත්කම මෙහිදී මහ නාහිමිවරුන් අවධාරණය කර ඇත.
එමෙන්ම පූජා භූමියේ පුරාවිද්‍යාත්මක වටිනාකම ආරක්ෂා වන ආකාරයෙන් සංවර්ධන කටයුතු සිදු කිරීම පිළිබඳවද අවධානය යොමුකර තිබේ.අටමස්ථානය වැඳපුදා ගැනීමට පැමිණෙන උපාසක උපාසිකාවන්ගේ සනීපාරක්ෂක කටයුතු සහ ප්‍රවාහන කටයුතු වැනි පහසුකම් සැලසීම ද මෙහිදී සාකච්ඡාවට ලක්ව ඇත.
මෙහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා පවසා සිටියේ, එම උරුමයන් ආරක්ෂා කරමින් එම පහසුකම් වැඩිදියුණු කිරීම සම්බන්ධයෙන් මහා නායක හිමිවරුන්ගේ කිසිදු විරෝධතාවයක් නොමැති බවය.
කෙසේ වෙතත් අස්ගිරි පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමි එහිදී පවසා ඇත්තේ, මෙවැනි සංවේදී කරුණක් පිළිබඳ සාකච්ඡාවෙන් හා සම්මුතියෙන් කටයුතු කිරීම වඩාත් සුදුසු බවයි.
මූලාශ්‍රය - අද දෙරණ
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
2027 අයවැය දෙවැනිවර කියවීම සම්මතයි - පක්ෂව 157.. විපක්ෂව 60යි..
ෂෙන්ෂෙන් බලවතුන්ගේ හමුව ලෝකය බෙදාගැනීමට ද?.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
වෙස්මුහුණු ගැලවුණු යුරෝපීය යුක්තිය: අර්බුදයකට මැදි වූ ජාත්‍යන්තර අපරාධ අධිකරණය..
උද්ධමනය 9%ක් දක්වා ඉහළ යා හැකියි.. - මහ බැංකු අධිපති කියයි
මාළුවකු ලබාදීම මෙන්ම මාළු ඇල්ලීමට අවශ්‍ය හැකියාව ද ලබාදීම යන ආදර්ශය ශ්‍රී ලංකාව තුළ ප්‍රවර්ධනය කිරීමට අපි බලාපොරොත්තු වෙනවා- ශ්‍රී ලංකාවේ චීන තානාපති ගරු Wei Huaxiang මැතිතුමා
ජනපති අනුර පළාත් සභා ඡන්ද නොපවත්වා 2029 ජනාධිපතිවරණයට තනි අශ්වයාගේ රේස් එකක් සැලසුම් කරනවාද?.. - ධර්මශ්‍රී ගෙන් අනාවරණයක්..
2027 අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම අද..
NPP ආණ්ඩුවේ ප්‍රගතිය එකමිටට කියපු ඩී.වී. චානක..
"මාතලේ අළු විහාරයේ ප්‍රේරණ කලාපයේ හදපු පල්ලියක් ලොකු කරන්න අවසර දීලා.. පුරාවිද්‍යා අධ්‍යක්ෂක ජනරාල් පුරාවිද්‍යා පනත උල්ලංඝනය කරලා.." - වෛද්‍ය වසන්ත බණ්ඩාර
ශ්‍රී පාද මාවත වනජීවී දෙපාර්තමේන්තුවට අයත් නැහැ.. එය මහජනතාව සතුයි.. - ශ්‍රී පාදස්ථානාධිපති හිමි
2035 වන විට ඉස්ලාම් ආගම ලොව විශාලතම ආගම බවට පත්වන බවට පිව් පර්යේෂණ මධ්‍යස්ථානයෙන් පුරෝකථනයක්..
අමෙරිකා, රුසියා, චීන බලවතුන්ගේ ත්‍රෛපාර්ශ්වික සාකච්ඡාව අද..
ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහි රිට් පෙත්සම් විභාගය නැවත කැඳවීම දෙසැම්බර් 01 වැනිදා..
ටෙන්ඩර් කැඳවීමක් නැතිව ඊශ්‍රායලයෙන් හදිසියේ ඩ්‍රෝන යානා මිල දී ගන්නේ ඇයි?.. - ධර්ම ශ්‍රී කාරියවසම්ගෙන් අනාවරණයක්..
චීවරධාරී රාජාංගනයේ සද්ධාරතන අත්අඩංගුවට..
ගෝලීය බලවතුන් තිදෙනාගේ ඓතිහාසික හමුවෙන් සාකච්ඡා වන ප්‍රධාන මාතෘකා මොනවාද?..