News Category
From Date
To Date
Maximum Number of Result

එක්සත් ජනපද සහ ඊශ්‍රායල තානාපතිවරුන් තම භූමියෙන් නෙරපා හැරියහොත් ඕනෑම අරාබි හෝ යුරෝපීය රටක් හෝර්මුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කිරීමට අවකාශ සලසා ඇති බව ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය (IRGC) පැවසීය.

අලුත් අවුරුද්දට නැකැත් සීට්ටුවක් රජය ප්‍රකාශයට පත්නොකරන්නේ නම් තමන්ගේ ඊට අදාළ නැකැත් තොරතුරු ලබාගත්තේ කුමකටදැයි ජ්‍යෝතීෂ්‍යවේදීන් ප්‍රශ්නකර සිටී.

විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිති 24ක් එක්ව ඊයේ (09) පස්වරු 3.00ට ආරම්භ කළ සංකේත වර්ජනය අද (10) පස්වරු 3.00 දක්වා ක්‍රියාත්මක අතර, වෘත්තීය සමිති නියෝජිතයින් ප්‍රකාශ කළේ මෙම වර්ජනයට අඛණ්ඩ වර්ජනයක් දක්වා තීව්‍ර කරන්නේ ද යන්න සම්බන්ධයෙන් පස්වරුවේ දැනුම්දෙන බවයි.

විශේෂ නාවික හමුදා මෙහෙයුමකින් මත්ද්‍රව්‍ය තොගයක් බවට සැකකෙරෙන උර සහ අවි ආයුධ තොගයක් ප්‍රවාහනය කරමින් තිබු බහුදින ධීවර යාත්‍රාවක් නාවික හමුදාව විසින් සිය භාරයට ගෙන තිබේ.

සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව ඉතිහාසයේ පළමුවරට මේ වසරේදී අලුත් අවුරුදු නැකැත් සීට්ටටුවක් නිල වශයෙන් ප්‍රකාශයට පත් නොකිරීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

යුද්ධය අවසන් කිරීම පිළිබඳ තීරණය ගන්නේ ඉරානය බව අමෙරිකානු ජනපති ට්‍රම්ප්ගේ ප්‍රකාශයට දැඩි ප්‍රතිචාර දක්වමින් ඉරානය පවසා තිබේ.

ඉන්ධන මිල ඊයේ (09) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ යාම හමුවේ බස් ගාස්තු වැඩිවීමක් අවශ්‍ය බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැයි රැලිය මැයි 1 වෙනදා නොපැවැත්වීමට තීරණය කළ බව එම පක්ෂයේ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් පවසයි.

ලෝක බොරතෙල් බැරලයක මිල ඊයේ (9) සිට පහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.


ප්‍රධාන පුවත්

එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ (UNHRC) 63 වන සැසිවාරය සඳහා ඉදිරිපත් කර ඇති A/HRC/63/18 දරන වාර්තාව මගින් ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට, ජාතික ආරක්ෂාවට සහ අභ්‍යන්තර කටයුතුවලට අනිසි ලෙස මැදිහත් වීමට උත්සාහ දරන බව පවසමින් ගෝලීය ශ්‍රී ලාංකික සංසදය විසින් ජනාධිපතිවරයාගේ විශේෂ අවධානය පිණිස නිවේදනයක් නිකුත් කර තිබේ.

ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි

ඉරානය සම්බන්ධයෙන් ඇමරිකා එක්සත් ජනපදය විසින් ඉදිරිපත් කරන ලද ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ (IAEA) යෝජනාවකට චීනය බදාදා විරෝධය පළ කළේය.

ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..

අධිකරණයට අපහාස කිරීමේ චෝදනා මත සිරදඬුවම් නියම වී සිටි බොදුබල සේනා සංවිධානයේ ලේකම්, පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ප්‍රදානය කළ පොදුසමාව බලරහිත බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.

නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?

ශ්‍රී ලංකාව ලෝක සිතියමේ පිහිටා ඇති භූගෝලීය ස්ථානය හේතුවෙන් ඉතිහාසය පුරාම විදේශීය බලවතුන්ගේ අවධානයට ලක් වූ රටකි. ඉන්දියන් සාගරය තුළ ශ්‍රී ලංකාවේ පිහිටීම, ප්‍රධාන මුහුදු මාර්ගවලට ඇති ආසන්නත්වය සහ කලාපීය භූදේශපාලනික වැදගත්කම හේතුවෙන් ශ්‍රී ලංකාව පිළිබඳව විවිධ බලවතුන්ගේ උනන්දුව අඛණ්ඩව පැවතී ඇත.

ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..

Axios පුවත් සේවය වාර්තා කරන පරිදි, විදේශයන්ගෙන් භාණ්ඩ ගෙන්වීම සම්පූර්ණයෙන්ම වළක්වන අතිශය දැඩි වෙළෙඳ යුද උපායමාර්ගයකට එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යොමුවෙමින් සිටියි.

ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්

ජර්මනියේ පැවැති ප්‍රාන්ත මැතිවරණයකින් එරට 'ජර්මනිය සඳහා විකල්පය' (AFD) පක්ෂය වාර්තා කළ විශිෂ්ට ජයග්‍රහණය හමුවේ, ජර්මනියේ මෙන්ම සමස්ත යුරෝපයේම දේශපාලන හා ආර්ථික ගමන්මග විශාල වෙනසකට ලක්වෙමින් පවතින බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

සරල ගිවිසුම් අත්සන් කරන්න ඉන්දීය ආරක්ෂක ඇමැති එන්නේ නෑ.. සැබෑ ගිවිසුම් වහා රටට හෙළිකරනු! - පුබුදු ජයගොඩ

ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං මහතාගේ ශ්‍රී ලංකා සංචාරය අතරතුර දෙරට අතර ඇති කරගත් සැබෑ ගිවිසුම් සහ එකඟතා මොනවාදැයි වහාම ජනතාව හමුවේ හෙළිදරව් කරන ලෙස පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා රජයෙන් ඉල්ලා සිටියි.

"ඉන්දියාවේ ආරක්ෂක අභිමතයන්ට විරුද්ධ කිසිදු ක්‍රියාකාරකමකට ශ්‍රී ලංකා භූමිය කිසිවිටෙකත් භාවිතා කිරීමට ඉඩක් නෑ" - ජනපති අනුර ඉන්දීය ආරක්ෂක ඇමති හමුවේ පැවසු බවට එරට ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්..

මෙරටට පැමිණි ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං සහ ජනාධිපති අනුර කුමාර දිසානායක අතර අද (09) කොළඹ ජනාධිපති කාර්යාලයේ දී පැවති සාකච්ඡාව පිළිබඳව ඉන්දීය ආරක්ෂක අමාත්‍යංශය මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.