News Category
From Date
To Date
Maximum Number of Result

සංචාරක සංවර්ධන අමාත්‍ය විජිත හේරත් මහතා ප්‍රකාශ කර ඇත්තේ ශ්‍රී ලංකාවට සංචාරය කරන සංචාරකයින් සඳහා හෝටල් කාමර වෙන් කිරීම මාර්ගගත ක්‍රමයට සිදු කරන ආයතන පිළිබඳ ඒකාධිකාරය බිඳ දැමීමට නව ආයතන ඇති කිරීමට පියවර ගන්නා බවයි.

2023 වසරේ මාතර වැලිගම ප්‍රදේශයේ පිහිටි W15 හෝටලයට වෙඩි ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර සිටි පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඊයේ මාතර මහේස්ත්‍රාත් උසාවියට ඉදිරිපත් විය. ඒහිදී ඒ මහතා මාර්තු 20 වැනිදා දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මාතර මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ නාම යෝජනා භාර ගැනීම අද (මාර්තු 20) මධ්‍යහ්න 12:00ට අවසන් වන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

රේගුවේ හිරවී තිබෙන ජපානයෙන් ආනයනය කළ වාහන 400 කට ආසන්න ප්‍රමාණයක් නිදහස් කිරීමට බාධාවක් වූ, එම වාහන මෙරටට එවීම සඳහා අපනයන පරීක්ෂණ සහතික ලබාගෙන තිබූ බියුරෝ වෙරිටාස් කාර්යාංශයට ඒ සඳහා බලය ලබා දෙමින් සහ වාහන රේගුවෙන් නිදහස් කිරීමට තිබෙන අනෙකුත් බාධාවන් ඉවත්කරමින් ඉතාමත් ඉක්මණින් මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කිරීමට නියමිත බව ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.

ලංකාවේ එක දවසකට ප්‍රමාණවත් වී ප්‍රමාණයවත් ආණ්ඩුව විසින් මෙවර මිලදීගෙන නැතැයි හම්බන්තොට දිස්ත්‍රික් මන්ත්‍රී ඩී.වී චානක මහතා:-(පො.පෙ) පාර්ලිමේන්තුවේදී පැවසීය.

ජෙසී අයිසන්බර්ග් විසින් අධ්‍යක්ෂණය කරන ලද A Real Pain (R ශ්‍රේණිගත කර ඇත) චිත්‍රපටය මෙවර ඔස්කාර් සිනමා උළෙලේදී හොඳම සහය නළුවාට හිමි සම්මානය ලබා ගැනීමට සමත්ව තිබේ.

අද (19) පෙරවරුවේ මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වූ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා හෙට (20) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. 2023 වසරේ මාතර, වැලිගම ප්‍රදේශයේ සිදුවු වෙඩිතැබීමට අදාළව වරෙන්තු ලබා සිටි පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අද පෙරවරුවේ සිය නීතීඥවරුන් සමග පැමිණ මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට භාරවුණි.

නිසි ඇගයීමකින් තොරව තමන්ට ලබාදී තිබූ ආරක්ෂිත සංචිතය නිලධාරීන් 60 දෙනෙකු දක්වා අඩු කිරීමට රජය ගෙන තිබූ තීරණයේ අභියෝගයට ලක්කරමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද (19) විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කළේය.

පළාත් පාලන ඡන්ද විමසීම සදහා ඇප තැන්පත් කිරීමේ කාලය අද මධ්‍යහ්න 12 න් අවසන් වීමට නියමිතයි.


ප්‍රධාන පුවත්

වැට් සංශෝධන පනත බලාත්මක වෙයි..

එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත් කෙටුම්පත සඳහා කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා ඊයේ (11 දා) සිය සහතිකය සටහන් කළේය.

ආනයනික ඇමරිකානු නිෂ්පාදන සඳහා චීනය 125% දක්වා තීරුබදු ඉහළ නංවයි

අප්‍රේල් 12 වන දින සිට බලපැවැත්වෙන පරිදි චීනය එක්සත් ජනපදයෙන් ආනයනය කරන නිෂ්පාදන සඳහා වන අතිරේක තීරුබදු සියයට 84 සිට 125% දක්වා ඉහළ නංවන බව චීන රාජ්‍ය කවුන්සිලයේ රේගු තීරුබදු කොමිසම අද(11) නිවේදනය කළේය.

ආනයනික ඇමරිකානු නිෂ්පාදන සඳහා චීනය 125% දක්වා තීරුබදු ඉහළ නංවයි

අප්‍රේල් 12 වන දින සිට බලපැවැත්වෙන පරිදි චීනය එක්සත් ජනපදයෙන් ආනයනය කරන නිෂ්පාදන සඳහා වන අතිරේක තීරුබදු සියයට 84 සිට 125% දක්වා ඉහළ නංවන බව චීන රාජ්‍ය කවුන්සිලයේ රේගු තීරුබදු කොමිසම අද(11) නිවේදනය කළේය.

