News Category
From Date
To Date
Maximum Number of Result

සොරකම් කර මස් පිණිස රැගෙන යමින් සිටි සුනඛයින් 07දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සිය ජීවිත බේරාගෙන යළි නිවෙස් වෙත පැමිණි අපූරු පුවතක් චීනයෙන් වාර්තා විය.

ඉරානය ඉලක්ක කර ගනිමින් සිදු කෙරෙන ඇමෙරිකානු සහ ඊශ්‍රායල ආක්‍රමණවලට එරෙහිව ඉරානයට සහාය දැක්වීම සඳහා සටන් බිමට පිවිසීමට තමන් සූදානම් බව යේමනයේ අන්සාරුල්ලා (Ansarullah) ව්‍යාපාරය ප්‍රකාශ කර ඇත.

ඛනිජතෙල් සැපයුම් පිළිබද රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා සඳහා රුසියානු බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය රෝමන් මාර්ෂවින් මහතා ඇතුළු දුත පිරිසක් අද (26) පෙරවරුවේ මෙරටට පැමිණ තිබේ.

ඉරාන විදේශ අමාත්‍ය සෙයිද් අබ්බාස් අරාග්චි ආක්‍රමණිකයින්ට එරෙහිව ප්‍රතිරෝධය දැක්වීමේ ප්‍රතිපත්තිය ඉදිරියටත් පවත්වාගෙන යාමට ඉරානය ගෙන ඇති තීන්දුව නැවත අවධාරණය කළේය.

තංගල්ලේ පැවති ගුරු හමුවකට සහභාගි නොවීම සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරන ලෙස දන්වමින් තංගල්ල කලාප අධ්‍යාපන කාර්යලය සිදුකළ ඉල්ලීම දැඩි ලෙස හෙළා දකින බව හම්බන්තොට දිස්ත්‍රික් ලංකා ගුරු සංගමය පවසයි.

හඬක් නොමැති උතුරේ මිනිසුන් වෙනුවෙන් නැගූ හඬෙහි ජයග්‍රාහී අවසන් දිනය අද 2026 මාර්තු 25 වන දින කොළඹ සමස්ත ලංකා බෞද්ධ සම්මේලන මධ්‍යස්ථානය අසලින් අති සාර්ථක ලෙස නිමා කෙරිණි.

රුසියාවේ බල ශක්ති නියෝජ්‍ය අමාත්‍ය රෝමන් මාර්ෂවින් (Roman Marshavin) මහතා අද (26) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.

මධ්‍යම පෙරදිග යුද්ධය අවසන් කිරීමේ එකඟතාවකට ටෙහෙරානය එකඟ නොවන්නේ නම්, ඉරානයට පහර දීමට ජනපති ට්‍රම්ප් සූදානම් බව ධවල මන්දිරය නිවේදනය කර තිබේ.

ගාල්ල, පෝද්දල, ගොඩකන්ද ප්‍රදේශයේ සංචාරක ලැගුම්හලක සිටි චීන සහ වියට්නාම් ජාතිකයින් 17 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.


ප්‍රධාන පුවත්

අධිකරණයට බලපෑම්.. දේශපාලන පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම්.. ශ්‍රී ලංකාවට වහා මැදිහත් වන්න..- මිලින්ද රාජපක්‍ෂ ජිනීවා අමතමින් කියයි

ශ්‍රී ලංකාවේ පුද්ගල නිදහස, නීතියේ ආධිපත්‍යය සහ ප්‍රජාතන්ත්‍රවාදී පාලන තන්ත්‍රයේ පවතින තුලනය සහ පාලනය බරපතළ තර්ජනයකට ලක්ව ඇති බව බහුජන බලය සංවිධානයේ කැඳවුම්කරු මිලින්ද රාජපක්ෂ මහතා ජිනීවාහිදී ප්‍රකාශ කළේය.

ආණ්ඩුවේ නායකයින් ගනුදෙනුකරුවන් සතුටු කිරීම සඳහා ඕනෑම දෙයක් කරන අසරණ වෛශ්‍යාවන් ලෙස කටයුතු කරනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා..

කළුතර ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා විසින් සභාවාරය ආරම්භ කිරීමට පෙර පන්සිල් ගැනීම, ජාතික ගීය ගායනා කිරීම සහ රණවිරුවන් සැමරීම යන අංග ත්‍රිත්වය න්‍යාය පත්‍රයෙන් ඉවත් කිරීම පිළිබඳව ලංකා ලීඩර් විසින් ජාතික සංවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ගේ අදහස් ඔහුගේ වචනයෙන්,

ලොවක් සුවපත් කරන කියුබාවේ වෛද්‍ය ජාත්‍යන්තරවාදය, අනතුරේ!

දශක ගණනාවක් තිස්සේ කියුබානු වෛද්‍ය වෘත්තිකයන් දස දහස් ගණනක් ලොව පුරා රටවල් හැටක පමණ ස්ථානගත කර තිබේ. එය ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) ශ්‍රම බලකායට වඩා බොහෝ සෙයින් වැඩි ය. එසේම, බොහෝ දුරට ගෝලීය දකුණේ සෞඛ්‍ය සේවා අඩු හෝ වෛද්‍ය සේවය නොලබන ජනගහනයක ඔවුහු සේවය කරති. විදේශ නිලධාරීන් වෙත වීසා අත්හිටුවන බවට තර්ජනය කිරීමෙන්, ඇමරිකා එක්සත් ජනපද රජය අදහස් කරන්නේ විදේශයන්හි මෙම කියුබානු වෛද්‍ය මෙහෙයුම් කඩාකප්පල් කිරීමටය. එය ක්‍රියාත්මක වුවහොත්, ලොව පුරා මිලියන ගණනක් ජනතාව වඩාත් දුක් විඳිනු ඇත.

කළුතර ප්‍රා. සභාවේ පන්සිල්, ජාතික ගීය සහ රණවිරු සැමරුම් තහනම්.. - නියෝගය කොමසාරිස්ගෙන්..

කළුතර ප්‍රාදේශීය සභාවේ න්‍යාය පත්‍රයෙන් පන්සිල් ගැනීම, ජාතික ගීය ගායනා කිරීම සහ රණවිරුවන් සැමරීම සඳහා විනාඩියක නිශ්ෂබ්දතාව යන අංග ත්‍රිත්වය ඉවත්කරන බව එම සභාවේ සභාපතිවරයා විසින් සභාවට දන්වා ඇත.

දූෂිත නිමල් පෙරේරා ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරයකුගෙ ව්‍යාපාරික සගයෙක්.. - ඩී.වී චානක

නාමල් රාජපක්ෂට විරුද්ධව සාක්ෂි දීපු නිමල් පෙරේරා දූෂිතයෙක් බවත් මොහුගේ ව්‍යාපාරික සගයා තමයි මේ වත්මන් ආණ්ඩුවේ ඉන්න ප්‍රබල අමාත්‍යවරයකු බවත් ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ ජාතික කැදවුම්කරු ඩී.වී චානක මහතා පැවසීය.

22 සංශෝධන පෙත්සම් විභාගය ගැටළුකාරීයි.. - අධිකරණ ස්වාධීනත්වය ගැන පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමය ප්‍රශ්න කරයි..

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ යෝජිත 22 වන සංශෝධනය අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පැවැති නඩු විභාගයේ පටිපාටිමය සාධාරණත්වය සහ විනිවිදභාවය පිළිබඳව පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමයේ (CLA) සභාපති ස්ටීවන් තිරූ මහතා නිකුත් කළ විශේෂ වාර්තාවකින් දැඩි අවධානය යොමු කර තිබේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.