News Category
From Date
To Date
Maximum Number of Result

අද මෙරට තුළ දක්ෂිණාංශික ලිබරල්වාදී මතවාද ශක්තිමත් වී අධිරාජ්‍යවාදීන් විසින් ඉතා සුක්ෂමව එම ව්‍යාපාර මෙහෙයවමින් සිටින අවස්ථාවක ජාතිකවාදී, වාමවාදී ව්‍යාපාර දුර්වල වෙමින් පවතින බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

උපයන විට ගෙවන බද්ද හෙවත් PAYE බද්ද සංශෝධනය සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එකඟතාවයකට පැමිණ ඇති බවත්, ඒ පිළිබඳව ඉදිරියේ දී දැනුම් දෙනු ඇති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

පසුගිය කාලයේ දී මෙරටට අනීතිකව ආනයනය කරන පාවහන්වලින් රුපියල් බිලියන 35ක බදු ආදායමක් රජයට අහිමිවන බව අනාවරණය වූ බවත්, මෙලෙස අනීතිකව ආනයනය කරන මෙවැනි නිෂ්පාදන හේතුවෙන් දේශීය කර්මාන්තය වැනසෙමින් පවතින බවත් පාවහන් හා සම්භාණ්ඩ කර්මාන්තකරුවන්ගේ සංසදයේ සභාපති බුද්ධික විමලසිරි මහතා පවසයි.

ඊනියා සත්‍ය සෙවීමේ පනත මගින් ආරක්ෂක හමුදා පාවාදීමේ දුෂ්ඨ මෙහෙයුම පරාජය කිරීම වෙනුවෙන් සර්වජන බලයේ සහ ජාතික සංවිධාන එකඟතාවය අත්සන් කිරීමේ අවස්ථාව 2024-08-29 (හෙට) උදේ 9.00 ට මිරිහාන - නුගේගොඩ (ජුබිලි කණුව අසල) රැෆල්ස් උත්සව ශාලාවේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

කියුබානු සමාජයට එරෙහිව එක්සත් ජනපදය විසින් පනවන ලද බාධක කියුබානු Cenesex අධ්‍යාපන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ මරීලා කැස්ත්‍රෝ දැඩිව හෙළාදැක තිබේ.

යුක්‍රේනය ආගම ඇදහීමේ අයිතිය තහනම් කිරීමට ගෙන ආ නීති මගින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කරනු ලබන බවත්, එම නීතිය මගින් රුසියාවේ ඕනෑම ආගමික සංවිධානයක් සමඟ "අනුබද්ධ" යුක්‍රේනයේ ඕනෑම ආගමික ප්‍රජාවක ක්‍රියාකාරකම් අධිකරණ තහනමට ලක් කිරීමට ඉඩ සලස්වන බවත් නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකාවේ බොලිවේරියානු සහයෝගිතා සංවිධානය පවසයි.

ආගමන හා විගමන දෙපාර්තමේන්තුව සතු හිස් පාස්පෝට් පොත් සංචිත විසි දහසක පමණ ප්‍රමාණයක් දක්වා අඩු වීමෙන් ගුවන් ගමන් බලපත්‍ර නිකුත් කිරීම අවුල් ජාලාවක් බවට පත්ව ඇති බව වාර්තා වේ.

විදෙස්ගත සිටින ශ්‍රී ලාංකිකයින් මැතිවරණ දිනේට ලංකාවට පැමිණ අනුර කුමාර දිසානායකට කතිරය ගසනවා නම් නැවත පිටරට නොයන ලෙසත්, ලංකාවේ පදිංචි වී අනුර දිනවා ඉන්පසුව එළඹෙන ඛේදවාචකයට මුහුණ දෙන ලෙසත් පාර්ලිමේන්තු මන්ත්‍රි රාජිත සේනාරත්න මහතා පවසයි.

ලබන මහ කන්නයේ (2024/25) සිට ගොවීන්ට ලබාදෙන පොහොර සහනාධාරය රුපියල් 25,000 ක් දක්වා ඉහළ නැංවීමට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබුණු බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද අමරවීර පැවැසීය.


ප්‍රධාන පුවත්

අල්ලස් කොමිසමෙන් එළියට ආ රනිල් මාධ්‍ය හමුවක් පවත්වා ජනපති අනුරගේ හඬ පටයකුත් එළියට දමයි (වීඩියෝ)

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද පෙරවරුවේ පැය තුනක පමණ කාලයක් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව හමුවේ ප්‍රකාශයක් ලබා දුන්නේය.

