News Category
From Date
To Date
Maximum Number of Result

ශ්‍රී ලංකාවේ පැවති 2026 ලෝක මාධ්‍ය ඡායාරූප ප්‍රදර්ශනයේදී රුසියානු තානාපති කාර්යාලයට එරෙහිව ලන්දේසි තානාපති කාර්යාලය විසින් කරන ලද චෝදනා සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය විසින් නිවේදනයක් නිකුත්කර තිබේ.

අද (11) මධ්‍යම රාත්‍රියේ සිට ආහාර ද්‍රව්‍යවල මිල ගණන් ඉහළ නංවන බව සමස්ත ලංකා ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමය පවසයි.

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව මගින් පවත්වනු ලබන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා මෙම මස 17 වැනිදා කොමිසම හමුවේ පෙනී සිටින ලෙස හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට නැවත දැනුම් දී තිබේ.

විදුලිබල හා බලශක්ති ඇමති කුමාර ජයකොඩි ඛනිජතෙල් නීතිගත සංස්ථාවම අවුල් ජාලාවක් බවට පත්කර ඇත්තේ හිත මිත්‍රයන් එම ආයතනයට පත්කිරීමට ගොස් ඇති නිසා බවත්, උදාහරණයක් ලෙස මුතුරාජවෙල තෙල් ගබඩා පර්යන්තයේ පාලනය බාර දී ඇත්තේ තමාගේ යහළුවෙක් වුනු විදුලි ඉංජිනේරුවරයෙකුට බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

ඉරානයට එරෙහිව අමෙරිකාව සහ ඊශ්‍රායලය අනීතික යුද්ධයක් දියත්කර ඇති පසුබිමක ඊශ්‍රායලයට සේවය කිරීම අරමුණුකරගෙන පිහිටවූ සංවිධානවල ඒජන්තයන් කණ්ඩායමක් විසින් ලංකාව තුළ විදේශ ප්‍රතිපත්තිය වෙනස් කිරීමේ අරමුණින් මැදිහත් වීමට ක්‍රියාකරමින් සිටින බවට ශ්‍රී ලංකා හරිත සංවිධානයේ සභාපති සංඛ චන්දිම අභයවර්ධන මහතා චෝදනා කරයි.

නිසි නෛතික පදනමකින් තොරව විනය පරීක්ෂණ පවත්වමින් රාජ්‍ය මුදල් අවභාවිත කිරීමට අනුබල දෙන බවට චෝදනා කරමින්, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු උසස් නිලධාරීන් සිව්දෙනෙකුට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

කොලොම්බියාවේ මාර්තු 08 වැනිදා පැවැති පාර්ලිමේන්තුව මැතිවරණයෙන් ජනාධිපති Gustavo Petroගේ "එයතිහාසික වාමාංශික පෙරමුණ" ආසන 25ක්(22%) ලබා ගනිමින් ජයග්‍රහණය කර ඇතැයි වාර්තා වේ. විශේෂයෙන් එරට කොංග්‍රසයේ ප්‍රමුඛ බලවේගයක් ලෙසත්, සෙනට් සභාවේ 22.73% ක් ද දිනා ගැනීමට වාමාංශික පෙරමුණ සමත් වී ඇතැයි වාර්තා වේ.

ලෝක වෙළෙඳපොළේ සීඝ්‍රෙයන් ඉහළ ගිය බොරතෙල් මිල පහළ වැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

'IRIS DENA' නෞකාවේ සිටියදී අමෙරිකානු ප්‍රහාරයෙන් මියගිය නාවිකයින්ගේ මළ සිරුරු කඩිනමින් ඉරානයට රැගෙන යාමට පියවර ගන්නා බව ඉරාන හමුදාව පවසයි.


