News Category
From Date
To Date
Maximum Number of Result

ගෝඨාභයගේ පෙත්සම් විභාගය 23 වෙනිදා දක්වා කල් යයි..

Jul 10, 2026 at 06:32 AM
|

පාස්කු ඉරු දින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තමන් අත්අඩංගුවට ගැනීම සහ රඳවා ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සම පිළිබඳ වැඩිදුර කරුණු සලකා බැලීම මේ මස 23 වනදා දක්වා කල්තැබීමට අභියාචනාධිකරණය නියම කළේය.

ඒ, මෙම පෙත්සම ඊයේ (09) අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ සරත් දිසානායක යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ හතරවන දිනටත් සලකා බැලූ අවස්ථාවේදීය.

එහිදී අදාල පෙත්සමේ වග උත්තරකරුවන් වශයෙන් නම් කර සිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර ඇතුළු පිරිසක් වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් සුහර්ෂි හේරත් මහත්මිය අධිකරණය හමුවේ කරුණු දක්වා සිටියාය.

“ස්වාමීනි… පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් වග උත්තරකාර ශානි අබේසේකර මහතාට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය විනිසුරු ජනක් ද සිල්වා කොමිසම විසින් නිර්දේශ නිකුත් කර තිබෙන බවට පෙත්සම්කාර පාර්ශ්වය මීට පෙර අධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබුණා.

මේක සම්පූර්ණයෙන්ම අධිකරණය නොමග හැරීමක් හැටියට සදහන් කරන්න පුළුවන්. ඒක සම්බන්ධයෙන් වැරදි ප්‍රකාශයක්. මේ කොමිෂන් සභා වාර්තාවේ නොකර හැරීම් යටතේ පොලිස් දෙපාර්තමේන්තුවට අදාලව නිර්දේශ ඉදිරිපත් කර තිබෙනවා.

පොලිස්පති පූජිත් ජයසුන්දර, රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී නිලන්ත ජයවර්ධන, ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු ලෙස කටයුතු කළ සිව් දෙනෙකු සහ තවත් නිලධාරීන් කිහිප දෙනෙකු පිලිබඳව එහි සඳහන් කර තිබෙනවා.

ඒ අතුරින් හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට එරෙහිව දැනටමත් නීතිපතිවරයා විසින් අපරාධ නඩු ගොනු කර එහි තීන්දුව කල් ලබා තිබෙනවා. නිලන්ත ජයවර්ධන මහතාට එරෙහිව අපරාධ නීතිය යටතේ නඩු පැවරීමට ඇති හැකියාව සම්බන්ධයෙන් නීතිපතිවරයා කරුණු අධ්‍යයනය කරමින් සිටිනවා.

මේ කොමිසම විසින් ඉදිරිපත් කළ නිර්දේශවල වග උත්තරකාර ශානි අබේසේකරට එරෙහිව කිසිවක් ප්‍රකාශ කර නෑ. ඒ නිසා පෙත්සම්කාර පාර්ශවය ඉදිරිපත් කළ එම කරුණු සම්පූර්ණයෙන්ම වැරදියි. ඒ වගේම මේ පෙත්සම්කරු ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු පත් කළ දේශපාලන පලිගැනීම් පිළිබඳව සොයා බැලු පරීක්ෂණ කොමිසම විසින් වග උත්තරකාර ශානි අබේසේකර වරදකරු කර ඇති බව පෙත්සමේ සඳහන් කර තිබෙනවා.

ඒත් ඒ කොමිසමේ නිර්දේශ සියල්ල ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අහෝසි කර තිබෙනවා. මුලු කොමිෂන් සභා වාර්තාවම ශ්‍රේෂ්ඨාධිකරණය අහෝසි කර අවසන්. ඒ අනුව පෙත්සම්කරු හිතාමතාම අධිකරණය නොමග යවමින් කරුණු වසන් කිරීමට ක්‍රියා කර තිබෙනවා.”

එහිදී වැඩිදුරටත් කරුණු දැක්වූ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය ප්‍රකාශ කළේ, ශානි අබේසේකර මහතා ද්වේෂ සහගතව කටයුතු කළ බව තහවුරු කරන කිසිදු සාක්ෂියක් පෙත්සම්කරු විසින් ඉදිරිපත් කර නොමැති බවය.

“ස්වාමීනි….මේ පෙත්සම්කරු ප්‍රකාශ කර තිබෙනවා අසාද් මවුලානා නමැති පුද්ගලයා තමන් හඳුනන්නේ නැති බවට. දේශපාලනයේදී මේ ආකාරයෙන් පුද්ගලයින් හමුවීම සාමාන්‍ය දෙයක් බවත් පෙත්සම්කරුගේ නීතිඥවරු ප්‍රකාශ කර තිබුණා. මේක පිලිගන්න බෑ ස්වාමිනී… මොකද අසාද් මවුලානා කියන්නේ සාමාන්‍ය පුද්ගලයෙක් නෙවෙයි. ඔහු පිල්ලයාන් ගේ ලේකම් වරයා. ඒ නිසා ඔහු හදුනන්නේ නෑ කියා පෙත්සම්කරුට කියන්න බෑ.”