ඉන්දු-ලංකා ගිවිසුම් යටතේ එන ව්‍යාපෘතිවලට නඩු දාන්න බැරි විදිහට මුක්තියක් ලබාදීලා... - ගම්මන්පිල හෙළිකරයි

ඉන්දු ලංකා ගිවිසුම් යටතේ ඉන්දියානුවන්ට වගේම ඉන්දියානු ආණ්ඩුවට ව්‍යාපෘතියට සහය දෙන දේශීය අයටත් ව්‍යාපෘතිය සම්බන්ධ කරුණු වලට නඩු පවරන්න නොහැකි මුක්තියක් ලබා දී ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

තීරුබදු අර්බුදයෙන් ගැලවෙන්න ලංකාව අමෙරිකාවෙන් යෝජනා ඉල්ලයි.. බද්ද අඩුකරනවා නම් වාහන, ඉන්ධන, ගෑස් මිලට ගන්නම් කියයි..

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ටුප්ගේ “අන්නෝන්‍ය බදු ක්‍රමය” යටතේ මෙරටට සියයට 44 ක ඉහළ තීරු බද්දක් පැනවීම හේතුවෙන් දෙරට අතර පැන නැගී ඇති වෙළෙඳ ගැටලුව විසඳා ගැනීම සඳහා වොෂිංටන් නුවරට ගොස් සිටින ශ්‍රී ලංකා දූත පිරිස ඇමෙරිකාවෙන් යෝජනා ඉල්ලා ඇතැයි ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.

මහකොමසාරිස් සන්තෝෂ් ජා හදිසියේ රනිල්-මහින්ද හමුවූ හේතුව එළියට..

කොළඹ ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා මහතා පසුගිය සතියේ හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ මහතා සහ රනිල් වික්‍රමසිංහ මහතා හමුවිය.

රනිල් අද අල්ලස් කොමිසම හමුවට..

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (28) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිටීමට නියමිතව තිබේ.

ලංකාව ඉන්දියානු බලහත්කාරයේ ගොදුරක් බවට පත්කරමින් ඉන්දියාව විසින්ම සකසා අනුරට අත්සන් කිරීමට පමණක් ලබාදුන් ගිවිසුම් 7න් සිදුවෙන විනාශය මෙන්න.. (වීඩියෝ)

ඉන්දියාවට එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව මෙරට ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මොදිට දුරකථන ඇමතුමක් ලබාදී 'අප සිටින්නේ ඉන්දියානු ජනතාව සමග' යැයි පැවසීම හරහා ඉන්දියාව සහ පාකිස්ථානය අතර ඇතිවී තිබෙන යුද උණුසුම තුළ පාකිස්ථානය අමතක කර ඉන්දියාවේ පාර්ශ්වය පමණක් ගැනීම යහපත් දෙයක් නොවන බවත්, ඉන්දියාවට වඩා අප රටට වැඩි වශයෙන් උදව්කර ඇත්තේ පාකිස්ථානය බවත් ප්‍රවීණ දේශපාලන විචාරක, මාධ්‍යවේදී ධර්මශ්‍රී කාරියවසම් මහතා පවසයි.

ගම්මන්පිල එළියට දැමූ ඉන්දු - ලංකා රහස් ගිවිසුම් මෙන්න..

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ශ්‍රී ලංකා සංචාරය අතරතුර අත්සන් තබන ලද ගිවිසුම් දෙකක් අද දිනයේ ප‍්‍රසිද්ද කිරීමට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා කටයුතු කළේය.

ඉන්දු - ලංකා රහස් ගිවිසුම් ගම්මන්පිල එළියට දමයි.. (වීඩියෝ)

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ශ්‍රී ලංකා සංචාරය අතරතුර අත්සන් තබන ලද ගිවිසුම් දෙකක් අද දිනයේ ප‍්‍රසිද්ද කිරීමට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා කටයුතු කළේය.

ශ්‍රී ලංකාව ඉන්දියාව සමඟ රහස් ගනුදෙනු කරනවාද? - ජාතිකවාදී සංවිධාන ඉන්දු-ලංකා ආරක්ෂක ගිවිසුම සම්පූර්ණයෙන් හෙළිදරව් කරන ලෙස ඉල්ලා සිටී

රජය විසින් ඉන්දියාව සමග අත්සන් කරන ලද ගිවිසුමේ සම්පූර්ණ අන්තර්ගතය වහාම මහජනතාවට හෙළි කරන ලෙස ජාතිකවාදී සංවිධාන ඉල්ලා සිටින බැවින්, ඉන්දියාව සමඟ ශ්‍රී ලංකාව විසින් අත්සන් කරන ලද ආරක්ෂක අවබෝධතා ගිවිසුම (MoU) වටා ඇති මතභේදය වේගයෙන් උත්සන්න වෙමින් පවතී.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.