

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ කොන්දොස්තර හා රියැදුරන් ලෙස සේවයට බැඳුණු ඇතැම් පුද්ගලයන් පසුගිය පාලන කාලවලදී නුසුදුසු ආකාරයට ඩිපෝවල ඉහළ තනතුරුවලට පත්කර ඇති අතර එසේ පසුගිය වසර 5 තුළ එම තනතුරුවලට පත්කළ පුද්ගලයන් නැවත කලින් සිටි තනතුරුවලට ම ස්ථාපිත කළ බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක පැවසීය.

හිටපු රාජ්‍ය ඇමැති සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. ඒ මඩකලපුව ප්‍රදේශයේදීයි. අත්අඩංගුවට ගත් හිටපු රාජ්‍ය අමාත්‍යවරයා මේ වනවිට කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත රැගෙන එමින් පවතින බවයි ආරංචි මාර්ග වැඩිදුරටත් සදහන් වෙන්නේ.

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ මෙවර ශ්‍රී ලංකා සංචාරය ඉතා ආන්දෝලනාත්මක බවත්, ඉන්දීය අගමැතිවරයාගේ මෙම සංචාරයේ දී දෙරට අතර අවබෝධතා ගිවිසුම් 7ක් අත්සන් කළද ශ්‍රී ලංකා රජය හෝ ඉන්දීය රජය මේ වන තෙක් එම ගිවිසුම් පිළිබඳව පැහැදිලි අනාවරණයක් සිදුකොට නොමැති බවත්, මේ පිළිබඳව කරුණු පැහැදිලි කරන අන්තර්ජාල නාලිකාවක් විසින් හෙළිකරයි.

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීම සඳහා වූ පරීක්ෂණ කමිටුවක් පත් කිරීමේ යෝජනාව අද (08) පාර්ලිමේන්තුවේදී සම්මත විය.

ආසියානු නේටෝව නමින් හඳුන්වන ආරක්ෂක එකඟතාවක් ඇමෙරිකා එක්සත් ජනපදය, ඉන්දියාව ඕස්ට්‍රේලියාව සහ ජපානය අතර 2007 වර්ෂයේ සිට ක්‍රියාවට නැංවෙන බවත් පසුගියදා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අත්සන් කරන ලද ආරක්ෂක ගිවිසුමෙන් ශ්‍රී ලංකාව ඍජුව හෝ වක්‍රාකාරව කොඩ් (Quad) හඳුන්වන මෙම ආසියානු නේටෝවට සම්බන්ධ කලාද නැතිද යන්න පැහැදිලිව රටට ප්‍රකාශ කළ යුතු බවත් සර්වජන බලය උප සභාපති වෛද්‍ය චන්න ජයසුමන මහතා බොරලැස්ගමුවේදී පැවති රැස්වීමකදී ප්‍රකාශ කළේය.
ප්‍රධාන පුවත්
දැඩි බෞද්ධ විරෝධය මැද ශාක්‍යයන්ට අයත්ව තිබූ බෞද්ධ ධාතු හොංකොංවලදී වෙන්දෙසි කිරීමේ සූදානමක්..
ජවිපෙ අත්හැරපු ඉන්දියන් විරෝධී සටන විජේවීරගේ පුතා අතට ගනී.. (වීඩියෝ)
අනුර - මෝදි ගිවිසුම්වලින් රටේ ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ලවිය හැකියි - වෛද්‍ය අනුලා විජේසුන්දර (වීඩියෝ)
අනුර - මෝදි අත්සන් කළ ගිවිසුම් රටේ ව්‍යවස්ථාවට සහ ජාත්‍යන්තර සම්මුතීන්ට පටහැනියි... ජනාධිපති ලේකම් වගකීම් පැහැරහැරියා - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් චෝදනා (වීඩියෝ)
අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට මහජන පෙත්සම භාර දුන් අවස්ථාව (වීඩියෝ)
ආණ්ඩුව ඉන්දියාව සමග ගිවිසුම් අත්සන් කර ඇත්තේ රටේ ස්වාධීනත්වයට, නීතියට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි ලෙසයි - නීතිඥ මධුමාලි අල්විස් (වීඩියෝ)
ඉන්දියාව සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් නීති විරෝධීයි.. ඒ ගිවිසුම්වලින් රටේ ස්වෛරීත්වය පාවා දීලා - ආචාර්ය ගුණදාස අමරසේකර (වීඩියෝ)
ඉන්දියාවත් එක්ක ගැසූ හොර ගිවිසුම් ගැන කරුණු කියන්න ජනපති ලේකම් කාර්යාලයට ගිය ජාතික සංවිධාන නියෝජිතයන්ට කුඩම්මාගේ සැලකිලි..
අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදෙයි..
ඉන්දියාව අසල්වාසී රාජ්‍යයක් මිස ලොකු අයියා නොවෙයි.. ඉන්දියාවේ උපකාර පිටුපස සැඟවුණු යටි අරමුණු වටහාගත යුතුයි - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි (වීඩියෝ)