මෙම පෙත්සම මුල් අවස්ථාවේදීම නිෂ්ප්‍රභ කරන ලෙසත් ඇය වැඩිදුරටත් අධිකරණයෙන් ඉල්ලා සිටියාය.

“තමා ජනාධිපතිවරයා ලෙස පත්වූ පසු වග උත්තරකාර ශානි අබේසේකර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ධුරයෙන් ඉවත් කර මාරු කළ බව ඇතැම් මාධ්‍යවල සඳහන් කර තිබූණේ යැයි පෙත්සම්කරු සිය පෙත්සමේ සඳහන් කර තිබෙනවා. ඒ නිසා වග උත්තරකරු තමා සමග ද්වේෂයෙන් කටයුතු කරන බව ප්‍රකාශ කර තිබෙනවා. මේක පිලිගන්න බෑ. මොකද පොලිස් මාරුකිරීම් කරන්නේ ජනාධිපති නෙවෙයි. එම මාරුකිරීම් කරන්නේ ජාතික පොලිස් කොමිසම විසින්. ඒ නිසා පෙත්සම්කරු ඉදිරිපත් කරන තර්කවල කිසිදු පදනමක් නෑ. ශානි අබේසේකර ද්වේෂ සහගතව කටයුතු කළ බව තහවුරු කරන කිසිදු සාක්ෂියක් පෙත්සම්කරු ඉදිරිපත් කර නෑ. නීතිවිරෝධී ලෙස සාක්ෂි නිර්මාණය කළේ යැයි ශානි අබේසේකර අත් අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කළා. දැන් ඔහු එම චෝදනා වලින් නිදහස් කර තිබෙනවා. එපමණක් නොව එම සිද්ධියේදී නීති විරෝධී ලෙස ගිනිඅවි තබා ගැනීම සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන ඇතුළු පිරිසකට එරෙහිව නීතිපතිවරයා අධිචෝදනා ගොනුකර තිබෙනවා.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වර්තමානයේ පැවැත්වෙන්නේ ඉතා සංකීර්ණ විමර්ශනයක්. එය සතියකින් හෝ මාසයකින් අවසන් වේ යැයි කියන්න බෑ. ඊට බාධා රැසකුත් එල්ල වෙලා තිබෙනවා. වර්තමානයේ සේවයේ නිරත පොලිස් නිලධාරියෙකු වැදගත් ප්‍රකාශයක් ලබා දී තිබෙනවා. එහි පිටපතක් රහසිගත කවරයක බහා මා අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා. දුරකථන ඇමතුම් වාර්තා ලබාගැනීම සිදුවෙනවා. වට්ස්ඇප්, ත්‍රිමා වැනි ඇමතුම් ජාල වලින් ලබාගෙන තිබෙන ඇමතුම් ගැනත් විමර්ශනයට භාජනය වී තිබේවා.ඒ සදහා ඇමරිකාවේ එම සමාජ මාධ්‍ය සමාගම් වලත් සහාය ලබා ගැනීම සිදු වෙනවා. ඒ නිසා මේක සංකීර්ණ අවස්ථාවක්.මේ අවස්ථාවේදී පෙත්සම්කරු ඉල්ලා සිටින සහනය ප්‍රදානය කරන්න බෑ..”

ඉන් අනතුරුව පෙත්සම්කරු වෙනුවෙන් ජනාධිපති නීතිඥ අලි ශබ්රි මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ ඇතැම් ප්‍රතිපාදන දරදඬු බවය.

“ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ ඇතැම් ප්‍රතිපාදන දරදඬුයි. ඒ නිසා තමයි සෑම පාර්ශවයක්ම එම පනත සංශෝධනය කළයුතු බව පොරොන්දු වුණේ. මේ පනතෙන් මහේස්ත්‍රාත්වරයා ඉවත් කර තිබෙනවා. නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය ඉදිරිපත් කරන කරුණු අසා මා තුළ දැඩි කම්පාවක් ඇති වෙනවා”

ඉන් අනතුරුව වැඩිදුර කරුණු සලකා බැලීම අධිකරණය විසින් මේ මස 23 වෙනිදා දක්වා කල් තැබීමටද නියම කෙරුණි.

