News Category
From Date
To Date
Maximum Number of Result

නීතිඥවරුන්, වෘත්තිකයින්, මාධ්‍ය හිමිකරුවන් සහ මාධ්‍යවේදීන්ට එල්ලවන බලපෑම්වලට එරෙහිව මෙරට විපක්ෂයේ දේශපාලන පක්ෂ නායකයින්ගේ අත්සනින් යුතුව ජාත්‍යන්තර සංවිධාන වෙත ලිපියක් යොමුකර තිබේ.

ඊශ්‍රායලයේ ලණුව අමෙරිකාව කෑව බව බොහෝ දෙනෙකු සිතන බවත් එහෙත් එය සිදුවූයේ එසේ නොවන බවත්, යුදෙව්වන් ඝාතනය කිරීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන ලද්දේ යුරෝපය බවත් දෙවන පරපුර දේශපාලන පක්ෂයේ නායක උවිඳු විජේවීර මහතා පවසයි.

රාජ්‍ය පාලනය වනාහි තීරණ ගැනීම බවත් එම තීරණ ප්‍රමාදයකින් තොරව ගතයුතු බවත් අප්‍රමාදීව තීරණ ගැනීම කළ නොහැකි අයෙකුට රාජ්‍ය පාලනය කළ නොහැකි බවත් ජනිපෙ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

ගුවන් ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත් වූ අලි ලාරිජානි වෙනුවට, ඉරාන විප්ලවීය ආරක්ෂක බලකායේ 'IRGC'හිටපු අණදෙන නිලධාරියෙකු එරට උත්තරීතර ජාතික ආරක්ෂක මණ්ඩලයේ නව ලේකම්වරයා ලෙස පත් කර තිබේ.

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් සැකපිට අත් අඩංගුවට ගත් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ මහතා ඇප මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.

තෙල් මිල වැඩි කරනු ලැබුවේ තෙල් මිල සූත්‍රයට අනුව බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකරණ අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාගේ මහතා පවසයි.

2026 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා අයදුම්පත් කැඳවීම අද (24) සිට අප්‍රේල් 24 දින දක්වා මාර්ගගත ක්‍රමය මඟින් සිදු කරන බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි

ඉන්ධන මිල සංශෝධනයේදී මිල සූත්‍රය අනුව කටයුතු නොකළ බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

මෑතකාලීන ගෝලීය තත්ත්වයන් හමුවේ මෙරට ඇඟලුම් කර්මාන්තය තවදුරටත් ඇමරිකා එක්සත් ජනපදය, යුරෝපා සංගමය සහ එක්සත් රාජධානියේ වෙළෙඳපොළවල් මත යැපීම විශාල අවදානමක් බව ඒකාබද්ධ ඇඟලුම් සංසදයේ සභාපති ෆීලික්ස් ඒ. ප්‍රනාන්දු සඳහන් කරන්නේය.


ප්‍රධාන පුවත්

අධිකරණයට බලපෑම්.. දේශපාලන පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම්.. ශ්‍රී ලංකාවට වහා මැදිහත් වන්න..- මිලින්ද රාජපක්‍ෂ ජිනීවා අමතමින් කියයි

ශ්‍රී ලංකාවේ පුද්ගල නිදහස, නීතියේ ආධිපත්‍යය සහ ප්‍රජාතන්ත්‍රවාදී පාලන තන්ත්‍රයේ පවතින තුලනය සහ පාලනය බරපතළ තර්ජනයකට ලක්ව ඇති බව බහුජන බලය සංවිධානයේ කැඳවුම්කරු මිලින්ද රාජපක්ෂ මහතා ජිනීවාහිදී ප්‍රකාශ කළේය.

ආණ්ඩුවේ නායකයින් ගනුදෙනුකරුවන් සතුටු කිරීම සඳහා ඕනෑම දෙයක් කරන අසරණ වෛශ්‍යාවන් ලෙස කටයුතු කරනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා..

කළුතර ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා විසින් සභාවාරය ආරම්භ කිරීමට පෙර පන්සිල් ගැනීම, ජාතික ගීය ගායනා කිරීම සහ රණවිරුවන් සැමරීම යන අංග ත්‍රිත්වය න්‍යාය පත්‍රයෙන් ඉවත් කිරීම පිළිබඳව ලංකා ලීඩර් විසින් ජාතික සංවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ගේ අදහස් ඔහුගේ වචනයෙන්,

ලොවක් සුවපත් කරන කියුබාවේ වෛද්‍ය ජාත්‍යන්තරවාදය, අනතුරේ!

දශක ගණනාවක් තිස්සේ කියුබානු වෛද්‍ය වෘත්තිකයන් දස දහස් ගණනක් ලොව පුරා රටවල් හැටක පමණ ස්ථානගත කර තිබේ. එය ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) ශ්‍රම බලකායට වඩා බොහෝ සෙයින් වැඩි ය. එසේම, බොහෝ දුරට ගෝලීය දකුණේ සෞඛ්‍ය සේවා අඩු හෝ වෛද්‍ය සේවය නොලබන ජනගහනයක ඔවුහු සේවය කරති. විදේශ නිලධාරීන් වෙත වීසා අත්හිටුවන බවට තර්ජනය කිරීමෙන්, ඇමරිකා එක්සත් ජනපද රජය අදහස් කරන්නේ විදේශයන්හි මෙම කියුබානු වෛද්‍ය මෙහෙයුම් කඩාකප්පල් කිරීමටය. එය ක්‍රියාත්මක වුවහොත්, ලොව පුරා මිලියන ගණනක් ජනතාව වඩාත් දුක් විඳිනු ඇත.

කළුතර ප්‍රා. සභාවේ පන්සිල්, ජාතික ගීය සහ රණවිරු සැමරුම් තහනම්.. - නියෝගය කොමසාරිස්ගෙන්..

කළුතර ප්‍රාදේශීය සභාවේ න්‍යාය පත්‍රයෙන් පන්සිල් ගැනීම, ජාතික ගීය ගායනා කිරීම සහ රණවිරුවන් සැමරීම සඳහා විනාඩියක නිශ්ෂබ්දතාව යන අංග ත්‍රිත්වය ඉවත්කරන බව එම සභාවේ සභාපතිවරයා විසින් සභාවට දන්වා ඇත.

දූෂිත නිමල් පෙරේරා ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරයකුගෙ ව්‍යාපාරික සගයෙක්.. - ඩී.වී චානක

නාමල් රාජපක්ෂට විරුද්ධව සාක්ෂි දීපු නිමල් පෙරේරා දූෂිතයෙක් බවත් මොහුගේ ව්‍යාපාරික සගයා තමයි මේ වත්මන් ආණ්ඩුවේ ඉන්න ප්‍රබල අමාත්‍යවරයකු බවත් ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ ජාතික කැදවුම්කරු ඩී.වී චානක මහතා පැවසීය.

22 සංශෝධන පෙත්සම් විභාගය ගැටළුකාරීයි.. - අධිකරණ ස්වාධීනත්වය ගැන පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමය ප්‍රශ්න කරයි..

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ යෝජිත 22 වන සංශෝධනය අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පැවැති නඩු විභාගයේ පටිපාටිමය සාධාරණත්වය සහ විනිවිදභාවය පිළිබඳව පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමයේ (CLA) සභාපති ස්ටීවන් තිරූ මහතා නිකුත් කළ විශේෂ වාර්තාවකින් දැඩි අවධානය යොමු කර තිබේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.