පොහොර සමාගමේ මිලියන 8.8ක මූල්‍ය වංචා නඩුව: "මම චෝදනාවලට නිවැරදිකරු" - කුමාර ජයකොඩි මහාධිකරණයට කියයි.. ඊමේල් පණිවිඩයක් ගැනත් සාක්ෂිකාරියකගෙන් හෙළිදරව්වක්..
ලංකා පොහොර සමාගමට අයත් අරමුදල් අවභාවිත කරමින් රජයට රුපියල් මිලියන 8.8කට අධික පාඩුවක් සිදුකළ බවට චෝදනා එල්ල වී සිටින එහි හිටපු සභාපති කුමාර ජයකොඩි මහතා, තමන් එම චෝදනාවලට නිවැරදිකරු බව (චෝදනා ප්‍රතික්ෂේප කරන බව) ප්‍රකාශ කිරීමෙන් අනතුරුව නඩුවේ සාක්ෂි විභාගය කොළඹ මහාධිකරණයේදී ආරම්භ විය.
කොළඹ මහාධිකරණ විනිසුරු රෂාන්ත ගොඩවෙල ඉදිරියේ මෙම නඩුව කැඳවනු ලැබූ අතර, එහිදී විත්තිකරුට එරෙහි චෝදනා පත්‍රය කියවා දෙනු ලැබීය.
ඒ අනුව, නඩුවේ පළමු සාක්ෂිකාරිය වූ ජාතික සේවක සංගමයේ හිටපු වෘත්තීය සමිති නිලධාරිනියක වන ධම්මිකා පෙරේරා මහත්මිය සාක්ෂි දීම සඳහා කැඳවනු ලැබූ අතර, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අතිරේක අධ්‍යක්ෂ අසිත ඇන්තනි මහතා විසින් මෙහිදී සාක්ෂි මෙහෙයවන ලදී.
ඇය උසාවිය හමුවේ කියාසිටියේ, මීට වසර 11කට පෙර තමන් විසින් යවන ලද ඊමේල් පණිවිඩයක් සම්බන්ධයෙන් සාක්ෂි දෙන ලෙස තමන්ට දන්වා තිබූ බවයි. එම ඊමේල් පණිවුඩය එවකට ජාතික සේවක සංගමයේ සභාපතිවරයාව සිටි එඩ්වඩ් නැමැත්තාගේ ඉල්ලීම පරිදි තමන් විසින් යවන ලද්දක් බව ඇය පැවසුවාය.
එඩ්වඩ් නැමැත්තාට ඊමේල් පණිවුඩයක් යැවීමට තාක්ෂණික හැකියාවක් නොමැති බව පවසා ඒ සඳහා තමන්ගේ සහාය ඉල්ලා සිටි බවත්, අල්ලස් කොමිසම වෙත යැවූ එම පැමිණිල්ලේ අඩංගු කරුණු සත්‍ය ද නැද්ද යන්න පිළිබඳව තමන් පෞද්ගලිකව නොදන්නා බවත් පෙරේරා මහත්මිය මෙහිදී වැඩිදුරටත් සඳහන් කළාය.
විත්ති පාර්ශවයේ නීතිඥවරුන් විසින් ඇයගෙන් හරස් ප්‍රශ්න ඇසීමක් සිදු නොකළේය.
විත්තිකාර හිටපු සභාපතිවරයා වෙනුවෙන් ජනාධිපති නීතිඥ නාලින්ද ඉන්දතිස්ස සමඟ නීතිඥ අකලංක උක්වත්ත පෙනීසිටියහ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සරණාගත ජාවාරම පවත්වාගෙන යාම සඳහා එල්ටීටීඊ හිතවාදී ඩයස්පෝරාව ‘දෙමළ ජනතාවට ශ්‍රී ලංකාව ආරක්ෂිත නැත’ යන්න ප්‍රචාරය කරයි..
ආණ්ඩුවට වසර දෙකයි.. ඩඩ්ලිට ධම්මිකට ඉෂාරට සුබයි.. ජනතාවටයි, ගමේ ජෙප්පන්ටයි දුකේ දුකයි.. - ආණ්ඩුවේ දෙවසරක අස්වැන්න ගැන විමල් වීරවංශගේ හෙලිදරව්වක්..
සෞඛ්‍ය සේවයට ජනපතිගෙන් අලුත් වෙනසක් - “හිතුන හිතුන වෙලාවට ඉස්පිරිතාලේට යන්න බෑ...කොත්තමල්ලි ටිකක් බීලා විවේකීව ගෙදරට වෙලා ඉන්න”
22 අනිවාර්යයෙන්ම සම්මත කරනවා.. - ජනපති කියයි
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..