සම්බන්ධිත පුවත් | Related News

ආණ්ඩුව වෙනුවෙන් ස්වේච්ඡාවෙන් සමාජ මාධ්‍යවල පෙනී සිටින කණ්ඩායම් නතර කිරීමේ හැකියාවක් තමන්ට නොමැති බව අමාත්‍ය වසන්ත සමරසිංහ පවසයි.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නේවාසික සම්බන්ධීකාරක මාර්ක්-ඇන්ඩ්‍රේ ෆ්‍රැන්චේ මහතා සහ ජනතා විමුක්ති පෙරමුණේ (JVP) ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා අතර විශේෂ සාකච්ඡාවක් පැලවත්ත හි පිහිටි ජාතික ජන බලවේග ප්‍රධාන කාර්යාලයේදී පැවැත්වී තිබේ.
ඉදිරි වසර කිහිපය තුළ ශ්‍රී ලංකාව මුහුණ දෙන ප්‍රධාන ආර්ථික අභියෝග පිළිබඳව අදහස් දක්වමින් නීතිඥ සංජීව වීරවික්‍රම මහතා පවසා සිටින්නේ 2028 වසර වන විට මෙරටට ඩොලර් බිලියන 3ක ණය වාරික ගෙවීමට සිදුවන බවයි.
හිතුන හිතුන වෙලාවට රෝහල්වලට යන සංස්කෘතිය වෙනස් කරන බවත්, පවුලට වෛද්‍යවරයකු ලබාදෙන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.
යෝජිත 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කිසිදු හේතුවක් මත ආපසු හරවන්නේ නොමැති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.
ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං මහතා සැප්තැම්බර් 8 වනදා තෙදින නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.
ජාතික ජන බලවේගය බලයට පත්වූ විගස රටටම සාමය ගෙනැවිත් දුන් බව අමාත්‍ය ලාල්කාන්ත පවසයි.
ජනාධිපතිවරයා සහභාගී වීමට නියමිත මහජන රැලිය හේතුවෙන් බේරුවල ධීවර වරායට යාත්‍රා ඇතුළු වීම තාවකාලිකව නතර කරන ලෙස දන්වමින් කළුතර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා විසින් නිකුත් කරන ලදැයි කියන ලිපියක් මේ වන විට සමාජ මාධ්‍ය ජාල ඔස්සේ සංසරණය වෙමින් පවතී.
මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

ප්‍රධාන පුවත්

සෞඛ්‍ය සේවයට ජනපතිගෙන් අලුත් වෙනසක් - “හිතුන හිතුන වෙලාවට ඉස්පිරිතාලේට යන්න බෑ...කොත්තමල්ලි ටිකක් බීලා විවේකීව ගෙදරට වෙලා ඉන්න”

හිතුන හිතුන වෙලාවට රෝහල්වලට යන සංස්කෘතිය වෙනස් කරන බවත්, පවුලට වෛද්‍යවරයකු ලබාදෙන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..

මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.

22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී පරාජය කිරීම සඳහා, එනම් තුනෙන් දෙක හෙවත් ඡන්ද 151ක් ගැනීම වැළැක්වීම සඳහා අගමැති හරිනි අමරසූරිය මහත්මිය මුල් වී තවත් 9 දෙනෙකු සමග කැරැල්ලක් ගැසීමට ඉඩ ඇති බවට පළවන මතවාද පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්පූර්ණයෙන්ම අයුක්තිසහගත සහ නීති විරෝධී ක්‍රියාවක් බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් සකස් කරන ලද නවතම වාර්තාව ජිනීවාහිදී ප්‍රකාශයට පත් කර තිබේ.

නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (04) නියෝග කළේය.

කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව එල්ල වී ඇති රුපියල් කෝටි 30ක (මිලියන 300ක) බරපතල මූල්‍ය අවභාවිත හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබේ.

ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..

මෙරට ගල් අඟුරු සංචිත ප්‍රමාණවත් නොවීම හේතුවෙන් විදුලි උත්පාදන ක්‍රියාවලිය බරපතල අර්බුදයකට ලක්ව ඇති බවත්, අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක (නෞකා දෙකක පමණ) අඩුවක් පවතින බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා

සෙවණගල සීනි සමාගමේ පාලනාධිකාරිය සහ සේවකයන් අතර දීමනා හා නිවාඩු සම්බන්ධයෙන් හටගත් ගැටලුවක් මුල් කරගනිමින් ආරම්භ වූ වැඩ වර්ජනයක් හේතුවෙන් කර්මාන්තශාලාවේ කටයුතු සම්පූර්ණයෙන්ම අක්‍රිය වී තිබේ. මෙම වර්ජනය නිසා අස්වනු නෙළන ලද උක් ටොන් 6,000කට ආසන්න ප්‍රමාණයක් විනාශ වීමේ දැඩි අවදානමකට ලක්ව ඇති බව වාර්තා වේ.

ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මූතූර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි ඓතිහාසික කොට්ටියාරම සෑගිරිය රජමහා විහාරය මේ වන විට අන්තවාදී ආක්‍රමණ, නිදන් හොරුන්ගේ තර්ජන සහ ප්‍රදේශයේ සිදුවන කළුගල් කර්මාන්ත (ගල්කොරි) හේතුවෙන් දැඩි විනාශයකට ලක්වෙමින් පවතින බව වාර්තා වේ.

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති පෙත්සම් විභාගය ඊයේ (03) ආරම්භ වුණි.

සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි

සමස්ත ලෝකයේ මේ වන විට සිටින බවට ඇස්තමේන්තු කර ඇති ගොවීන් මිලියන 934කින් අඩකට ආසන්න පිරිසක් සෑම වසරකම නොදැනුවත්ව පළිබෝධනාශක විෂවීමකට ලක්වන බව Frontiers in Public Health සඟරාවේ ඊයේ(02) ප්‍රකාශයට පත් කළ අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.