News Category
From Date
To Date
Maximum Number of Result

මැදපෙරදිග පවතින යුදමය තත්ත්වයත් සමග මෙරට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල ගණන් ඉහළ ගොස් ඇති බව වෙළෙඳුන් සහ පාරිභෝගිකයින් පවසයි.

ග්‍රැන්මා 2 නෞකාව අද කියුබාවට පැමිණියේ මෙක්සිකෝවෙන් ටොන් 14 ක සහයෝගිතා ආධාර රැගෙනය.

පසුගිය 15 වනදා අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් තංගල්ල නගර සභා ශාලාවේ පැවති ගුරු හමුවට සහභාගී නොවූ ගුරුවරුන් සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කරන ලෙස තංගල්ල කලාප අධ්‍යාපන කාර්යාලය දැනුම් දී තිබේ.

විප්ලවයක් ඇති කිරීමේ අපේක්ෂාවෙන් ඉරාන නායකත්වයේ හිස ගසා දැමීමේ එක්සත් ජනපද ඊශ්‍රායල උපාය මාර්ගය ඉස්ලාමීය ජනරජය අස්ථාවර කිරීමට අසමත් වූ "වැරදි ගණනය කිරීමක්" බව හිටපු ජ්‍යෙෂ්ඨ මොසාඩ් නිලධාරියෙක් වූ රාමි ඉග්‍රා RT පුවත් සේවය වෙත පැවසීය.

මැද පෙරදිග වර්ධනය වෙමින් පවතින යුදමය තත්ත්වය පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සමග ඊයේ (24) දුරකථන සංවාදයක නිරත වී තිබේ.

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල සැලකිය යුතු ප්‍රමාණයකින් පහළ ගොස් තිබේ.

ඉරානයට එරෙහි අමෙරිකා- ඊශ්‍රායල යුද්ධයේ දැනටමත් ඉරානය ජයග්‍රාහී තැනක සිටින බවත්, මැදපෙරදිග අමෙරිකානු කඳවුරු සියල්ල විනාශ වී ඇති බවත් බලශක්ති විශේෂඥ ඉංජිනේරු අශෝක අබේගුණවර්ධන මහතා පවසයි.

ඉතාලි පොලිස් සේවයේ (Carabinieri) රාජකාරියේ නිරත වූ එකම ශ්‍රී ලාංකිකයා වූ 27 හැවිරිදි ෂෙහාන් ප්‍රනාන්දු මහතා, මිලානෝ නුවර පිහිටි සිය පොලිස් නිල නිවාසය තුළදී වෙඩි වැදී අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.

ඉරානයේ බුෂේහ්ර් (Bushehr) න්‍යෂ්ටික බලාගාර පරිශ්‍රයට ප්‍රහාරයක් එල්ලවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.


ප්‍රධාන පුවත්

අධිකරණයට බලපෑම්.. දේශපාලන පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම්.. ශ්‍රී ලංකාවට වහා මැදිහත් වන්න..- මිලින්ද රාජපක්‍ෂ ජිනීවා අමතමින් කියයි

ශ්‍රී ලංකාවේ පුද්ගල නිදහස, නීතියේ ආධිපත්‍යය සහ ප්‍රජාතන්ත්‍රවාදී පාලන තන්ත්‍රයේ පවතින තුලනය සහ පාලනය බරපතළ තර්ජනයකට ලක්ව ඇති බව බහුජන බලය සංවිධානයේ කැඳවුම්කරු මිලින්ද රාජපක්ෂ මහතා ජිනීවාහිදී ප්‍රකාශ කළේය.

ආණ්ඩුවේ නායකයින් ගනුදෙනුකරුවන් සතුටු කිරීම සඳහා ඕනෑම දෙයක් කරන අසරණ වෛශ්‍යාවන් ලෙස කටයුතු කරනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා..

කළුතර ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා විසින් සභාවාරය ආරම්භ කිරීමට පෙර පන්සිල් ගැනීම, ජාතික ගීය ගායනා කිරීම සහ රණවිරුවන් සැමරීම යන අංග ත්‍රිත්වය න්‍යාය පත්‍රයෙන් ඉවත් කිරීම පිළිබඳව ලංකා ලීඩර් විසින් ජාතික සංවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ගේ අදහස් ඔහුගේ වචනයෙන්,

ලොවක් සුවපත් කරන කියුබාවේ වෛද්‍ය ජාත්‍යන්තරවාදය, අනතුරේ!

දශක ගණනාවක් තිස්සේ කියුබානු වෛද්‍ය වෘත්තිකයන් දස දහස් ගණනක් ලොව පුරා රටවල් හැටක පමණ ස්ථානගත කර තිබේ. එය ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) ශ්‍රම බලකායට වඩා බොහෝ සෙයින් වැඩි ය. එසේම, බොහෝ දුරට ගෝලීය දකුණේ සෞඛ්‍ය සේවා අඩු හෝ වෛද්‍ය සේවය නොලබන ජනගහනයක ඔවුහු සේවය කරති. විදේශ නිලධාරීන් වෙත වීසා අත්හිටුවන බවට තර්ජනය කිරීමෙන්, ඇමරිකා එක්සත් ජනපද රජය අදහස් කරන්නේ විදේශයන්හි මෙම කියුබානු වෛද්‍ය මෙහෙයුම් කඩාකප්පල් කිරීමටය. එය ක්‍රියාත්මක වුවහොත්, ලොව පුරා මිලියන ගණනක් ජනතාව වඩාත් දුක් විඳිනු ඇත.

කළුතර ප්‍රා. සභාවේ පන්සිල්, ජාතික ගීය සහ රණවිරු සැමරුම් තහනම්.. - නියෝගය කොමසාරිස්ගෙන්..

කළුතර ප්‍රාදේශීය සභාවේ න්‍යාය පත්‍රයෙන් පන්සිල් ගැනීම, ජාතික ගීය ගායනා කිරීම සහ රණවිරුවන් සැමරීම සඳහා විනාඩියක නිශ්ෂබ්දතාව යන අංග ත්‍රිත්වය ඉවත්කරන බව එම සභාවේ සභාපතිවරයා විසින් සභාවට දන්වා ඇත.

දූෂිත නිමල් පෙරේරා ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරයකුගෙ ව්‍යාපාරික සගයෙක්.. - ඩී.වී චානක

නාමල් රාජපක්ෂට විරුද්ධව සාක්ෂි දීපු නිමල් පෙරේරා දූෂිතයෙක් බවත් මොහුගේ ව්‍යාපාරික සගයා තමයි මේ වත්මන් ආණ්ඩුවේ ඉන්න ප්‍රබල අමාත්‍යවරයකු බවත් ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ ජාතික කැදවුම්කරු ඩී.වී චානක මහතා පැවසීය.

22 සංශෝධන පෙත්සම් විභාගය ගැටළුකාරීයි.. - අධිකරණ ස්වාධීනත්වය ගැන පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමය ප්‍රශ්න කරයි..

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ යෝජිත 22 වන සංශෝධනය අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පැවැති නඩු විභාගයේ පටිපාටිමය සාධාරණත්වය සහ විනිවිදභාවය පිළිබඳව පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමයේ (CLA) සභාපති ස්ටීවන් තිරූ මහතා නිකුත් කළ විශේෂ වාර්තාවකින් දැඩි අවධානය යොමු කර තිබේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.