ආර්ථික, දේශපාලන ප්‍රතිසංස්කරණ ප්‍රමාද වීම හේතුවෙන් ශ්‍රී ලංකාව පීඩාවට පත්වනු ඇතැයි අපේක්ෂා කරනවා: එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේගුණවර්ධන

ආර්ථික හා දේශපාලන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමේදී ඇතිවන ප්‍රමාදයන් හේතුවෙන් ශ්‍රී ලංකාව ප්‍රතිවිපාකවලට මුහුණ දෙනු ඇතැයි අපේක්ෂා කරන බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේගුණවර්ධන මහතා අද(11) පැවසීය.

ඇමෙරිකාව ලංකාවට බදු පැනවීම අහම්බකයක්ද? - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ ජයග්‍රඑග්‍රහණයේ පිටුපස සිටින ගොලීය බිලියනපතියන් සමූහය ජනාධිපතිවරණයට පෙර ඇමෙරිකානු ඊනියා ජාතිකවාදී සහ ජාතිවාදී සුදු ජාතික ඉහළ පන්තිය පිනවීම සදහා ප්‍රතිපත්තියේ ප්‍රධාන හැඩතලයන් නැගී එන චීනයේ ආර්ථික බලය බිද දමමින් ඇමරිකානු අධිපතිවාදී ආර්ථිකය ාලෝකය මත පැයවීමේ උත්සාහයක නිරතව සිටි බ ව වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි. ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ ජයග්‍රඑග්‍රහණයේ පිටුපස සිටින ගොලීය බිලියනපතියන් සමූහය ජනාධිපතිවරණයට පෙර ඇමෙරිකානු ඊනියා ජාතිකවාදී සහ ජාතිවාදී සුදු ජාතික ඉහළ පන්තිය පිනවීම සදහා ප්‍රතිපත්තියේ ප්‍රධාන හැඩතලයන් නැගී එන චීනයේ ආර්ථික බලය බිද දමමින් ඇමරිකානු අධිපතිවාදී ආර්ථිකය ාලෝකය මත පැයවීමේ උත්සාහයක නිරතව සිටි බව වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

දේශබන්දුගේ ඇප කැන්සල් කරන්නැයි අභියාචනාධිකරණයට ප‍්‍රතිශෝධනයක්?

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට ඇප ලබාදීමට ගත් තීරණය අභියෝගයට ලක්කරමින් මහාධිකරණය හමුවේ ප්‍රතිශෝධන අයදුම්පතක් ගොනු කිරීමට පියවර ගන්නා බව පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා අද මාතර මහේස්ත්‍රාත් අධිකරණයට දන්වා සිටියේය.

දූෂණ විරෝධී පස් අවුරුදු සැලසුමට පළමු පැමිණිල්ල ජාතික ව්‍යාපාරයෙන්: සතොස සභාපතිට එරෙහිව

ජනාධිපති අනුර දිසානායක මහතා විසින් එළි දැක්වූ දූෂණ විරෝධී පස් අවුරුදු සැලැස්මට අදාළව පළමු පැමිණිල්ල දේශහිතෛෂි ජාතික ව්‍යාපාරය විසින් කොමිසමට ඉදිරිපත් කර ඇත.

මෝදි හින්දු අන්තවාදය ශ්‍රී ලංකාවේ ස්ථාපිත කිරීමට සූක්ෂමව කටයුතු කරමින් සිටිනවා- ජන අරගල ව්‍යාපාරයේ දුමින්ද නාගමුව

ඉන්දීය අගමැතිවරයා ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේ හූ කියනු ලැබුවේ දැනුවත්ව බවත් ඔහු ඉන්දියාවේ ශිව සේනා සංවිධානයේ නායකයෙකුව සිටිමින් ගුජාරාට් ප්‍රාන්තයේ මහ ඇමති ධූරය දරමින් ඉන්දියාවේ මුස්ලිම් වැසියන් දාහකට ආසන්න සංඛ්‍යාවක් මරා දැමූ පුද්ගලයෙකු බවත් ජන අරගල සන්ධානයේ දුමින්ද නාගමුව මහතා පැවසූවේය.

වොෂින්ටනයේ තීරුබදු පියවර මධ්‍යයේ බොහෝ ජාත්‍යන්තර සමාගම් චීනය ව්‍යාපාරික මෙහෙයුම් සඳහා 'ආරක්ෂිතම වරාය' ලෙස සලකයි- නිව් යෝක් ටෛයිම්ස්

ගෝලීය වෙළඳාමේ කැලඹීම් මධ්‍යයේ සමාගම් කඩිනම් තීරණයක් ගැනීමට බිය වන බැවින්, බොහෝ ආසියානු රටවල් මත එක්සත් ජනපදය තීරුබදු පැනවීම චීනය වඩාත් "ආකර්ශනීය විකල්පයක්" බවට පත් කර ඇති බව නිව්යෝර්ක් ටයිම්ස් ඊයේ(09) "තීරුබදු කුණාටුවකදී, බොහෝ සමාගම් චීනය ආරක්ෂිතම වරාය ලෙස දකී" යන මාතෘකාවෙන් යුත් පලකල පුවත් වාර්තාවක සඳහන් කළේය.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.