News Category
From Date
To Date
Maximum Number of Result

ඩොලර් 115 ඉක්මවා ඉහළ ගිය බොරතෙල් බැරලයක මිළ මේ වන විට ඩොලර් 85-90 අතර මිලකට පහත වැටී ඇතැයි වයඹ විශ්වවිද්‍යාලයේ ගණාකාධිකරණ පීඨයේ මහාචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා පවසයි.

මෙරටට මෑතකදී ආනයනය කරන ලද මෙට්‍රික් ටොන් 55,000ක ඉන්ධන තොගය දින හතක් වැනි කෙටි කාලයක් තුළ පාරිභෝගිකයන් විසින් ලබාගෙන අවසන් කර ඇති බව වෙළෙඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසයි.

'IRIS Dena' යුද නෞකාවේ ගලවා ගැනීමේ මෙහෙයුම්වලට අමෙරිකාව හිතාමතාම බාධා කිරීම බරපතල "යුද අපරාධයක්" බවට ඉරානය චෝදනා කරයි.

අමෙරිකාව සමග වසර 10ක යුද්ධයකට සූදානමින් සිටින බවත්, මිසයිල සහ ඩ්‍රෝන යානා යොදාගනිමින් සිටින්නේ ඒ ආකාරයෙන් බවත් IRGC උපදේශක බ්‍රිගේඩියර් ජෙනරාල් ඊබ්‍රහීම් ජබ්බාරි පවසයි.

ඊයේ (10) මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි ලිට්‍රෝ ගෑස් මිල ඉහළ නංවන බව එම සමාගම නිවේදනය කර තිබේ.

තෙල් මිල වැඩි නොකරන බවත්, තෙල් සංචිත ඇති බවත් ආණ්ඩුව පැවසූ බවත්, ජනාධිපති දැන් තෙල් මිල වැඩි කළේ කුමන පදනමක් යටතේ දැයි පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ප්‍රශ්න කරයි.

ඉරානයට එරෙහි එක්සත් ජනපද-ඊශ්‍රායල හමුදා ප්‍රහාර 11 වන දිනටත් පිවිස ඇති තතව්යක් තුළ චීනයේ ඉරාන තානාපති අබ්ඩොල්රේසා රහ්මානි ෆස්ලි ඊයේ(09) රටේ වත්මන් අර්බුදය සහ එහි විදේශ ප්‍රතිපත්තියේ දිශාව පිළිබඳව මාධ්‍ය හමුවක් පවත්වන ලදී.

ලෝක වෙළඳපොළේ බොරතෙල් සහ පිරිපහදු කළ ඉන්ධන මිල ශීඝ්‍රයෙන් ඉහළ යාම සහ දේශීය පරිභෝජනය අසාමාන්‍ය ලෙස ඉහළ යාම හේතුවෙන් ඉන්ධන මිල වැඩි කිරීමට රජයට සිදු වූ බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

දූෂණය පිටුදකින්න කියා පැමිණි ආණ්ඩුවේ ගල් අඟුරු මගඩියේ සමස්ථ මූල්‍ය පාඩුව මේ වසරේ පමණක් රුපියල් බිලයන 114ක් වන බවත් එම මහා තක්කඩි වැඩේට කුමාර ජයකොඩි සහ ජනාධිපති අනුර කුමාර යන කුමාරවරු දෙදෙනාම වගකිවයුතු බවත් සංඛ චන්දම අභයවර්ධන මහතා පවසයි.


ප්‍රධාන පුවත්

එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ (UNHRC) 63 වන සැසිවාරය සඳහා ඉදිරිපත් කර ඇති A/HRC/63/18 දරන වාර්තාව මගින් ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට, ජාතික ආරක්ෂාවට සහ අභ්‍යන්තර කටයුතුවලට අනිසි ලෙස මැදිහත් වීමට උත්සාහ දරන බව පවසමින් ගෝලීය ශ්‍රී ලාංකික සංසදය විසින් ජනාධිපතිවරයාගේ විශේෂ අවධානය පිණිස නිවේදනයක් නිකුත් කර තිබේ.

ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි

ඉරානය සම්බන්ධයෙන් ඇමරිකා එක්සත් ජනපදය විසින් ඉදිරිපත් කරන ලද ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ (IAEA) යෝජනාවකට චීනය බදාදා විරෝධය පළ කළේය.

ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..

අධිකරණයට අපහාස කිරීමේ චෝදනා මත සිරදඬුවම් නියම වී සිටි බොදුබල සේනා සංවිධානයේ ලේකම්, පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ප්‍රදානය කළ පොදුසමාව බලරහිත බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.

නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?

ශ්‍රී ලංකාව ලෝක සිතියමේ පිහිටා ඇති භූගෝලීය ස්ථානය හේතුවෙන් ඉතිහාසය පුරාම විදේශීය බලවතුන්ගේ අවධානයට ලක් වූ රටකි. ඉන්දියන් සාගරය තුළ ශ්‍රී ලංකාවේ පිහිටීම, ප්‍රධාන මුහුදු මාර්ගවලට ඇති ආසන්නත්වය සහ කලාපීය භූදේශපාලනික වැදගත්කම හේතුවෙන් ශ්‍රී ලංකාව පිළිබඳව විවිධ බලවතුන්ගේ උනන්දුව අඛණ්ඩව පැවතී ඇත.

ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..

Axios පුවත් සේවය වාර්තා කරන පරිදි, විදේශයන්ගෙන් භාණ්ඩ ගෙන්වීම සම්පූර්ණයෙන්ම වළක්වන අතිශය දැඩි වෙළෙඳ යුද උපායමාර්ගයකට එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යොමුවෙමින් සිටියි.

ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්

ජර්මනියේ පැවැති ප්‍රාන්ත මැතිවරණයකින් එරට 'ජර්මනිය සඳහා විකල්පය' (AFD) පක්ෂය වාර්තා කළ විශිෂ්ට ජයග්‍රහණය හමුවේ, ජර්මනියේ මෙන්ම සමස්ත යුරෝපයේම දේශපාලන හා ආර්ථික ගමන්මග විශාල වෙනසකට ලක්වෙමින් පවතින බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

සරල ගිවිසුම් අත්සන් කරන්න ඉන්දීය ආරක්ෂක ඇමැති එන්නේ නෑ.. සැබෑ ගිවිසුම් වහා රටට හෙළිකරනු! - පුබුදු ජයගොඩ

ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං මහතාගේ ශ්‍රී ලංකා සංචාරය අතරතුර දෙරට අතර ඇති කරගත් සැබෑ ගිවිසුම් සහ එකඟතා මොනවාදැයි වහාම ජනතාව හමුවේ හෙළිදරව් කරන ලෙස පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා රජයෙන් ඉල්ලා සිටියි.

"ඉන්දියාවේ ආරක්ෂක අභිමතයන්ට විරුද්ධ කිසිදු ක්‍රියාකාරකමකට ශ්‍රී ලංකා භූමිය කිසිවිටෙකත් භාවිතා කිරීමට ඉඩක් නෑ" - ජනපති අනුර ඉන්දීය ආරක්ෂක ඇමති හමුවේ පැවසු බවට එරට ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්..

මෙරටට පැමිණි ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං සහ ජනාධිපති අනුර කුමාර දිසානායක අතර අද (09) කොළඹ ජනාධිපති කාර්යාලයේ දී පැවති සාකච්ඡාව පිළිබඳව ඉන්දීය ආරක්ෂක අමාත්‍යංශය මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.