ප්‍රධාන පුවත්

එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ (UNHRC) 63 වන සැසිවාරය සඳහා ඉදිරිපත් කර ඇති A/HRC/63/18 දරන වාර්තාව මගින් ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට, ජාතික ආරක්ෂාවට සහ අභ්‍යන්තර කටයුතුවලට අනිසි ලෙස මැදිහත් වීමට උත්සාහ දරන බව පවසමින් ගෝලීය ශ්‍රී ලාංකික සංසදය විසින් ජනාධිපතිවරයාගේ විශේෂ අවධානය පිණිස නිවේදනයක් නිකුත් කර තිබේ.

ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි

ඉරානය සම්බන්ධයෙන් ඇමරිකා එක්සත් ජනපදය විසින් ඉදිරිපත් කරන ලද ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ (IAEA) යෝජනාවකට චීනය බදාදා විරෝධය පළ කළේය.

ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..

අධිකරණයට අපහාස කිරීමේ චෝදනා මත සිරදඬුවම් නියම වී සිටි බොදුබල සේනා සංවිධානයේ ලේකම්, පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ප්‍රදානය කළ පොදුසමාව බලරහිත බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.

නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?

ශ්‍රී ලංකාව ලෝක සිතියමේ පිහිටා ඇති භූගෝලීය ස්ථානය හේතුවෙන් ඉතිහාසය පුරාම විදේශීය බලවතුන්ගේ අවධානයට ලක් වූ රටකි. ඉන්දියන් සාගරය තුළ ශ්‍රී ලංකාවේ පිහිටීම, ප්‍රධාන මුහුදු මාර්ගවලට ඇති ආසන්නත්වය සහ කලාපීය භූදේශපාලනික වැදගත්කම හේතුවෙන් ශ්‍රී ලංකාව පිළිබඳව විවිධ බලවතුන්ගේ උනන්දුව අඛණ්ඩව පැවතී ඇත.

ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..

Axios පුවත් සේවය වාර්තා කරන පරිදි, විදේශයන්ගෙන් භාණ්ඩ ගෙන්වීම සම්පූර්ණයෙන්ම වළක්වන අතිශය දැඩි වෙළෙඳ යුද උපායමාර්ගයකට එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යොමුවෙමින් සිටියි.

ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්

ජර්මනියේ පැවැති ප්‍රාන්ත මැතිවරණයකින් එරට 'ජර්මනිය සඳහා විකල්පය' (AFD) පක්ෂය වාර්තා කළ විශිෂ්ට ජයග්‍රහණය හමුවේ, ජර්මනියේ මෙන්ම සමස්ත යුරෝපයේම දේශපාලන හා ආර්ථික ගමන්මග විශාල වෙනසකට ලක්වෙමින් පවතින බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

සරල ගිවිසුම් අත්සන් කරන්න ඉන්දීය ආරක්ෂක ඇමැති එන්නේ නෑ.. සැබෑ ගිවිසුම් වහා රටට හෙළිකරනු! - පුබුදු ජයගොඩ

ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං මහතාගේ ශ්‍රී ලංකා සංචාරය අතරතුර දෙරට අතර ඇති කරගත් සැබෑ ගිවිසුම් සහ එකඟතා මොනවාදැයි වහාම ජනතාව හමුවේ හෙළිදරව් කරන ලෙස පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා රජයෙන් ඉල්ලා සිටියි.

"ඉන්දියාවේ ආරක්ෂක අභිමතයන්ට විරුද්ධ කිසිදු ක්‍රියාකාරකමකට ශ්‍රී ලංකා භූමිය කිසිවිටෙකත් භාවිතා කිරීමට ඉඩක් නෑ" - ජනපති අනුර ඉන්දීය ආරක්ෂක ඇමති හමුවේ පැවසු බවට එරට ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්..

මෙරටට පැමිණි ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං සහ ජනාධිපති අනුර කුමාර දිසානායක අතර අද (09) කොළඹ ජනාධිපති කාර්යාලයේ දී පැවති සාකච්ඡාව පිළිබඳව ඉන්දීය ආරක්ෂක අමාත්‍යංශය මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.