සෝමවංශ අමරසිංහ මහතාගේ 10 වන ගුණානුස්මරණය වෙනුවෙන් විශේෂ වැඩසටහනක් හෙට සවස 3.30ට ඇන්.ඇම්. පෙරේරා කේන්ද්‍රයේදී...
ජනතා විමුක්ති පෙරමුණේ (ජවිපෙ) හිටපු නායකයෙකු මෙන්ම ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසයේ සුවිශේෂී සලකුණක් තැබූ සෝමවංශ අමරසිංහ මහතා අභාවප්‍රාප්ත වී වසර 10ක් සපිරීම නිමිත්තෙන් විශේෂ ගුණසමරු සහ පින්කම් වැඩසටහනක් දෙවන පරපුර දේශපාලන පක්ෂය විසින් සංවිධානය කර තිබේ.
මෙම විශේෂ සැමරුම් සහ දේශන වැඩසටහන ජූනි 23 වන දා සවස 3.30 ට ඇන්.ඇම්. පෙරේරා කේන්ද්‍රයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇති බව සංවිධායක මණ්ඩලය නිවේදනය කරයි.
මෙවර ගුණසමරුව පැවැත්වෙන්නේ “බෙදුම්වාදයට එරෙහි ජවිපයේ භූමිකාව – එදා සහ අද” යන තේමාව යටතේය.
1988–89 භීෂණ වකවානුවෙන් පසුව දැඩි මර්දනයකට සහ විනාශයකට ලක්ව තිබූ ජනතා විමුක්ති පෙරමුණ, නැවත මෙරට ප්‍රධාන පෙළේ දේශපාලන බලවේගයක් ලෙස ගොඩනැගීමෙහිලා සෝමවංශ අමරසිංහ මහතා ඉටුකළ මෙහෙවර දේශපාලන ඉතිහාසයේ කැපී පෙනෙන පරිච්ඡේදයකි. ඔහුගේ අභියෝගාත්මක නායකත්වය සහ කැපවීම හේතුවෙන් 1994 වසරේදී ජවිපෙට නැවතත් මෙරට ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ප්‍රවාහයට අවතීර්ණ වීමට අවස්ථාව උදා විය.
එමෙන්ම රටේ ඒකීයභාවය සහ භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කිරීම වෙනුවෙන්, බෙදුම්වාදී එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදයට එරෙහිව දැවැන්ත ජනමතයක් හා ජාතික බලවේග ඒකරාශී කිරීමටද ඒ මහතා පෙරමුණ ගෙන ක්‍රියා කළේය.
මෙම ගුණසමරු වැඩසටහනේදී සෝමවංශ අමරසිංහ මහතාගේ දේශපාලන ජීවිතය, ජාතික ප්‍රශ්න සම්බන්ධයෙන් ඔහු දැරූ ස්ථාවරයන්, බෙදුම්වාදයට එරෙහි අරගලයේදී ජවිපෙ ඉටුකළ භූමිකාව සහ වර්තමාන දේශපාලන අභියෝග හමුවේ එම අත්දැකීම්වල වැදගත්කම පිළිබඳව දේශන සහ සාකච්ඡා කිහිපයක් පැවැත්වීමට නියමිතය.
මීට සමගාමීව ඒ මහතාට පින් පැමිණවීම සඳහා ආගමික වතාවත් ද සංවිධානය කර ඇත. මෙම අවස්ථාව සඳහා දේශපාලන ක්‍රියාකාරීන්, බුද්ධිමතුන්, සිවිල් සංවිධාන නියෝජිතයන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වීමට නියමිත බව සංවිධායක මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කරයි.

සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..
සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..
ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්
උතුරු-නැගෙනහිර බෙදුම්වාදී ක්‍රියා වහා පාලනය කිරීමට මැදිහත්වන්න.. - ජාතික නිදහස් පෙරමුණෙන් ජනපති අනුරට ලිපියක්
වහබ්වාදී ආගමික අන්තවාදය ශ්‍රී ලංකා භූමියෙන් මුලිනුපුටා දැමීම සඳහා වූ ගෝඨාභය රාජපක්ෂ යෝජනාවලිය යනු කුමක් ද?
''භික්ෂුවගේ සිවුර ඉවත් කිරීම සංඝ සභාවේ තීරණයක් විය යුතුයි'' - කෝට්ටේ සංඝ සභාවෙන් බන්ධනාගාර කොමසාරිස්ට ලිපියක්
සරම්ප වසංගතය දරුණු වෙයි: නිව්යෝර්ක් හදිසි ආපදා තත්ත්වයක් ප්‍රකාශ කරයි! ඇමරිකාවේ සරම්ප රෝගීන් 3,887ක් – පෙන්සිල්වේනියා මරණ වාර්තා සම්බන්ධයෙන් සෞඛ්‍ය ලේකම් රොබට් එෆ්. කෙනඩි ජූනියර් ප්‍රශ්න කරයි