WhatsApp දුරකතන අංක හැකරුන් පැහැර ගනියි! අංකය හිමිකරුගේ හිතවතුන්ගේ මුදල් හැකරුන් ක්ෂණිකව පැහැර ගනියි!
මේ වන විට ශ්‍රී ලංකාවේ වෛද්‍යවරුන්, ඉංජිනේරුවන්, නීතිඥයන්, ව්‍යාපාරිකයන් සහ සමාජයේ පිළිගත් පුද්ගලයන් ඇතුළු විවිධ වෘත්තීය කණ්ඩායම්වල පුද්ගලයන්ගේ WhatsApp ගිණුම් සයිබර් අපරාධකරුවන් විසින් අනවසරයෙන් අත්පත් කර ගැනීමේ (hacking) සිද්ධීන් ඉහළ යමින් පවතින බව වාර්තා වේ.
එම ගිණුම් අත්පත් කර ගැනීම සඳහා සයිබර් අපරාධකරුවන් පහත ක්‍රම එකක් හෝ කිහිපයක් භාවිත කරන බව අනාවරණය වී ඇත.
OTP (One-Time Password) හෙවත් එක් වරක් පමණක් භාවිත කළ හැකි මුරපදය වංචා සහගත ලෙස ගිණුම් හිමියන්ගෙන් ලබා ගැනීම.
Two-step Verification Code හෙවත් දෙපියවර සත්‍යාපන කේතය ලබා ගැනීම සඳහා රැවටීම් සිදු කිරීම.
Phishing හෙවත් අන්තර්ජාල වංචා මගින් පුද්ගලික තොරතුරු සහ සත්‍යාපන දත්ත ලබා ගැනීම.
App Permissions හෙවත් යෙදුම්වලට අනවශ්‍ය ප්‍රවේශ අවසර ලබා දීමට පරිශීලකයන් රැවටීම.
මෙවැනි ක්‍රම මගින් WhatsApp ගිණුම් අනවසරයෙන් භාවිතයට ලක්වන අතර, පසුව එම ගිණුම් භාවිත කර ගිණුම් හිමියාගේ හිතවතුන් සහ පවුලේ සාමාජිකයන්ගෙන් මුදල් ඉල්ලා වංචා කිරීමේ සිද්ධීන්ද වාර්තා වේ.
WhatsApp ගිණුමක් ආරක්ෂා කර ගැනීම සඳහා:
දෙපියවර සත්‍යාපනය (Two-step Verification) සක්‍රීය කිරීම.
OTP හෝ සත්‍යාපන කේත කිසිවෙකුටත් ලබා නොදීම.
ජංගම දුරකථනය සහ WhatsApp යෙදුම නිරන්තරයෙන් යාවත්කාලීන කිරීම.
ගිණුමට සම්බන්ධ කර ඇති උපාංග නිතර පරීක්ෂා කර නොහඳුනන උපාංග ඉවත් කිරීම.
PIN අංකයක්, ඇඟිලි සලකුණක් හෝ මුහුණු හඳුනාගැනීමක් භාවිත කර දුරකථනයට අගුලක් යෙදීම.
සයිබර් ආරක්ෂක විශේෂඥයන් අවධාරණය කරන්නේ දැනුවත්භාවය සහ මූලික ආරක්ෂක ක්‍රියාමාර්ග අනුගමනය කිරීම මෙවැනි වංචාවලින් ආරක්ෂා වීමට ඇති හොඳම ක්‍රමය බවයි.
ලංකා ලීඩ් වෙත වාර්තා වුණු සිද්ධියකට අනුව අපගේ පාඨකයෙකුගේ WhatsApp ගිනුමක් සයිබර් අපරාධකරුවන් විසින් අනවසරයෙන් අත්පත් කර ගැනීමක් (hacking) වාර්තා වී තිබේ. ඉන් පසුව "හැකරුන්" විසින් ඔහුගේ හිතවතුන්ට තමා කරදරයකට පත්වී ඇති බව පවසමින් දිවයිනේ විවිධ පලාත්වල විවිධ වානිජ බැංකුවල ඇති ගිණුම් අංක වලට මුදල් තැන්පත් කරන ලෙස ඉල්ලා තිබේ. අප පාඨකයාගේ හිතවතුන් මෙම ගිනුම් වලට මුදල් තැන්පත් කර ඇති බවද ඔහු පවසයි.





සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
කැකිරාවේ සුදස්සන හිමි නිකායෙන් නෙරපයි..
කොටියා කියපු අර්ච්චුනා එදා හිටියේ කාත් එක්ක ද?.. ජනාධිපතිවරණයේ දී තමන්ට සහාය දෙනකොට අර්ච්චුනා මරු.. අද කොටියා වෙලා.. - විමල් වීරවංශ
ඉන්දියාව සමඟ අත්සන් කළ භයානක ගිවිසුම.. "මෙතෙක් ඉතිහාසයේ මෙවැනි ගිවිසුමක් අත්සන් කර නෑ" - වෛද්‍ය වසන්ත බණ්ඩාර
කාගම හාමුදුරුවෝ සුදා ඇන්දුවා ද?.. සුදා කාගම හාමුදුරුවන්ව ඇන්දුවා ද?..
ෆේස්බුක් සටහනකින් ආගමික අපහාසයක් සිදුකළා යැයි සෞදියේදී ලාංකිකයෙකුට මරණ දඬුවම..
"ත්‍රස්තවාදීන් නොව සැමරිය යුත්තේ රටට සේවය කළ බුද්ධිමතුන්.. තිලීපන්ගේ ප්‍රතිමාව වහාම ඉවත් කරන්න".. - අරුන් සිද්ධාර්ථ්
තිලීපන්ගේ ප්‍රතිමාවලින් හෙළි වන්නේ ඩයස්පෝරා සම්මුතියයි.. අර්ජුනා “කොටියා” වුණේ වේදිකාව මාරු කළ නිසාද..? - විමල් වීරවංශ
චන්ද්‍රයා මත යුද්ධයකට සූදානම් වෙමින්ද?.. ඇමරිකාව චන්ද්‍ර කක්ෂය වෙඩි බෙහෙත් ගබඩාවක් බවට පත් කිරීමට සැරසෙයි..
රුසියාවෙන් තෙල් ගන්නා ඉන්දියාව හා චීනය ඇතුළු රටවලට 100%ක බද්දක් පැනවීමට අමෙරිකාව සැරසෙයි..
"කියුබාව බිඳවැට්ටවීමට ඇමෙරිකාව දරන උත්සාහය කිසිදා සාර්ථක වන්නේ නැහැ".. - කියුබානු නියෝජ්‍ය විදේශ අමාත්‍ය Carlos Fernandez De Cossio
ඇමරිකාවේ ඩීසල් මිල අඛණ්ඩව දෙවැනි දිනයටත් ඉහළට ! ඉතිහාසයේ ඉහළම අගය බව විශ්ලේෂකයෝ පවසති !
රජ්ජුරුවන්ගේ කරඬුව ඉවත් කර අලුතින් දළදා කරඬුවක් ආදේශ කිරීම සුදුසුද?.. - අමරපුර මහා නිකායේ මහා ලේඛකාධිකාරී හිමියන්ගෙන් විශේෂ අදහස් දැක්වීමක්..
2/3ක බලයක් ලැබුනු කිසිදු ආණ්ඩුවක් සම්පූර්ණ ධුර කාලය ඉඳල නෑ.. - උවිඳු විජේවීර
දුම්රිය වර්ජනය ඇරඹෙයි..
බොරු කියන එක ආත්මගත ක්‍රියාවක් බවට පත්වෙලා.. - වත්මන් ආණ්ඩුවේ දේශපාලන භාවිතාව හා රටේ ඉදිරි දිශානතිය ගැන විමල් වීරවංශගෙන් අනාවරණයක්..
එයාර් බස් ගනුදෙනුවට නාමල් රිමාන්ඩ් කළ සිද්ධියේ සම්පූර්ණ කතාව..