මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් මියගිය 24කගේ මරණ පරීක්ෂණ අවසන් - 14ක් වෙඩි වැදීමෙන්, 9ක් පහරදීම්වලින් මියගිහින්..
මීගමුව බන්ධනාගාරය තුළ ඇති වූ සිද්ධියෙන් මියගිය පුද්ගලයන් 24 දෙනෙකුගේ මරණ පරීක්ෂණවලට අදාළ සාක්ෂි කැඳවීම් මේ වන විට අවසන් කර ඇති බව පොලිසිය පවසයි.
පසුගිය ජූලි 05 සහ 06 යන දෙදින තුළ මීගමුව බන්ධනාගාරයේ සිදුවූ ගැටුමට අදාලව සිදු කළ පරීක්ෂණවලදී මරණකරුන්ගෙන් 14 දෙනෙකු වෙඩි වැදීමෙන් සහ 9 දෙනෙකු පහරදීම් හේතුවෙන් මියගොස් ඇති බව අනාවරණය වී ඇති බවත්, එක් රැඳවියකුගේ මරණය සම්බන්ධයෙන් විවෘත තීන්දුවක් ලබා දී ඇති බවත් පොලිසිය සඳහන් කරයි.
මීගමුව රෝහලේදී මියගිය සමස්ත පුද්ගලයන් 28 දෙනාගෙන් 24 දෙනෙකුගේ මරණ පරීක්ෂණ කටයුතු මෙලෙස අවසන් කර මෘතදේහයන් ඥාතීන්ට භාර දී ඇති බව රෝහල් ආරංචි මාර්ගවලින් පැවසුණි.
ඉන්දීය ජාතිකයෙකුගේ මෘතදේහයක් ද ඇතුළුව තවත් මෘතදේහයන් හතරක් සම්බන්ධයෙන් මරණ පරීක්ෂණ කටයුතු මේ වන විටත් සිදු කෙරෙමින් පවතින බවයි වාර්තා වන්නේ.
එමෙන්ම, මෙම සිද්ධිය හේතුවෙන් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (08) දින මියගිය බන්ධනාගාර නියාමකවරයා සම්බන්ධයෙන් ඊයේ දින මාලිගාකන්ද අධිකරණයට කරුණු වාර්තා කර ඇති අතර, ඔහුගේ මරණයට අදාළ සාක්ෂි කැඳවීම් ද ඊයේ (09) දින අවසන් කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
මීගමුව රෝහලේදී මෙම පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සිදු කිරීම සඳහා පංච පුද්ගල අධිකරණ වෛද්‍යවරුන් කණ්ඩායමක් නම් කරනු ලැබ තිබිණි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සෞඛ්‍ය සේවයට ජනපතිගෙන් අලුත් වෙනසක් - “හිතුන හිතුන වෙලාවට ඉස්පිරිතාලේට යන්න බෑ...කොත්තමල්ලි ටිකක් බීලා විවේකීව ගෙදරට වෙලා ඉන්න”
22 අනිවාර්යයෙන්ම සම්මත කරනවා.. - ජනපති කියයි
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි