ඉරානය යළි හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දමයි..
හෝමුස් සමුද්‍ර සන්ධිය සියලුම මුහුදු ගමනාගමන කටයුතු සඳහා වසා දැමීමට පියවර ගත් බව ඉරාන මධ්‍යම යුද අණදෙන මූලස්ථානය නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබේ.
ඇමෙරිකා එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය විසින් ටෙහෙරාන් සහ වොෂින්ටනය අතර ඇති කරගත් අවබෝධතා ගිවිසුම උල්ලංඝනය කිරීම හේතුවෙන් සිකුරාදා (19) මධ්‍යම රාත්‍රියේ සිට මෙම පියවර ගත් බව ඉරානය පවසයි.
විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ඉරානයේ ‘ඛාතම් අල්-අන්බියා’ මධ්‍යම යුද මූලස්ථානය සඳහන් කළේ, යුද්ධයෙන් පසු ඇමෙරිකාව සමඟ ඇති කරගත් අවබෝධතා ගිවිසුමේ පළමු වගන්තිය ඇමෙරිකා එක්සත් ජනපදය විසින් සෘජුවම උල්ලංඝනය කිරීම සහ දකුණු ලෙබනනයේ ක්‍රියාත්මක සටන් විරාම ගිවිසුම ඊශ්‍රායල සයන්වාදී පාලනය විසින් දිගින් දිගටම කඩ කිරීම හේතුවෙන් මෙම දැඩි තීරණය ගැනීමට සිදු වූ බවයි.
තමන් දුන් පොරොන්දු කඩ කරන ආගම් විරෝධී බලවේගයන්ට එරෙහිව සටන් කිරීමේ අවශ්‍යතාව පැහැදිලි කරන කුරාන වැකියක් ද මෙම නිවේදනය ආරම්භයට ඇතුළත් කර තිබීම සුවිශේෂී වේ.
දකුණු ලෙබනනයේ ක්‍රියාත්මක හිස්බුල්ලා ප්‍රතිරෝධී ව්‍යාපාරය සමඟ එළඹ තිබූ සටන් විරාම ගිවිසුම ඊශ්‍රායලය විසින් අඛණ්ඩව උල්ලංඝනය කරමින් සිටින බවත්, එම ප්‍රහාර හේතුවෙන් දකුණු ලෙබනනයේ සිය දහස් සංඛ්‍යාත සිවිල් වැසියන් අවතැන් වී ඝාතනයට ලක්ව ඇති බවත් ඉරාන ආරක්ෂක අංශ පෙන්වා දෙයි. එසේම ඊශ්‍රායල හමුදා එම ප්‍රදේශවලින් ඉවත් කර ගැනීමට ද ඔවුන් අපොහොසත් වී ඇතැයි ඉරානය චෝදනා කරයි.
ඉරාන යුද අණදෙන මූලස්ථානය අවධාරණය කරන්නේ, හෝමුස් සමුද්‍ර සන්ධිය වසා දැමීම ඇමෙරිකාව සහ එහි මිත්‍ර පාර්ශවයන් සිදු කළ ගිවිසුම් කඩ කිරීමට එරෙහිව ගත් පළමු පියවර පමණක් වන අතර, සතුරා ලවා එම පොරොන්දු ඉටු කරවා ගැනීම සඳහා ඉදිරියේදී තවදුරටත් දැඩි පියවර ගන්නා බවයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..
සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..
ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්
උතුරු-නැගෙනහිර බෙදුම්වාදී ක්‍රියා වහා පාලනය කිරීමට මැදිහත්වන්න.. - ජාතික නිදහස් පෙරමුණෙන් ජනපති අනුරට ලිපියක්
වහබ්වාදී ආගමික අන්තවාදය ශ්‍රී ලංකා භූමියෙන් මුලිනුපුටා දැමීම සඳහා වූ ගෝඨාභය රාජපක්ෂ යෝජනාවලිය යනු කුමක් ද?
''භික්ෂුවගේ සිවුර ඉවත් කිරීම සංඝ සභාවේ තීරණයක් විය යුතුයි'' - කෝට්ටේ සංඝ සභාවෙන් බන්ධනාගාර කොමසාරිස්ට ලිපියක්
සරම්ප වසංගතය දරුණු වෙයි: නිව්යෝර්ක් හදිසි ආපදා තත්ත්වයක් ප්‍රකාශ කරයි! ඇමරිකාවේ සරම්ප රෝගීන් 3,887ක් – පෙන්සිල්වේනියා මරණ වාර්තා සම්බන්ධයෙන් සෞඛ්‍ය ලේකම් රොබට් එෆ්. කෙනඩි ජූනියර් ප්‍රශ්න කරයි
දේශප්‍රේමී සළුවලින් සැඟවුණු “ඩෙල්සි මාදිලියේ පාවාදීමකට” අනුරගේ ආණුඩුව සූදානමින්.. - විමල්ගෙන් විශේෂ හෙළිදරව්වක්..
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සිහි බුද්ධිය ඇති සිංහල, දෙමළ, මුස්ලිම් සෑම ශ්‍රී ලාංකිකයෙකුම කඳුළක් සැලිය යුතුයි.. - ජාතික සංවිධාන කියයි
බ්‍රැම්ප්ටන් නගරාධිපති පැට්‍රික් බ්‍රවුන්ගේ ප්‍රකාශයක් නිසා කැනඩාවේ සහ ශ්‍රී ලංකාවේ නැවතත් ජාතිවාදී නොසන්සුන්තාවයක් මතු වීමේ අවදානමක්..
රුසියාවෙන් නේටෝවට ප්‍රබල අනතුරු ඇඟවීමක්.. ස්වෛරීභාවයට තර්ජනයක් වුවහොත් න්‍යෂ්ටික අවි භාවිතයට සූදානම්.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
යේමන හමුදා ආරම්භ කළ දැවැන්ත මෙහෙයුම හමුවේ වුවද නව ප්‍රදේශ අත්පත් කරගත්තා- හූති කැරලිකරුවෝ අවධාරණය කරති